♛ අග්නි ♛

By Bulbz_D

164K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 21

1.7K 411 291
By Bulbz_D

මිධුනාථ සිය හස්තයෙහි ඖෂධ ගල්වා , වෙළනු අග්නි බලා සිටියේ ය. ඔහු වේදනාව නොදැනෙන පරිදි අග්නිගේ හස්තයෙන් මෘදුව අල්ලාගෙන ප්‍රවේසමින් හස්තය වෙළුවේ ය. මිධුනාථ කොතරම් ඉක්මනින් කෝපගන්නෙක් වුවද , ඔහු ප්‍රතිකාර කිරීමේදි කෙතරම් ඉවසීමෙන් හා මෘදු බවින් යුතුද යනවග අග්නිට විස්මයජනක කරුණක් විය.

' එය අවසන් '' මිධුනාථ පැවසුවේ නැගී සිටිමිනි . අවසානයේ උපකාර කිරීම කෙසේ වෙතත් , අග්නිගේ හස්තයට සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර කිරීමට මිධුනාථට සිදුවිය . ‍

අග්නිගේ හස්තය තවමත් වේදනාගෙන දුනි. කෙලෙසකවත් රාත්‍රී කාලයේ දී ඔහුට නිසි පරිදි නින්ද ලගා නොවනු ඇත . අලස කමේ , නිහඩතාවයෙන් රාත්‍රිය තනිව ගත කිරීමද අග්නිට කිසිලෙසකවත් සිදු කල නොහැකි කාර්යයක් විය . ඇසළ අංගනයෙහි අශ්ව ස්තාලයෙහි දී ඔහු අශ්වයන් සමග කතා කල නමුතු , මෙකී අශ්වයන් අග්නිට අනුව '' අග්නිගේ මිනිස් භාෂාව නොදැනුවත් '' අශ්වයන් විය .  අග්නි පවසන කිසිදු දෙයකට ඔවුන් ප්‍රතිචාර නොදැක්වූවේ ය .

'' මිධුනාථ... කාෙහිද යන්නේ ? '' අග්නි ඉක්මනින්ම විමසුවේ අශ්ව ස්තාලයෙන් පිටවයාමට සැරසි මිධුනාථගෙනි .

'' ස්නානය කර සැතපීමට.. අන් කුමකටද ? '' මිධුනාථ ද ගිගිරුවේ දොරටුව අසල මදක් නැවතෙමිනි .

'' ආහ්... එය නොවේ කරුණ...... අශ්වයන් නරඹන්නේ නැති ද  ? පව්.. බලන්න මේ අශ්වයන්... ඔවුන් සැබවින්ම අලංකාරයි.. මේ...බොහෝ සුරතල්... '' අග්නි පැවසුවේ සිය නිරුපද්‍රිත හස්තයෙන් අසල සිටි දුඹුරු අසු අතගාමිනි.

'' ඍජුව පවසනු.. '' මිධුනාථ දැඩිව පැවසුවේ නැවතත් ස්තාලය දෙස හැරෙමිනි. අග්නි සිය හිස සුපුරුදු පරිදි දෙපසට සැලුවේ ය .

'' ඔබ ස්නානය කිරිමටනේ යන්නේ ? මා උපකාර කරන්නම්... '' අග්නි පැවසුවේ ය . එලෙස පැවසීමෙන් පසු ඔහු මදක් තමා පැවසූ දෙය පිළිබදව සිතුවේ ය . දැන් නිසැකවම මිධුනාථ පුපරා යනු ඇත.. අග්නි සිය දෙසවන්ද සූදානම් කර ගත්තේ ය .

මිධුනාථ දෙවරක් අැසිපිය සලා අනතුරුව අග්නි දෙස බැලුවේ දෑස් සිහින් කරමිනි.
'' අවශ්‍ය නොවේ.. '' මිධුනාථ කෝපයෙන් තොරව එහෙත් රළුව පැවසුවේ ය .

'' මා අදහස් කලේ ...නුරුපුර ... මණිමාප වාපිය පිළිබදව.. '' අග්නි පැවසුවේ මද විරාමයක් ගනිමිනි .

මණිමාප ජලාශය නුරුපුරට මෙන්ම ගිරි අසපුවටද සුවිශේෂී වූ ජලාශයක් විය . ගිරි අසපුවට ඇතුළු වීමේ පරීක්ෂණයක් ලෙස මෙකී ශීතල මණිමාප ජලාශයේ සම්පූර්ණ රැයක්ම ගත කල යුතුවිය .

'' උමතුවෙන්ද ? මේ මධ්‍යම රාත්‍රිය ... පිටතට යා නොහැකියි.. '' මිධුනාථ ගුගුලේ ය .

'' නුඹ කාන්තාවක් මෙන් හැසිරෙන්නේ.... '' අග්නි පැවසුවේ හිස දෙපසට වනමිනි.

'' නිහඩවනු.. ! .. '' මිධුනාථ ගිගිරුවේ ය . ඔහුගේ හඩට අශ්වයන්ද කම්පනය වනු අග්නිට පෙනුණි .

ඔබට යාමට නොහැකි නම් කම් නොවේ ඉදින්.. මා කෙලසක හෝ යාමටයි සිටියේ.. මා නම් ඉදින් එහි බැස තිබේ ''  අග්නි පැවසුවේ සිය වම් අතින් අසිපත සුරතට ගනිමිනි. සිදුවූ දේවල්වලින් පසුව නැවතත් අසිපත රැගෙන මිස නුරුපුර සංචාරය නොකරන වග අග්නි සිතාගෙන හමාර විය .

'' තමුන්ට එලෙස යාමට නොහැකියි... ,. '' මිධුනාථ ද පැවසුවේ අග්නිගේ මග අවුරමිනි...

'' යාමට නොදුන හොත් මා නැවතත් හඩනවා... '' අග්නි පැවසුවේ ය . මේ උපාය ක්‍රියාත්මක වග ඔහුට සක්සුදක් සේ විශ්වාස විය .

'' ඉතින් හඩනවා.. මා හට කම් නොවේ.. '' මිධුනාථ ගුගුලේ ය .

ඒ උපාය ක්‍රියාත්මක නොවුනු දුටු අග්නි තවත් උපායක් පිළිබද කල්පනා කිරීමට ප්‍රථම මිධුනාථ ඔහුගේ හස්තයෙහි වූ අසිපත උදුරාගනු ඔහුට දැනුණි .
මිධුනාථ තමාගේ විශ්වාසනීය අසිපතද සහිතව අශ්ව ස්තාලයෙන් පිටතට යනු අග්නි බලා සිටියේ බලාපොරොත්තු කඩවීමෙන් දෙතොල්ද උල් කරමිනි . දැන් සම්පූර්ණ රාත්‍රියම , අසිපත ද නැතිව ගෙවා දැමීමට ඔහුට සිදුවනු ඇත.

පියවර කිහිපයක් ගමන් කල මිධුනාථ නැවතුණේ ය .

'' තමුන් , පැමිණෙනවාද නැතිද ඉදින් ? '' මිධුනාථ රළුව විමසුවේ තවමත් ස්තාලය තුල සිටි අග්නි වෙත හැරෙමිනි .

'' සැබවින්ම ? අප පිටවනවා ද ? ඕහ්... අනර්ඝයි.. අනර්ඝයි....මේ පැමිණෙනවා... '' අග්නි පැවසුවේ උද්යෝගයෙන් මිධුනාථ හා එක්වෙමිනි.

'' ප්‍රථම කොන්දේසිය... නිශ්ශබ්දව සිටීම... දෙවන කොන්දේසිය ප්‍රලාප කිසිවක් නොපැවසීම.. තෙවෙනි කොන්දේසිය , මා කෝප නොගැන්වීම. '' මිධුනාථ පැහැදිලි ස්වයෙන් පැවසුවේ අග්නි දෙස රවා බලමිනි..

'' ඉදින් , ඒ ත්‍රිත්වයම එකක් නොවේ ද ? '' අග්නි විමසුවේ කුතුහලයෙනි.

'' කටවහනවා !!!! .. '' මිධුනාථ කෝපයෙන් ගුගුලේ ය .

අග්නි නිහඩ විය . නමුත් අග්නිට අනුව තමා නිවැරදි විය. තමා නිශ්ශබ්දව නොසිටිනවා යනු නිසැකවම කුමක් හෝ ප්‍රලාපයක් පවසනවා විය යුතු විය. තමා කුමක් පැවසුව ද ඉන් නිසැකවම මිධුනාථගේ කෝපය ද ඇවිලුණේ ය .  ඉදින් ඒ ත්‍රිත්වයම එකක් නොවන්නේ කෙසේ ද ?

මිධුනාථ හා ගමන මළමිනියක හා ගමන් කරනවාක් බදු විය . එක් හේතුවක් වූයේ දැනටමත් ජඨිලගේ ප්‍රහාර නිසාවෙන් දම්පැහැ ගැන්වූ තැලුම් පහරවල් හා සටන් බිමෙහි වැලි තැවරීමෙන් දහදියෙන් තෙත්වූ ශරීරය වූ අතර , අනෙක් කරුණ ඔහු කිසිවක්ම නොපැවසීමයි . ඔහු දෙවරක්ම තමාගේ සුරතෙහි වූ අග්නිගේ අසිපත පිටතින් පිරික්සා බැලූ අතර සම්පූර්ණ ගමන පුරාවටම අන් කිසිවක් නොකලේ ය . නුරුපුර ලැගුම් හලෙහි සිට මණිමාප ජලාශය තෙක් ඇති සැතපුම් කිහිපය අග්නිට දැනුනේ ගව් ගණනක් ලෙසිනි .

'' මේ අසිපත ලෝබොර අසිපතක් නොවේ.. මා නිවැරදිනේ  ? '' මිධුනාථ අවසානයේ සිය හඩ අවධි කලේ ය . නමුත් ඔහු විමසූ පැනය ද අග්නිට පිළිතුරු දීමට හැකි පැනයක් නොවී ය.

'' ලොබොර නොවේ නම් අන්කුමක් ද ? .. '' අග්නි ද පෙරළා පැනයක් විමසුවේ ය .

'' මුසා නොදඩනු.. මාගේ අසිපත රිදී.. මා හොදින් හදුනනවා එහි බර.. මෙය එයටද වඩා ස්කන්ධයෙන් වැඩියි... නමුත් කෙසේ ද ? පෙනුමෙන් ලෝබොර වගේමයි.. '' මිධුනාථ පැවසුවේ සුපරික්ෂාකාරී ලෙසයි . ඔහුගේ නළල රැලි ගැන්වී තිබුණ ද ඔහු කෝපයෙන් නොවී ය .

මිධුනාථ කෙලෙසකවත් අසිපතෙහි වම් පසින් නොඅදින වග අග්නිට විශ්වාසයෙන් පැවසිය හැකි විය . සාමාන්‍ය දැනුමක් ඇති කිසිවෙකුත්
අසිපතක් වම් පසින් පිටතට අදින්නේ නැත. ඒ සදහා අග්නි මෙන් විශේෂ අසාමාන්‍ය දැනුමක්ම අවශ්‍ය වෙයි. මිධුනාථගේ ප්‍රකාශය හමුවේ අග්නි සන්සුන්ව සිනාසුණේ ය . ඔහු සිය අසිපත නැවතත් තමාගේ සුරතට ගත්තේ මිධුනාථ සතුව අසිපත තිබීම ආරක්ෂාකාරී නොවූ බැවිනි .

'' අහෝ මිධුනාථ.. ජඨිලගේ ප්‍රහාරවලින් පසු ඔබ මෙතරම් දුර්වලව ගොසින්ද , ලොබොර අසිපතක ස්කන්ධය රිදී අසිපතක් මෙන් වැඩිව දැනීමට තරම් ? '' අග්නි විමසුවේ විශාල කුතුහලයක් මවා පාමිනි . සරලවම පැවසුවෙහොත් ඔහු අවසන් කොන්දේසිය පහසුවෙන් බිද දැමුවේ ය. දැන් නිසැකවම මිධුනාථ කෝප ගනු ඇත.

'' මා දුර්වල නොවේ.. '' මිධුනාථ වදනින් වදන පැවසුවේ කෝපයෙනි..
'' මා දුර්වල නොවේ '' තත්පර කිහිපයකින් ඔහු නැවතත් එයම පැවසුවේ ය.

අග්නි ඔහු වෙත ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවේ ය. මිධුනාථ සාමාන්‍යයෙන් එකම දෙය දෙවරක් පවසන පුද්ගලයෙකු නොවී ය .

'' මා දුර්වල නොවේ.. දුර්වලයෙක් නම් කෙසේ ද මා මෙතරම් කල් ජීවත් වන්නේ ? දුර්වලයා මිය යනවා.  නුඹට වැටහුනා ද  එය ? . '' මිධුනාථ කෝපයෙන් කෑගැසුවේ රාත්‍රියේ සම්පූර්ණ නිහඩතාව බිදී යන නපරිදියි . අග්නි තිගැස්සුණ නමුදු කිසිවක් නොපැවසුවේ ය. සාමාන්‍යයෙන් කෝපාන්විත මිධුනාථට වඩා මෙවර ඔහුගේ මුහුණ තරමක් වෙනස් විය . ඔහුගේ අදුරු දෑස්හි යමක් සිරව තිබූ අතර මිධුනාථ ඉක්මනින්ම ඉවත බලාගත්තේ ය . මිධුනාථ මෙවර කෝපයෙන් ද , උපහාසයෙන් ද , ශෝකයෙන් ද නැතිනම් වේදනාවෙන්ද යනවග අග්නිට නිශ්චිතවම පැවසිය නොහැකි විය . මිධුනාථ විශාල හුස්මක් ගෙන තරමක් සන්සුන්වනු අග්නිට පෙනුණි .

'' ආහ්.. හාහා.. ඔබ එසේ නොවේ.. කව්රුන්ද එලෙස පැවසුවේ.. කුඩා විහිළුවක්... සිදු කලේ..'' අග්නි අසීරුවෙන් පැවසුවේ ය .

මිධුනාථගේ හැසිරීම් පෙරට ද වඩා සංකීර්ණ විය . අද උදෑසන සිට සිදුවන කිසිවක් අග්නිගේ ඇසින් නිවැරදි නොවී ය . සෑම විටම අග්නිගේ විහිළු අනෙක් පස පෙරළුණි . අද දිනය මහා කාලකණ්ණි හා අවාසනාවන්ත දිනයක් විය .
අග්නිට මදක් සැහැල්ලුවෙන් සිනාසීමට ඇවැසි වුවද උගුරෙහි යමක් සිරවූ පරිද්දෙන් ඔහුට එය සිදු කල නොහැකි විය . තමාගේ සැහැල්ලු ස්වභාවය ඒ වන විට තමාගෙන නික්ම ගොසින් විය . ඔහුගේ සිතිවිලි  කපු කටින යන්ත්‍රයක පැටලුණු නූල් මෙන් විය .

මණිමාප ජලාශය , නුරුපුර විශාලතම වාරි නිර්මාණය විය . ගිරි අසපුවහි සියලුම ශිෂ්‍යයන් වරක් හෝ මෙකී ජලාශයෙහි රාත්‍රියක් ගත කර යුතු වෙයි . මණිමාප ජලාශයේ තමා ගත කල රාත්‍රිය අග්නිගේ සිහියට නැගුණි . ගිරි අසපුවට ඇතුළු වීම පසෙකින් තබා නැවත ගොඩබිමට ගොස් , ගිනි ගොඩකට පැනීමේ අදහස ඔහු ඉතා අපහසුවෙන් මැඩගෙන සිටියේ ය. ගිරි අසපුවෙහි ශිෂ්‍යයන් මෙකී මණිමාප ජලාශයේ බැස රාත්‍රියක් ගත කිරීමෙන් ඔවුන්ගේ දරාගැනීමේ හැකියාව පරීක්ෂා කරයි. ඇතැම් විට , රාත්‍රියක්ම ජලයෙහි බැස සීමෙන් , දරාගත නොහැකි ඇතැම් රද්කොළ හා මුනි ශිෂ්‍යයන් මිය ගියේ ය . එය ගිරි අසපුවෙහි දුර්වලයා නසා දක්ෂයා පමණක් ඉතිරි කිරීමේ ක්‍රමය විය .

මණිමාප ජලාශය අතිශයන් නිසල විය . සතරවටින්ම රූස්ස නාගසින් ගැවසී ගත්තේ ය . විශාල කුඹුක් අතු දෙකක් ජලාශය වෙත නැමී තිබුණ අතර , ජලාශය හරහා හැමූ මද සුළගින් රත්සිරියල් ගලින් තැනුණු රළපනාවහි වැදූ සියුම් රැළී නැවතත් ආපස්සට විසිරුණේ ය . සද එළිය ජල තලය මත වැටීමෙන් ජලය දිලිසෙමින් තිබුණි . මිධුනාථගේ දෑස් සන්සුන්ව පියවී තිබුණි. වැව්තලය ඔස්සේ හමන මද සුළග මිධුනාථගේ කෙස් වැටිය විසුරා දැම්මේ ය .  මුහුණෙහි කිසිදු කෝපාන්විත පෙනුමක් නොමැතිව අග්නි මිධුනාථව දකින ප්‍රථම අවස්ථාව එය විය .  ඔහු ධ්‍යාන වඩාන්නාක් මෙන් දිස් විය .

මිධුනාථ සිය දෑස් පියාගෙන සිටින වග දුටු අග්නිගේ මුවෙහි දග කාර සිනහාවක් පහළ විය .
කිසිදු ශබ්දයක් නොනැගූ ඔහු සිය සිරුර අධාරයෙන් මිධුනාථ , ජලාශය වෙත තල්ලු කර දැමුවේ කිසිදු අනුකම්පාවකින් තොරවයි . මිධුනාථ කිසිවක් සිතීමටත් පෙර ඔහු ජබොස් හඩින් ජලයට ඇද වැටුනේ අග්නි සිනාසෙද්දියි . කෝපයෙන් දම්පැහැ දම්පැහැ ගැන්වුනු මිධුනාථගේ මුහුණ ජලාශයෙන් මතුවන තුරු ඔහු ඉවසීමෙන් බලා සිටියේ ය . මිධුනාථගේ ඇද වැටීමෙන් පසු ඇතිවුන ජල තරංග හැරුනු විට වැව් ජලය අසාමාන්‍ය ලෙස නිහඩ විය . අග්නිගේ මුහුණෙහි සිනාව ක්ෂණයෙන් අතුරුදහන් විය .

'' මිධුනාථ ? '' අග්නි වැව් බැම්ම ඔස්සේ පහළට බැස්සේ ය . මිධුනාථ ඇද වැටුනු ස්ථානයේ ජල තරංග ද අඩුවෙමින් තිබුණි .

'' මිධුනාථ ?????? '' අග්නි හඩගැසුවේ , සිය අසිපත පසෙකින් තබා රළපනාව හරහා ජලයට බසිමිනි. ජලය සීතල වූ නමුත් , අග්නි එකී සීතලට හුරු විය . සිය සුරත ඔහු ජලයේ ස්පර්ශ නොවන පරිදි ප්‍රවේසම් කර ගත්තේ ය . සිය හස්තය ඉහළ තබාගනිමින් ඔහුට කිමිදීමටද නොහැකි විය . ඔහු මීට සුළු මොහොතකට පෙර සක්වල චක්‍රයේ යතුර විනාශ කර දැමූ වග විශ්වාස කිරීමට ඔහුට අපහසු විය . සක්වල චක්‍රයේ යතුර කෙසේ වෙතත් මිධුනාථ එලෙස ජලයේ ගිලුණු වග විශ්වාස කිරීමට ඔහුට කෙලෙසකවත් අවශ්‍ය නොවුණි . ඔහු ජලයේ බැස සිටි නමුත් සෙවීමටද අන් අයුරක් නොවුණි .

'' බොහ්.. '' තමා අසලින්ම ඇසුණු ශබ්දයට අග්නි මරණය තෙක්ම තිගැස්සුණි . මිධුනාථගේ හිසින් තවමත් ජලය බේරිමින් තිබුණි . විහිළුවක්.. ! මිධුනාථ වැන්නෙකු මෙවැනි විහිළුවක් කරාවි යැයි අසරණ අග්නි කෙලෙසක අනුමාන කරන්නද ? අවම වශයෙන් මිධුනාථ '' විහිළුව '' යන වදන හෝ නොදැනුවත් ලෙස හැසිරෙන්නෙක් විය . මිධුනාථගේ මුහුණෙහි සිනහාවක් විය .

අග්නි සිය දෑස් හි වූ ජලය පිසදා නැවතත් බැලුවේ ය . මිධුනාථ සිනාසෙන විට ඔහුගේ කුඩා මුතු ඇට මෙන් වූ දසන් පිටතට පෙනෙයි. මිධුනාථට වම්පස ඉහළ කුඩා නළ දතක්ද තිබෙන වග අග්නි දුටුවේ දැන් ය . එකී නළ දත ඔහු සිනාසෙන විට අලංකාර ලෙස කැපී පෙනුණි .  අග්නිට අනුව අද දිනයේ කුමක් හෝ ගැටලුවක් විය . එය කුඩා ගැටලුවක් නොව විශාල ගැටලුවක් විය . සියල්ලම වමාවර්ථව සිදුවිය . 

'' අඥානයා.. '' අග්නි නොරිස්සීමෙන් පැවසුවේ ය . ඔහුගේ හඩ ගැඹුරු විය. රළු විය . ඔහු ධීර හෝ භාසු වෙත අණ කරන හඩ එහි ගැබ්ව තිබුණි .  මිධුනාථගේ සිනහාවද ක්ෂණයෙන් අතුරුදහන් විය . ඔහුගේ මුහුණද රළු විය.

'' තමුන් නොවේද , මා ජලයට තල්ලු කර දැමුවේ ? '' මිධුනාථ ද එවර කෝපයෙන් ගිගිරුවේ ය .

අග්නි කිසිවක් නොපැවසුවේ ය . ඔහු සිය නිරුපද්‍රිත හස්තයෙන් ජලය වෙත නිශ්ඵල පහරක් එල්ල කලේ ය . මිධුනාථ සක්වල චක්‍රයෙහි යතුර බව ඔහු දැන නොගත්තේ නම් මෙකී සියල්ලක්ම සාමාන්‍ය වනු ඇති වග ඔහුගේ යටි සිත ඔහුට පැවසුවේ ය .

'' ඔබගේ මනස නොසන්සුන්..'' මිධුනාථ පැවසුවේ සිය සිරුරේ උණුසුම රදවා පවත්වාගැනීමට මදක් ඔබමොබ පිහිනමිනි .

'' ඔබ.. සක්වල චක්‍රය ගැන දැනුවත් ද ? '' අග්නි විමසුවේය . ඔහුගේ හඩ අවිනිශ්චිත විය .

මිධුනාථගේ මුහුණ ක්ෂණයෙන් බැරෑරුම් විය . ඔහුගේ දෑස් සිහින් වූ අතර , ඔහු අග්නි දෙස විනිවිද යන සුළු බැල්මක් ද හෙළුවේ ය .

'' ඔබට දැනගැනීමට ඇවැසි කුමක් දැයි ඍජුව පවසනු ! '' මිධුනාථ දැඩිව පැවසුවේ ය .

'' ආ.. අමතක කරන්න.. වැදගත් කරුණක් නොවේ එය.. ජලය ශිතලයි නොවේ ද ? උර්ර්.. '' අග්නි සැහැල්ලුවෙන් පැවසුවේ ය . මිධුනාථ ඉන් ඔබ්බට කිසිවක් නොවිමසන වග අග්නිට සහතික විය හැකි විය .

'' ඔබ ඉදින් , මීට පෙර බැස තිබේනේ ? '' මිධුනාථ විමසුවේ අග්නි දෙස බලමිනි.

'' ගිරි අසපුව ද ? එසේයි.. බැස සිට තිබේ.. ඒ මෙසේ නොවේ.. සම්පූර්ණ රාත්‍රියක්.. '' අග්නි ද පැවසුවේ ආඩම්බර ස්වරයනි.

'' චහ්.. '' මිධුනාථ සමච්චල් සහගත හඩක් නැගුවා පමණි .

'' ඔබ චහ් චහ්.. යැයි හඩ නැගුවාට එයනේ සත්‍ය.. ඔබ රාත්‍රියක් මෙහි සිටියගොත් , ශිලා පිළිමයක් තමා පිටතට ගැනීමට සිදුවන්නේ '' අග්නි පැවසුවේ උපහාසයෙනි .

'' තමුන් මා පිළිබද නොදැනුවත්.. .. '' මිධුනාථ ද පැවසුවේ රළුවයි.

'' ආහ්.. ඔබට සැබවින්ම නොහැකි ද මාගේ නාමයෙන් ආමාන්ත්‍රණය කිරීමට ? ''

'' මා . අයෙකුට . ආමන්ත්‍රණය . කරන්නේ . සැබෑ. නාමයෙන් . පමණයි.. '' මිධුනාථ ගුගුලේ ය .

අග්නි , '' ඉදින් මගේ සැබෑ නාමය තමා අග්නි.. ''

'' එය නුඹට නොගැළපෙන නාමයක් '' මිධුනාථ රළුව පැවසුවේ ය .

'' ආහ් ? එහි අරුථ ගිනි.. ගින්දරයි.. කෙලෙසද මේ ගින්දර වන් තරුණයාට එය නොගැළපෙන්නේ ? '' අග්නි විමසුවේ කට කොනකින් සිනාසී ඉගි මරමිනි .

''  සැබවින්ම අනුකම්පාසහගතයි '' මිධුනාථ පැවසුවේ උපහාසය ගැබ්වුනු හඩිනි.

'' උද්ධච්ච ඉස්ගෙඩියා.. '' අග්නි මිමිණුවේ ය .

'' තමුන් .. වදන්.. ප්‍රවේසමින්.. '' මිධුනාථ කෝපයෙන් පැවසුවේ නැවතත් ජලය යට කිමිදෙමිනි .

වීරයෙකු මෙන් ස්නානය සදහා මණිමාප ජලාශය වෙත පැමිණිය ද , සිය හස්තය නිසා අග්නිට නිසි පරිදි ස්නානය කිරීමට ද නෙැහැකි විය . ඔහු අසීරුවෙන් වරක් අඩ වශයෙන් කිමිදී නැවත මතු පිටට පැමිණියේ කටින් ජලය පිඹිමිනි. ජලය බෙහෙවින් ශීතල විය .

'' මිධුනාථ.... ''

'' එවර කුමක්ද ? '' මිධුනාථ කෝපයෙන් විමසුවේ ජලයෙන් පිටතට පැමිණෙමිනි . ඔහුගේ මුහුණ දිගේ ජලය ගලායමිනි තිබුණි . මිධුනාථ සිය දෑතින් තෙත බේරෙමින් තිබූ කොණ්ඩය පිටුපසට කලේ ය . ඔහුගේ නිරුවත් උඩුකයෙහි තැනින් තැන රැදී තිබූ ජල බිංදු සද එළියෙන් පරාවර්තනය වී දිලිසෙනු අග්නිට පෙනුණි .

'' ඔබ ප්‍රථම වර ශිල්ප උගන්නා විට ඔබගේ වයස කොපමණ ද ? '' අග්නි ඉක්මනින් විමසුවේ ය . එය ඔහු කෙලෙසකවත් පිළිතුරක් අපේක්ෂා නොකළ පැනයක් නොවූ අතර , අවම වශයෙන් මිධුනාථ කෝපගනීවි යැයි සිතා අලසකම නැති කරගැනීමට පැවසූවක් විය .

'' දස අවුරුද්දක් පමණ.. '' මිධුනාථ මද වෙලාවකින් පැවසුවේ ය .

'' දස අවුරුද්දක් ?? නමුත් එය ප්‍රමාද වැඩි නොවේද ? මා ප්‍රථමයෙන් අසිපත සුරතට ගන්නා විට  පස් හැවිරිදියි . '' අග්නි පැවසුවේ පුදුමයෙනි. සාමාන්‍යයෙන් කුඩා දරුවන් වෙත , ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන වයස එය විය . අනෙක එතරම් ප්‍රමාද වී ශිල්ප හැදෑරිමෙන් පසු සාර්ථකත්වය ලගා කරගැනීම ද අසීරු කරුණක් විය .

මිධුනාථ කිසිවක් නොපැවසුවේ ය .

'' ඔබ ප්‍රාථමික ශිල්පය උගත්තේ කා වෙතින්ද ? '' එවර මිධුනාථ විමසුවේ ය .

'' වාගිෂ්ඨ මුනිගෙන්.. '' අග්නි දෙවරක් නොසිතා පැවසුවේ ය. මද වෙලාවකින් ඔහු පැවසු දෙහි අර්ථය ඔහුට වැටහී යන්නට විය . ඔහු ක්ෂණිකයෙන් මිධුනාථ දෙස බැලුවේ ය . ඔහුගේ මුහුණෙහි අග්නි අපේක්ෂා කල පරිදි , විස්මයක් නොවී ය . ඔහු සිය එක් ඇහිබැමක් ඔසවනු අග්නිට පෙනුණි . එහි අරුත, තමා වාගිෂ්ඨ මුනිගෙන් ශිල්ප උගත් වග ඔහු කල් තබා දැන සිටි බව ද ? අග්නි ගැටලු රැසක විය . වාගිෂ්ඨ මුනි නැසී ගිය , දක්ෂතම මුනි වරයෙක් විය . වාගීෂ්ඨ මුනි නැසී ගියේ අග්නි දස හැවිරිදි වියේහිදී පමණ විය. නිසැකවම අග්නි ඔහුගේ අවසන් ශිෂ්‍යයන් කිහිප දෙනාගෙන් අයෙකු විය.

'' ඔබ නිසැකවම වෛශව මුනිගෙන් විය යුතුනේ.. '' අග්නි විමසුවේ මාතෘකාව වෙනස් කිරීමේ අදහසිනි.
මිධුනාථ සන්සුන්ව හිස සැලුවේ ය .

'' ඔබ වැඩිපුරම විශ්වාස කරන යමක් තිබේද ? '' අග්නි විමසුවේ ය .

'' ම්ම්..  ඔබ ? '' මිධුනාථගේ පැනය හමුවේ අග්නිගේ සිත නොසන්සුන් විය .

'' ම්.. භාසු.. අසිපත.. එපමණයි.. '' අග්නි පැවසුවේ සන්සුන්වයි.

'' භාසු ??  '' මිධුනාථ දෑස් සිහින් කලේ ය .

'' මගේ කුඩා කල මිතුරෙක්.. '' අග්නි පැවසුවේ අවිනිශ්චිත අයුරිනි.

'' ඔහුද ? අර ව්‍යාජ සුලෝධජ ? '' මිධුනාථ ක්ෂණිකයෙන් විමසුවේ ය . අග්නි කලබල විය යුතු වුවත්,  ඔහු කලබල වූයේ නැත. මිධුනාථගේ මුවින් සුලාේධජ නාමය උච්චාරණය වූ අයුරු සැබවින්ම මෘදු විය.

'' නැවත පවසන්න.. '' අග්නි පෙරළා පැවසුවේය..

'' කුමක් ද ? ''  මිධුනාථ රළුව පැවසුවේ ය.

'' ආහ්.. කිසිවක් නොවේ..'' අග්නි සිය හිස දෙපසට සැලුවේය .

''  ශිතලයි.. දැන් ස්නානය කලා ප්‍රමාණවත්.. '' අග්නි එක් කලේ ඉවුර දෙසට හැරෙමිනි.

.
.
.
.

~ මතු සම්බන්ධයි ~

.
.
.
.

Continue Reading

You'll Also Like

78.2K 10.5K 56
මලකට දෙතොල් පටලන් කදුළු බොන්නට අවසරයක් කුමට !
9.1K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
9.4K 1.6K 35
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිද...
404K 59.2K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...