𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

By MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... More

Episode 1 💜️
Episode 2 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 10 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 13 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 15 💜️
Episode 16 💜️
Episode 17 💜️
Episode 19 💜️
Episode 20 💜️
Episode 21 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 23 💜️
💜️ Episode 24 ( End ) 💜️
💠 Author Note 💠
💘 New story 💘

Episode 18 💜️

752 174 14
By MissYoongi351

•••••••••••••••••••••••••
•••••••••••••••••••
•••••••••••••

බූසාන් වල මගේ ඉස්කෝලෙ.. 😁 ඒ දවස් වල මගේ ඔම්මයි අප්පයි දෙන්නත් මගෙ ළඟ හිටියා..

අපේ මුලු පවුලම ගොඩක් සතුටින් තමයි හිටියේ.. 😃😃

මං ඒ දවස් වල ගොඩක්ම ආස කරේ School යන්න.. මොකද මගෙ හොඳම යාලුවො දෙන්නා.. බෙකී,සියුමින් දෙන්නත් එක්ක එකතු වෙලා කරන පිස්සු වැඩ කරන්න මට තිබුනෙ පුදුම උවමනාවක්.. 😁

මට ගෑනු යාලුවො හිටියෙම නැති තරම්.. මම යාලුවො ඇති කරගන්න කැමති උනේ නෑ.. ඒත් මේ දෙන්නවනම් මට නොදැනිම ලං උනා..
මගෙ ඕනෙම දේකට එයාලා හිටියා...
මට එයාලගෙම සහෝදරියකට වගේ ආදරය කරා.. 😊❤️ මාත් ඒම තමයි ..

බෙකී, සියුමින් කියන්නෙ ගොඩක් Handsome boys ලා දෙන්නෙක්.. ඇත්තටම එයාලගෙ පස්සෙන් කෙල්ලො ගොඩක් ආවා.. 😂


ඇත්තටම අපේ School එකේ හිටපු Handsome ම සහ Cute ම Boys ලා දෙන්නා තමයි මේ දෙන්නා...

මෙයාලගෙ පස්සෙන් කොච්චර කෙල්ලො ආවත් කවමදාවත් මේ දෙන්නනම් නෙවෙයි ගණන් ගත්තෙ.. 😂😂

මේ දෙන්නා මාත් එක්ක ඉන්න නිසාම කාන්තා පාර්ශවෙන් මට ගොඩක් තර්ජන එල්ල උනා..
කියන්න සතුටුයි.. ඒ වගේම තමයි පිරිමි පාර්ශවෙන් අර ඩබලට තර්ජන එල්ල උනේ එයාලා මාත් එක්කම ඉන්න නිසා 😂
එයාලා දෙන්නට වගේම තමයි මටත් අඩුවක් නැතුව යෝජනා ආවා.. 😂💔


හැමෝම අතරෙ ප්‍රසිද්ධ වෙලා තිබුනෙ මමයි සියුමිනුයි අතර සම්බන්ධයක් තියනවා කියලා ..
ඇත්තටම බෙකීට වඩා මම වැඩියෙන් හිටියෙ සියුමින් එක්ක. ඒක විශේශම හේතුව බෙකීට වඩා සියුමින්ට පිස්සු. 😂😂 කරන මොංගල් වැඩ ඔක්කොම කරන්නෙ අපි දෙන්නා...
මේක නිසා අපි දෙන්නා ගොඩක් එකතුයි..

අපි ඒ කතාව බොරුවක් කියලා පෙන්නන්න උත්සහ කරන්න උවමනාවක් තිබුනෙ නෑ... මොකද ඒ කතාව නිසාම අපි තුන් දෙනාට ඉස්කෝලෙ නිදහසේ ඉන්න තියන හැකියාව හම්බුනා..
හැබැයි බෙකීගෙ පස්සෙන් ආපු උඩැක්කි ටික ඒමමයි . ... 😂😂💔

ඕම ඉද්දි තමයි අපේ ඉස්කෝලෙට අලුත් Boy කෙනෙක් ආවෙ....

එදා මම,බෙකී,සියුමින් තුන් දෙනා School garden එකේ Bench එක උඩට වෙලා කයියක් ගහගෙන ඉද්දි. අපේ Class එක පැත්තෙන් කෙල්ලො කෑගහන සද්දයක් ඇහුන නිසා අපිත් ගියේ මොකද මේ මැරෙන්න හදන්නෙ කියලා බලන්න..

එතණ හිටපු කෙනා දැක්කාම මම,බෙකී, සියුමින් තුන් දෙනාම මූනට මූණ බලාගත්තෙ..මේ දකින දේ අපි කොහොමත්ම බලාපොරොත්තු උනේ නැති නිසා...

එතන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි ...



ලූහන් 😑
සතුටු වෙන්නද දුක් වෙන්නද .. මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව මම ගල් වෙලා එයා දිහේ බලාගෙන ඉද්දි මම මේ ලෝකෙට අවෙ බෙකීගෙ කටහඩට. 

🌼 " යූරා.... මේ අරයා නේද ? එයාමද මේ.. ? "

🥀 " එයා තමයි .. "

🌺 " ඒත් ඌ මොකද මෙහෙ කරන්නෙ බං..? 😕 ඌ ඉන්න ඕන සෝල් වලනෙ "

🥀 " එයා දැං සෝල් වල නෙවෙයි ඉන්නෙ... 😑 එයා මගෙ අසල්වැසියා 😒 "

🌼🌺 " 😨😨 මොකක් ????? "

මේ ඩබල ඒක ඇහුව ගමන් කෑ ගහපු පාරට ළමයි ඔක්කොම අපේ පැත්ත බැලුවා...
ලූහනුත් ඇතුළුව...

ඒ එක්කම කොල්ලගෙ මූනෙ ලස්සන හිනාවක් එක්ක 😃 අපි ගාවට දුවගෙන ආවා...

මෙච්චර වෙලා වටවෙලා හිටපු කෙල්ලොන්ගෙ ඇස් නලලෙ... 😂😂 බලන්න වටින මූණු ටික.... 😂😂

( 🍀= ලූහන් )

🍀 " හායි යූ...... 😃😃 කොහෙද අනේ හිටියේ..... මම මේ බේරෙන්න බැරුව අයියෝ හිටියෙ..  😒 මං හිතුවා සෝල් වලට වඩා මෙහෙ නිදහසේ ඉන්න ලැබෙයි කියලා... 😒 කොහෙද අනේ ... 😖 මෙහෙත් ඒමයිනෙ..  "

මෙයා මේ කට හද හද කියන විදියට මට හිනාත් යන්න ආවත්...
මගෙ හිතට මුලින්ම ආව ප්‍රශ්නෙ මම එලියට දැම්මා....

🥀 " ඔයා මෙහෙ ආවෙ නිදහසේ ඉන්නද ? "

🍀 " ඇයි ඕම කතා කරන්නෙ... ඔයා ඔයාගෙ ඔප්පා එක්ක අපේ ගෙදර ආව දවසෙම මම ඔයාට කිව්වනෙ ඔයාව හොයාගෙන මම එනවා කියලා... 😏 "

🥀 " ඒමද .... 😑 මට කියන්න දෙයක් තියනවා ... හවසට කියන්නම් ... "

ඇත්තටම මට කියන්න ඕනෙ උනේ මම එයාට කැමති නෑ කියලා... මට බෑ එයාට කැමති වෙන්න... ඒක මගෙ ප්‍රතිපත්තිය 😌

🍀 " හරි මං බලාගෙන ඉන්නම්කො.. 😉 "

ඊට පස්සෙ තමයි මං දැක්කෙ මං දිහේ බකන් නිලාගෙන ඉන්න මගෙ අතිජාත මිතුවරු දෙන්නව... 😁

ආහ්.... මේ ඩබලව මෙයාට සෙට් කරානම් හරි...

🥀 " අහ් ... ලූහන් ... මේ ඉන්නෙ මගෙ යාලුවො දෙන්නා...  මේ බෙකී......... එතකොට මේ සියුමින්....... "

🍀 " හායි බෝයිස්.... Nice to meet you.... "

🌺🌼 " Nice to meet you too... 😁😁 "

මේම දවස ඉවර වෙද්දි අපි හතර දෙනා අපේ අදහස් බෙදාගෙන හොද යාලුවො උනා....

ලූහන් කියන්නෙ  ,
මම ගිය මාසෙ ඔප්පත් එක්ක සෝල් ගියාම එයත් එක්ක එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා... ඒ යාලුවගෙ මල්ලි.. 😑

එයා මාව දැක්ක දවසෙ ඉදන් මගෙ පස්සෙන්මයි....
මං සෝල් ඉදන් ආය බූසාන් එද්දි එයා කිව්වා මාව හොයන් එනවා කියලා...
ඒ කියලා හරියටම මාසෙකට පස්සෙ ඇත්තටම එයා ඇවිත්...

මං මොනාද කරන්න ඕන කියලා තේරෙන්නෙ නෑ...
මං එයාට ආදරෙයිද ?
නෑ.... නෑ.... නෑ....
මට බෑ ආදරේ කරන්න
ඒක මගෙ ප්‍රතිපත්තිය 😌

හවස මට එයාව හම්බෙන්න ඕන කියලා කිව්වත් එයා ගිහින් තිබුනා...

මට Message එකක් දාලා තිබුනා හදිස්සියෙ යන්න වෙලා කියලා... 😒

මාත් ඉතිං ඒක කියන්න ඕනෙ වෙලාවක පුළුවන්නෙ .. 😑 ඒ නිසා හිටියා...

.
.
.
.
.
.
.

මේ විදියට මාසයක් ගෙවිලා ගියා... 😂😂 අපි නම් දැං හොඳම යාලුවො...

අපි වෙනදා වගේම කතා කර කර හිටියේ School garden එකට වෙලා... ඒ අතරෙ ලූහන් නැගිටලා කියන්න දෙයක් තියනවා කිව්වා....

🍀 " මේ මට යූරට කියන්න දෙයක් තියනවා.. "

🌼 " ආ ... එහෙමද... ඒනම් අපි යන්නම්.. සියුමිනා යමු ඒනම්.. "

🍀 " නෑ නෑ.... ඔයාලත් ඉන්න... මං කියන්න ඕනෙ හැමෝම ඉන්න තැන.. "

🥀 " ම්... මො... මොකද්ද... කියන්න තියෙන්නෙ.. "

මගෙ වචනත් පැටලෙනවා... මං හොදටම දන්නවා මෙයා මොකද්ද මේ කියන්න යන්නෙ කියලා...

🌺 " ඉක්මනට කියහංකො බං... 😁 "

🍀 " හරී..........
යූරා...... මං ඔයාට ආදරෙයි... මං මේ හැම දේම කරේ ඔයා වෙනුවෙන්.. මෙහෙට ආවෙ.. ඔයාගෙ ගේ ගාවින්ම ගෙයක් ගත්තේ.... ඔයාගෙ School එකට ආවෙ... මේ හැමදේම කරේ ඔයා නිසා මැනික ...
මං ඔයාට පොරොන්දු වෙනවා ඉස්සරහටත් මේ වගේම ඕනම දෙයක් කරලා ඔයාව සතුටින් ,,, පරිස්සමට බලාගන්නවා කියලා....

කියන්න යූරා ........ ඔයා මට කැමතියිද ? "

🌺 " බුදු අම්මෝ 😱😱 ....... මේක මාර Love story එකක්නෙ.. "

ඒ දෙන්නා වගේම මාත් මේ වෙලාවෙ ලොකු ශොක් එකක හිටියේ....
මං මොකද කරන්න ඕනේ.... අනේ මට බෑ....

🥀 " මේ අහන්න ලූහන්... ඔයා මට මගෙ යාලුවෙක් විතරයි .... මං හිතනවා ඔයා මාව තේරුම් ගනී කියලා... මං ඔයාට අකමැති නෑ... කැමතියි... ඒත් ඒ යාලුවෙක්  නැත්නම් සහෝදරයෙක් විදියට විතරයි .... අනික මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා.... මට එයාව අතාරින්න බෑ... "

මම අමාරුවෙන් උනත් අන්තිමට බොරුවක් කිව්වෙ මට මේ යාලුකම නැති කරගන්න බැරි නිසා...

මෙච්චර වෙලා හිනාවෙලා හිටපු ලූහන්ගෙ මූණ මැලවෙනවා මං දැක්කා... ඒත් නොදැක්කා වගේ ඉන්න උනා... 😖😖😖

අමාරුවෙන් මවාගත්ත හිනාවකින් එයා ආයම කතා කරන්න ගත්තා....

🍀 " ඔයා අනිත් අයට කියන එකම මට කියන්නද හදන්නෙ යූ...... මම දන්නවා ඔයා සියුමින් එක්ක යාලු නෑ කියලා... "

🥀 " මං සියුමින් ගැන නෙවෙයි කිව්වෙ ... ඇත්ත මං අනිත් අයට කිව්වෙ සියුමින් කියලා තමයි ... ඒ මගෙ ඇත්ත ආදරවන්තයගෙ නම කියන්න බැරි නිසා... මට සමාවෙන්න ලූහන්.. ඔයා මාව අමතක කරන්න.... අපි හැමදාම යාලුවො වගේ ඉමු.. සමාවෙන්න "

ඒම කියලා වැටෙන කදුලු පාලයන කරගෙන එතනින් ආවෙ තවත් එතන ඉන්න බැරි උන නිසා....

එදා සිද්ධියෙන් පස්සෙ දවස් දෙකක් ගෙවුනත් ලූහන් School ආවෙ නෑ...

තුන් වෙනි දවසෙ School යද්දි සියුමින්, බෙකී දෙන්නත් හිටියෙ නෑ...

ඒ දෙන්නට මොනා වෙලාද ආවෙ නැත්තෙ..  😟 අනේ මන්දා...

ඕම හිත හිත මං ගෙදර යද්දි මම දැක්කෙ ලූහන්ගෙ ගෙදර වාහන ගොඩක් නතර කරලා තියනවා... 🙁

මොකෝ මේ පාටියක්වත්ද ? .. අහ් ඒක වෙන්න ඇති අර ඩබලත් නැත්තේ .. ලූහන් ඒ කියන්නෙ මාත් එක්ක තරහා වෙලාද.. 😖 ඒකද මට කතා කරේ නැත්තේ..  😟 කමක් නෑ... ඔයා ඕම මාව අමතක කරන්න...

ඒම හිත හිත ඉස්සරහට යද්දි මම දැක්කෙ බෙකී දුවගෙන එනවා... එයාට හොදටම දාඩියත් දාලා...

මම අඩියට දෙකට බෙකී ගාවට ගියේ මගෙ හිතේ අමුතු බයක් තෙරපෙද්දි...

🥀 " බෙකියා.... මොකෝ මේ... කොහෙද දුවන්නේ... මොකද ඔය මූනෙ හැටි.. "

🌼 " යූරා...... ල් .. ලූහ... ලූහන්... මැරෙන්න හදලා... "

මට ඒක ඇහුන ගමන් තඩි යකඩ පොල්ලකින් ඔලුවට ගැහුවා වගේ දැනුනේ....

🥀 " මොකක්... 😓😓"

🌼 " ඔව් යූරා... මේ මෝඩයා තියන තරම් ඔක්කොම බෙහෙත් බීලා.. 😖😖 අපිත් උදේ දන්නෙ .. "

🥀 " ද...... දැ... දැන්.... ක්...... කෝ .. එයා."

මට මගෙ කදුලු තවත් පාලනය කරන්න බැරි උනා...
මේම උනේ මම නිසාද ... 😖 මම නිසා තමයි .. 😭😭

🌼 " එයා ICU එකේ... ඔයා එනවද යනන්... "

🥀 " ඔ... ඔව් ... ඉක්මනට යමු බෙකී..... 😭😭😭😭 "

..................................................................................

අපි Hospital එකට යද්දි කට්ටියම හිටියා ... එයාගෙ හියුන්ග්, අප්පා, ඔම්මා, තව යාලුවො දෙන්නෙකුත් හිටියා...

මං හැමෝම අතරින් ගියේ සියුමින් ගාවට ..

🌺 " යූරා....... ඔයා අඩන්නනම් එපා... අහන්නකො.. දැං ලූහන් මේක කරගත්තෙ ඔයා නිසා කියලා ගෙදර අය දැමගත්තොත් ඉදලා හමාරයි .. ඒක නිසා අපේ යාලුවා වගේම ඉන්න හරිද ?... "

සියුමින් ඒම කියලා මාව එයාට තුරුල් කරගත්තා... 😖😖
අනේ මම නිසා තමයි උනේ..... අනේ එයාට කරදරයක්නම් වෙන්න එපා... 😭😭

🌺 " අහ්... යූරා... දෙන්න දෙයක් තියනවා... ලූහන්  මුලින්ම සිහිය නැති වෙන්න කලින් මේක ඔයාට දෙන්න කිව්වා.. "

ඒම කියලා එයා මගෙ අතට ලියුමක් දුන්නා...

මං ඒක අරගෙන දුවගෙන ආවෙ Hospital Garden එකට ...... ඇවිත් එතන තිබුන Bench එකකින් ඉඳගෙන ලියුම කියවන්න ගත්තා.....

මගෙ යූරා.........

සමාවෙන්න මැනික මම මුලින් කියපු දේවල් වලින් ඔයාගෙ හිත රිදුනනම්...
ඇයි මැනික ඔයාට නොතේරෙන්නෙ මං ඔයාට කොච්චරනම් ආදරෙයිද කියලා...

ඔයා දන්නවද යූ.... ඔයා හිතන්නෙ මම ඔයාව දන්නෙ මුලින්ම ඔයා අපේ ගෙදර ආව වෙලාවෙ ඉඳන් කියලා...
නෑ වස්තුව.. මම ඔයාව මුලින්ම දැක්කේ මම අප්පා එක්ක ඔයාලගෙ බූසාන් වල ගෙදර ආව දවසෙ ඉදන්... ඒ කියන්නෙ දැං අවුරුදු දෙකක් විතර වෙනවා...
ඒ දැක්ක දවසෙ ඉඳන් මං ඔයාගැනමයි හිතුවෙ පණ...
එදා ඉඳන් මේ හදවත ගැහුනෙ ඔයා වෙනුවෙන්ම විතරයි වස්තුව....

ඔයාට මගෙ ආදරේ පේන්නෙ නැද්ද.. නැත්නම් පේන්නෙ නෑ වගේ රගපානවද කියන්න මං දන්නෙ නෑ මැනික ... මොනා උනත් මගෙ ආදරේ ගත්ත පළවෙනි කෙල්ල වගේම අන්තිම කෙල්ලත් ඔයාම විතරයි යූරා... ඔයාම විතරයි ....

ඒත් ඔයා...  ඔයා එදා කිව්ව හැම වචනයක් වචනයක් ගානෙම මගෙ හිත කෑලි කෑලි වලට කැඩිල ගියා....

ඔක්කොටම වඩා මගෙ හිත රිදුනෙ ඔයා කාටද මන්දා ආදරෙයි කියද්දී...
අනේ මැනික මට ඒවා දරාගන්න බෑ ....

ඔයා වෙන කෙකෙන්කට ආදරෙයිලු... එතකොට මම මෙච්චර කාලයක් කරපු හැමදේම අපරාදෙද ... ඒවා නිකන්ම නිකන් බොළඳ වැඩද...

නෑ යූරා... බෑ මට තව දරාගන්න... මට තව ජීවත් වෙන්න ඕනෙ නෑ යූරා...

මොනදේ උනත් මම ඔයාට වෛර කරන්නෙ නෑ යූරා.... මම ඔයාට ආදරෙයි...
. මගෙ වස්තුව... මගෙ පණ... මගෙ සුරංගනාවි... මගෙ රෝස මල...

මං මේවා කියලා ඔයාව හුරතල් කරන්න කොච්චර නම් හීන මැව්වද... අද ඒවා ඔක්කොම ඉවරයි යූරා......
මම ඔයාව සතුටු කරන්න කියලා කරන්න හිතාගෙන හිටපු හැමදේම මේකෙ ලියලා ඉවර කරන්න බෑ මැනික...
ඔයාව දැක්කද දවසෙ ඉඳන් ගෙවුන හැම තප්පරයක්ම මම හීන මැව්වෙ ඔයා එක්ක එකට ඉන්න.....

මම එච්චර වාසනාවන්ත කෙනෙක් නෙවෙයි නේද මැනික....

ඔයා කිව්වා ඔයාව අමතක කරන්න කියලා...  මං කෝමද වස්තුව ඔයාව අමතක කරන්නෙ.. .. සමහර විට ඔයා ඒම කිව්වෙ ඔයාටයි ඔයාගෙ ආදරවන්තයටයි සතුටින් ඉන්න ඕනෙ නිසා වෙන්න ඇති. ...... හ්ම්ම්ම්ම් ... මාත් ඒම හිතලා දවස් දෙකක් තිස්සෙ ඔයාව අමතක කරන්න උතසහ කරා.....
ඒක කරන බෑ වස්තුව.. ඒකෙන් වෙන්නෙ තව තදත් ඔයාව ඕනෙ වෙන එක විතරයි ...

අන්තිමට මම ක්‍රමයක් හොයා ගත්තා යූරා....

ඔයාටයි ඔයාගෙ ආදරවන්තයටයි සතුටින් ඉන්න පුළුවන් වෙන්න මං යන්නම් ..... ආය කවමදාවත් ඔයාගෙ ඉස්සරහට එන්නෙ නෑ..... සත්තයි...

ඔයා සතුන් ඔයාගෙ ජීවිතේ විදින්න මැනික... එයා එක්ක සතිටින් ඉන්න... ලබන ආත්මෙකවත් මම ඔයාව ප්‍රාර්ථනා කරන්නෙ නෑ යූරා...... ඔයාට ආය කවමදාවත් මාව දකින්න ලැබෙන එකක් නෑ....... මට මාවම අප්පිරියයි යූරා..... ඔයා මාව ප්‍රතික්ෂේප කරා..... මම හොද නැති නිසානේ.......

අන්තිම වතාවට මම කියන්නෙ මගෙ රෝස මල...
හැමදාම සතුටින් පරිස්සමට ඉන්න.... මගෙ පණටත් වඩා මං ඔයාට ආදරෙයි මැනික....

                                                       
මම ඔයා දකින්නවත් අකමැති ලූහන්...

මොකද්ද ඒ..... 😭😭😭😭 අනේ නෑ....... බෑ ලූහන්.... ඔයාට ඒම යන්න බෑ...... ඇයි ..... ඇයි .....   අනේ අනේ .. මං මොකද්ද දෙයියනේ මේ කරේ...... 😭😭😭😭😭😭😭😭😭😭 අනේ බෑ අනේ මට බෑ..... එයා ...එයාට මේම උනේ මම නිසා... 😭😭 එයාට මොනාහරි උනොත් මම මටම සමාව දෙන්නෙ නෑ... 😭😭😭😭😭

ඒම හිත හිත අඩ අඩම දිව්වෙ ICU එකට..

ඒ යනකොට දැක්ක දේ...........























😭😭😭😭😭😭😭 ලූහන්...................... එයා මාව දාලා ගිහින්....... අනේ ................. 😭😭😭😭😭

" ඇයි ........ ඇයි .......... 😭😭😭😭😭😭😭 අනේ එපා ලූහන්...... 😭😭😭😭 මං වගේ කෙනෙක් නිසා ඇයි ඔයා ඔයාගෙ ජීවිතේ නැති කරගත්තේ....... 😭😭😭😭 ඔයා ජරා කොල්ලෙක් නෙවෙයි ... කවුද ඔයාට ඒවා කිව්වෙ.... 😭😭ඔයා ඔයාගැන මොනාද හිතාගෙන හිටියේ..... 😭😭😭 ඇයි ඒම ගොං විදියට ඔයාවම පිළිකුල් කරගත්තේ .... 😭😭😭 දැං මටයි මාව පිළිකුල් වෙලා තියෙන්නේ....... 😭😭😭😭 ...... අනේ ඇයි ......... ඇයි ....... "

ඒ වෙනකොට woad එකක තිබුන ලූහන්ගෙ body එක දිහේ බලාගෙන එතනම බිම ඉදගෙන මම කෑගහන්න ගත්තෙ කියාගන්න බැරි වේදනාවක් හිත ඇතුළෙ තෙරෙපෙද්දී........

🌼 " යූරා...... යූරා.......ශ්ශ්ශ්ශ්... අඩන්න එපා මැනික... දැං කරන්න දෙයක් නෑනෙ ... ඔයා වැරදි නෑ... අඩන්න එපා.. "

🥀 " නෑ බෙකී මමයි වැරදි... මට පිස්සු..... මම බොරු කිව්වෙ නැත්නම් මේම වෙන්නෙ නෑනෙ .... 😭😭 මම මහ මෝඩයෙක් බෙකී...... 😭😭😭😭 "

🌺 " අනේ යූරා..... අඩන්න එප අනේ ... "

ඒම කියල බෙකී මාව නැගිට්ටවන්න හැදුවත් ලූහන්ගෙ ඔම්මා ඇවිත් මගෙ කම්මුලට ගහපු පාරට මාව පිටිපස්සට විසික් උනා...

" තමුසෙ නිසා තමයි මගෙ අහිංසක කොල්ලා මෙහෙම දෙයක් කරගත්තේ....... කොහෙද මං කිව්වා ඔය එක එක නැට්ටිච්චියො පස්සෙ යන්න එපා කියලා...... ' අනේ ඔම්මා මගේ සුරංගනාවි නැට්ටිචියක් නෙවෙයි ' කිය කිය එයාව හදපු වදපු ඔම්මටත් වඩා ආදරේ කලේ තමුසෙ වගේ මෝඩ ජරා කෙල්ලෙක්ට කියලා මං දැනගෙන හිටියනම් මම කීයටවත් මගෙ කොල්ලව මෙහෙට එවන්නෙනෑ....... "

ලූහන්ගෙ ඔම්මා ඒම කියලා ආය මට ගහන්න අත උස්සද්දිම ලූහන්ගෙ ඔප්පයි,අප්පයි ඇවිත් එයාව නැවැත්තුවා......

එයත් ඔම්මා කෙනෙක් ... එයාට වේදනා ඇති.... මම නිසා තමයි මේ හැමෝම විදවන්නෙ .. මං මහ පව් කාරියක්...

මම ඒම හිතද්දි මට දැනුනෙ මගෙ වටේම කලුපාට වෙනවා කියලා විතරයි .....

**** Author Pov ****

යූරා එදා සිහිය නැති උනේ නිකන් නෙවෙයි ... නහයෙන් ලේත් ඇවිත්... එයාට මේක ලොකුම ලොකු කම්මපනක් උනා.... ඒක නිසා මේක ඩිප්‍රෙශන් තත්වයක් උනා.....

ඊට පස්සෙ දවස් දෙකක්වත් යන්න කලින් යූරට අහන්න ලැබුනෙ එයාගෙ ඔම්මයි අප්පයි එයාව දාලා ගිහින් කියලා......

මේ චූටි කෙල්ලගෙ ඔලුවට මේවා කෝමද දරාගන්නෙ...
යූරගෙ ඔම්මගෙයි,අප්පගෙයි Funeral එකෙන් පස්සෙ එයාගෙ තත්වෙ ගොඩක් දරුණු උනා.... ඇත්තටම කිව්වොත් යූරට පිස්සු හැදුනා කිව්වොත් හරි...
ඒක නිසාම යූරව කැනඩා යවලා මානසික ප්‍රතිකාර කරන්න සිද්ද උනා...

අවුරුදු දෙකක් කැනඩාවෙ ප්‍රතිකාර කරලා එයාගෙ හිත සන්සුන් කරලා... සාමානය තත්වෙට ගන්න හැමෝම මහන්සි උනා.....

මේ ගැන දැනගෙන හිටියෙ... ටික දෙනයි...
ඒ යූරගෙ ඔප්පයි, හියුන්ජුන් නුයි, බෙඛියුන්, සියුමින්, කියන කට්ටිය විතරයි .... යූරගෙ අනාගතේ ගැන හිතලා මේවා රහසක් විදියට තියාගන්න එයාලා වගබලා ගත්තා......

යූරාත් ඕනෙ උනේ අලුතෙන්ම ජීවිතේ පටන් ගන්න....

යූරට යුන්ගි හම්බුනාට පස්සෙ එයාගෙ අලුත් ජීවිතේට අඩිතාලම වැටුණ කියලා යූරා හිතුවා  ...... යූරගෙ පළවෙනි ආදරේ යුන්ගි  ..
ඇත්තටම යූරා ලූහන්ට ආදරේ කරේ නෑ...... එයාට පසුතැවීමක් තිබුනෙ එයා නිසයි කෙනෙක්ගෙ ජීවිතේ නැති උනේ කියලා.......
ආදරේ කියන්නෙ හිතක බලෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ .... යූරට වැරැද්දක් කියන්නත් බෑ ඉතිං ....

කෝම උනත් ආය ඒ වගේ ලොකු කම්පනයක් යූරට දරාගන්න බැරි වෙන්න පුළුවන් ....




---------------------------------------------------------------------

ඔන්න ඉතිං සමාව ඉල්ලීමක් විදියට දිග Episode එකක් දුන්නා හරිද ????

අම්මෝ දෙදාස් ගාණක් තියනවා 😱😱😱😱

දැං ඉතිං තරහා වෙන්න එහෙම බෑ හරිද.
..

😁 Vote කරන
Comment කරලා කියන්නකො කෝමද ඒක කියලා 😉

තව දෙයක් ළමයි ...
මං අලුත් කතාවක් ලියන්න හිතාගෙන ඉන්නවා ...
හැබැයි Ship story එකක්
Taekook එකක්..  

ඉතිං
Bangtan world එකේ මම වැඩියෙන්ම ආදරේ කරන Ship එක තමයි Taekook 

ඉතිං ඒක නිසා ලියන්න හිතුනා.....
වැඩිය දිග එකක් නෙවෙයි ...
මේක ඉවර කරලා තමයි  Publish කරන්නෙ .... 😁

අනිත් Episode එකත් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා... 😘😘😘

Bye .😘😘

Continue Reading

You'll Also Like

2.9M 54.3K 17
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
1.2M 108K 41
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
5.6K 650 31
🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀🍂🥀 ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අයාලේ යන හිතත් එක්ක සෙල්ලක්කාර ජීවිතේකට හැඩගැහුණු ...
15.8K 3.6K 23
උන් ගැන ඇහැ ගහන් හිටපන්. මොකද ඊලග පාර කිසිම වැරැද්දක් වෙන්න බෑ. එහෙම උනොත් උඹ ජීවත් වෙන අන්තිම දවස එදා වෙයි. අහ් තව දෙයක් ඊයේ අර බොඩීස් ගැන මොකක් හරි...