♛ අග්නි ♛

By Bulbz_D

164K 33.9K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 16

1.7K 405 168
By Bulbz_D

උදෑසනම පංච අසපුවල තරගකරුවන් සියලු දෙනාම , සප්තකන්‍යා කදුවැටිය අසලට රැස්ව සිටියෝ ය . කදුවැටි සතකින් සමන්විත සප්තකන්‍යා කදුවැටිය අභියෙස , තාවකාලික මණ්ඩපයක් පිළියෙල කර තිබුනේ ජේෂ්ඨ මුනිවරුන්ට හා රද්කොලයන් වෙතයි. තව ද එක් එක් අසපුවල තරග කරුවන් සදහා ද වෙන වෙනම ස්ථානයන් සපයා තිබුණේ වෙයි . මෙකී තරගය ඉසව් තුනකින් සමන්විත වූ අතර , ප්‍රථම ඉසව්ව කාය ශක්තිය උරගා බැලීම විය .

අග්නිට අනුවනම් , මෙම ඉසව්වෙන් නිසැකවම මයුර හෝ ගිරි අසපු ශිෂ්‍යයන් ජයග්‍රහණය කල යුතු විය . අග්නි ගිරි අසපුව හැර ගිය අයෙකු වග තරගකරුවන් අතර ලැව් ගින්නක් මෙන් පැතිරී ගිය ආරංචිය විය . සුග්‍රීව ඇතුළු අනෙක් වෛශව ශීෂ්‍යයන්ගේ සටන් හැකියාවද සුළු පටු නොවුණි . විශේෂයෙන්ම භීෂ හා මිධුනාථ පෙර සටන් වදිනු අග්නි හොදින්ම දැක තිබුණි .

ප්‍රථමෙන් සුදුකම් ලැබීම සදහා සටන් කිහිපයක් පැවැත්වීමට ගිරි අසපු සංවිධායක මණ්ඩලය තීරණය කර තිබුණි . ම්‍යාන මුනි හැර අනෙක් අසපුවල ප්‍රධාන මුනිවරුන් වූ සීශ මුනි , සුධාරක මුනි , වෙනුරාධ මුනි හා මේඝ මුනි වන සිව්දෙනාම තරගාවලිය නැරඹීම සදහා එහි සැපැත්ව සිටියෝ ය . ම්‍යාන මුනි අත්‍යාවශ්‍ය වැදගත් ධ්‍යානයක් වඩමින් සිටින වග සුග්‍රීව සන්සුන්ව සැලකිර සිටි අතර , සිය අසපුව වෙනුවෙන් සමාව ද ඇයැද සිටියේ ය .

තරමක ශක්තිමත් දේහයකට හා දැඩි පෞර්ෂයකට හිමිකම් කී වෙනුරාධ මුනිගේ ඇස නොගැටීම අග්නි සෑම විටම උත්සහ කලේ ය තමා දුටු විගස වෙනුරාධ මුනිගේ දෑස් සිහින්ව , යනවගත් ඔහු කෝපයෙන් සිය උඩු රැවුල පිරි මදින වගත් අග්නිට දැක ගත හැකි විය .

කෙසේ නමුත් ඔහුගේ පසෙකින් සිටි ධීර දෙසට ඉගිමැරීමට  ද අග්නි අමතක නොකලේ ය . ධීර ද පෙරලා අග්නි වෙත ඉගි කලේ දීඝ අසපුව දෙස බලන ලෙසයි...  දීඝ අසපුවෙහි තරගකරුවන් අතරට සියල්ලන්ගේම නෙත් යොමුව තිබෙනු අග්නිට දැක ගත හැකි විය.

'' ඔහු ද තීර්ථයේ සුලෝධජ කුමරුන් ? '' මිගාර , රුද්‍රගෙන් රහසින් විමසුවේ දීඝ අපසු ශිෂ්‍යයන් අතර සිටි ලෝහිත පැහැ දාරවලින් හෙබි අලංකාර වස්ත්‍රවලින් සැරසි තරුණයෙකු පෙන්වමිනි. දීඝ අසපුවෙහි අන් ශිෂ්‍යයන්ගේ වස්ත්‍රාභරණ හා සැලකීමේදි ඔහු සැලකිය යුතු ලෙස කැපී පෙනුණි .

'' ඔහු කඩවසම්... නොවේ ද ? '' රුද්‍ර ද පැවසුවේ ය .

භාසුරු කඩවසම් ? අග්නි එය ශ්‍රවණය කල ප්‍රථම අවස්ථාව විය . අග්නිට අනුව නම් භාසු නැතහොත් මෙකී සුලෝධජ කුමරුන් කඩවසම් බව පැවසීමට වඩා සෞම්‍ය හා සුන්දර වග පැවසීම වඩාත් සත්‍යවනු ඇත . දිගු දෑස් , තියුණු නාසය උරතෙක් ලිහා දැමුණු අලංකාර කෙස් වැටිය , සියුමැලි පෙනුමක් ගත් එහෙත් හොදින් වැඩුණු ශරීරය යනාදී සියල්ලක්ම සුලෝධජ කුමරුන්ගේ අඥාන සියුමැලි නමුත් රාජකීය පෞර්ෂ්‍යය ඉස්මතු කර පෙන්වීමට සමත් විය .  භාසුරුගේ හැකියාවන්  නම් කෙලෙසකවත් මෙකී ලෙස අඥාන නොවුණි. භාසුව එලෙස දුටු අග්නිගේ මුහුණෙහි දගකාර සිනහාවක් ද ඇදුනේ නිතැතින්මයි . 

තවමත් භාසුරු නැතහොත් මෙකී සුලෝධජ කුමරුන් තමා නුදුටු වග අග්නිට සහතික විය . ඔහු ද ධීර හා සංඥාවක් හුවමාරු කරගනුත් , ධීර තමා දෙසට ඉගිකරනුත් අනතුරුව භාසුරු තමා දෙසට හැරෙනුත් අග්නි නිරීක්ෂණය කලේ ය . තමාව දැකිමෙන් භාසුගේ මුහුණෙහි වූ පුදුමය හා විශ්මය මුසු වූ සතුට අන් අයගෙන් සගවා ගැනීමට ඔහු උත්සහ කරනවග අග්නිට වැටහුණි . සියලු දෙනාගේ දෑස් ඒ වනවිට සුලෝධජ කුමරුන් දෙසට යොමුවී තිබීම එයට හේතුව විය . කලකින් දුටු භාසු දෙස බලා සිනාසීමෙන් අනතුරුව අග්නි සිය හිස කැසුවේ ය . ඔහු බිම බලා සිනැසී නැවතත් අනෙක් පස බලාගත්තේ භාසුගේ දිගු දෙනෙත් මග හරමිනි. අනෙක් පස හැරුනු විගස රෞද්‍ර නෙත් යුගලක් තමා දෙසට ඍජුව එල්ලව තිබෙනු දුටු අග්නි එක්වරම තිගැස්සුනේ ද විය . ඒ මිධුනාථ වග හදුනාගත් අග්නි තරමක් සන්සුන් වූයේ ය . ඔහු නිසැකවම සියල්ල බලා සිටින්නට ඇත. නමුත් ඔහු කිසිවෙකුව ඒ පිළිබදව පැමිණිලි නොකරන වග අග්නිට විශ්වාස කල හැකි විය .  අනතුරුව ඔහු මිධුනාථ වෙතට ද සිය එක් කම්මුලක් පමණක් වල ගැසෙන සුළු සිනහාවෙන් සංග්‍රහා කලේ  සම්පූර්ණයෙන්ම අහිංසක පුද්ගලයෙකු පරිද්දෙනි .

'' සංවරව හැසිරෙනවා '' මිධුනාථ සුපුරුදු නොරිස්සුම් සහගත ස්වරයෙන් , දැඩිව එහෙත් තරමක් හඩ බාල කල පැවසුවේ මෙහි කෝපාන්විතව හැසිරීමෙන් අනෙකුත් මුනි ශිෂ්‍යයන්ගේ අවධානය ලබා ගැනීමට ඔහුට ඇවැසි නොවූ නිසාවෙනි . අන්අයගේ අවධානය ලැබීම මිධුනාථ නොරිස්සුවේ ය .

'' එසේ තමා මා හැසිරුනේ '' අග්නි ද පෙරළා පැවසුවේ ය .

'' නිහඩවනු ....තමුන් මහ හිසරදයක් .. '' මිධුනාථ ද කඩාපනිමින් පැවසුවේ අග්නි දෙස රවා බලමිනි .

'' මා ද මෙහි හිසරදය ? ඔබ විහින් හිසරදයක් සාදා ගත්තට මා කුමක් කරන්න ද? '' 

'' ඔය මුව වසාගන්නවාද නැතිනම් මා තගේ දිව කපාදමන්නද ?  ... '' මිධුනාථ ද ගිගිරුවේ ය .

''කපා දමන තුරු බලා සිටියි කියා තමා බය.. හෑෑෑ...  '' අග්නි ද පැවසුවේ සිය දිව අදිමින් මිධුනාථ වෙත සමච්චල් කරමිනි.

මෙවෙනි හැසිරීම් මිධුනාථට අප්‍රසන්න විය . ඔහුගේ දෑත් කෝපයෙන් මිට මෙළවෙනුත් , ඇහිබැම නැවතත් රළු වනුත් අග්නිට පෙනුණි . අග්නිට අනුව මිධුනාථ දුම් දමමින් පවතින සූකර මාංශ වෑංජනයක ස්වරූපය ගත්තේ ය .

'' #$%^# .. '' මිධුනාථගේ මුවින් පිටවූයේ කෙලෙසකවත් මුනි ශිෂ්‍යයෙකුගේ මුවින් පිටවිය යුතු වදනක් නොවී ය . එය යන්තමින් කණ වැකුණු මිගාර හා රුද්‍ර පිටුපස හැරී බැලුවේ එය විශ්වාස නොකරන බැල්මක් මිධුනාථ වෙත හෙලමිනි . තමා සුළු මොහොතකට පෙර පැවසූ වදන වැටහී ගිය මිධුනාථගේ මුහුණ වස්ත්‍ර මෙන්ම දම් පැහැයක් ගෙන තිබුණේ තවත් කෝපයෙනි. මිධුනාථ තමා දෙස රෞද්‍රව බලනු දුටු රුද්‍ර හා මිගාර දෙදෙනා ඉක්මනින් ඉදිරිය බලාගත්තේ කිසිවක් සවන් නොවැකුණ වග අගවමිනි.

'' $#%#% ..'' අග්නි ද අතහැරියේ නැත. තමා පැවසූ වදනෙහි අරුතද මිධූනාථ තබා මෙහි කිසිදු මුනි ශිෂ්‍යයෙකු නොදැනුවත් තරමට නාගරික හා අශ්ශිල වූ වග අග්නිට සහතික විය හැකි විය. ඔහුගේ මුහුණෙහි සාඩම්බර සිනාහාවක් ද විය . මිධුනාථගේ කෝපය ඇවිස්සීම අග්නි හට ඉස්තරම් ඝනයේ විනෝද ක්‍රීඩාවක් විය .

ඔවුන් දෙදෙනාගේ නොසන්සුන් , අශ්ශීල රණ්ඩුව කන වැකුණු ස්‍රගීව ද පිටුපස හැරී බැලුවේ ය . ළගදීම අග්නි මිධුනාථගේ ඉහළ ගණයේ ප්‍රහාරයකට ලක්වන වග සුග්‍රීවට පැවසිය හැකි විය . ඔවුන් දෙස තරමක තර්ජනාත්මක බැල්මක් හෙලූ සුග්‍රීව හා ථිත නැවතත් සිය අවධානය තරග විස්තරය වෙත යොමු කලේ ය .

එක් අසපුවක් නියෝජනය කරමින් ශිෂ්‍යයන් දෙදෙනෙකු සදහා ප්‍රථම තරග වටයට සහභාගී විය හැකි වූ අතර වෛශව අසපුව නියෝජනය කරමින් , තරගයට සහභාගී විමට සුග්‍රීව විසින් තෝරාගනු ලැබුවේ මිධුනාථ හා භීෂයි. ඔවුන් සිව් දෙනා අතරින් කායික සටන් හැකියා අතරන් ඉහළතම හැකියා ඔවුන් දෙදෙනාට පිහිටිවග සුග්‍රීව විශ්වාස කලේ ය  .ථිත ද ඔහු හා එකග වූයේ මෙය පෞද්ගලිකත්වය වෙනුවෙන් නොව අසපුව වෙනුවෙන් සිදු කරන තරගාවලියක් වූ නිසාවෙනි . සියලු අසපුවල අරමුණ වූයේ තමාගේ අසපුවෙහි සටන් හැකියා සුලෝධජ කුමරුන් ඉදිරියේ ප්‍රදර්ශනයෙන් රාජ්‍ය අනුග්‍රහය ලබන අසපුව වගට පත් වීමයි .

ගිරි අසපුවෙන්  ජඨිල හා පෙරදින මිගාරගේ ගෙල සිර කල ශිෂ්‍යයා ඉදිරිපත් වූ අතර මයුර අසපුවෙහි ශිෂ්‍යයන් දෙදෙනා ද සැබවින්ම සටන් හැකියා ඉහළ අයවලුන් වග ඔවුන්ගේ පෙනුමෙන්ම පැවසිය හැකි විය . දීඝ අසපුවෙහි ශීෂ්‍යයන් දෙදෙනා පෙනුමෙන් සාමාන්‍ය වග පෙනුණද නිල ප්‍රහාරයන් සදහා ඔවුන් තරම් භයානක අන් අසපුවක් නොවී ය . කුවල්‍ය අසපුව සැබවින්ම ගුප්ත ස්වරූපයක් ගත් අතර , මෙකී පංච අධ්‍යාපනික අසපු අතරින් අවසන් ස්ථානයේ ඔවුන් පසුවිය . නමුත් ඔවුන්ගේ හැකියා නම් කෙලෙසකවත් සාමාන්‍ය නොවීය.

අග්නි තරගයට ඉදිරිපත් වූ සියලු දෙනා පරීක්ෂා කර බැලුවේ ය . ඔහුට අනුව නිසැකවම , ජඨිල හා අනෙක් ගීම නම් සිසුවාත් , මයුර අසපුවෙහි යුගේන්ද්‍ර නම් වූ තරමක් උස ශිෂ්‍යයාත් , කුවල්‍ය අසපුවෙහි සුදුමැලි මෙන් පැහැපත් සමක් ගත් කෛශාල නම් ශිෂ්‍යයාත් , වෛශව අසපුවෙන් භීෂත් අවසන් පස් දෙනාගේ වටයට පැමිණෙනු ඇතැයි ඔහු අනුමාන කලේ ය . නමුත් , කුවල්‍ය අසපුවෙහි කෛශාල නම් ශිෂ්‍යයාට සිය ප්‍රථම වටය ගිරි අසපුවෙහි ගීම හා යෙදීමත් සමග , අග්නි අවසන් පස්දෙනාගෙන් කෛශාලව ඉවත් කර ඒ වෙනුවට මිධුනාථව අැතුළත් කලේ ය . මිධුනාථට සිය ප්‍රථම වටය දීඝ අසපුවෙහි ශිෂ්‍යයෙකු සමග හිමිවීමද එයට තවත් එක් හේතුවක් විය . මිධුනාථ පහසුවෙන්ම දීඝ ශිෂ්‍යයා පරාජය කරනු ඇති වග අග්නිට වැටහුණි . භීෂ වෙත සිය ප්‍රථම වටයද හිමී වුයේ කුවල්‍ය අසපුවෙහි අනෙක් ශීෂ්‍යයා වූ ප්‍රභීව සමගයි . ඒ අනුව භීෂ ද ඔහු හමුවේ නිසැකවම ජයග්‍රහණය කරනු ඇත.

'' වාසනාව තමා.. නැතිද මිධුනාථ ? '' අග්නි විමසුවේ සන්සුන් ලෙස සිනාසෙමිනි. මිධුනාථගේ අසිපත අග්නි සතුව තිබූ නිසා ඔහුට බියවීමට ද කිසිවක් නොවුණි. සටන නිරායුධව සිදු කෙරුණු බැවින් මිධූනාථට සිය අසිපත අග්නි වෙත ලබා දීමට සිදුව තිබුණි . ඔහුගේ අතෙහි වූ චක්‍ර ප්‍රතිඥා වළල්ල හැර අනෙකුත් සියලු කුඩා ආභරණ කිහිපය ද අග්නිගේ දෑත්මත විය .

මිධුනාථ පිළිතුරු නොදුන්නේ ය .

'' බිය වීමට කරුණක් නොවේනේ..ඔබ හිසින් සිටගෙන පහර දන්නත් ඔබ ජයග්‍රහණය කරනවා.. '' අග්නි පැවසුවේ මිධුනාථව සනසවමිනි.

මිධුනාථ රවා බැලුවේ ය . ඔහු මීළගට පැවසීමට යන වදන් අග්නි දැනුවත් විය..

'' හරි.. වැටහුණා..නිහඩවනු...  මා හිසරදයක්.. මා නීච , අශ්ශිල දාසයා... අද මාගේ අවසානය , මාගේ දිව කපා දමනවා...තව කුමක්ද ?? '' අග්නි පැවසුවේ හිස දෙපසට වනමින් කල්පනා කරමිනි.
මිධුනාථගේ ක්ෂණීක කෝපය සැබවින්ම අග්නිට විනෝදයක් බදු විය . කුඩා දෙයිනුත් මිධුනාථගේ දෑස්වලට රුධිරය පිරී , දෙකොපුල් ද රතුවී , ඇහි බැම රැළි ගැන්වෙන අයුරු සැබවින්ම කලාවක් බදු යැයි අග්නිට සිතුණේ ය  . ඉන් පසු ඔහුගෙ දෑස් තුල අකුණු ගසයි...  වැස්සට පෙර අහස මෙන් මුහුණ අදුරු වීමෙන් පසු මිධුනාථ පුපුරායන්නේ හෙණයක් පරිද්දෙනි .

මෙවරද මිධුනාථ කිසිවක් පවසාගත නොහැකි තරමින්ම කෝපයෙන් පසුවිය . සිය මැණික් කටුවෙහි චක්‍ර ප්‍රතිඥා වළල්ල වටයක් කැරකැවූ මිධුනාථ අග්නිගේ ඇගේ වැදගෙන ඔහුව තල්ලු කරගෙනම සටන් බිම වෙත ගියේ කෝපයෙනි .

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

;
;

Continue Reading

You'll Also Like

1.9K 295 16
මේ කතාව ප්‍රසිද්ධ තායි BL couple එකක් වෙන offgun ගේ ff එකක්.මේකට මේ නම දාන්න හේතුව තමයි මේක බලන අයට සමහර වෙලාවට lgbt comunity එකේ ඉන්න එක එයාලා බලන b...
9K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
9.3K 1.6K 35
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිද...
947 161 13
ආදරේකට භයානක බලවේග වලින් බේරගන්න පුළුවන් ද? කට කතාවල එන හැම අවතාරයක්ම හොල්මනක් ම ඇත්තටම කරදර කළත් ඒකත් සමාජෙකින් ගරහන ආදරයක් වුණොත් ඒ දෙන්නගෙ ආදරේ...