♛ අග්නි ♛

By Bulbz_D

169K 34.2K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 12

1.8K 437 262
By Bulbz_D

ගමනෙහි අඩකට වඩා ප්‍රමාණයක් වනාන්තරය හරහා විය . කෙසේ නමුත් , දැඩි හිරු රශ්මියෙහි කාර්යබහුල වෙළෙද වීදයක ගමන් කිරීමට වඩා තරමක බරැති මල්ලක් උසවාගෙන වුවද වනාන්තරයක ගමන් කිරීම අග්නිට අනුව සංසන්දනාත්මකව වාසි සහගත විය. අවම තරමේ හිරු රැසින් වන පීඩාව වනයෙහි නොමැති විය . මිගාර හා රුද්‍රද ඔහු හා පිළිසදරේ යෙදෙමින් ගමන් කල බැවින් අග්නිට වද වීමට කරුණක් නොතිබුණි . ඔහුගේ දෑස් මිධුනාථගේ පිටෙහි ඇති සම්බෑගය වෙත වරින්වර එල්ලවන්නේ තමාගේ අසිපත එ් තුල ඇති නිසාවෙන් වග ඔහු තමාටම පවසාගත්තේ ය.

නිසැකවම දිවා භෝජනය සදහා ඔවුන් වනගත මාර්ගය පසු කර ලගේල නගරය වෙත යා යුතු විය. ලගේල නගරය ග්‍රාමයත් පුරයත් අතර වූ නගරයක් වූයේ වෙයි. ලගේල නගරයේ සිට සප්තකන්‍යාව වෙත යාමට ඔවුන් අසුන් කුලියට ගත යුතු විය. ප්‍රථමයෙන් ඔවුන් කාම්භාර වෙළෙද වීදියෙන් අශ්වයන් ලබා ගැනීමට සිතා සිටියද , සුග්‍රීවගේ යෝජනාව වූයේ වනගත මාර්ගය පසු කිරීම අශ්වයන් නොමැතිව වඩාත් පහසු වනු ඇතිවගයි. භීෂ ප්‍රථමයෙන් එරෙහි වුවද මිධුනාථ හා ථිත ද සුග්‍රීව හා එකග වූ බැවින් නිහඩව ඔවුන්ව අනුගමනය කිරීමට ඔහුට සිදුවිය.

අග්නි , මිගාර හා රුද්‍ර තිදෙනා නඩයෙහි ඉදිරිපස වන කිසිදු දෙයක් නොදැනුවත් වූ  පසුපස සමාගම විය.

වනයෙහි නිතර මිනිසුන් ගමන් නොගන්නා හෙයින්  නිසිපරිදි පැහැදිළිව පෙනෙන මාර්ගයක් නොවීය . අවම වශයෙන් එහි සෑදි තිබූ අඩිපාර , වන හස්තියන්ගෙන් හෝ වනසතුන්ගෙන් ඇති වූවක් විය. විශාල සෙවණැති වෘක්ෂයන්ගෙන් හා යෝධ පුස්වැල්වලින් වනයම පාහේ ආක්‍රමණය කර තිබෙනු දක්නට හැකි විය. නිදහස් අතින් සිටි මිගාර ඔහු කඩාගත් හිඹොටු වල්ලෙන් ගෙඩියක්ද අග්නිගේද රුද්‍රගේ ද මුවට එබුවේ වරින් වර සිය මුවද පුරවා ගනිමිනි.

ප්‍රථමයෙන් කුඩා ග්‍රාමීය නිවාසයන් කිහිපයක් ඔවුන්ගේ නෙත ගැටෙන්නට විය. කෙමින් කෙමින් වනගත මාර්ගය කුඩා ගුරු පාරක් බවට පත් විය. වර්ණ ගැන්වීම්වලින් තොර මඩ පැහැ ගැන්වී තිබු එහෙත් පිරිසුදු රළු කපු වස්ත්‍රවලින් සැරසි දුගී ජනයා සිටි එකිනෙකට දුරින් පිහිටි පැල්පත් කිහිපයක් පසු කිරීමෙන් අනතුරුව ඔවුහු තරමක නාගරික ස්වභාවයක් ඉසිලූ ප්‍රදේශයක් වෙත පැමිණියෝ ය . එහි වු ශිලා ගාවුත කණුවෙහි , '' ලගේල නකර '' යනුවෙන් කොටා තිබෙනු දක්නට හැකි විය .

එය වෙළෙද වීදිය තරම්ම ජනාකීර්ණ නොවූවද , දෙමහල් ප්‍රාසාද ලැගුම්හලකින් සහ තානායම් සංකීර්ණයකින් මෙන්ම , තරමක මන්දිර ස්වරූපයන් ගත් මධ්‍ය - රද්කොළ නිවාසයකින්ද යුතු විය . කළුවර දැවයෙන් හා නුග දැවයෙන් සකස් කර තිබූ දෙමහල් ප්‍රාසාද ලැගුම්හල සැබවින්ම ඉහළ ගෘහ නිර්මාණ ශිල්පයෙන් යුතු විය. එහි ද්වාරයේ පටන් කවුළු සදහා ද තිකෝණමිතික දැව තාක්ෂණයන් භාවිත කර තිබෙනු දක්නට හැකි විය. පලාපෙති කැටයම් හා සූර්යය කවුළු ද , දිවුල් මැලියම් ආලේප කර තිබු බැවින් තරමක දිලිසීමකින්ද යුතු ලී කැටයම් සහිත කණු ඉතා අනර්ඝ විය . පහත මාලයෙහි එක් පසක් ලැගුම් හලක් ලෙස කුඩා අශ්ව ස්තාලයක් ලෙස පිහිටි අතර , ඉහළ මාලය අවන්හලකින් හා ප්‍රිය සම්භාෂණ මධ්‍යස්ථානයකින් යුුතු විය. නිසැකවම මෙම ස්ථානය ඉහළ පැලැන්තියට පමණක් සීමා වූ ස්ථානයක් විය. අසල නගරවල උසස් කුලවල අයවලුන්ද නිතර යනෙන ස්ථානයක් වගට ලගේල නගරය පත් වූයේ එලෙසිනි.

අනෙක් අයට මද වේලාවක් පිටත රැදී සිටින ලෙස පැවසූ සුග්‍රීව හා ථිත අවන්හල තුලට පිවිසියේ ප්‍රථමයෙන් හිමිකරු හා කතිකා කර බැලීම සදහායි. ඔවුන් දිවා ආහාරය හා අශ්වයන් ද මෙහිදී කුලියට ගත යුතු වූයේ වෙයි . රුද්‍ර , අග්නි මෙන්ම අභයද ගමන්මලු මදක් පසෙකින් තබා විවේක ගන්නට විය. භීෂ අවන්හල ඉදිරිපිට වූ මහෝගනී කොටයෙහි අසුන්ගත්තේ ගිමන් හරිමිනි.
මිධුනාථ ගල් පිළිමයක් මෙන් සුග්‍රීව හා ථිත පිටතට පැමිණෙන තුරු බලා සිටියේ ය .
මිගාර ඉක්මනින් සිය ලබු කැට ජල බදුනෙහි පියන විවෘත කර අග්නි වෙත ලබා දුන්නේ ඔහු සුග්‍රීවගේ ගමන් මල්ල පසෙකින් තැබූ සැනිනි .
සිනාසී ජල උගුරු කිහිපයක්ම පානය කල අග්නි ජල බදුන නැවත මිගාර වෙත ලබාදුන්නේ ය .

අග්නි අශ්ව ස්තාලය වෙත නෙත් යොමු කලේය. එහි අශ්වයන් සියලු දෙනාම දුඹුරු පැහැ අශ්වයන් විය. ඔවුන්ගේ කේශර ඉතාමත් පිළිවෙලට සිටින ලෙස පීරා තිබෙනු දක්නට හැකි විය. පසුගිය දෙසතිය පුරාවට අග්නි අශ්වයන් පිළිබදව බොහෝ දේ උගෙන සිටියේ වෙයි. තමාගේ අත්දැකීම් ධීර වෙත පැවසුව හොත් ඔහු සුදුපැහැ වස්ත්‍රයක් මෙන්ම සුදුමැලිවනු අග්නිට මැවී පෙනුණි . ඔහු අශ්ව ගාල දෙසම බලාගෙන සිනාසෙන්නට විය .

සුග්‍රීව හා ථිත අවන්හලින් පිටතට පැමිණියෝ ය. ඔවුන්ගේ මුහුණෙහි සෑහීමකට පත් සිනහාවක් විය. තමාගේ අවන්හලට පැමිණි මුනිවරුන් පිළිගැනීමට අවන්හලේ හිමිකරු පිටතට පැමිණ තිබුණේ ය .

'' ඔබතුමන්ලාගේ පැමිණීම ගෞරවයක් , ඇතුළට පැමිණෙන්න '' තරමක , තරබාරු උදරයකට හා මධුවිතෙන් මත්ව මෙන් ඉදිමී තිබූ දෑස් යුගලකටද හිමිකම් කී අවන්හලෙහි හිමිකරු පැවසුවේ තරමක හිස නවා ආචාර කරමිනි.

ථිත ප්‍රථමයෙන්ම අවන්හල තුලට ඇතුලු වූයේ රුද්‍ර ද ඔහුගේ පසුපසින් ගමන් කරද්දී යි. මද වෙලාවක් බලාසිටි අවන්හල් හිමිකරු පසුපසින්ම සිටි අග්නි දෙස බැලුවේ ය.

'' මුළුතැන්ගෙය අර දිශාවෙහි '' ඔහු පැවසුවේ අවන්හල පිටුපස අග්නිට පෙන්වමිනි. එහි අරුත වටහා ගැනීමට ඔහුට තත්පර කිහිපයක්ම ගත විය . ඔහු තමා දෙස බැලුවේ ය . පැහැදිලිවම ඔහු අන් අයගෙන් වෙනස් වූවේ ය . සුදු පැහැ පිළිවෙලක් සහිත වස්ත්‍ර වෙනුවට , අළු පැහැ අපිළිවෙල වස්ත්‍ර ඔහුගේ ඇග දැවටී තිබුණි . පිළිවෙලකට ඉස මුදුනට කර තිබූ බැද තිබූ කෙස්වැටිය වෙනුවට ඔහුගේ කෙස් වැටියෙන් අඩක් නළල් තලය මත වැටී තිබුණි . අග්‍රගණ්‍ය ආභරණ කිසිවක් ඔහුගේ සිරුරෙහි නොවීය .

අග්නි නැවතත් හිස එසෙව්වේ බලාපොරොත්තු කඩවූ අයුරින් මුවින් පිඹිමිනි. ඔහුගේ නළල් තලයෙහි වූ කෙස් රොදද තරමක් උඩගොස් නැවතත් නළල වෙතම පතිත වූයේ ය .

'' හහ්... ඔබගේ මුළුතැන්ගෙයත් මෙවැනි සේවකයෙකුට උසස් වැඩිබවයි මාගේ නම් අදහස '' භීෂ අවන්හල් හිමිකරුට පැවසුවේ අභය සමච්චල් සිනහාවක් නගා අවන්හලතුලට පිවිසෙමිනි.

'' ඔහුත් අප සමග පැමිණෙනවා '' මිගාර කලබලෙන් පැවසුවේ කුඩා දරුවෙකු මෙන් අග්නිගේ හස්තය බදාගනිමිනි .

'' එසේයි..  ඔහු අප සමගමයි පැමිණියේ ... '' සුග්‍රීව අවන්හල් හිමිකරු වෙත පැවසුවේ ඔහුගේ කරුණාවන්ත කටහඩිනි. ඔහුගේ හඩ සන්සුන් විය .

'' නමුත් ,  කමාකරන්න මුනිතුමනි ... පහත් කුලයේ අයවලුන්ට අවන්හලතුලට ඇතුළු වීම සම්ප්‍රදායට එරෙහි වග ඔබතුමන් දැනුවත්නේ.. '' ඔහු පැවසුවේ ගෞරව සම්ප්‍රයුක්ත බියකින් සුග්‍රීව වෙත ආචාර කරමිනි.

අග්නි , මෙතෙක් වෙලා නිහඩව සිටි මිධුනාථ දෙස බැලුවේ සිය දෙතොල් ද උල් කරමිනි. අවම වශයෙන් අග්නි පැමිණියේ ඔහුගේ සහය පිණිස විය. අග්නි දෙස බැලීමටවත් වෙහෙස නොවී සිය රෞද්‍ර පෙනුමක් ගත් දෑස්වල කණිකා ඉහල යැවූ මිධුනාථ , අවන්හලතුලට තුලට පය තැබූවේ අග්නිව තඹ සතයකට මායිම් නොකරමිනි . අග්නිගේ දෑසින් එය අතිශයින් කුරිරු විය . ඔහු සිතාමතා මිධුනාථගේ ගමන් මල්ල මිගාර වෙත ලබා නොදුන්නේ විය . මිධුනාථට එතරම් කෝපගැනීමට සාධාරණ හේතුවක් එහි නොවූවද මිධුනාථට කෝපගැනීමට කිසිදු සාධාරණ හේතුවක් ඇවැසි නොවු වගද ඔහුට සිහිපත් විය . ඔහු නිහඩවූයේ එබැවිනි .

'' නමුත්.... නමුත් .... '' මිගාර අවන්හල් හිමිකරු වෙත හැරුනේ ඔහුට කරුණා පහදා දීමේ අදහසිනි. නමුත් අග්නි ඔහුව නැවැත්වූයේ සැහැල්ලු ලෙස සිනාසෙමිනි.

'' කම් නොවේ.. මා මුළුතැන්ගෙය වෙත පිටවන්නම් '' 

'' කණගාටුයි අග්නි.. නමුත්... '' සුග්‍රීව සිය හඩ අවධි කලේ ය . ඔහුගේ ස්වරයෙහි පසුතැවීමක් ගැබ්ව තිබුණි. සුග්‍රීව සැබවින්ම කරුණාවන්ත විය .

'' නොවේ.. නොවේ.. මුළුතැන්ගෙහි නිසැකවම රූමත් කාන්තාවන් බොහෝ ඇති '' අග්නි පැවසුවේ සුග්‍රීව වෙත ඉගිමරමිනි. අග්නිගේ ධනාත්මක වදන් ඇසීමෙන් සුග්‍රීව සිය සන්සුන් සිනහාවෙන් අග්නිට සංග්‍රහා කලේ ය . මිගාරටද සුග්‍රීවව අනුගමනය කිරීමට සිදු විය . අවන්හල් හිමිකරුගේ මග පෙන්වීමෙන් ඔවුන් දෙදෙනාද අවන්හල වෙත යනු දුටු අග්නි හැරුනේ මුළුතැන්ගෙය වෙත යාමේ අදහසිනි.

සැබවින්ම ලගේල අවන්හලෙහි මුළුතැන්ගෙය අනර්ඝ විය . එහි විවිධ විශාල බදුන්වල නානාවිධ ආහාරයන් පිසෙමින් පැවතුණි . ඉහළ මාළයේ වූ ප්‍රියසම්භාෂණ ශාලාව සදහා , පිළියෙල වෙමින් තිබූ වන සූකර මාංශ හා බැදුම් වර්ගවල සුවදින් මුළුතැන්ගෙය පිරී පැවතියේ ය . වැටකොළු හින්දුම , වැරණිය දලු සම්බෝල , කර කොළ හා ලුණුවිල කොළ මැලවුම , නෙළඹු අල , කැකිරි , සොඩල , යනාදියත් මුං ඇට ආනම හා කුරහන් තලපත් , මාංශ වර්ග රාශියත් සැබවින්ම ඉස්තරම් වර්ගයේ වග එහි සුවදින්ම අග්නිට පැවසිය හැකි විය . එහි සුවදට ඔහුගේ රස නහර පිනායන්නට විය  . කෙසේ නමුත් මෙකී සියලු ආහාරයන් ද , උසස් කුලයේ අයවලුන් සදහා පමණක්ම විය . අග්නි සිය හිස සෙලෙව්වේ ය .

මැටි පලගනකට බෙදනු ලදුව , සිය දෑතට ලැබුණු හීල් නිවුඩු හාලේ බත් හා කාඩි ඇඹුල සහිත බත් පත සිනාසී සුරතට ගත් අග්නි අවන්හල පිටත මදක් එපිටින් වූ දිවුල් ගස යටින් නිදහසේ අසුන් ගත්තේ ය . එහි තරමක සිසිලකින් යුතු විය . ඉකුත් සති කිහිපය පුරාවට , ඔහුට මේකී ආහාරයන්ට දිව තරමක් හෝ හුරුව තිබීම ඔහුගේ වාසනාව විය. සති කිහිපයකට ප්‍රථම ප්‍රථමයෙන් මෙකී කාඩි ඇඹුල රසවිදි දිනය ඔහුට සිහිපත් විය . ජලය මෙන්ම කිසිදු රසක් නොමැති වූ කාඩි ඇඹුල සාදාගන්නේ සහල් පිටි පල් කිරීමෙන් වග මුළුතැන්ගෙයි සේවකයාගෙන් දැනගත් පසු ඔහු වමනය කල ආකරයද අග්නිගේ මතකයේ විය . ඔහු සිය මැටි පිගාන දෙස බලා සිටියේ තරමක ජුගුප්සාජනක බැල්මකිනි. එහි රස ඔහුට අමතකව ගොස් තිබුණේ ඇසල අංගනයේදි ඛාදී දේවිය සියලු සේවකයන්ට ද එහි පිසෙන ආහාරවලින්ම සංග්‍රහ කිරීමට තරම් කාරුණික වූ බැවිනි . ඒ සියල්ල එසේ නමුත් , අවසානයේ ඔහු සේවකයෙකු පමණක්ම විය .

ජලය හා පිටි අනුභව කලාක් මෙන් , පළමු කටින්ම ඔහුගේ මුහුණ ඇඹුල්ව යනු අග්නිට දැනුණි . දිනපතා මෙවන් ආහාර අනුභව කලහොත් ඔහුගේ දිව ගැලවී යනු ඇතැයි ඔහුට සැක පහළ විය . උපතේ සිටම මේ ආහාර පමණක් අනුභව කර ඒවා ලොව රසවත්ම ආහාර වග සිතා සිටින කුඩා දරුවන්ද සිටින වග ඔහුගේ මනස ඔහුට සිහිපත් කර දෙන්නට විය . ඒ අනුව ඔහු වාසනාවන්ත විය යුතු විය . මුළු තැන්ගෙයින් දැනෙන ප්‍රණිත ආහාරවල සුගන්ධය පිළිබදව පමණක් සිතමින් ඔහු ඔහු දෙවෙනි වරට ද මුව පුරවාගත්තේ ය . දෙවෙනි වරටද සිය උදරයෙන් අප්‍රසන්නබවක් අග්නිට දැනුණි.

'' අග්නී.... ''

මිගාර දුවවිත් ඔහුගේ එහා පසින් අසුන් ගත්තේ සන්සුන් ලෙසයි . සිය වස්ත්‍රයන් තුල සගවාගෙන සිටි ඇඹුල් දොඩම් ගෙඩි දෙක ඔහු පිටතට ගත්තේ විශාල වීරකමක් කල අයෙකු පරිද්දෙනි . ඇඹුල් දොඩම් දැකීමෙන් පමණක් වුවද  තමා අනුභව කරමින් සිටි කාඩි ඇඹුලෙහි අග්නිට අමතක වූයේ වෙයි. ඇඹුල් දොඩම් වනාහී අග්නිගේ දිව්‍යමය, ප්‍රියතම ආහාරය විය . ඇඹුල් දොඩම් වෙනුවෙන් ඔහු නොකරන දෙයක් නොවී ය .

'' ආ.. කෑමෙන් පසු අනුභව කරන්න .. '' මිගාර දොඩම් ගෙඩි දෙකම අග්නිගේ ඇකයෙන් තැබුවේ සිනාසෙමිනි . අග්නිට පැවසීමට කිසිදු වදනක් නොවී ය . ඔහු මිගාර දෙස බලාසිටියේ කෘතඥතාව පිරි බැල්මකිනි. ඔහුගේ දෑසෙහි කදුළු පිරෙන්නට ද විය.

'' මා උත්සහ කලා කුමක් හෝ පළගු අහාරයකුත් රැගෙන ඒමට.. නමුත් සගවාගෙන පැමිණිය හැකි වූයේ ඔපමණයි.. නමුත් ඕවා රසවත්...  '' මිගාර පැවසුවේ තරමක බලාපොරොත්තු කඩවුණු හඩකිනි. 

'' නොවේ... කම් නොවේ.. බෙහෙවින් ස්තූතියි.. '' අග්නි ඉක්මනින් පැවසුවේ ඇඹුල් දොඩම් දැකීමෙන් මුවෙහි සිරවී තිබූ නීරස කාඩි ඇඹුල දෙවරක් නොසිතා උගුරෙන් පහලට යවමිනි . තව දුරටත් නීරස කාඩි ඇඹුල අනුභව කිරීමෙහි කිසිදු උවමනාවක් අග්නිට නොවී ය . එය අසල ගැවෙසෙමින් සිටි සුනඛයෙකු වෙත ලබා දුන් අග්නි  සිනාසී ඇඹුල් දොඩම් ගෙඩියක් අතට ගත්තේ ය . අනෙක් ගෙඩිය ඔහු මිගාරට පිළිගැන්වූවත් ඔහු එය නොපිළිගනීවා යැයි ඔහු යටි සිතෙන් ප්‍රාර්ථනා කලේ ය . සිතූ පරිදිම මිගාර එය ප්‍රතික්ෂේප කලේ තමාගේ කුස පිරී ඇති වග පවසමිනි.

'' මිධුනාථ ?? '' මිගාර මිමිණුවේ තරමක් එපිටින් ඇවිද හා මිධුනාථ පෙන්වමිනි. මිධුනාථ තවමත් ඔවුන්ව දුටුවේ නැතිවග මිගාරට හා අග්නිට පැහැදිලි විය . 
ආහාරයට ගැනීමට ප්‍රථම දොඩම් කැබැල්ල අග්නිගේ මුව අසල නතර විය .

සිය හිස ඔසවා බැලූ විට , අග්නිවත් , මිගාරවත් දුටු මිධුනාථ මදක් නතරව ඔවුන් දෙසට සංකීර්ණ බැල්මක් හෙළුවේ ය . ඔහුගේ දෑස් පිළිවෙලින් මුළුතැන්ගෙය දෙසටත් , අග්නි අසල සිටි සුනඛයා දෙසටත් , අනතුරුව මිගාර දෙසටත් , අවසානයේ අග්නිගේ අතෙහි වූ ඇඹුල් දොඩම් ගෙඩි දෙසටත් යොමු විය . ඔහුගේ වම් ඇහි බැම මදක් එසවෙනු අග්නිට පෙනුණි . මිධුනාථගේ හැසිරීම්වල තේරුම් සැලකිය යුතු ප්‍රමාණයක් අග්නි වටහාගෙන සිටිය ද මෙම එක් ඇහිබැමක් පමණක් එසවීම ඔහුට තවමත් ගැටලු සහගත විය . මෙකී මිධුනාථ නම් සංකීර්ණ පුස්තකය කියවා අවසන් කරන දිනයක් පිළිබද අග්නිට සිතාගත නොහැකි විය .

නැවතත් කිසිත් සිදු නොවූවක් සේ අසල වූ අශ්ව ස්තාලය තුලට ඔහු ඇවිද ගියේ අග්නිව නොතකමිනි. භීෂ හා අභය ද මද වෙලාවකින් අශ්ව ස්තාලය තුලට ගියේ ය . ඔවුන් සුදුසු අශ්වයන් තෝරන වග අග්නිට වැටහී ගියේ ය . ඔහු සිය දොඩම් කැබැල්ල මුව තුලට ඔබාගත්තේ සැහැල්ලුවෙනි .
.
.
.

.
.
.

~ මතු සම්බන්ධයි ~

'
'
'
'

Continue Reading

You'll Also Like

3.4K 631 24
"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ග...
771K 103K 124
ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවී...
1.5M 187K 123
အေဒီ ၇၉ ခုနှစ် .. ပုံပေမြို့.. ရောမအင်ပါယာ ဒဏ္ဏာရီမဟုတ်တဲ့ ရာဇဝင်ထဲက အဖြစ်အပျက်လေးတစ်ခုလား ဒါမှမဟုတ်.. ရာဇဝင်တွင်မကျန်ခဲ့တဲ့ ဒဏ္ဏာရီဇာတ်လမ်းလေးပဲလာ...
585K 103K 99
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.