♛ අග්නි ♛

By Bulbz_D

167K 34K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 8
අග්නි 9
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 10

1.8K 439 184
By Bulbz_D

අග්නි සිය දෑස් විවර කලේ ය . මෙවර ඔහු ගැලවූයේ අනූනමයෙන් වග ඔහුට සහතික විය හැකි විය . කුලීන අසපුවෙහි යන්තමින් නෙත ගැටුන චන්ද්‍රා ලෝකය මෙන් සෞම්‍ය වූ මනෝභවයෙහි ඇස ගැටීමට පෙර ඉක්මනින් අතුරු දහන් වීමට ඔහුට හැකි විය. ස්වකීය මනෝභවයෙහි ස්වභාවය අග්නි දැක තිබුනේ නැති වුවද අග්නිගේ මුලාධාර චක්‍රය බලවත් වූ හෙයින් ඔහුගේ මනෝභවය වටාද රතුපැහැ රශ්මි වළල්ලක් පිහිටනවග ඔහු දැන සිටියේ ය . එලෙසම සිරුරෙන් වෙනි වූ මනෝභවයන් අයිතිකරුගේ සිරුර හා සම්බන්ධව පවතින්නේ අර්ධ පාරගම්‍ය නූලකිනි. මෙකී නූල සිදී ගියහොත් මනෝභවයට නැවත සිරුර තුලට පැමිණීමට මාර්ගය සොයාගත නොහැකිව පුද්ගයලා මිය යෑම සිදු වේ . අග්නිගේ මෙකී අර්ධ පාරගම්‍ය නාළය රතු පැහැ වූයේ වෙයි. 

ඔහු දුටු මෙකී මනෝභවය ඔහුව නිසැකවම දක්නට ඇති නමුදු ඔහුව හදුනාගන්නට නොමැති වග අග්නිට නිසැක විය. කෙසේ නමුත් මෙකී ආගන්තුක පුද්ගලයාගේ මනෝභවය රාත්‍රියේ මිධුනාථගේ කුටියට ඇතුළු වීම අග්නිට තරමක ගැටලුවක්ද විය. ඔහුට අවශ්‍ය කුමක් දැයි සිතාගැනීමටද අග්නිට නොහැකි විය.

මධ්‍යම රාත්‍රිය ද ඉක්ම යමින් තිබුණි.  නැවතත් සිය මනෝභවය සිරුරෙන් වෙන් නොකිරීමට අග්නි වගබලා ගත්තේ ය . සිය දෙපසක් හිමි අසිපත ද අග්නිගේ පසෙකින් විය . ඔහු සන්සුන්ව දෙනෙත් පියාගෙන පසුවුවද ධ්‍යාන වැඩීමෙන් තොරවූයේ වෙයි. ඔහු නිහඩව කල්පනා කරමින් පසුවූවේ ය .නින්ද ඔහු අසලකවත් නොවී ය. ඔහු හොදින්ම දන්නා පරිදි මිධුනාථ තමා එක් ''අශ්ශීල, අන්වයාත දාසයෙකු'' නොවන වග හොදින්ම දැනුවත් විය. එසේ වුවද තවමත් මිධුනාථ විසින් ඔහුගේ සටන් හැකියාවන් නිසිපරිදි දැක තිබුණේ ද නැත . එලෙසම , ඔහු අග්නිව තවමත් නොරිස්සන වග ඔහුගේ නාසය පිම්බෙන අයුරින් ඔහුට පැවසිය හැකි විය . කෙසේ වුවත් මිධුනාථ සිය අදහස් වෙනස් නොකිරීම සම්බන්ධයෙන්ද පංච අසපු තුලම ප්‍රසිද්ධියක් ලබා සිටියේ ය . එබැවින් ඔහු සිය අදහස වෙනස් කරගත්තා ද විය නොහැකි විය . කෙසේ නමුත් ඔහු තමාව තෝරාගත්තේ නිසැකවම තවත් යටි අරමුණක් සිතෙහි තබාගෙන විය යුතු විය. මිධුනාථගේ නුවණද ඔහු අවතක්සේරු නොකල යුතු වූයේ ය .

අග්නිහට ඛාදී දේවියගේ වදන් සිහිපත් විය . ඛාදී දේවිය නිවැරදි විය . මිධුනාථ තේරුම්ගත නොහැකි චරිතයක්ම විය .
ඔහු සැබවන්ම ආරක්ෂා විය යුත්තේ භීෂගෙන් හෝ අනෙක් අසපු ශිෂ්‍යන්ගෙන් නොව මිධුනාථගෙන් යනවග අග්නි තීරණය කලේ ය . සෑම විටම කිසිවෙකුත් විශ්වාස නොකිරීම අග්නිගේ ස්වභාවය විය. ජීවත් වීමෙහි ඔහු විශ්වාස කල එකම දෙය වූයේ සිය අසිපතයි. හෙට දිනය වන විට ඔවුන් සප්තකන්‍යා කදුවැටියෙහි සිටිනු ඇති විය .
හැකිතාක් සිය සටන් හැකියාවන් සගවා , අඥානයෙකු ලෙස හැසිරීම ඔහු සතු එකම ක්‍රමය විය .

අලුයම හතරේ හෝරාව සදහා තව හෝරාවකුත් අඩ පැයකුත් පමණ විය . අග්නිට අනුවනම් අශ්ව ස්තාලය අතිශයින් අලස ස්වභාවයක් ගෙන තිබුණි . මුළු ඇහැළ අංගනයම නින්දෙහි පසු විය . සිය අසිපත සුරතට ගත් අග්නි අශ්ව ස්තාලයෙන් පිටතට අැවිද ගියේ ඇති තරම් වනයේ ඇවිද අලුයම හතරේ හෝරාව වනවිට නැවත ප්‍රධාන මුනි ආරාමය වෙත පැමිණීමේ අදහසිනි.

අන්තර් ද්වාරය අසලදි අග්නි එකවරම තිගැස්සී ගියේ එහි ගසකට හේත්තු වී සිටි මිධුනාථ දැකීමෙනි. ප්‍රථමයෙන් අවතාරයක් දුටුසේ අග්නිගේ මුහුනද සුදු මැලිව ගිය නමුදු ඒ මිධුනාථ වග හදුනා ගැනීමෙන් ඔහු හුස්මක් ගත්තේ ය . ස්වේත පැහැ වස්ත්‍රයන්වලට මිධුනාථ අවතාරයක් ලෙස දැකීම අග්නිගේ වරදක් නොවී ය . කෙසේ නමුත් මෙවර ඔහු සතුව අසිපත තිබීම අග්නිට සැනසීමක් විය. මෙවර තමාට අඥානයා යනුවෙන් පැවසුවහොත් මිධූනාථගේ හිස කදින්ම වෙන් කිරීමට අග්නිට හැකි විය .

මිධුනාථ සිටියේ ගසට හේත්තු වී දෑස්ද තදින් පියාගෙනයි. අග්නි ශබ්දයක් නොනැගෙන අයුරින් වනය දෙසට ඇවිද යන්නට වූයේ මිධුනාථගේ ඇස නොගැටෙන පරිදි ප්‍රවේසම් වෙමිනි. අග්නිට අනුව මිධුනාථ පසු විය යුතු වූයේ තද නින්දෙහි විය .

'' හතරේ හෝරාව වනවිට නොපැමිණියහොත් , බලාගත හැකියි '' මිධුනාථගේ හෙණහඩක් වැනි කටහඩ අග්නිගේ පිටුපසින් ඇසුනේ අග්නිව තිගස්සවමිනි. තිගැස්සි ගිය අග්නි සිය සිරුරෙහි සමබරතාවය පාලනය කරගනිමින් බිම පතිත නොවීමට මහත් වෙහෙසක් දැරුවේ ය .  

මිධුනාථ සිය දෑස් විවර කිරීමටවත් වෙහෙස නොවුණි . අග්නිහට අමතක වූ කරුණක් විය . නිසැකවම මිධුනාථ සත් චක්‍රයම සැලකිය යුතු දුරකට පුහුණු කල අයෙක් විය. ඉදින් නිසැකවම සියුම් ශබ්ද පවා උකහා ගැනීමට අනාභාත චක්‍රය හරහා මිධුනාථ හැකි විය .

අග්නි නැවතුණේ ය .ඔහු සන්සුන් වූවේය .  ඔහු ඍජුවම මිධුනාථ වෙත ගියේ ය .

'' දැන් කෙලින්ම පවසනවා.. කුමක්ද තමුන්ට දැන ගැනීමට අවැසි ?? '' අග්නි පැවසුවේ සිය අසිපත ද වම් හස්තයට ගනිමිනි . වම් පසින් අසිපත ඇදි විට එය ඔහුගේ රසදිය කේෂික නලය සහිත දුර්ලභ අසිපත විය.

'' නිහඩව පිටව යනු '' මිධුනාථ රළු හඩින් පැවසුවේ සිය දෑස් වසාගෙනම ය .

'' පවසනවා.. කුමක්ද තමුන්ගේ සැලසුම ? '' එවර අග්නිගේ ස්වරය ද කෝපාන්විත විය. අශ්ව ස්තාලයට වී මිධානාථගේ සැලසුම පිළිබද සීතිමෙන් ඔහුගේ සිත නොසන්සුන්ව තිබුණි.

'' වදන් ප්‍රවේසමින්.. කව්රුන් හටද තා සිය හඩ උස් කර අමතන්නේ ? ''
මිධුනාථ ද ගිගිරුවේ ය . මෙවර ඔහු සිය දෑස් විවර කර සිටි අතර ඔහුගේ දෑස් කෝපයෙන් ලෝහිත පැහැ විය . ඔහුගේ කෝපාන්විත දෑස් වනයෙහි හරිත පැහැය මෙන් අග්නිට හුරු විය. අග්නිට අනුව මිධුනාථගේ විනෝදාංශය නිතරතුරුවම කෝපගැනීම වූයේ වෙයි.

කිසි දෙයක් තේරුම් නොයන තරමින් පැටළිලි සහගත වීඹ අග්නි නොරිස්සුවේ වෙයි. මිධුනාථගේ හැසිරීම් සැබවින්ම පැටලලි සහගත විය . මෙය ඔහු නිසැකවම තමාගේ අනන්‍යතාවය සෙයාගැනීම පිණිස දියත් කල සැලසුමක් වගට අග්නිට වැටහී යන්නට විය . ඔහු සන්සුන් වූවේ ය. අග්නි සිය හිස දෙපසට සෙලෙව්වේ ද සිනාසෙමිනි. ඔහු සිය අසිපත ද නැවත දකුණු අතට ගත්තේ ය .

'' අහෝ.. මිධුනාථ... ඔබ කොතරම් අධිෂ්ඨාන සහගතව උත්සහ කලද  ඔබට කිසිදු දිනෙක හෙළිකරගත නොහැකියි මාගේ අනන්‍යතාවය '' අග්නි පැවසුවේ උපහාසයෙනි .ඔහුගේ හඩ පැහැදිලි විය. ඒ ඔහු පෙර කතා කල ග්‍රාමිය බස් වහර නොවී ය . ඉතා පැහැදිලි අනතුරු අැගවීමක් තැවරී තිබූ එහි සේවකයෙකුට නොගැළපෙන තරමේ උසස් බවක් ද විය .

'' තමුන්.... ''

මිධුනාථ ඍජුව සිටගත්තේ  සිය අවධානය රැස් කරමිනි. නොබෝ වේලාවකින් ඔහුගේ සිරුර වටා කහ පැහැති තිමිරයක් ගොඩනැගෙන්නට විය . සාමාන්‍ය මනුෂ්‍යයෙකුට නොපෙණුනද තරමක් දුරට හෝ මනස පුහුණු කල සටි අග්නිට එය පැහැදිලිව පෙනී යන්නට විය. ඔහුද මෙවර සිය උපරිම මානසික ශක්තිය රැස් කරමින් ප්‍රහාරය සදහා සූදානම් විය . මානසික ප්‍රහාරය වෙනුවට සුළගේහි වූ හදිසි වෙනස් වීම අග්නිට දැනුණි. සුළං කපාගෙන තමා දෙසට එල්ල වන්නේ මිධුනාථගේ අසිපතවග වැටහුණු අග්නි පියවරක් පසුපසට පැන සිය අසිපත සාමාන්‍ය දෙසින් පිටතට ඇද්දේ සිරුරේ නම්‍යශීලිතාවය පවත්වා ගනිමිනි.

ඔහුට හුස්ම ගැනීමටවත් ඉඩක් නොතැබූ මිධුනාථගේ දෙවන පහර එල්ල වූයේ ඔහුගේ බද දෙසටයි. සිය අසිපත ආධාරයෙන් එම පහර පහසුවෙන්ම වැළැක්විය හැකි වුවද අග්නි මෙවර ද පසුපසට පැනීමෙන් පමණක් ප්‍රහාරය මග හැරියේ ය .මිධුනාථගේ ප්‍රහාර දෙකම ගුරුවරුන් සිය ශිෂ්‍යන්ට එල්ල කරන පුහුණු ප්‍රහාරයන් විය . මිධුනාථට අවශ්‍ය තමාගේ සටන් හැකියා පරීක්ෂා කිරීම යනවග වටහා ගැනීමට අග්නිට අපහසු නොවුණි .

තමා අපේක්ෂා කල පරිදි අග්නි පෙරළා පහර නොදුන් හෙයින් මිධුනාථගේ මුහුණු කෝපයෙන් රත් පැහැ ගැන්වී තිබුණි . ඔහු සිය තෙවෙනි ප්‍රහාරයද පසෙකින් යන පරිදි එල්ල කලේ ය . අග්නිගේ මුහුණ පුරා තිබූ උපහාසාත්මක සිනහව මිධුනාථව තවත් කෝපගැන්වීමට සමත් විය. අග්නිට අනුව මිධුනාථගේ කෝප මට්ටම්වල ඉහලම කෝප මට්ටමේ දැන් මිධුනාථ පසු විය . මිධුනාථගේ දෙතොල් අධික කෝපයෙන්  වෙව්ලුවද කිසිදු වදනක් ඔහුගේ මුවින් පිටනොවුණි  . වදන් වෙනුවට ඔහු දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට විය . අග්නි ප්‍රහාර මග හැරි ආකාරය සැබවින්ම උපායශීලි විය .

'' මිධුනාථ... ඔබට කුමක්ද ඇවැසි කියා ඍජුව පැවසුවානම් මෙය අවසන් නොවේ ද ?  '' අග්නි පැවසුවේ සිනාසෙමිනි.

'' සිටින්න ඔබට ඔතරම් ඇවැසි නම් මා පෙන්වන්නම්.. '' අවසන් වාක්‍යය පැවසීමේදි අග්නිගේ මුහුණෙහි වූ සිනහව අතුරුදහන්ව ගියේ ය .
ඔහුගේ ඇහිබැමද රළුව මුහුණ රෞද්‍ර පෙනුමක් ගත්තේ ය . 

සිය සාමාන්‍ය අසිපත වටයක් කැරකැවූ අග්නි සිය දෙපය ආධාරයෙන් මිධුනාථගේ පපුවට පහරක් එල්ල කලේ ඔහු අඩි කිහිපයක්ම පිටු පසට විසිව යන පරිද්දෙනි. අග්නිගේ සිය දෙපයින් සැහැල්ලුව හා සමබරව බිම පතිත වූයේ තවමත් පහව නොගිය රළු බව ඔහුගේ මුහුණෙහි රැදී තිබියදී යි. ඔහුගේ ගරිල්ලා සටන් ඉහළ මට්ටමේ වග ඒ වනවිටත් මිධුනාථ වටහාගෙන හමාර විය .

අග්නි සිය අසිපතින් මිධුනාථ හා ගැටුනේ වේගයෙන් පියවර තබමිනි. ඔහුගේ පියවරවල වු වේගවත් බව හා සැහැල්ලුව මිධුනාථව විස්මයට පත් කල නමුදු කිසිවක් නොපවසා ඔහුද පෙරලා පහර දීමට වූයේ අග්නිගේ ප්‍රහාර වළක්වමිනි. අග්නි සිය අසිපත වේගයෙන් හැසිරුවේ ය. ඔහු සැඩපහරක් මෙන් වේගවත් විය . අකුණක් මෙන් අනුකම්පා විරහිත විය .

ඔහුගේ අසිපත , මිධුනාථගේ අසිපත හා ඇසිල්ල වේගයෙන් ගැටෙන්නට විය . ඔහු යෙදාගත් අසිපත් සටන් කලාව ගිරි අසපුවෙහි '' අසිපත් මුලාවට '' මදක් සමාන වූ නමුදු  ධීර හා සටනේදි ඔහු දුටු අසිපත් මුලාවෙහි නොවූ නව ලක්ෂණ කිහිපයක්ද  මිධුනාථ නිරීක්ෂණය කලේ ය .  අග්නි සිය දෑතම අසිපත සදහා හුරු කර තිබුණි .
. ඔහු සිය අසිපත අනෙක් හස්තය වෙත මාරු කලේ ය . මිධුනාථගේ එක් ඇහි බැමක් එසවුණි

එවර මිධුනාථ සිය පාදයෙන් අග්නිගේ පාදය වෙත ප්‍රහාරයක් එල්ල කලේ ඔහුව දණින් වැට්ට වීමෙහි අදහසිනි. ගුරු පාරෙහි වූ දූවිලි අවුස්සවමින් අග්නි සිය දෙපය වේගයෙන් පිටුපසට ගත් අන්දම සැබවින්ම සූක්ෂම විය . ඔහු මිධුනාථගේ ගෙල දෙසට අසිපත් මිට ආධාරයෙනුත් , බද දෙසට පාදය ආධාරයෙනුත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කලේ අනුකම්පා විරහිතවයි. වම් හස්තයට සිය අසිපත මාරු කිරීමට අග්නි උත්සහ දැරූ නමුදු අග්නිගේ වම් හස්තය සෙලවීමටවත් නොහැකි විය . එය අග්නිගේ පිටපසට කර නවා මිධුනාථ විසින් දැඩිව අල්ලාගෙන සිටියේ අග්නි සෙලවීමට උත්සහ දැරූ විට ඇදුම්කන අයුරිනි. අග්නිගේ අසිපත වූ සුරත මිධුනාථගේ ගෙල අසලම වූ අතර , මිධුනාථගේ අසිපත ද අග්නිගේ මුහුණට අගල් කිහිපයක් මෙපිටින් විය . අග්නි හා මිධුනාථ දෙදෙනාම දහදියෙන් නැහැවී ගොස්ව සිටියෝ ය .

මෙවර ද මිධුනාථ සිය එක් ඇහි බැමක් එසෙව්වේ ය. ඔහු අග්නිගේ වම් හස්තය මුදාහැරියේ පියවරක් පසුපසට වෙමිනි.
මිධුනාථ සිය අසිපත නැවතත් කොපුව තුලට දමා ගත්තේ අග්නිද ඔහුව අනුගමනය කරද්දි යි .

'' හහ්.. දුටුවාද ? ප්‍රමාණවත්ද ? '' අග්නි විමසුවේ කටකොනකින් සිනාසෙමිනි. ඔහුගේ හඩ ද සන්සුන් විය . සිය සටන් ශිල්පය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ප්‍රමාණවත් වග අග්නි දැන සිටියේ ය .

මිධුනාථ සන්සුන්ව එක් වරක් පමණක් හිස සැලුවේ ය.  

'' ඔබේ ශිල්පය ප්‍රමාණවත්'' මිධුනාථ පැවසුවේ සන්සුන්වයි. ඔහුගේ හඩෙහි කෝපයක් තැවරී නොතිබුණි . නමුත් තවමත් දැඩි විය. එහි පෙර තිබූ අවඥා සහගත බවද තරමක් අඩුව තිබුණි.

'' හහ්හා.. මිධුනාථ. ආාා... ඔබ අයෙක්ව අගය කරන්නේ මෙලෙසින්ද ? නමුත්.. නමුත්..  ප්‍රමාණවත් වෙනුවට විශිෂ්ටයි යනුවෙන් වදනක්වත් එක් කිරීමට අනුකම්පාවක් නොමැතිද ? ''

'' නිහඩවනවා...'' මිධුනාථ ගිගිරුවේ ය .

අග්නි හිස සැලුවේ නිහඩ වෙමිනි. මිධුනාථව තේරුම් ගැනීමට කිසිදු අයෙකුට නොහැකි වනු ඇතිවග පමණක් අග්නිට පැවසිය හැකි විය . ඔහු සංකීර්ණ අක්ෂර අඩංගු පුස්තකයටත් වඩා අතිශය බරපතල සහගත විය. කෙසේ නමුත් , මේ කුඩා සටනින් වුවද මිධුනාථ අග්නිගේ හැකියාවන් නිවැරදිව හදුනාගන්නට ඇති වග පැවසීම අග්නිට අපහසු නොවී ය . එක් අතකින් ඔහුට තවදුරටත් මිධුනාථගෙන් තවදුරටත් සැගවීමට තිබුණේ ඔහුගේ අනන්‍යතාවය පමණි.

ප්‍රධාන දොරටුව දෙසින් , භීෂගේ අනෙක් ශිෂ්‍යයන් දෙදෙනාගේ හඩට මිධුනාථ හා අග්නි සිය අවධානය එදෙසට යොමු කළේ ය .

.
.
.
.

~ මතු සම්බන්ධයි  ~

'
'
'

Continue Reading

You'll Also Like

9.3K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
11.7K 1.9K 39
මේ යනු..නුවර වැස්සේ තෙමුණු, කොළඹ පහන් එළි වලින් නැහැවුණු, පොත් සුවඳ අතරින් ගලා හැලෙන ඔවුන්ගේ ආදරයයි.... Started: 11/03/2024 කිසිම පාසලක් හෝ සත්‍ය සිද...
12.3K 1.5K 43
ආදරේ ගන්න විතරක් නෙවෙ. පපුව පිරෙන්න ආදරේ දෙන්නත් ඕනි තරම් මිනිස්සු බලාගෙන ඉන්නවා සිතෙව් ! ඒත් ඔයාට තවම හිතෙනව නම් ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා මං කියන...
73.2K 14.2K 52
කලු කුමාරයා වහ වැටුනේ ගෑනු නිරුවතට විතරමද.............🔞