♛ අග්නි ♛

By Bulbz_D

163K 33.8K 28.9K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 7
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 8

1.9K 461 251
By Bulbz_D

'' නැගිසිටිනවා.. මම දුටුවා ඔබ නිමේෂයකට පෙර අඥානයෙකු මෙන් සිනාසෙමින් සටන නරඹනවා.. '' මිධුනාථගේ ස්වරය ස්ථිර විය. කෝපාන්විත විය.

නමුදු අග්නිට අනුව ඔහුගේ කෝපයේ මට්ටම් සමග සසදා බැලීමේදි තරමක පහළ මට්ටමක විය . අග්නි සිය එක් ඇසැක් පමණක් විවර කර මිධුනාථ දෙස බැලුවේ ය . කෝපයට අමතරව ඔහුගේ සියදහසක් පමණක් වූ හැගීම් අතර වේදනාවද තැවරී තිබෙනු අග්නිට පෙනුණි . අග්නිට අනුව ඔහුගේ මුහුණ සියලු හැගීම් කැටිකර දක්වන කැඩපතක් විය . ඔහු යමක් පැවසීමට පෙරම මිධුනාථගේ මුහුණින් එය පිළිඹිබු වන්නේ වේ.ඒ අනුව මිධුනාථ කතා කිරීමට වදන් දැන සිටීමත් ප්‍රයෝජනයක් නොමැති කරුණක් විය . ඔහු කෝපගත් විට දෙකොපුල් රතුව ඇහිබැම රළු වෙයි . ධ්‍යාන වඩන විට දෙතොල් රේඛීයව පිහිටයි . කිසිවෙකු හෝ නුරුස්සන විට නාසය පිම්බෙයි. ඔහු දැන් පසුවන අයුරින් වේදනාවෙන් පසුවන විට නළල රැළි ගැසෙයි . මේ සියල්ල අග්නිගේ නිරීක්ෂණයට හසුව තිබුණි .

කෙසේ නමුදු ධීරගේ ප්‍රහාරය කෙරෙහි අනුකම්පාක්ද ඔහුට දැනෙන්නට විය.  අංගම් සටන්හි ප්‍රබල නිළ ප්‍රහාරයන් පිටින් පෙනෙනවාට වඩා සැබවින්ම බලගතු වග අග්නි දැන සිටියේ ය . නමුත් ධීරටද අන් විසදුමක් ද නොවී ය .

'' මා නැගිසිටවීමට ඇවැසිද ඔබව ? '' මිධුනාථ ගිගිරුවේ ය .

'' අවැසි වුවත් නොහැකිනේ ඔබට.. '' අග්නි  පැවසුවේ මිධුනාථගේ වම් බාහුවට සිය දෑසින් ඉගිකර පෙන්වමිනි. ඇරැත් දැන්ම නැගී සිටිමට අවශ්‍යතාවයක් අග්නි තුල නොවීය. වෙනත් වදනකින් පැවසුවහොත් ඔහුට නැගී සිටිමට වුවද බෙහෙවින් අලස ගතියක් දැනිණ. ඔහුගේ දෑස්ද විඩාවෙන් අඩක් පියවෙමින් තිබුණි.

මිධුනාථගේ නාසය පිම්බෙනු අදුරේ වුවුද අග්නිට හොදින්ම පෙනුණි .
කිසිවක් නොපැවසූ ඔහු අග්නිව එහි තනිකර වෛශව අසපුවෙන් පිටත වනය දෙසට හැරුනේ පහව නොගිය කෝපයෙනි. මිධුනාථ සිය හස්තය වැලමිට අසලින් නවාගෙන සිටියේ පාදය උලුක්  වූ කුඩා බලුපැටියෙකු පරිද්දෙනි. ඔහුගේ අසිපත ද අනෙක් අතෙහි දිගු ඇගිලි අතර තරමක අප්‍රාණික ස්වභාවයකින් එල්ලෙමින් තිබුණි .

'' ආ.. ආ.. ආ.. මා මෙසේ දමා යන්න එපා.. .. '' අග්නි ද කෑගැසුවේ තවමත් පොළොවෙහි සිටගෙන ය .

'' නිහඩවනු ! දැනවත් නවත්තනු ඔය රැවටිලි සහගත රංගනය.. නුඹ කව්රුන් වුවත් හොදින් සටන් පුහුණුව හා මානසික අභ්‍යාසවල නිතර වූවෙක් '' මිධුනාථ ගිගිරුවේ අග්නි දෙස බැලීමට වෙහෙස නොවීයි. මිධුනාථගේ ස්වරය සැබවින්ම බියජනක විය .

අග්නි සිය හිස කැසුවේ ය . මෙවර නම් මිධුනාථ නිසැකවම තමා එක් අඥානයෙකු නොවන වග තහවුරු කරගෙන ඇතිවග අග්නිට පැවසිය හැකි විය .

'' මිධුනාථ කුමරුනි.. '' අග්නි ඇමතුවේ ය . ඔහු හඩ සන්සුන් විය.

'' ඇති ! නිහඩවනු..''
ඔහුගේ හඩ පෙරටද වඩා වියළී ගොසින් තිබුණි . ඔහු සිටියේ අග්නිට පිටුපා බැවින් ඔහුගේ මුහුණ ද අග්නිට නොපෙනුණි . තව වදනකුදු නොපැවසූ ඔහු වේගයෙන් පිටව ගියේ වනය තුලටයි . ඔහුගේ පියවර දිවීමක් මෙන් වේගවත්ද වූයේ වෙයි .

මිධුනාථ පිටව ගිය ඉසව්ව දෙස නෙත් යොමු කල අග්නි සුසුමක් හෙළුවේ ය . අනෙක් පසින් සියල්ල සාර්ථකව සිදුවෙමින් පවතින විට ඔහුගේ අතින් පමණක් සියල්ල ව්‍යර්ථව යාම ඔහු නොරිස්සුවේ ය . දැනටද ඔහුගේ අඥාන බාවය මුසාවක් වග ඛාදී දේවියට හා මිධුනාථට රහසක් නොවීය . ඔහුට අනුව නම්  ඔහු සිය රංගනය උපරිම අයුරින් මෙහෙය වූයේ ය . වැදගත්ම කරුණ වූයේ ඔහු වෛශව අසපුවට පැමිණ තවමත් ඉක්මවා ගොස් තිබුණේ සතියක් පමණක් වීමයි. ඔහුගේ තුන් පැයෙහි නින්දෙන් හෝරා දෙකකුත් අඩකුත් ගෙවී ගොසින් අවසන් විය . අලුයම හතරට ඔහු නැවතත් අශ්ව ස්තාලයෙහි පෙනී සිටිය යුතු විය . 
මිධුනාථ , තමා සටන් පුහුණු කර ඇතිවග ම්‍යාන මුනිතුමන් හට පවසයි ද නොපවසයි ද යනවග අග්නිට විශ්වාස නොවී ය . කෙසේ නමුත් ඔහු වෛශව අසපුවෙහි රැදී සිටිය යුතු විය. අග්නි නැවතත් සිය පිටුපස වූ ගසට වාරු දී වාඩි වූයේ ඉතිරි අඩ හෝරාව ගෙවා දැමීමටයි.

.
.
.
.

කුඩා දරුවෙක් , අලංකාර උද්‍යානයක් වටා දුවමින් සිටියේ ය . ගුරුළුරාජ මල්වලින් පිරි උද්‍යානය අලංකාරය අතින් රාජකීය ලීලාවක් ගත්තේ ය . ඍජු හා ජ්‍යාමිතිකව සකසන ලද මංවාවත්වලින් සකස්ව තිබූ උද්‍යාන මාවත ඔස්සේ , තඹරු පැහැ සිනිදු කපු වස්ත්‍රවලින් සැරසීගත් රූමත් කාන්තාවක් කුඩා දරුවා දෙස බලා සිනාසෙමින් සිටියා ය . ඇය ශෝභමාන පෞර්ෂයකට හිමිකම් කී අතර , සිනාසෙන  විට ඇයගේ දෙකොපුල් වල ගැසිණ . අලංකාර දිගු කෙස්වැටිය මුදුනත සිටම ගුරුළුරාජ මල්වලින් අලංකාර තිබෙණු දක්නට විය.

'' පුතණුවනි , '' ඇය මෘදු හඩින් ඇමතුවා ය . ඇයගේ හඩ උණුසුම් විය.

''  මැණියනි.. ''  ක්‍රීඩා කරමින් සිටි කුඩා දරුවා සිය මෑණියන් වැළද ගත්තේ සතුටිනි.

සියල්ල බොදව ගියේ රතු පැහැ උණුසුම් දියරකින් සෑම දෙයක්ම නැහැවී යද්දියි..
කුඩා දරුවා තනිව අදුරු ස්ථානයක බිම හඩමින් සිටියේ ය .ඔහුගේ හතර වටින්ම මළසිරුරු හා රුධිර ගංගාවන් විය.  වර්ෂාව හා මුසුවුණු රුධිරය සේදි යමින් තිබුණි .

'' මෑණියනි.. '' ඔහු තමා ඉදිරියෙහි වූ නිසල සිරුර කුඩා අත්වලින් අල්ලා සෙලවීමට උත්සහ දැරුවේ ය . ඇයගේ උදරයෙහි අසිපතක් ඇමිණි තිබුනේ බියකරු අන්දමිනි. ඇයගේ හස්තයෙහිද ගිලිහී යමින් තිබූ අසිපතක් විය. අවසන් සුසුම හෙලීමට පෙර එම අසිපත සිය කුඩා දරුවාගේ අතමත තැබීමට ඇය සමත්ව තිබුණී..

'' දකුණ බලා වම බලන්න '' අසිපත් කොපුවෙහි වූ සදහන් විය. අසිපත වැළදගත් කුඩා දරුවා හඩමින් බලා සිටියේ සිය මෑණියන් අවධි වී නැවත ඔහුට අතීත කතාවන් පවසන තුරුයි . අසිපත කුඩා දරුවාට ඔසවා ගැනීමට තබා සිතීමටවත් නොහැකි තරම් බරින් යුතු විය. ඔහු නිශ්චලව අසිපත බදාගෙන සිටියේ මහ වැස්සේ තෙමෙමිනි..

'' මෑණියනි.. මෑණියනි.. '' කුඩා දරුවා නොනවත්වාම කෑගසන්නට විය. ඔහුගේ ස්වරයෙහි වේදනාව කැටිව තිබුණි .

ඔහුගේ සිරුරට උණුසුමක් දැනෙන්ට විය. හිස ඔසවා බැලූ කුඩා දරුවා දුටුවේ සිය හිස අතගාමින් සිටි ඔහුගේ මෑණියන්වයි... කුඩා දරුවාගේ නෙත්වලින් කදුළු ගලායාමට විය. ඔහු සිය මෑණියන්ගේ හස්තයෙන් දැඩිව අල්ලාගත්තේ නැවත ඇයට නැවත යාමට නොදෙන බව පවසමිනි. වෙනත් යමක් සිදුකිරීමට කුඩා දරුවා ප්‍රාණවත් නොවීය..
.
.
.
.
.
අග්නිගේ බොදවුන දෑස් කෙමින් පැහැදිලිවන්නට විය. ඔහුගේ දෑස් ඉදිරියෙහි වූයේ ඛාදී දේවියගේ සන්සුන් මුහුණයි.. අග්නි සීඝ්‍ර නින්දකට වැටෙන්නට විය.

.
.
.
.
.
.

සිය නාසය හරහා ගිය සදුන් ධූමය අග්නිට හොදින්ම දැනෙන්ට විය. නමුදු දෑස් විවර කිරීමට ඔහුට කිසිදු කලබලයක් නොවුනි. ඔහු හැකිතරම් සෙමින් සිය දෑස් විවර කලේ ය . ඇසි පිල්ලම් තරමක බර බවක් ඔහුට දැනුණද ඔහු සෙමින් දෑස් විවර කළේ ය . ඔහුගේ දෑසට හසු වූවේ " පක්ෂි ආර"  නම් ආකෘතිය යටතේ නිර්මාණය කර තිබූ දැව සිවිලිමක් විය. පක්ෂීන්ගේ පිහාටුවක අස්ථින් පිහිටන ආකාරයට අග්‍රගණ්‍ය දැව යෙදීමෙන් සකස් කරන මෙකී සිවිලිම ඉහළ පැලැන්තියට සීමා විය .   අග්නි සිය හිස හරවා බැලුවේ ය . ඛාදී දේවිය සන්සුන්ව ඖෂධ පිළියෙල කරමින් සිටියා ය . කුටිය ඇතුලත නැවුම් ඇසල මල්වලින් අලංකාර කර තිබුණී . ඒ වනාහි ඛාදී දේවියගේ අභ්‍යන්තර කුටියවග අග්නිට වැටහෙන්නට විය. ඔහුට අපහසුවක් දැනෙන්නට විය. කෙලෙසකවත් ඔහු මෙහි සිටීම සදාචාර සම්පන්න නොවී ය . තමා නිසාවෙන් සේවකයන් අතර ඛාදී දේවිය පිළිබද කටකතාවන් පැතිරෙනු දැකීම ඔහු අප්‍රිය කළේ ය. අග්නි තුළ ඛාදී දේවිය කෙරෙහි වූයේ දැඩි ගරුත්වයකි . ඔහු වෛශව අසපුවෙහි වාසය කර ඇති කාලය පුරාවටම ඔහුට සේවයෙකු ලෙස නොව සාමාන්‍ය මනුශ්‍යයෙකු ලෙස සැලකූ එකම පුද්ගලයා ඛාදී දේවිය විය . ඔහු අපහසුවෙන් වුවද නැගී සිටියේ එබැවිනි.

'' විවේක ගන්න අග්නි , ඔබට මෙහි රිසි පරිදි රැදී සිටිය හැකියි.. මා ශෝහිලි දේවියගේ කුටියෙහියි පසුගිය දින දෙකෙහි ලැගුම් ගත්තේ.. '' ඔහුගේ අපහසුව වැටහුණු ඛාදී දේවිය සන්සුන්ව පැවසුවා ය.

අග්නි හිස සැලුවේ ය . තාලිද ඛාදී දේවියගේ පසෙකින් විය. ඔහු නැවතත් සිතා බැලුවේ ය . ඛාදී දේවිය පැවසුවේ දින දෙකක් බව ද ? අග්නි විස්මයෙන් සිය හිස එසෙව්වේ ය ..

'' දින දෙකක් ? '' ඔහු විමසුවේ විස්මයෙනි. ඔහු හඩ තවමත් තරමක් දුර්වල විය .

'' දින තුනක්.. රාත්‍රී දෙකක් '' ඛාදී දේවිය පැවසුවේ සන්සුන්වයි ... ඇය සිය දෑතෙහි වූ කසාය බදුන අග්නි වෙත ලබාදුන්නේ එය පානය කරන ලෙසට ඉගිකරමිනි. තාලිද ඇයගේ පසෙකින් විය . ඇයද ඔහු වෙත ජල බදුනක් ලබාදුන්නා ය.

අග්නි ජල බදුන දෑතට ගත්තේ තාලි වෙත ඉගිමරමිනි.  '' ඔබ මා ගැන වද වූවාද සොදුරිය ? '' අග්නි විමසුවේ මෘදු සිනහාවකින් ඇය වෙත සංග්‍රහ කරමිනි.

'' එසේයි.. සොදුර.. මා සැබවින්ම බොහෝ වද වූවා. '' තාලි ද වදනින් වදන පැවසුවේ දත් මිටි කමිනි. ඇය නිසැකවම අග්නි වෙනුවෙන් අශ්ව ස්තාලයෙහි වැඩ කටයුතු ද සිදු කරන්නට ඇති වග අග්නිට සනාථ විය .

ඔහු සැනසුම් සුසුමක් හෙළුවේ ය . කසාය බදුන ඔහු මෙතෙක් ලද කටුකම කසාය බදුන විය. ඔහු අැති පමණ ජලය ද පානය කලේ උගුරෙහි තිත්ත කහට රස නැතිව යනතුරුයි . ඛාදී දේවිය විසින් ඔහුට ලබා දුන් උක් දණ්ඩහි අගද ඔහු හපන්නට විය . ඉකුත් දින දෙක පුරාවට සිදු වූ දේවල් ඔහු කෙලෙසක හෝ දැනගත යුතු විය. දින දෙකක් ඕනෑම දෙයක් සිදු විය හැකි කාලයකි . ඔහුගේ හැඩපළු ගෙතී තිබූ හිස කෙස් පිළිවෙලකට සකස් කර හිස මුදුනට වීමට බැද තිබෙනු ඔහුට දැනුණි .  අග්නි සතුව වුයේ අල්ප වශයෙන් රැලි සහිත කොණ්ඩයකි. කැරලි තරමට නොවුවද අල්ප රැලි සහිත දිගු කොණ්ඩය ද සැබවින්ම දුලබ විය . සුපුරුදු පරිදි කෙටි කොණ්ඩ කැරලි නළල් තලය මතට වැටී තිබුණි. දැලී තැවරී තිබූ ඔහුගේ මුහුණින් දැනුණු නැවුම් හැගීම අනුව ඔහුගේ මුහුණද පිරිසිදු කර ඇතිවග අග්නිට වැටහුණි . ඔහුගේ මුහුණෙහි තිබුනේ රළු දැලි රැවුලකි. පසු ගිය දින දෙක පුරාවට ඔහුගේ රැවුල මෙලෙස වැඩෙන්නට ඇතිවග ඔහුට පැවසිය හැකි විය. වෛශව මුනි අසපුවෙහි මුනිවරුන් මෙන්ම සේවයෙහි නියුතු සියලු දෙනාම ඔවුන්ගේ මුහුණු පිරිසිදුව තබාගත යුතු විය. එබැවින් අග්නිටද සිය රළු දැලි රැවුලට සමුදීමට සිදු විය.

කුටියෙහි වූ සදුන් ධූමයෙන් ඔහුගේ සිරුරට විශාල සුවයක් දැනෙන්ට විය . චක්‍රයන්වල ශක්තීන්ද ක්‍රමයෙන් නැවත බලගැන්වෙනු ඔහුට දැනුණි . ඔහු සන්සුන්ව දෑස් පියාගත්තේ සදුන් ධූමය හොදින් ආඝ්‍රාහණය කරමිනි.
.
.
.
.
.
අග්නි සිටියේ ස්තාලයෙහි පිදුරු පිරිසිදු කරමිනි.. ඔහු නැති දින දෙක පුරාවට තාලි විසින් අශ්වයන් හට ආහාර සපයා තිබුණි. ඇය කෝපගැනීමෙහි වරදක් ඔහු නුදුටුවේ ය. එතරම් වැඩ ගොඩ ගැසී තිබුණි .
අග්නි මදක් සැහැල්ලුවෙන් සිනාසුණේ ය . පිදුරු ගොඩෙහි සගවා තිබූ අසිපත ද ඔහු සිය දෑතට ගත්තේ බොහෝ කලකින් පසුවය . අග්නිගේ සම්පූර්ණ විශ්වාසය හා ආත්ම ශක්තිය ඔහුගේ මෙම දෙපැත්තක් හිමි අසිපත විය . සමහර අවස්ථාවන්හි ඔහු තමාටද වඩා සිය අසිපත විශ්වාස කළේ ය .

අග්නි එහි තියුණු දාරවටා මෘදුව ඇගිලි යැව්වේ ය . ඔහුගේ මුවෙහි කලකට පසු සැබෑ සෞම්‍ය සිනහවක් විය . ඔහුගේ අවධානය බිදී ගියේ අශ්ව ස්තාලයට හදිසියකින් කඩාවැදී ආගන්තුක පියවර ශබ්දය නිසාවෙනි. එම පියවර තියුණු හා වේගවත් වූ බැවින් අසිපත සැගවීමට ඔහු ප්‍රමාද විය .

දැඩි කලබලයකින් ස්තාලය තුලට ඇවිද ආ මිධුනාථ අග්නි දෙසත් අසිපත දෙසත් බැල්මක් යොමු කළේ ය . මෙවර ඔහුගේ බැල්ම සංකීර්ණ අක්ෂර අඩංගු පැරණි පුස්තකයක් විය . එනම් කියවීමට අපහසු කියවා නිම කල නොහැකි නමුත් කියවීමට අත්‍යාවශ්‍ය බැල්මක් විය . අග්නිගේ හිසේ සිට පාදාන්තය දක්වා ඉක්මන් බැල්මක් යොමු කල මිධුනාථගේ එක් ඇහි බැමක් පමණක් එසවෙනු අග්නිට පෙනුණි. 
නිමේෂයකින් අග්නිගේ අසිපත උදුරා පිදුරු ගොඩෙහි සැගවූ මිධුනාථ අග්නිගේ දෑතින් ඇදගෙන ඔහුව පිටතට ඇදගෙන ගියේ අග්නි කිසිවක් සිතා නිමකිරීමටත් පෙරයි .

'' අතහරිනු.. '' අග්නි පැවසුවේ කලබලයෙනි. මෙවර නම් ඔහුගේ අවසානය වගට අග්නිගේ සිත අනතුරු ඇගවීමට විය . ඔහු සිය හස්තය මිධුනාථගෙන් මුදවා ගැනීමට තැත් කලේ ය . මෙවර මිධුනාථගේ කම්මුල් රත් පැහැ ගැන්වෙමින් තිබෙනු අග්නිට දැකිය හැකි විය. 

'' මිධුනාථ... ආ ..  කුමරුනි... ආා... '' මිධුනාථ විසින් ඇදගෙන ගිය අග්නි දෙස ඛාදී දේවිය හා තාලි ද බලා සිටියේ කිසිත් කිරීමට අපොහොසත්වයි.. වෙනත් අයුරකින් පැවසුවහොත් ඔවුන් කිසිවක් සිතාගැනීමත් පෙර මිධුනාථ අග්නි කැටුව ඇහැල අංගනයෙන් පිටවගොස් හමාර විය.
අග්නි මිධුනාථව ආපස්සට ඇද්දේ ය . දැන් නම් ඔහුගේ ඇහිබැමිද රළුව ගොසින් ඇතිවග අග්නිට පෙනුණි. තව සුළු මොහොතකින් ඔහු පුපුරායනු ඇත. අග්නි සය දෙකන්ද සූදානම් කරගත්තේ ය .

'' මියයාමට ඇවැසි නැතිනම් නිහඩව මා හා පැමිණෙනු. '' ඔහු සිතූ පරිදිම මිධුනාථ මහහඩින් ගිගිරුවේ ය .
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

.
.
.

Continue Reading

You'll Also Like

9K 1.1K 17
පන වගේ උන නුබේ හිත මට අහිමි කරවන් නුබත් ගිය දුර...
399K 58.7K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
20.7K 3.6K 16
ENJOY MY 1ST DARK THEME STORY - 𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ Based on feelings of a person who are suffreing from Schizophrenia / Manic Depression / Bipolar...
522K 61.4K 180
Divine doctor : Daughter of the first wife [ မြန်မာ ဘာသာပြန် ] Author : 杨十六 (Yang Shi Liu) English Translator : Spring Rain Translations Group Discla...