♛ අග්නි ♛

By Bulbz_D

170K 34.3K 29K

STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු... More

Intro
අග්නි 1
අග්නි 2
අග්නි 3
අග්නි 4
අග්නි 5
අග්නි 6
අග්නි 8
අග්නි 9
අග්නි 10
අග්නි 11
අග්නි 12
අග්නි 13
අග්නි 14
අග්නි 15
අග්නි 16
අග්නි 17
අග්නි 18
අග්නි 19
අග්නි 20
අග්නි 21
අග්නි 22
අග්නි 23
අග්නි 24
අග්නි 25
අග්නි 26
අග්නි 27
අග්නි 28
අග්නි 29
අග්නි 30
අග්නි 31
අග්නි 32
අග්නි 33
අග්නි 34
අග්නි 35
අග්නි 36
අග්නි 37
අග්නි 38
අග්නි 39
අග්නි 40
අග්නි 41
අග්නි 42
අග්නි 43
අග්නි 44
අග්නි 45
අග්නි 46
අග්නි 47
අග්නි 48
අග්නි 49
අග්නි 50
අග්නි 51
අග්නි 52
අග්නි 53
අග්නි 54
අග්නි 55
- දෙවන අර්ධය පිවිසුම -
අග්නි 56
අග්නි 57
57 - ඉතිරි කොටස [ Special Chapter ]
අග්නි 58
අග්නි 59
අග්නි 60
අග්නි 61
අග්නි 62
අග්නි 63
අග්නි 64
අග්නි 65
අග්නි 66
අග්නි 67
අග්නි 68
අග්නි 69
අග්නි 70
අග්නි 71
අග්නි 72
අග්නි 73
අග්නි 74
අග්නි 75
අග්නි 76
අග්නි 77
අග්නි 78
අග්නි 79
අග්නි 80 - [ අවසානය ]

අග්නි 7

1.9K 479 266
By Bulbz_D

හිස ඔසවා බැලීමටත් පෙර ඒ අන්කවරෙකු හෝ නොව මහාමේරු පර්වතය මිධුනාථ වග අග්නි හැදින්නේ ය. ඔහු දුටු බයානකම කරුණ වූයේ මිධුනාථගේ ග්‍රහණයට නතුව පසෙකින් සිටි දෑත් බැද ඇති තරුණයායි. ඔහුගේ හිසෙහි වු තුවාලයකින් රුධිරය ගලමින් තිබූ අතර අතිශයින් පිළිවෙලව තිබූ කෙස් වැටියද පිදුරු ගොඩක් මෙන් අවුල්ව තිබුණි.  ධීර මිධුනාථටම හසුවීම අග්නි කිසි ලෙසකින්වත් නොසිතූ සැබෑ අවසනාවන්ත කරුණක් විය.

'' මා මොහුව හදුනන්නේ නෑ '' අග්නි සිය මුව විවර කිරීමට පෙර ධීර පවසා හමාර විය.

'' නිහඩවනු.. '' මිධුනාථ සිය ප්‍රචලිතම වදනින් ගිගිරුවේ ය. අග්නිගේ මතය අනුව නම් මිධුනාථ සෑම විටම වලසෙකු මෙන් ගොරවයි. අග්නි සිය වස්ත්‍රවල වූ අදෘශ්‍යමාන දූවිලි පිසදමමින් නැගී සිටියේ දසන් සියල්ල පෙන්වා සිනාසෙමිනි.

'' අද තමුන්ගේ අවසානය '' මිධුනාථ පැවසුවේ අග්නි දෙස රවා බලමිනි.

'' ඒ ඒ ? '' දෑත් බැදදමා සිටි ධීර කෙදිරිගෑවේ අග්නි දෙස බලමිනි. ඔහු සිය දෑත් මුදවා ගැනීමට අසීරු උත්සහයක් දැරුවේ ය.

'' හාහ්හා්හා.. '' අග්නි අපහසුවෙන් සිනාසුනේ ඔහුට කිසිවක් නොවැටහෙන අන්දමිනි. සැබවින්ම එය ඉහළ ගණයේ අඥාන සිනහවක් විය . මිධුනාථ හැර අන් අයෙක් එතන සිටියානම් අග්නි උමතු අඥානයෙකු ලෙස සලකා ඔහුට අනුකම්පා කරනු ඇත.. නමුත් අවාසනාවකට එහි සිටියේ සිය මතය කිසිදු දිනෙක වෙනස් නොකරන මිධුනාථම විය.

'' නිහඩවනු ! කුමක්ද තමුගේ සම්බන්ධය ගිරි අසපුව සමගින් ඇති  ? '' මිධුනාථ ගිගිරුවේ අග්නි වෙත ධීරව පෙන්වමිනි.
ධීරගේ බදවටා ඇති ලෝහිත වර්ණ බදපටියෙන් ඔහු ගිරි අසපුවෙහි යනවග මිධුනාථ වටහා ගන්නට ඇති වග අග්නිට වැටහුණි.එලෙස ලෝහිත වර්ණ බදපටිය පැළදීම සමස්ත රත්නද්වීපයේම ගිරිඅසපුවට පමණක් සීමාවූ කරුණක් විය.  සැබෑ අවසනාවන්ත කරුණ වූයේ ධීරව මිධුනාථයන්හටම හසුවීමයි. අග්නි කෙලෙසකවත් අඥාන දුගියෙකු නොවන වග මිධුනාථට ආරම්භයේදීම සහතික කරගෙන තිබුණි.

'' මා.. මොහුව...හදුනන්නේ නෑ,. '' ධීර වදනින් වදන ඇමිණුවේ ය.

'' තොපත් නිහඩවනු.. දෙදෙනාම පසුපස අන්තර් ද්වාරය අසල සතුටු සාමිච්චියෙහි යෙදෙනු මා හොදින්ම දුටුවා.. '' මිධුනාථ කෝපයෙන් ගිගිරුවේ ය. අදුරෙහිම වුවද ඔහුගේ මුහුණෙහි අනතුරුදායක සංඥා ඇදී තිබෙනු අග්නිට පෙනුණි. මිධුනාථ හා සටනකට එළඹීම මේ මොහොතේ කිසි ලෙසකින්වත් සිදු නොකළ යුතු බව අග්නි වටහා ගෙන සිටියේ ය . තමා අසිපත රැගෙන නොයන අවස්ථාවලදීම මිධුනාථව මෙලෙස හමුවීම ඔහුගේ අවාසනාවම විය. මෙවරද මිධුනාථගේ අසිපත ධීර කෙරේ වූ නමුදු අග්නි සතුව සිය අසිපත නොවී ය.

'' හා හා... හාා.. ස්වාමීනි.. '' අග්නි මිධුනාථයන් ඇමතුවේ හැකිපමණ සාමකාමී අයුරිනි.

'' මොහු...රද්කොල සම්දරුවෙක්.. මගේ කුඩා කල සේවය කල නිවසෙහි ස්වාමි පුත්‍රයා ඔහු.. අප දෙදෙනා සේවකයා හා ස්වාමියාට වඩා මිතුරන් ලෙස වූවා..නොවේද ස්වාමිනි  '' අග්නි පැවසුවේ ධීර වෙත හැරෙමිනි..
අග්නිගේ ස්වාමිනි ආමන්ත්‍රණය යටතේ ධීර බෙහෙවින් අපහසුතාවයට පත්ව ඇතිවග පැවසීම මිධුනාථට වුවත් අපහසු කරුණක් නොවී ය . ඔහුගේ දෑස් දොඹ ගෙඩි දෙකක් මෙන් විශාලව පිටතට පැණීමට ඉතා ආසන්නව තිබුණි.

'' හහාා... අග්නි.. ස්වාමිනි යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට ඇවැසි නොවන වග  මා පැවසුවානේ ඔබට ..'' ධිර පැවසුවේ අපහසුවෙන් වදන් අමුණමිනි. ඔහුගේ උගුරෙහි වියළි ගතියක්ද වූයේ වෙයි.

අග්නිද ධීර දෙස මාරාන්තික බැල්මක් හෙලුවේ මිධුනාථට නොපෙනන ලෙසයි. වෙනුරාධ මුනිගේ ගිරි අසපුවෙහි පුහුණුව ලබා තිබියදිත් මිධුනාථ වැනි වෛශව මුනි ශිෂ්‍යයෙකුගෙන් ගැළවී පලා යාමට නොහැකි වීම සැබවින්ම ලැජ්ජාවට කරුණක් ලෙස අග්නි දුටුවේ වෙයි. අග්නිගේ බැල්ම හමුවේ ධීරගේ මුහුණ තවත් බයානක ලෙස සුදුමැලි විය.

මිධුනාථගේ මුහුණෙහි ඇදී අැති කෝපය මුසු  බැල්ම අනුව ඔහු අග්නි පැවසූ වදන්වලින් එකදු වදනකුදු විශ්වාස නොකල බව පැහැදිලි විය. සිය මාර්ගය අවුරා සිටි අග්නිව නැවතත් බිම ඇද වැටෙන පරිදි පසෙකට තල්ලු කල මිධුනාථ ධීර ද කුදලාගෙන ප්‍රධාන අසපුව දෙසට ගමන් කලේ වේගවත් පියවර තබමිනි..

සන්සුන්ව නැගී සිටි අග්නි දිවගොස් මිධුනාථ හා එක්ව ගමන් කරන්නට වූයේ සැහැල්ලුවෙනි. අඩි කිහිපයක් ගමන් කල මිධුනාථ කෝපයෙන් නැවතුනේ අග්නි දෙස දවා අළු කරන සුළු බැල්මක් හෙලමිනි. මිධුනාථගේ ඇහිබැම රළුව තිබූ අතර දෑස්වල කළු ඉංගිරියාව ලෝහිත පැහැ ගෙන දැයි පැවසීමට අග්නිට නොහැකිවිය. නැවහොත් ඔහු මෙවර ඒ තරම්ම කෝපයෙන් විය. මිධුනාථගේ කෝපයෙහිද විවිධ අවස්ථා පැවතීම විස්මයජනක යැයි අග්නිට සිතුනද මේ එය පිළිබදව සිතීමට අවස්ථාව නොවී ය .

'' උමතුවෙන්ද ? '' ඔහු ගිගිරුවේය .

'' මිධුනාථ කුමරුනි , ඔබතුමන් පිටවයන්නේ ම්‍යාන මුනිතුමන් වෙතනේ. කම්නොවේ.. මාද පැමිණෙන්නම්.. මා හටද එතුමා හා පැවසීමට වැදගත් කරුණක් තිබේ '' අග්නි පැවසුවේ උපහාසය ගැබ්වුන හඩකිනි..ඔහුගේ හඩ සන්සුන් විය. දෙනෙත්වල වූයේ තමා වෙතම විශ්වාසය පිරි බැල්මකි.

'' අඥාන අශ්ශීලයා .. කුමක්ද තමුන් ඉන් අදහස් කලේ ? මිධුනාථ නැවතත් විමසුවේ අනතුරු අගවනසුළු ස්වරයකිනි.

මිධුනාථගේ ගෞරවයෙන් තොර ආමන්ත්‍රණය හමුවේ ධීර උගුරෙන් හඩක් නැගුවේ ය . නමුත් අග්නි හෝ මිධුනාථ ඔහු දෙස හිස ඔසවා බැලීමටවත් වෙහෙස නොවීය.

'' ආ... '' අග්නි සිය හිස කැසුවේ ය.
'' ඔබට ඔතරම් අවැසිනම් මා පවසන්නම්.....''
මිධුනාථ දෙසට තවත් ලංවූ අග්නි සිය හඩ බාල කලේ රහසක් මුමුණන පරිද්දෙනි .

'' දින දෙකකට පෙර රාත්‍රියේ මා වනයෙහි අැවිදිමින් සිටියදි එක්තරා අරුම පුදුම දෙයක් දුටුවා.. එහි වූයේ නීතිවිරෝධි රාත්‍රී සටන් බිමක්... '' අග්නි රහසින් මිමිණුවේ ය .
මිධුනාථගේ දෙකොපුල් කෝපයෙන් රත්පැහැ ගැන්වෙනු දුටු අග්නි සිය සිනහව පාලනය කරගැනීමේ දැඩි උත්සහයක ද නිරත විය .

'' ඔබ දන්නවාද ඉන් පසුව සිදු වූ දේ.. '' අග්නි පැවසුවේ සිය හඩ තවත් බරපතල කරමිනි.

'' නිහඩවනු !! ''  අග්නි තව එකදු වදනකුදු පැවසීමට පෙර මිධුනාථ ගිගිරුවේ අග්නිව මාර්ගයෙන් පසෙකට තල්ලු කර දමිමිනි.

'' හාහා.. ඕහ්.. මිධුනාථ..මට පෙනෙනා පරිදි ඔබේ වම් වැලමිට ආබාධයට ලක්වී ඇති සෙයකුයි හැගීයන්නේ.. කෙලෙසද එය සිදු වූවේ ? '' අග්නි විමසුවේ කිසිත් නොදන්නා අහිංසක හඩකිනි. ඔහුගේ හැසිරීම මිධුනාථව මරණය තෙක් කෝපගන්වන්නක් විය. ඔහුගේ දෑත්ද කෝපයෙන් වෙව්ලනු අග්නිට පෙනුණි.

'' ඔය කාණු කට වසාගන්නවා.. . '' එවර මිධුනාථ කෑගැසුවේ මුනිවරුන් විසින් භාවිත කල යුතු ශිෂ්ට සම්පන්න  බස්වහර මුළුමනින්ම අමතක කරමිනි.
ධීර මෙවර ද උගුරින් හඩක් නැගුවේ ය .

'' ආ.. තවමත් පවසා අවසන් නොවේනේ.. මේ චක්‍ර ප්‍රතිඥා වළලු නොවේද ? විස්මයජනකයි.. මා එදින රාත්‍රියේ දුටු පුද්ගලයන් දෙදෙනා ඔවුන්ගේ චක්‍ර ප්‍රතිඥා වළලු ගලවා ඉවත් කලා.. එමගින් අදහස් වන්නේ ඔවුන් දෙදෙනා ......වෛශව අසපුවෙහි ශිෂ්‍යයන් වගයි ... නමුත්.. ඔවුන්ට මෙම චක්‍ර ප්‍රතිඥා වළලු ගැලවීම තහනම් බවයි මා සිතා සිටියේ.. ඔවුන් මෙලෙස කටයුතු කිරීම පිළිබද ම්‍යාන මුනිතුමන්ට සැලවුවහොත්......'' අග්නි පැවසුවේ හිස දෙපසට වනමිනි.

තව වදනකුදු පැවසීමට මුව විවර කිරීමට පෙර සිය බදට එල්ල වූ මිධුනාථගේ පාපහර හමුවේ අග්නි පියවර කිහිපයක් පසුපසට විසිවූයේ ඇසිල්ලක නිමේෂයෙනි.

'' නුඹ මට තර්ජනය කරනවාද ? '' මිධුනාථ කෑගැසුවේ කෝපයෙනි.

'' එය තර්ජනයක්ද ? හොදයි එසේනම් මිධුනාථ.. එසේයි මා ඔබට තර්ජනය කරනවා... '' මෙවර අග්නිගේ ස්වරයද කෝපාන්විත විය . ඔහු දෑස්වලද ගිනිගෙන දැවෙන සුළු බැල්ම ධීරව වෙව්ලීමට සමත් විය. අග්නි මෙලෙස කෝපගෙන තිබෙනු ධීර විසින් කිහිප විටක්ම දැක තිබුණු අතර ඒ සියලු වතාවකම කිසිදු යහපත් දෙයක් සිදුනොවුණි. අනෙකක් තබා පාප්‍රහාරයන් ඔහු සැබවින්ම අප්‍රිය කරන වගද ධීරහට සිහිපත් විය. සටන් බිමකදි වරක් ඔහුට පාපහරක් එල්ල කල ප්‍රතිවාදියා සිහිසුන්ව අස්ථි විසිතුනක් බිදී යනතුරුම  අග්නි ඔහු වෙත පෙරළා පහර දුන් අයුරු ධීරගේ මතකයේ විය .  ඔහු මිධුනාථ දෙසත් අග්නි දෙසත් බැලුවේ කුමක් සිදු කරන්නේද යනවග සිතාගත නොහැකිවයි.

අවධානය වෙනස්ව තිබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ධීර මිධුනාථගේ ග්‍රහණයෙන් සිය දෑත් මුදවාගැනීමට සමත් වූයේ ඇසිල්ලෙනි.  ඔහු සිය අසිපතද රැගෙන අග්නිවෙත ගොස් ඔහුගේ ගෙලින් අල්ලාගත්තේ සමාව අයදින බැලමක් ඔහු වෙතට හෙලමිනි. එක්වරම මදක් කලබල වූ නමුතු ධීරගේ සැලසුම වටහාගත් අග්නි නිහඩව යටත් වූවේ ය .
අග්නිගේ ගෙල දෙසට අසිපත තැබූ ධීර ඔහුව ඉදරියට හැරෙව්වේය .

'' ස්වාමිනි.. ?  '' අග්නි සිය හඩ අවධි කලේ ය .
සිය හඩෙහි පුදුමය ගැබ් කිරීමට අග්නි දැඩි වෙහෙසක් ගත්තේ ය .

'' හහ්හාහා.. නිහඩවනු දාසයා... තා සිතුවේ මා නුඹව සැබෑවටම මිතුරෙකු ලෙස සැලකූ වගද ? දාසයන් සෑම විටම දාසයන් පමණයි '' ධීර පැවසුවේ සිය සියලු ධෛර්යය කැටි කරගනිමිනි. ඔහු අග්නිගේ දෑස් දෙස බැලීමට ධෛර්යවන්ත නොවීය .  කෙසේ නමුත් අග්නිද ධීරගේ රංගන හැකියාවන් සිතින් අගය කරමින් පසුවිය .

නිසැකවම මිධුනාථ පසුවූයේ දෙගිඩියාවෙනි. ඔහු වරක් අග්නි දෙසටත් වරක් ධීර දෙසටත් සිය අසිපත එල්ල කලා වෙයි. ඒ සමගම ඔහුගේ කලබලයට පත් දෑසත් වරක් අග්නි දෙසත් , වරක් ධීර දෙසත් යොමු විය .

'' මිධුනාථ.. මා මුදවාගන්න.. ''
අග්නි හැකිතාක් අහිංසක අන්දමින් මිධුනාථගෙන් ඇයද සිටියේ  ධීරගේ විශිෂ්ඨ රංගන හැකියාවට දායක වීමට ඉටා ගනිමිනි. ධීර හැසිරෙන ආකාරයට කිසිවෙකුත් ඔහු රංගනයක යෙදෙනු ඇතැයි අනුමාන නොකරනු ඇත. වෙනකක් තබා ධීරගේ තියුණු අසිපත් තලය අග්නිගේ ගෙලට අාංගුලයක පමණක් දුරින් ගැවී නොගෑවි පිහිටියේ ය .

සිදු කිරීමට කිසිවක් වටහාගත නොහැකිව ඔබ මොබ බලන මිධුනාථ ගැන සැබෑ අනුකම්පාවක් ද අග්නි තුල හට ගැනුණි. ඔහු කුමක් විශ්වාස කරම්ද නොකරම් ද සිතනවග දෙදෙනාටම පැහැදිලි විය . නමුත් නිමේෂයකින් ඔහුගේ මුහුණ දැඩි විය. අග්නිව මදකුදු නොතැකූ ඔහු ධීර වෙත පහර දීමට පැන්නේ දක්ෂ අයුරිනි. සැබවින්ම මිධුනාථගේ රහස්‍ය සටන් ක්‍රමයන් ඉහල මට්ටමේ වූ අතර , බොහොමයක් ඔහු තනිව පුහුණු කල ඒවාද විය . ධීර ද වනාහි එක් සාමාන්‍ය තරුණයෙකු නොවී ය . ඔහු පුහුණු කරිමින් සිටි ගිරි අසපුවෙහි සටන් ශිල්පය වෛශව අසපුවට වඩා ඉහළ මට්ටමක පැවතියේ වෙයි.

ගිරි අසපුවට සුවිශේෂ වූ '' අසිපත් මුලාව '' නැමැති ශිල්පයෙන් මිධුනාථගේ අසිපත හා ක්‍රීඩා කල ධීර ඔහුගේ වම් අත ද සටනට ඈදා ගත්තේ ය . අග්නි මීට පෙර පැවසූ ලෙසම මිධුනාථගේ වම් බාහුව ආබාධයට ලක්ව තිබෙනු ධීරට නියත විය .

අසල තිබූ විශාල වෘක්ෂයට වාරු දෙමින් අග්නි සිටියේ සිත් ඇදගන්නා සුළු සටන නරඹමිනි. දෙදිනකට පෙර රාත්‍රී සටනට වඩා අසපු දෙකක සටන් කලාවන් පිරි මෙම සටන වඩාත් විචිත්‍රවග අග්නිගේ අදහස විය. සිය තුන් පැයෙහි නින්ද අහිමි වීම පිළිබද ඔහු තුල කිසිදු කණගාටුවක් හෝ පසුතැවීමක් නොවී ය .

නැවතත් සිය අසිපත නොනවත්වාම මිධුනාථගේ අසිපත හා ගැටීමට සැලැස් වූ ධීර , බර අසිපත් ලී මිටෙන් මිධුනාථගේ වම් වැලමිට වෙත පහරක් එල්ල කලේ අසිපත දැරූ දකුණු හස්තය ද අඩපණ වන පරිදියි . ධීරගේ පහර සැබෑවටම දරුණු විය. මිධුනාථට තවදුරටත් සුරතින් හෝ අසිපත ඔසවා ගැනීමට හෝ නොහැකි වූයේ වෙයි . සිය සුරතෙහි අසිපත රදවා තබාගැනීමට අසරණ මිධුනාථ බෙහෙවින් වෙහෙස වූයේ වෙයි.  සටන රසවිදිමින් සිටි අග්නිද සිය නළල රැලි ගන්වමින් හිස දෙපසට සැලුවේ ය . සතුරාගේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගැනීම ශිෂ්ට සටන් ශිල්පයට පටහැනි නමුත් , ගිරි අසපුවෙහි ශිෂ්‍යයෙන් කිසිවිටෙකත් එය නොතැකු හ . ඔවුන් සෑම විටම , දැඩි ප්‍රතිපත්තිවලට නතු වූවන් විය . කෙසේ නමුත් අග්නිට අනුව සටන තවත් සිත්ඇදගන්නා සුළු විය.

තත්පර කිහිපයක අවෑමෙන් කෙසේ හෝ නැවතත් අසිපත ග්‍රහණය කරගත් මිධුනාථ පහර දීම සදහා සැරසුනද අසිපතද සුරතට ගත් ධීර ඒ වනවිට අදුරු වනයෙහි අතුරුදහන්ව ගොසින් අවසන් විය . මිධුනාථ මීළගට නිසැකවම තමා දෙස හැරෙනු ඇති වග වැටහී ගිය අග්නි ක්ෂණිකව පොළොවෙහි වැතිරුනේ මුළු සටන පුරාවටම තමා සිහිසුන්ව සිටි වග අගවමිනි. රැහැයි නාදය හා මිධුනාථගේ පියවර ශබ්දය අග්නිහට ළග ළගම ඇසෙන්නට විය .

.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

1.5M 187K 123
အေဒီ ၇၉ ခုနှစ် .. ပုံပေမြို့.. ရောမအင်ပါယာ ဒဏ္ဏာရီမဟုတ်တဲ့ ရာဇဝင်ထဲက အဖြစ်အပျက်လေးတစ်ခုလား ဒါမှမဟုတ်.. ရာဇဝင်တွင်မကျန်ခဲ့တဲ့ ဒဏ္ဏာရီဇာတ်လမ်းလေးပဲလာ...
428K 85K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
3.5K 766 18
හැමෝම හිතන් ඉන්නෙ idol කෙනෙක් වෙන එක ගොඩක්ම අමාරු දෙයක් නෙමෙයි කියලා . ඒත් ලොකු කට්ටක් කාලා වුනත් එතනට ගියා කියමුකෝ ඊට පස්සෙ හැමදේම හරියනවා කියලද හි...
75.6K 14.4K 52
කලු කුමාරයා වහ වැටුනේ ගෑනු නිරුවතට විතරමද.............🔞