The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

By Twinkle_Strawberry

37.7K 5.4K 1.2K

"මම තමුන්ගෙ බොස්....!" A short story.... [සිංහල] ________________ Intro - 1 Chapters - 11 More

Idea
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11 (Final)

Chapter 8

2.7K 448 183
By Twinkle_Strawberry

#TheBoss

"හ්‍යුන්ග්.... ඔහ්... ඔයාලා අතුරු මිතුරු කරනවද "

ජන්ග්කුක් එහෙමත් නැත්තන් ජිමින්ගෙ කුකී බබා කෑ ගහගෙන කියාගෙන ආපු දේත් අමතක වෙලා, ඕරාව දැක්ක ගමන් කටත් ඕ අකුරෙ හැඩේට හදාගෙන බිම වාඩි වෙලා ඉන්න කොල්ලයි කෙල්ලයි දිහා බලන් ඇහුවා

ඕරාගෙ කටින් තමන් අහන්න ආස කරපු වචන ටික අහන්න නොදී අන්තිම මොහොතෙ ඒ සුන්දර අවස්තාව කාබාසිනියා කලාට ජිමින්ට කුකී එක්ක කේන්තියි

"නෑ අපි මේ බිංකුන්ඩො හොයනවා... ආ මේ ඉන්නෙ එකෙක්. කෝ කට ඇරපං උබටත් එකෙක් කවන්න. say aaaaaaa....."

කියාගෙන ජිමින් ඕරා ලඟින් නැගිටලා බිම තිබ්බ මොකද්ද කුනු කෑල්ලක් ඇඟිලි දෙකෙන්ම උස්සගෙන කුකීගෙ පැත්තට ගියා. කුකී පස්සෙන් පස්සට ගිහිල්ලා කිචන් කවුන්ටර් එකේ පස්ස වැදිලයි නතර උනේ. කොල්ලා එතකොට දැක්කා ජිමින්ගෙ හාර්ට් පෑන්කේක් ප්ලේට් එකකට දාලා ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, කොමඩු, දොඩම්, ඇපල්, කෙසෙල් පෙති වලින් වට කරලා ඩෙකරේට් කරලා තියෙන හැටි

"එපා හ්‍යුන්ග් මං බ්‍රෙක්ෆස්ට් ගත්තා. ඕක ඕරා නූනාට අරන් තියන්න. මොකද ඔයාගෙ පෑන්කේක් කනවට වඩා බිංකුන්ඩො කන එක නූනාගෙ සෞඛ්‍ය තත්වයටත් හොඳයි"

කුකී හෙන ලයින් එකක් අල්ලගෙන බඩත් අතගගා ලොකු මිනිහෙක් වගේ කියද්දි ජිමින්ගෙ මූන ඇඹුල් වෙලා ගියා

"යාහ්හ්හ් මගේ පෑන්කේක් වල මොකද්ද තීන වැරැද්ද... කිසිම වැරැද්දක් නෑ කිසිම.... වැරැද්දක් නෑනෙ....🤔"

ජිමින් මුල් ටිකේදි කෑ ගහලා අන්තිම ටිකේදි එයා කිව්වෙ හරි දෙයක්ද කියලා එයාටම සැකයි. ඒ නිසා එයා සද්දෙ බාල කරල අන්තිම ටික කිව්වෙ සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන ගමන්

"නෑ... ඔයාගෙ පෑන්කේක් වල කිසිම වැරැද්දක් නෑ. වැරැද්ද තියෙන්නෙ අපේ බඩවල් වල. ඒවට ඔයාගෙ precious, delicious පෑන්කේක් වල රහ ඔරොත්තු දෙන්නෑ. ඔහ් ගෝඩ්.... කොයි තරම් පව්කාරකමක්ද"

කුකී නලලත් රැලි කරගෙන ඇඟිලි වලින් නලල පිරිමදින ගමන් කිව්වම මෙච්චර වෙලා හොල්මන් වෙලා බලන් හිටිය ඕරාටත් ඒකට බකස් ගාලා හිනා ගියා

"තමුන් මොකද හිනා වෙන්නෙ. දැන් මෙච්චර වෙලා වහල උඩ යන්න කෑ ගගහ අඬ අඬ නේද හිටියෙ. ඇත්තමයි මේ ගෑනු නම්ම්ම්ම්.... කාලගුනේටත් වඩා හපන්"

"එකඟයි"

"අනේ උබේ එකඟත්වෙ බර්ගර් එකක් මැද්දෙන් තියලා කාපං. ආ ඕන්නම් මේ බිංකුන්ඩත් අයිනකින් තියාගනින්"

කුකී ඇඟිල්ලක් ජිමින්ගෙ මූන දිහාවට දික් කරලා කිව්වම ජිමින් කුකීගෙ ඒ අතට ගහලා අතේ තිබ්බ කුනු කෑල්ලත් කුකීගෙ මූනට විසි කරලා කිචන් කවුන්ටර් එක උඩ තිබුන පෑන්කේක් ප්ලේට් එක ලඟට ගියා

"ම්ම්ම්ම්ම්...... ඔය තියෙන්නෙ රස නහර පිනා ගිහිල්ලා බ්ලඩ් ප්‍රෙශර් එක නගින්නම... කුකියා බොරු නම් කාලා බලපං මේ..."

ජිමින් මේපල් සිරප් වලින් නාවපු පෑන්කේක් කෑල්ලක් කන ගමන් මහ සද්දෙන් ඒකෙ රස විඳිනවා. ඒ අස්සෙන් කුකීටත් කවන්න යනවා

"ආපෝව්ව්ව්... අඩු වයසෙන් කූරියා ගහන්න බෑ හ්‍යුන්ග්. එන්න නූනා අපි දෙන්නා මොනාහරි ඕඩර් කරගමු. එයාට එයාගෙ පෑන්කේක් කාලා ඉතුරු වෙන ඒව දවල්ටයි රෑටයිත් රත් කරගෙන කන්න කියන්න"

ජිමින් එක පාර කාරනා දෙක තුනකටම පුදුම වෙලා කටත් ඇරන් බලන් ඉන්නවා. එකක් කුකී ඕරාගෙ අතින් ඇදන් ගිය එක. තව එකක් එයාට තුන්වේලටම එයාගෙ පෑන්කේක් කන්න වෙන එක ගැන එයා නිකමට වගේ හිතලා බලපු එක. අනික කුකී ඇදන් යද්දි ඕරාත් ඒ ගැම්මෙන්ම ඇදිලා කුකී පස්සෙන් ගිය එක. ඊටත් හපන් කෙල්ල ඇදීගෙන යද්දි ජිමින්ට දාපු හිනාව. ජිමින්ට එවලෙ හිතුනෙ පෑන්කේක් එක උගුරෙ හිර කරගෙන ඊට උඩින් මේපල් සිරප් එකත් හලාගෙන කූඹින්ට කියලා කව්වගෙන මැරෙන්න

"ඒයි ඔය මගේ කෙල්ල. අතෑරපං"

ජිමින් අතේ තිබ්බ පෑන්කේක් එකත් ඩස්ට්බින් එකට අතෑරලා අඩියට දෙකට ගිහින් ඕරාගෙ අතින් ඇදලා කෙල්ලගෙ ඉන වටෙන් අතදාලා ඇඟට තද කරගත්තා

"හරි ඉතින් කවුද නෑ කිව්වෙ"

"මුගෙ ඝනකම යකෝ"

"හුම්ම්ම් මේ..."

ජිමින් ඇහි බැමක් උස්සලා කියද්දි කුකී එයාගෙ අතක් උස්සලා ඒ හැඩිදැඩි අතේ muscles පෙන්නුවා. හුම්ම්ම්ම් ඒවා ගොඩක් ඝනකම්......🙂 ජිමින්ට ඒක දැකලා ලොකු කෙල ගුලියකුත් ගිලුනා

"මූ නිකං හාවෙක් නෙවෙයි ඌරු හාවෙක්. පේනවනෙ සයිස් එක. මට ගහනවා වගේ මුට නම් ගහන්න යන්න එපා. තමුන්ව උස්සලා පොලේ ගහයි"

"යාහ් බොරුවට බය කරන්න එපා මං එහෙම කරන්නෑ නූනා. මේ මෝඩ කුකුලට පිස්සු ඔයා ඕව ගනන් ගන්නෙපා"

කුකී දඩස් ගාලා සෝෆා එකට වැටෙන ගමන් කිව්වා

"ම්ම්ම්.... මං ගිහිල්ලා කන්න මොනාහරි අරන් එන්නම්. මුගෙන් ඈත් වෙලා ඉන්නවා හරිද"

ජිමින් ටික වෙලාවක් කල්පනා කර කර ඉඳලා ඕරාව සෝෆා එකේ එහා කොනෙන් ඉන්දවලා රූම් එකට යන්න හැරුනෙ වොලට් එක අරන් එන්න

"ඇයි යන්නෙ. ඕඩර් කරන්න පුළුවන්නෙ"

"තමුසෙ ඉන්නවකො මට ගන්න දේවල් ටිකක් තියෙනවා. පන්ඩිතයා"

කොල්ලා කුකීට සැර දාලා වොලට් එකත් අරන් ගෙදරින් එලියට බහිනකන් ඕරා ඇඟිලි පටලව පටලව කට හදන් හිටියෙ කුකීගෙන් දෙයක් අහන්න

"මේ... ම්ම්ම්.... මේ ඔයා මාව දන්නවද..."

ෆෝන් එකෙන් ගේම් එකක් ප්ලේ කර කර හිටිය කුකී ඕරාගෙ ප්‍රශ්නෙත් එක්ක ගේම් එක ප්ලේ කරන එක නවත්තලා කෙල්ල දිහාට හැරිලා කකුලකුත් උඩින් දාගෙන එයාගෙ හා දත් දෙකත් පේන්න හරි ලස්සනට හිනා උනා

"අපොයි ඔව්. ඔයා අපේ හ්‍යුන්ගෙ වන් ඇන්ඩ් ඔන්ලි ෆස්ට් ලව් එකනෙ"

කුකීගෙ උත්තරෙන් ඕරාගෙ ඇස් ලොකු උනා

"හිහ්.... ජිමින් හ්‍යුන්ග් හිංච්චං ඇටයා කාලෙ ඉදලා ඔයාට පැලෙන්න ලව්. මිනිහා ඔයාව මතක් වෙන්න කියලා ඔයාගෙන් උස්සන් ආපු බ්‍රේස්ලට් එක කොට්ට උරේ ඇතුලට දාගෙන නිදාගත්තෙත්"

ඒක කියලා කුකී හයියෙන් හිනා වෙන්න ගත්තම කුකීගෙ හිනාව දැකලා ඕරාටත් හිනා

"පුදුම තක්කඩි හොරෙක්..."

ඕරා හිනා වෙවීම කිව්වා

"හ්‍යුන්ග් නූනාට ගොඩක් ආදරෙයි. එයා අපි එක්ක US ඉන්න කාලෙ නූනා ගැනමයි කියවන්නෙ. හරියට එයා නූනාව ගොඩ කාලෙක ඉඳන් අඳුරනවා වගේ. හ්‍යුන්ග්ට ලොකු උවමනාවක් තිබුනා නූනාව බලන්න ආපහු කොරියාවට එන්න"

ඕරා අතේ ඇඟිලි දිහා බලාගෙන කුකීගෙ කතාව අහගෙන හිටියා. කෙල්ලට මතක් උනේ එයත් ජිමින්ව බලන්න US යන්න ගහපු ගේම් ගැන. එයින් එක ගේමක් තමයි මේ එයා දැන් සෝල් ඇවිල්ලා තනියම අපාට්මන්ට් එකක නැවතිලා ජොබ් එකකට යන එකත්. නැත්තන් මේ වයසෙ කෙල්ලට ජොබ් එකක් කරන්න මොන අඩුපාඩුද. ඔම්මටයි අප්පටයි ඉන්න එකම දරුවා ඕරා වෙනකොට

"ඉතින් එයා ආවා නම් ඇයි මුලින්ම මාව බලන්න ආවෙ නැත්තෙ"

ඕරා මනෝ ලෝකෙන් මිදිලා කුකීගෙන් ඇහුවා

"ම්ම්ම්ම් ඒකට කියන්නෙ සප්‍රයිස් කියලා වෙන්න ඕනෙ මං හිතන්නෙ"

කුකී දබර ඇඟිල්ලෙන් එයාගෙ කම්මුලකට ඇනගන්න ගමන් කිව්වා

"සප්‍රයිස්...???"

ආයෙ කෙල්ලට මතක් උනා ජිමින්ව මුලින්ම කම්පනි එකේදි දැක්ක දවසෙ ඉඳන් වෙච්ච සප්‍රයිස් එකක් නෑර. ඇයි ඊයෙ රෑ....

"එතකොට ඒකත් සප්‍රයිස් එකේම කෑල්ලක්ද... ඊව්ව්ව්"

ඕරා එයාටම මුමුනන ගමන් වෙවුලලා ගියා. ඒක දැකපු කුකීට හිනා

"ඇයි නූනා. හ්‍යුන්ග් ඔයාට මොකක් හරි කරදරයක්වත් කරාද..."

කුකී මූනෙ මහ කුපාඩි හිනාවකුත් තියාගෙන ඕරාගෙන් ඇහුවම ඕරගෙ කට බාගෙට ඇරුනා

"අහ්හ්හ්.... න් නෑ මේ..."

කෙල්ල කියාගන්න දෙයක් නැතුව උඩ බිම බලද්දි ජිමින් ලොකු පාර්සල් දෙකකුත් උස්සගෙන ඇවිත් ඒවා කිචන් කවුන්ටර් එක උඩින් තියලා ඕරා ලඟට ආවා

"කුකා කෑම ටික ටේබල් එකට ඇරෙන්ජ් කරපම්..."

එහෙම කියලා ජිමින් ඕරාගෙ අතකින් ඇදගෙන කෙල්ලව රූම් එකට එක්කන් ගිහිල්ලා දොර ලොක් කලා. මොකද කුකී කියන්නෙ ජිමින් මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරන කෙනා වගේම වෙලාවකට විශ්වාස කල නොහැකිම සත්වයා

"මේක බොන්න"

ජිමින් ඕරාගෙ අත උඩින් ටැබ්ලට් එකක් තියලා නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුන වතුර බෝතලේ අරන් එන්න ගියා

"ඊව්ව්ව් මේ මොනාද මේ. මොකටද මේ බෙහෙත් මට බෑ මේවා බොන්න"

ජිමින් වතුර බෝතලේ මූඩිය අරින ගමන් ඕරා ලඟට එනකොට ඕරා මූනත් දෙක කරන් කෑ ගැහුවෙ අතේ තියන ටැබ්ලට් එක දිහා අප්පිරියාවෙන් බලන ගමන්

(Author :- ඒ totally me ලමයි. මං මේ දවස්වල විටමින් C දිහා බලන්නෙත් ඕමයි 🙂)

"අහ් ඒනම් කමක් නෑ. මාත් ආසයි ඉක්මණට දරු සුරතල් බලන්න. Park Industry එකටත් ඉක්මණටම අලුත් heir කෙනෙක් ලැබෙනවනෙ🤩"

ජිමින් වතුර බෝතලේ මූඩිය ආයෙම වහන ගමන් දවල් හීන දකිනව වගේ උඩ බලන් හිනා වෙලා කියලා, ඇහැ කොනින් ඕරා දිහා බැලුවා. ඒත් කෙල්ලට තප්පර දෙක තුනක් යනකන් ජිමින් කියපු දේ තේරුන්නෑ. කෙල්ල ආයෙම අතේ තිබ්බ ටැබ්ලට් එක දිහා ඔලුවත් ඇල කරලා බැලුවෙ මොකද්ද ඒ කිව්වෙ කියලා කල්පනා කරන ගමන්

"මොකාක්ක්ක්ක්ක්......"

හෙනයක් ගැහුවා වගේ ජිමින් කියපු දේ මීටර් උන ගමන් ඕරා අඩියට දෙකට ජිමින් ගාවට ගිහිල්ලා වතුර බෝතලේ උදුරලා අරගෙන ටැබ්ලට් එක ක්ශනිකව ගිලලා දැම්මා

"මොකද්ද ඒ කලේ. අපේ දරුවා... අනේ පැටියො... අප්පට සමාවෙන්න අප්පා ඉක්මණටම ආයෙ ඔයාව ගෙන්නගන්නවා හරිද. ඔයාගෙ ඔම්මා හරිම දුශ්ටයි. බ්‍රේස්ලට් එකකට මට බිම පෙරලන් ගහපු ගෑනිනෙ මේ"

ජිමින් එක පාරටම ශොක් වෙලා වගේ ඕරා ලග දණ ගහගෙන, අත්දෙකෙන්ම කෙල්ලව බදලා අල්ලගෙන කෙල්ලගෙ බඩට මූන තියාගෙන දුක්මුසු ස්වරයෙන් කියෝගෙන කියෝගෙන යනවා

(The best male actor award goes toooo...... JIMINshiiiii👏👏👏)

"මේ මොන මල විකාරයක්ද මේ. එහාට වෙනවා. පිස්සු මෝඩයා"

ඕරා ජිමින්ව තල්ලු කලා

"ආව්ව්ව්... අද මගෙ බැක්සයිඩ් එකට අපල දවසක්ද කොහෙද. අද නෙවෙයි තමුන් මං ලඟ ඉන්න හැම දවසකම මගේ බැක්සයිඩ් එකට අපලයි... ආහ්හ්හ් ඔම්මා..."

ඕරා තල්ලු කරපු පාර ගිහින් බිම වැදුන ජිමින්ගෙ අසරණ පස්ස අතගාන ගමන් කොල්ලා චුරු චුරු ගගා නැගිට්ටා

"එනවා යන් කන්න. අර බඩජාරි හාවා මෙලහකටත් සේරම ඉවර කරලද දන්නෑ"

ජිමින් පස්සත් දික් කරන් යන හැටි දැකලා ඕරාට ජිමින් ගැන පව් කියලත් හිතුනා

"එක්කො පව් නෑ. ඔය මදි මට කරපුවට හුම්.."

....................................................................................

"අද කම්පනි එකට යන්න ඕනෙ නෑ. ටිකක් රෙස්ට් කරලා හෙටම එන්න"

ඕරාගෙ බල කිරීමට කෙල්ලව එයාගෙ අපාට්මන්ට් එකට ඇරලවන්න ආව ජිමින් කෙල්ල යන්න හැරෙද්දි කෙල්ලගෙ අතින් ඇදලා ලඟට අරන් කිව්වා

ජිමින් ඇදපු පාර ඕරා ගිහින් නතර උනේ ජිමින්ගෙ පපුවෙ. ඕරා ටික වෙලාවක් ජිමින්ගෙ දිලිසෙන ඇස් දිහා බලන් ඉඳලා ලාවට ඔලුව වැනුවා

"අහ්... කුකියා කියන දේවල් ගනන් ගන්න එපා. ඔය හාවා හැමතිස්සෙම ඔහොම තමයි. මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියලා අවුස්සනවා. දැන් යන්න..."

ජිමින් ඕරාගෙ නලලට චූටි හාදුවක් දීලා කෙල්ලව උරහිස් දෙකෙන් හරවලා ඉස්සරහට තල්ලු කලා

ඕරාත් අඩි දෙක තුනක් ඉස්සරහට ගිහිල්ලා නිකමට හිත කියනවට පිටිපස්ස හැරිලා බලද්දි ජිමින් අත්දෙකත් පපුවට ඉස්සරහින් බැඳගෙන කාර් එකට හේත්තු වෙලා හිනා වෙවී කෙල්ල දිහා බලන් ඉන්නවා. ඒ ශෝටට එයා.... මාර හොට්.... 🥵🥵🥵

(ඕරා : හම්මෝ මං මළා. එයාට කවුද ඒ විදිහට හිනා වෙන්න අවසර දුන්නෙ😑

Author : මං 😏

ඕරා : ඔහ්... කමක් නෑ දුස්ටි ඉඳලා හිටලා හරි හොඳ දෙයක් කරනවනෙ💜️)

අන්තිම වතාවට කෙල්ලට අත වනලා හිනා වෙවීම කාර් එකට නැගලා ජිමින් යන්න ගියේ ඕරාගෙ ඔලුව ඇතුලෙ ප්‍රශ්න කන්දරාවක් ඉතිරි කරලා

එදා මුළු දවසෙම කෙල්ල හිටියෙ පිස්සෙක් වගේ ඔලුව කස කස, එහාට මෙහාට ඇවිදින ගමන්, කල්පනා කරන ගමන්. කෙල්ලට කියාගන්න බැරි තරම් සතුටුයි වගේම අනිත් අතට කන්ෆියුස් වෙලත් හිටියෙ. කෙල්ල ෆෝන් එක අතට අරන් ඔම්මට කෝල් කරලා ජිමින්ව හම්බුන එක ගැන කියන්න හැදුවත් කලින් දවසෙ රෑ සිද්ධ වෙච්ච දේවල් එක්ක කෙල්ලට හික් ගෑවුනෙ තමන්ගෙ කටේ බ්‍රේක් පද්ධතියෙ ක්‍රියාකාරිත්වය ගැන කෙල්ල හොඳටම දන්න නිසයි

.........................................................................................................

Next day

"අහ් ඕරා.... ගුඩ්මෝනින්ග්... ඔයා තාම මාත් එක්ක තරහින්ද"

ඕරා එලිවේටර් එක ඇතුලට යනකොටම ජින් දුවගෙන ඇවිත් වැහෙන්න ගිය දොර අතින් නවත්තලා එයත් එලිවේටර් එක ඇතුලට ගියා

"ඔහ් ජින් ඔප්පා. ගුඩ්මෝනින්ග්... ඇයි මේ තරහද අහන්නෙ ඔයා මොකුත් වරදක් කලේ නෑනෙ මට"

"අයිගෝ ඕරා ඇයි අනේ මට ඔයාට පාටි එකට ඉන්වයිට් කරන්න අමතක උනානෙ. මං හිතුවෙ ඔයා මාත් එක්ක තරහට එදා ඇවිත් කතා නොකරම ගියේ කියලා. අනික ඔයා ඊයෙ ඔෆිස් ආවෙත් නෑනෙ. මියාන්හේයෝ... වෙලාවට මං අදත් ආවෙ මගේ බඩු වගයක් අස් කරගන්න. අහ් ඔයාට කියන්න බැරි උනානෙ මට ප්‍රමෝශන් එකක් හම්බුනා. අද ඉදන් මං ඔයාට වඩා floor එකක් උඩින් ඉන්නෙ..."

"ආහ්හ්... අනේ නෑ ඔප්පා මං තරහ නෑ. මට එදා විශ් කරන්න බැරි උනාට මියාන්හේ ඔප්පා හදිස්සියේම අසනීප උන නිසා මං ඉක්මණට ගියා. මියාන්හේ.... ඇන්ඩ් congratulations to your promotion Mr.Kim Seok Jin"

ඕරා කන් දෙක අත්දෙකෙන් අල්ලගෙන ජින්ගෙ මූන දිහා බලාගෙන සමාව ඉල්ලලා අත දික් කලා

"අයිගෝ පූස් පැටියෙක් වගේ. හරි හරි ඔන්න මං සමාව දුන්නා. Thank you very much Ms.Kim Oara. කෝ දැන් මටත් සමාව දෙන්න"

ජින් ඕරාගෙ ඔලුවට තට්ටු කරලා ඕරාගෙ අත අරන් හෑන්ඩ් ශේක් කරලා කිව්වා

"අයිගෝ හරි හරි ඔන්න මාත් සමාව දුන්නා"

ඕරාත් ඉස්සිලා ජින්ගෙ ඔලුවට තට්ටු කරලා කිව්වා. ඒ එක්කම එලිවේටර් එකේ දොර ඇරුනෙ ජිමින්ගෙ මූන දොර ඉස්සරහින් මතු වෙද්දි

ලස්සන හිනාවක් එක්ක ඕරාව බලාපොරොත්තුවෙන් ජිමින් එලිවේටර් එක ඉස්සරහට වෙලා බලන් හිටියෙ ජිමින් එවපු කාර් එකෙන් බැහැලා කෙල්ල පාකින් ලොට් එකේ ඉඳන් එනවා ජිමින් කලින්ම දැක්ක නිසයි

ඒත් ඕරාගෙ අත ජින්ගෙ ඔලුව උඩ තියෙනවා දකිද්දි ඒ වගේම ඒ දෙන්නාගෙ හිනා වෙවී හිටිය මූන දකිද්දි ජිමින්ගෙ ලස්සන හිනාව දූවිල්ලක් වගේ අතුරුදහන් වෙලා ගියා

"ගුඩ්මෝනින්ග් ජිමින්..."

"අහ් ගුඩ්මෝනින්ග් හ්‍යුන්ග්"

"මොකෝ මෙතන..."

"අහ් මං මේ හ්‍යුන්ග් එනවා දැකලා ආවෙ. යන්..."

ඕරා ජිමින් එක්ක කතා කරන්න හැදුවත් ජිමින් ඕරාව මග ඇරලා ජින් එක්ක ඔෆිස් රූම් එකට ගියා. ඕරාත් ඔලුව බිමට පාත් කරගෙන ඒ දෙන්නා පස්සෙන් ගියේ ජිමින්ගෙ මූනෙන් දැක්ක වෙනස ඕරාගෙ හිතටත් පොඩි වේදනාවක් එකතු කරපු නිසා

...............................................................................................................

"හරි හ්‍යුන්ග් එහෙනම්... අද ලන්ච් එක හ්‍යුන්ග් ගානෙනෙ..."

"ආයිශ් මේ කොල්ලා මාවම කන්න ඇවිත් තියෙන්නෙ. හරි හරි දෙන්නම් දෙන්නම්. ඕරාවත් එක්කන් දෙන්නම එන්න මේ ලඟ අලුත් චයිනීස් රෙස්ටුරන්ට් එකක් ඕපන් කරලා තියෙනවා දැක්කා. වෙනසකටත් එක්ක ඒකට යන්"

ජින් එයාගෙ පොඩි පොඩි stuffs වගයක් බොක්ස් එකකට දාගෙන ඔෆිස් රූම් එකෙන් එලියට ගමන් කිව්වා

"හ්හ්ම්ම්ම්.... ජි...මින්.."

ජින් එලියට යනකන් බලන් ඉඳලා ඕරා උගුර පාදලා ජිමින් දිහාට හැරුනා

ඕරාගෙ කටහඬ ඇහෙද්දි ජිමින් කෙලින්ම බැලුවෙ ඕරාගෙ ඇස් දිහා. ඒ ඇස් දැක්කම ඕරාව වෙවුලලා ගියා

'ඊයේ හිනා වෙච්ච ඇස් නේද මේ අද මාව පසාරු කරන් යන්නම රවන්නෙ'

නෑ නෑ ඕරා කිව්වෙ නෑ හිතුවා විතරයි

"ම් මේ... මේ"

ඕරා ගොත ගහද්දි ජිමින් අඩියෙන් අඩිය ඕරාට කිට්ටු උනා. දැන් ජිමින් ඉන්නෙ ඕරාගෙ මූනටම පහත් වෙලා. ජිමින් ඕරාගෙ ඇස් දිහාම බලාගෙන එයාගෙ ඇස් වලින් ඇහුවෙ මොනාද කියන්න තියෙන්නෙ කියලා. ඒ උනාට ජිමින්ගෙ හුස්ම ඕරාගෙ මූන පුරාම වදිද්දි කෙල්ලට කියන්න හිටිය දේවලුත් අමතක උනා....

To be continued....
*******************

ඔන්න ආවෝ....
නෑ නෑ ලාස්ට් එපිය නෙවෙයි තව තීනවා ඔයාලා අහු උනා නෙහ්😁😁😁😁 හූ හූඌඌඌඌ 😂💔
දිග නෑ කියන්න එපා බොලව් දිගට ලියන්න බෑ මට කොරෝනා 😌😂💔

කතාව ගැන අදහස් හලාගෙන යන්ඩෝ....

වෙනදා වගේම කියවන ලයික්/වෝට් කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි
සලන්හේඒඒඒඒඒඒ 😘😘😘💜️



මනික 🤧💜️

Continue Reading

You'll Also Like

8.6K 2.1K 24
You are blind until your mind see the correct vision -PJM - 💜🍂 Girl x Boy PJM Fiction only Fiction by nethu Started - 26/02/2022 ...
4.8K 759 29
"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?" "ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?" "අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රා...
292K 50.2K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
20K 2.5K 20
ඇයි කඩවුලේ අහිම්සක මගෙන්ම ආතල් ගන්නෙ..කොහෙද යන කොන්ඩි පට්ටමක් බැදගෙන මට වෙච්ච දෙයක්..දෙවියෙක් දේවතාවෙක් වගේ හිටපු ජීවිතේ නේත මේ...🙂🙂කවදහරි මේ යස්සන...