𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

By MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... More

Episode 1 💜️
Episode 2 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 13 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 15 💜️
Episode 16 💜️
Episode 17 💜️
Episode 18 💜️
Episode 19 💜️
Episode 20 💜️
Episode 21 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 23 💜️
💜️ Episode 24 ( End ) 💜️
💠 Author Note 💠
💘 New story 💘

Episode 10 💜️

864 185 34
By MissYoongi351

Author Pov 💜️

🐼 " නම්ජුනා....... මොකෝ මේ....? 🙁 ........ අනේ මැනික මොකද මේ ඇස් වල කදුලු.. 🙁 "

ජින් එහෙම ඇහුවෙ ඇස් වල කදුලු පුරවගෙන මල කදක් වගේ තමන් ඉන්න පැත්තට ඇවිදගෙන එන නම්ජුන්ගෙන්....
ජින් ඒ වෙලාවෙ හිටියෙ School garden එකේ කොනකට වෙන්න තිබුනු Bench එකක වාඩි වෙලා....

🐨 " ජිනා............. මං .... මං පරක්කු වැඩී බං........ 😭😭 ..... මම මහ අවාසනාවන්තයි බං.......... අනේ මට මගෙ චූටි කෙල්ලව නැති උනා ජිනා.... 😭😭😭 මම පරක්කු වැඩි උනා...😭😭 .. මගෙ පපුවත් එක්ක රිදෙනවා බං....... මං කෝමද මේක දරාගන්නේ............ "

නම්ජුන් ජින්ව බදාගෙන පොඩි එකෙක් වගේ අඩන්න ගත්තාම ජින්ටත් හිතාගන්න බැරි උනා 😟

🐼 " අනේ වස්තුව අඩන්නෙ නැතුව කියපංකො මොකද උනේ කියලා........ උබ මොනාද මේ කියන්නෙ .... " 😟

🐨 " යූරා.......... යූරාත් යුන්ගිට ආදරෙයි බං......😭😭 මං පරක්කුයි ..... අනේ මගෙ හුස්ම හිරවෙන්න වගේ වේදනාවක් එනවා බං..... 😭😭 "

🐼 " අනේ නම්ජුනා........ අඩන්න එපා බං ... 😟 .
.... යූරද උබට කිව්වේ... 😧.... "

🐨 " නෑ බං ......... මං දැක්කා....... 😫😭😭.."

🐼 "දැක්කා.......... මො... මොනාද දැක්කේ......?"





💜️ Namjoon Pov 💜️

මම Class එකට වෙලා වැඩ වගයක් කර කර හිටියේ.... මොකද ගොඩ දවසකින් තමයි Class එකේ වැඩ කරන්න ගත්තේ............
ඒ එක්කම ජින් එතනට ආවා..... එයා කියපු දේ නිසා මගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ මගේ පුංචි සුරංගනාවිව මට නැති වෙයි කියලා හිතට ආපු ලොකුම ලොකු බය නිසා............😧
මොකද යුන්ගි මගේ යූරට ආදරේ කරනවලු... 😧 මගෙ හිතේ තිබුන බයත් එහෙම්මම තියාගෙන මම යූරව හොයාගෙන ගියේ එයාට මගෙ හිතේ තියන හැමදේම කියන්න ඕන නිසා............. මම එයාගෙ Class එකට ගියත් එයා හිටියෙ නැති නිසා මම සොංඊ ගෙන් ඇහුවා... 😶

🐨 " සොංඊ .......... කෝ යූරා......? "
🌹 " ආ නම්ජුන් ඔප්පා........ එයා අර පරණ Dancing room එක ලග තියන Music room එකට ගියා........ "

සොංඊගෙ ඒ උත්තරෙත් අරගෙන මම දුවලා ගියේ මගෙ මැණිකව හොයා ගන්න........

මම Music room ලගට යද්දිම දැක්ක දෙයින් මගෙ හදවත කෑලි කෑලි වලට කැඩිලා ගියා.....යුන්ගි යූරව කිස් කරනවා.......
ඒක දැකලා මගෙ කකුල් දෙකත් පණ නැති වෙලා ගියා.... 😟😟....... මගෙ මුලු ලෝකෙම මගෙ ඔලුව උඩට කඩාගෙන වැටුනා වගෙයි මට දැනුනේ........😫😫....
මට ඒක දරාගන්න බැරි උන නිසා මම එතනම බිත්තියට හේත්තු උනේ එයාලට පිටුපාලා......

මොකද මට ඒක බලාගෙන ඉන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ....... 😫😫 මම ඒක දැක්කෙ නැති උනත් මට එයාලා කිව්ව දේවල්නම් හොදට ඇහුනා.... 😩😩 එයා යුන්ගිට ආදරෙයිලු...... 😫😫

යූරගෙ ඒ වචන ටික ඇහුන ගමන්ම මම එතනින් දුවලා ආවේ.............
' අනේ ඇයි මගෙ වස්තුව ඔයා මට මෙහම කරේ' කියලා මගෙ හිත විලාප තියද්දී... 😭😭..
මට ඒ වේදනාව දැනුනෙ කවුරුහරි පිහියකින් මගෙ පපුව හාරනවා වගේ....... 😫😫

මම ජිනා ලගට ගිහින් හැමදේම කිව්ව..... 😭😭 මේ වෙලාවෙ ජිනා ඇර මට කිසිම කෙනෙක් නෑ මේවා කියන්න... 😭😭

🐼 " මට තේරෙනවා නම්ජුනා..... උබට මේක දරාගන්න අමාරුයි තමයි ........ හැබැයි මේක තමයි ඇත්ත.... උබ ඕම ඉන්නවට මම පොඩ්ඩක්වත් කැමති නෑ...... 😫 ඒත් උබට අඩන්න එපා කියන්නත් මට බෑ......
ඒත් මේ දේ හොදට මතක තියාගනින් බං...............

අපිට දෙයක් ලැබෙන්න තියනවනම් අපි කැමති උනත් අකමැති උනත් අපිට ඒක අනිවාරෙන්ම ලැබෙනවා.........
ඒ වගේම තමයි......... අපිට දෙයක් ලැබෙන්න කියලා දෛවයේ ලියවිලා නැත්නම් අපි කොච්චර ආදරේ කරත්....... කොච්චර කැපකිරීම් කරත් ඒ දේ අපිට ලැබෙන්නෙ නෑ බං...... ඒක තමයි දෛවය ....... අපිට ඒක වෙනස් කරන්න බෑ........ ඒකි උබේ Life Patner නෙවෙයි වෙන්න ඇති ..... උබේ Life Patner හම්බෙනකන් උබ ඉවසපන්... උබට හම්බෙන්න තියන කෙනා කවදම හරි හම්බෙයි.... "

ජින් ඒ කිව්ව දේනම් මට මගෙ හිතට හොදටම වැදුනා...... ඒ කියන්නෙ මගේ දෛවය මාත් එක්ක සෙල්ලම් කරනවද ......... 🙂🙂

🐼 " උබට ඕනෙනම් මම ගිහින් යූරට කියන්නම් උබ ගැන ....... "

🐨 " එපා ජින්...... එපා..... 😩 මං කෝමහරි හිත හදාගන්නම්........ 🙂 එයා මට අයිති නැතුව ඇති ☺️ ඒකනෙ මේ......
මේ දැන් මං මේක එයාට කිව්වොත් එයා මාව මගාරී....... 😩 මම සහෝදරයෙක් වගේ එයා ලගින් ඉන්නකන් එයා මාත් එක්ක ඉදී...... ඒත් මම ඒ සීමාව පැන්නුවොත් එයා මගෙන් ඈත් වෙන්න උත්සහ කරයි........ 😭 මට ඒකනම් දරාගන්න තරම් හයියක් තව නෑ බං 😭 "

කෝමහරි යූරට මගේ ආදරේ ගැන දැනගන්න දෙන්නෙ නෑ කියලා මම නම්ජුන්ට එකග කරගත්තා...... 😞
ඒත් කිසිම මොහොතක මගෙ හිතේ යූරා ගැනවත් යුන්ගි ගැනවත් තරහක් ඇතිවුනේ නෑ....

ටික දවසක් යනකන් යූරයි යුන්ගියි ඉස්සරහට මට හයියක් තිබුනෙ නෑ........ 😩 ඒක නිසා සතියක් විතර යනකන් මම වැඩ ගොඩක හිරවෙලා ඉන්නෙ වගේ රගපෑවා...... 😞

මොනදේ උනත් මගේ හිතේ තිබුනු ආදරෙත් මහ සාගරේ වගේ....... පුංචි නියගයක් ආවා කියලා සාගරේ කවදාවත් හිදෙන්නෙ නෑ වගේ ....... මේදේ නිසා මගෙ ආදරේනම් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ.........😊
තාමත් මගෙ හුස්ම ටික මගෙ යූරා මැනික තමයි .❤️ එයා හිනාවෙලා ඉන්න දිහේ බලාගෙන මම ජීවත් වෙනවා...... එයා කාත් එක්ක හරි සතුටෙන් ඉන්නවනම් මට එච්චරයි ඕනෙ....... 🤗🤗❤️❤️

°°°°°°°°°° Two Weeks Later °°°°°°°°°°°

💜️ Yoora Pov 💜️

සති දෙකක් විතර ඔහේ ගෙවිලා ගියා..... යුන්ගි ඔප්පගෙයි මගෙයි සම්බන්දෙ ගැන හැමෝම දැනගත්තා.......
ටේ,ජිමින්,කුකී ඔප්පට විහිලු කරන්න ගිහින් ගුටිත් කෑවා.... 🤭🤭
මෙයාලා සෙල්ලම් කරන්නෙ හරියට පොඩිඋන් වගේ 😂😂

ඒත් දැන් ගොඩ දවසක ඉදන් නම්ජුන් ඔප්පනම් පේන්න හිටියෙ නෑ ......... හොබී ඔප්පනම් කිව්වෙ නම්ජුන් ඔප්පා මේ දවස් වල Project එකක් නිස Busy වෙලාලු ඉන්නෙ.....

අපි School ඉවර වෙලා කට්ටියම ගෙවල්වල එන්න ආවා....
සුපුරුදු පරිදි මායි යුන්ගි ඔප්පයි බස් එකේ තමයි ගෙදර ගියේ...... හැබැයි පළවෙනි දවසෙ ගිය එඉදියටනම් නෙවෙයි ......

එදා මගේ මූණවත් බලන්නෙ නැතුව මට ගනන් උස්සපු ඒ නපුරා අද හැම තත්පරේකම මගෙ කර වටෙන් අතදාගෙන මාව එයාලට ලං කරගෙනයි ඉන්නේ.......😊❤️

මමනම් ඇත්තටම හිතුවෙ නෑ මේ නපුරට මෙච්චර ලස්සනට ආදරේ කරන්න පුළුවන් කියලා....😍😍 මගෙ මැනික මාත් එක්කමයි අනේ 😍😘

ඕම යද්දි මං බහින තැනටත් ලං උනා... මම යුන්ගි ඔප්පට යන්නම් කියලා ඉක්මනටම ගෙදර ආවෙ .... අපේ ඔප්පා මට Call කරලා ඉක්මනට ගෙදර එන්න කිව්ව නිසා........

මම බෑග් එකත් ගලවලා පුටුව උඩින් දාලා Uniform එකෙන්ම ඔප්පව හොයන්න ගියේ මොකද මේ කවදාවත් නැතුව ඉක්මනට ගෙදර එන්න කිව්වෙ කියලා බලන්න.

----------------------------------------------------------------

අනේ මේ Episode එකේ ටිකයි ඇත්තෙ...
Sorry අනේ ........

අද Butter නිසා Busy වෙලානෙ ඉන්නෙ...
හෙට Episode දෙකක් විතර දාන්න පුළුවන් වෙයි...... 😊

ඔයාලගෙ අදහස් Comment කරගෙන යන්න ළමයි .....

Continue Reading

You'll Also Like

3.7M 158K 62
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
638K 50K 34
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
3.6K 650 16
"දන්නවද සූයා මන් මීට කලින් ආදරේ මොකක්ද කියලා දැනගෙන කාටවත් ආදරේ කරලා නෑ.ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට කියලා දුන්නෙ ඔයා.හිතක් පපුවක් නැතුව හිටපු මට හැග...
53.6K 1.5K 6
"Is his love true?" A game of truth or a dare. What if Jimin was dared to date the girl who he had hated?