𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ [ ᴄᴏᴍᴘʟᴇ...

By MissYoongi351

25.7K 5.1K 571

ජීවිතේ කියන්නෙ අපිට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒ වගේම ආදරේ කියන්නෙ අපිට අයිති කරගන්නම ඕන දෙයක් නෙව... More

Episode 1 💜️
Episode 3 💜️
Episode 4 💜️
Episode 5 💜️
Episode 6 💜️
Episode 7 💜️
Episode 8 💜️
Episode 9 💜️
Episode 10 💜️
Episode 11 💜️
Episode 12 💜️
Episode 13 💜️
Episode 14 💜️
Sorry ☹️❤️
Episode 15 💜️
Episode 16 💜️
Episode 17 💜️
Episode 18 💜️
Episode 19 💜️
Episode 20 💜️
Episode 21 💜️
Episode 22 💜️
💖 NEW STORY 💖
💜️ Episode 23 💜️
💜️ Episode 24 ( End ) 💜️
💠 Author Note 💠
💘 New story 💘

Episode 2 💜️

1.1K 239 19
By MissYoongi351

💜️

🍁🍁🍁🍁🍁 Next day morning 🍁🍁🍁🍁🍁

උදෙන්ම නැගිටලා ලෑස්ති උනේ ඉස්කෝලෙ යන්න . 😊 හිතේ ලොකු බයක් එක්කම තිගැස්මක් තිබුනා. Uniform එක ඇදගෙන කොන්ඩෙ අල්ලලා පෝනිටෙල් එකක් දාගත්තෙ මම කොන්ඩෙ කඩාගෙන ඉන්න කැමති නැති නිසා . 😁
පල්ලයහට ගිහින් කාලා බීලා ඔක්කොම ඉවර වෙලා ඔප්පා එනකන් පැය බාගයක් විතර ඉන්න උනා. 😒
ඔප්පා ආවට පස්සෙ එයා එක්කම කාර් එකට නැගලා අපි පිටත් උනා. 😊 ඔප්පා මාව Scool එක ඉස්සරහින් දාලා ඉක්මනටම ගියේ Ofice එකේ හදිස්සි Meeting එකක් තියන නිසා. 🙂

Scool එක දැක්කට පස්සෙ මගෙ හිතේ යාන්තමට තිබුන බය ඔම්මට සිරි වෙන්නම වැඩි උනා 😰
' යකෝ මේක Scool එකක්ද මාලිගාවක්ද 🙁 '
මට ඒම හිතෙනවත් එක්කම මම බැලුවෙ ඉස්කෝලෙ ඇතුල . ඇරලා තිබුන ගේට්ටුවෙන් මම හිමීට ඇතුලට ගියා.
ඔම්මෝ.............මේ ඉස්කෝලෙ ලස්සන 😟
ඇත්තටම මාලිගාවක් වගේමයි පේන්නෙ. 🙁 Garden එක මල්වලින්ම පිරිලයි තිබුනෙ 😍

මගෙ බය වැඩි වෙනවත් එක්කම මම හෙව්වෙ හියුන්ජුන් ඔප්පගෙ මල්ලිව .
'අනේ හියුන්ජුන් ඔප්පගෙ මල්ලි තියා කපුටෙක්වත් නෑනෙ 😰😰 '
ඇත්තටම එක ළමයෙක්වත් පේන්න හිටියෙ නැත්තෙ මං එද්දිත් Class වලට යන්න බෙල් කරලා තිබුන නිසා.... 🙁😒

' කෝ මේකා........... හියුන්ජුන් ඔප්පගෙන් මලයණ්ඩිගෙ නමවත් අහගන්න අමතක උනානෙ....
ශික් යූරා......ඔයානම් අමු මෝඩයෙක් ... ඒ මනුස්සයව හොයාගන්න හරි නම අහගන්න එපෑ 😒 කොහෙද ඉතින් දෙවියො යූරට මොලේ දීලා නෑනෙ 😰😰 ..... '

මගදි හරි හම්බෙයි කියලා හිතාගෙන මම හෙමින් හෙමින් තව ටිකක් ඇතුලට ගියේ මටම බැන බැන. මම මාත් එක්කම කියව කියව ඇතුලට යද්දි සිකුරුටි අජෝස්සි මං ලගට ආවා.

" ඔය ළමයා කවුද "

අජෝස්සි ඒම ඇහුවම මම මොකුත් නොකියම මගෙ Admission Letter එක පෙන්නුවා. ඊට පස්සෙ එයා මාවත් එක්කගෙන ප්‍රින්සිපල් room එකට ගියා. යන අතරතුරත් මං බලාගෙන හිටියෙ අර ගෝතයා එනකල් 😒 කොහෙද ආවෙ නෑනෙ ඉතින් 😟 හියුන්ජුන් ඔප්පා කිව්ව විදියටනම් එයාගෙ මල්ලි මට වඩා අවුරුද්දක් වැඩිමල්ලු. ඒ උනාට Dancing team එකේ Leader නිසා අපි එක්කමලු Scool එකෙන් අයින් වෙන්නෙ . 🤔 මං හිතන්නෙ Dancing team එකේ හැමෝම එකට තමයි Scool එකෙන් යන්නෙ . 😁

මනෝපාර ගනගෙන ඉද්දි Principal Room එකටත් ඇවිල්ලා.

" ඔය ළමයා ඇතුලට යන්න "

අජෝස්සි ඒම කියලා ගියා

Principal Room එකට ගියාට පස්සෙ Principal එයා මාත් එක්ක මගේ විස්තරයි ඉස්කෝලේ විස්තරයි කතා කරලා හියුන්ජුන් ඔප්පගෙනුයි අපේ ඔප්පගෙනුයි මේ ඉස්කෝලෙට වෙන සේවය ගැනත් කියලා Class teacher එක්ක මාව Class එකට යැව්වා .

අපේ Class teacher නම්.හරිම හොදයි 😊❤ එයා මිස් මින් 😊 ඒ වගේම එයා හරිම ලස්සනයි 😉 එයා මාව Class එකට එක්කගෙන ගිහින් මාව කට්ටියට හදුන්වලා දුන්නා 😁
කස්ටියම ඉතින් අමුතු ජීවියෙක් දිහේ බලනවා වහේ කටවල් ඇරගෙන  ,ඇස් ලොකු කරගෙන මං දිහේ බලාගෙන හිටියා.😒
මමනම් ගනන් ගන්න ගියේ නෑ. මම හොදටම දැනගෙන හිටියා මේ තත්වෙට මට මුහුණ දෙන්න වෙනවා කියලා 😁

මම හිතන්නෙ මම විතරයිද කොහෙද පෝනිටෙල් එකක් දාගෙන සාමාන්‍ය විදියට ඇවිත් හිටියෙ 😒 අනිත් ඔක්කොගෙම කොන්ඩ නිකන් සීනී බෝල වගේ 😂 හිනාත් යනවා දැක්කාම 😂

ළමයින්ට මං ගැන කියලා මිස් මින් මට කෙළවරේම ඩෙස් එකක් දිහාට අත දික් කරලා එතනින් ඉදගන්න කිව්වා.

මම එතනට යද්දි තමයි මගෙ ඩෙස් එක එක්කම එහාපැත්තෙ තිබුනෙ ඩෙස් එකේ හිටපු Girl ව දැක්කෙ. එයා හරිම අහිංසක පාටයි. මං වගේම පෝනිටෙල් එකක් දාලා හිටියෙ. මට වඩා ටිකක් කොටයි. හැබැයි ලස්සනයි 😊❤ මම එතනින් ඉදගද්දි එයා ලස්සනට හිනා වෙලා මං දිහේ බැලුවා.  😊මාත් ඉතින් කට පුරවලා හිනා උනා 😁

ටික වෙලාවකින් මිස් මින් උගන්නලා යන්න ගියා.
එතකොට තමයි අරයගෙ කට ඇරුනෙ.

🌹 " හායි , මං දොං සොංඊ . ඔයා යුරායා නේද ? 😊 "

🥀 " ඔව්...... හැබැයි හැමෝම මට කියන්නෙ යූරා කියලා."

🌹 " හොදයි යූරා ,  Nice to meet you 😊 "

එහෙම කියලා එයා මට අත දුන්නා. මාත් ඉතින් අතට අත දුන්නෙ Nice to meet you too කියන ගමන් 😊❤ .
ටික වෙලාවක් අපි අපේ විස්තර කතා කර කර ඉන්න අතරේ එතනට කෙල්ලො තුන් දෙනෙක් ආවා.

" ඒයි අලුත් කෙල්ල "
එතන හිටපු උසම එකී ඒම කියලා මට කතා කරේ කියලා හොදටම දැන දැනත් මම බිම බලාගෙන හිටියා. බයකටනම් නෙවෙයි 😒 ඒත් ඉතින් පලවෙනි දවසෙම වලි දාගන්න මට ඕනෙ උනේ නෑ 😁
මම ගණන් ගත්තෙ නැති නිසා ඒකි ආය මට කතා කරා. 😒 පුදුම කෝලමක් තමයි උන් තුන් දෙනාගෙ තිබුනෙ . 😒 හිතාගෙන ඉන්නෙ මුලු Scool එකේම ලස්සනම කෙල්ලො කියලා 😒

" ඒයි........ තමුසෙගෙ කන් ඇහෙන්නෙ නැද්ද . නැත්නම් අපිට ලොකුකම දානවද ආ. "

මම ඒත් ඔලුව ඉස්සුවෙනම් නෑ .

" හොද යාලුවෙකුත් හම්බෙලා තියෙන්නෙ "

ඒම කියලා ඒකි සොංඊ දිහේ බලලා නෝංජලේට හිනා උනා 😟

" ඔය ඉන්නව වගේම ඔලුව නමාගෙනම ඉන්නවා හරිද. වැඩිය උඩ යන්න හදන්න එපා "

' අනේ කවුද දන්නෙ නෑ උඩ යන්න හදන්නෙ ' 🤬
හොද වෙලාවට ඉතින් මගෙ කටට ලාවට බ්‍රේක් තියෙන්නෙ. හිතින් හිතන දේවල් කියවුනානම් විනාසයි 😂

අපි දෙන්නටම කියවලා කියවලා ඒ නැට්ටිච්චියො තුන් දෙනා යන්න ගියා.

🥀 " කවුද සොංඊ ඒ ?"

මං ඇහුවෙ උන් කවුද කියල මට දැනගන්න ඕනෙ උන නිසා.

🌹 " ආ...... එයාලා මේ Class එකේ ඉන්න කෝටිපති දරුවො හය දෙනාගෙන් තුන් දෙනෙක් "

🥀 " එතකොට ඒ හයදෙනාම එක පවුලෙද? " 🙁

මම සොංඊ දිහේ බලලා ඇහුවෙ එයා කිව්ව එක මට නොතේරුනු නිසා 😕

🌹 " නෑ නෑ අනේ ..... මෙයාලා පවුල් 6 ක . ඒත් එයාලගෙ ඔම්මලා අප්පලා නම් යාලුවො මං හිතන්නෙ . මේ කෙල්ලො තුන් දෙනයි තව කොල්ලො තුන් දෙනෙකුයි තමයි අපේ පන්තියෙ ඉන්නෙ. මං දන්න විදියට මේ කෙල්ලො තුන් දෙනා හිතාගෙන ඉන්නෙ අර කොල්ලො තුන් දෙනාව Marry කරන්නද කිහෙද "

හම්මේ 😂 ඒ කිව්ව එකටනම්.මට හිනාත් ගියා.පව් ඒ කොල්ලො තුන් දෙනා.

🥀 " එතකොට එයාලත් කැමතිද මෙයාලට ? "

මම මගේ හිතේ තිබුන ඊලග ප්‍රශ්නෙ එලියට දැම්මා 😁
මම අහපු ප්‍රශ්නෙට සොංඊ අමුතුවට හිනා උනා 😏

🌹 " පිස්සුද අනේ ......... එයාලගෙ ඔම්මලා Family Friends ලා උනාට මේ කොල්ලො තුන් දෙනානම් ගණන්වත් ගන්නෙ නෑ 😂 , ඒකයි ඔය ලස්සන කෙල්ලෙක් Scool එකට ආවම ඇවිල්ලා පුප්පලා යන්නෙ 😁 මටත් මුලින්ම ඕම කරා 😏 "

සොංඊ ඒම කියලා මාවත් එක්කගෙන Canteen එකට ගියේ දෙන්නටම බඩගිනි උන නිසා 😊
අපි Canteen එකට ගිහින් ඉද ගද්දි අර කෙල්ලො තුන් දෙනත් ඇවිත් අපේ table එකට එහා පැත්තෙ තියන Table එකකින් ඉදගත්තා.
අපි ගනන් ගන්නෙ නැතුව අපේ පාඩුවෙ කෑම එක කකා හිටියා ..

ඒ එක්කම මගෙ ඇස් නතර උනේ Canteen එක පැත්තට දුවගෙන එන Handsome කොල්ලෙක් ලග 🤩 . ඇත්තටම එයා මාරම ලස්සනයි,මාරම Handsome, හැබැයි එයා ඇදගෙන හිටියෙ ට්‍රැක් කිට් එකක් . කොන්ඩෙ දම්පාටට හුරු අමුතු පාටකින් පාට කරලා තිබුනෙ.නලලට කරලා Hair band එකකුත් දාලා. දාඩිය පෙරාගෙන Canteen එක පැත්තට දුවගෙන එන ඒ කොල්ලා දිහේ බලාගෙන එතන හිටපු කොල්ලො ඔක්කොම කඩි කුලප්පුව හැදුනා වගේ දගලන්න ගත්තා.
මම කන එකත් නතර කරලා බලාගෙන හිටියෙ එයා එන දිහේ.
එයා ටික ටික අපි ඉන්න Table එක ලගට ලං උනත් මම හිතුවෙ අපිව පහුකරගෙන යයි කියලා.

ඒත් එයා ආවෙ අපේ Table එක ලගට.😮 ඇවිත් එයා අපේ table එකේ තිබුනු පුටුව ඇදලා අරගෙන ඉදගද්දිම මුලු Canteen එකෙන්ම ඇහුනෙ සූස් ගාලා හුස්ම උඩට අදින සද්දියක් 🙄
මාවත් එකපාරට මොංගල් උනා මේ මොකද්ද යකෝ මේ වෙන්නෙ කියලා. ඔක්කොම මං දිහේ බලාගෙන කුටු කුටු ගානවා 😮 අර කෙල්ලො තුන් දෙනත් ඇතුලුව 🙄 මටත් කරන දේ හිතා ගන්න බැරි උනා 🙁
එතකොට එයා කතා කරන්න පටන් ගත්තා.

" යූරා ....... අනේ Sorry ..... මට එන්න බැරි උනානෙ...
ලබන මාසෙ තියන Concert එක නිසා Practice තිබුනා. Sorry යූරා...... "

ඒ කොල්ලා මට කතා කරේ මගෙ නම කියලා. 🙁  ඒ කියන්නෙ එයා මාව දන්නවද 🤔. ඉතින් හිත හිත ඉදලා වැඩක් නෑනෙ 😏 මං ඇහුවා.

🥀 " ඔයා මාව දන්නවද ? "

" ඇයි ඔයා මාව දන්නෙ නැද්ද. අපේ හියුන්ග් ඔයාට කිව්වෙ නැද්ද මං ඔයාව ගන්න එනවා කියලා. 😕
හරි කමක් නෑ. මම කිම් නම්ජුන් 😊 හියුන්ජුන් ගෙ මල්ලි "

අනේ.....එයාද මේ ❤😊 මෙච්චර ලස්සන මල්ලි කෙනෙක් ඉන්නවා කියලා ඔප්පා මට කිව්වෙ නෑනෙ 😏 ඔව් ඉතින් ඔප්පත් හැන්ඩියනෙ .... 😂
🤔 නම්ජුන් ඔප්පවනම් දැක්ක ගමන් මතක් වෙන්නෙ කෝලා බබෙක්ව 🐨❤ 

🐨 " යූරා...... අනේ Sorry හොදද ...🙃 ඇත්තටම වැඩ වගේක හිරවෙලා හිටපු නිසයි එන්න බැරි උනේ " 

🥀 " අනේ ඒකට කමක් නෑ ඔප්පා. 😊 වැඩ ටික අවුලක් නැතුව කරගත්තා.ප්‍රශ්නයක් උනේ නෑ.😊 මට හොද යාලුවෙක් හම්බුනානෙ . ඉතින් තනියක් දැනුනෙ නෑ 🤗 "

මම ඒම කියලා සොංඊට හිනා උනත් එයා හිටියෙ මහසෝනට බයවෙලා වගේ මූණ දෙක කරගෙන 😕 ඇයි කියලනම් මම දැනගෙන හිටියෙ නෑ 🙁

🐨 " යූරා...... ඒනම් යාලුවත් එක්කන් යමුද අපි Practise කරන තැනට . අදුන්වලා දෙන්න කට්ටියක් ඉන්නවා.

ඒම කියලා සොංඊ වයි මාවයි එක්කගෙන නම්ජුන් ඔප්පා Practise room එකට ගියා

--------------------------------------------------------------------

හදලා තිබුන නිසා දෙවනි එකත් දැම්මා.
අඩුපාඩු තියනවනම් කියන්න.
ඉස්සරහට ලස්සන කතාවක් දෙන්න මං උපරිමයෙන් උතසහ කරනවා.
කියවපු හැමෝටම Thanks .
හදාගන්න ඕනෙ දේවල් තියනවනම් කියන්න Please .

Continue Reading

You'll Also Like

312K 4.3K 31
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...
33.1K 4.7K 38
සහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිත...
1M 77.2K 38
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
2.1K 352 31
ඔයාට අමුතු බොසෙක් ගාව වැඩ කරන්න ඕන වුණොත්???