🌑 මායා 🌕(Completed)

By Ayaal_blue

11.9K 3.7K 571

.........🎇 මායා 🎇.......... මුලින්ම කියන්න ඕනෙ මේක Fantasy 🧚 Horror☠ වලට තමා එන්නෙ. එත් හොරෙන් හෙමින්... More

පළවෙනි මායාව 🌑
දෙවනි මායාව🌒
තුන්වන මායාව 🌓
හතරවන මායාව 🌔
පස් වන මායාව 🌕
හත්වන මායාව 🌗
අට වන මායාව 🌒
නවවන මායාව 🌑
දස වන මායාව 🌒
එකොළොස් වන මායාව 🌓
දොලොස් වන මායාව 🌔
දහතුන් වන මායාව 🌕
දාහතර වන මායාව 🌖
පහළොස් වන මායාව 🌗
දහසය වන මායාව 🌘
දාහත් වන මායාව 🌑
දහ අටවන මායාව 🌒
දහ නමවන මායාව 🌓
විසි වන මායාව 🌔
විසිඑක් වන මායාව 🌕
විසිදෙවන වන මායාව 🌖
විසිතුන් වන මායාව 🌗
Other stories

සයවන මායාව 🌖

509 156 12
By Ayaal_blue



අන්ධකාරයෙ රාත්‍රියක් නොහිතපු වෙලාවක අහින්සක ජීවිතයක් බිලි ගනිද්දි මුලු ලොකෙම නිහඬව බලන් හිටියා........

කාටවත්ම කිසි දෙයක් කරන්න බෑ . මොකද මායාවෙ රැජිනිය තාමත් අවධිවෙලා නෑ . ඇය එනකන් මේ අන්ධකාරය පරාජය වෙන්නෙත් නෑ. ඇගේ පැමිණීම පහසුවෙන්නෙත් නෑ...............

මායාවෙ රැජිනිය ........
මායාවක්ම වේවිද?.......
එය දන්නෙ කාලයම පමණයි.........
ඇගේ ආරක්ශකයා ඇයව ආරක්ශා කරයි ද?............
එයත් දන්නෙ කාලයාම තමයි.

.................................................................

උදේම ඉර තමන්ගෙ සැර කිරණ වලින් මුලු පළාතම කලේ හරියට ඊයෙ රෑ උන දේවල් මකන්න හිතාගෙන වගේ........

කොලේජ් එකට යන්න ලෑස්ති උන පිරිමි ලමයි දෙන්නෙක් සුපුරුදු පාරෙන්ම පිටත් උනා. විනෝදෙන් හිනා වෙවී ගිය අයගෙ හිනාව වැඩි වෙලාවක් තිබුනෙ නෑ....... ටික දුරක් යද්දි දෙන්නා දැක්කෙ පාරෙ මුනින් අතට වැටිල ඉන්න ගෑනු කෙනෙක්ව. දෙන්නම හෙමින් හෙමින් ලන්වෙද්දි තමයි දැකෙ ඒ සම්පූර්ණ පැත්තෙම බිම රතු පාටින් පාට වෙලා තියෙනව. තවත් තප්පර ගානක් යද්දි පලාතටම ඇහුනෙ කොල්ලො දෙන්නෙක් ගිරියටින් කෑගහන සද්දෙ.

----------------

ඇඟේ අමාරුවටත් එක්ක හේසොක් අද නිවාඩුවක් දැම්ම. ඒත් කොල්ලට අට වෙනකන් වත් නිදාගන්න බැරි උනේ ජින් දොර කඩන්න වගේ දොරට ගහගෙන ගහගෙන ගිය නිසා.

"මොකද මිනිහො දොර ගලවන්න හදනවද. මේක උබෙ අම්‍මගෙ අප්පගෙ බූදලේ කියල හිතුවද . මාසෙකට විතර ඇතුලට දානව දැනගනින්. බූරුවා මගෙ නින්දත් කැඩුව.උබෙ මොලේ වැඩිල නැද්ද දොරකට මෙහෙමත් ගහනවද
................. ආ......... ජි......න්....."
ඇසුත් පොඩි කර කර ආපු හේසොක් කව්ද ඉන්නෙ කියලවත් නොබලම බැනගෙන ගියා. ඒත් ජින්ව දැකපු ගමන් කට පියා ගත්තා..

ජින්ට නන් හේසොක් කියපු කිසි දෙයක් ඔලුවට ගියේ නෑ. මොකද ජින් හිටියෙ ඔලුව ගිනි අරගෙන. මොකද සිද්ද වෙලා තිබුනෙ හොඳ දෙයක් නෙමෙයි.

" නින්ද නෙමෙයි බන් ඉක්මනට යමන් ...... ඊයෙ අපි ඇවිදපු කිට්ටුවම තවත් කෙල්ලෙක්ව මරල දාලා."
ජින් කිව්ව දේ නිසා හේසොක් ගෙ නින්ද පස්සෙ දොරෙන්ම පැනල ගියා.

" මොකක් කීයටද........."

"දන්නෙ නෑ මමත් තාම එතනට ගියේ නෑ බොඩි එක අයින් කරන්න කලින් යමන් එතන ටිකක් බලන්න."

හේසොක් අතට අහූන එකක් ඇඳගෙන ජින් එක්ක පිටත් උනේ මූනවත් හෝදගන්නෙ නැතුව.

ඒවෙනකොටත් පොලිසියේන් කාටවත් එතනට යන්න බැරි වෙන්න එතන වට කරල තිබ්බ. ඒත් ආරන්චියට සෙනග එතන වට වෙලා. හේසොකයි ජිනුයි එතනට යනකොටත් ජිමින් වගේම සොන්ග් පරීක්ෂකත් ඇවිත් හිටියා.

" මොකද තත්වෙ?"
හේසොක් කෙලින්ම ඇහුවෙ සොන්ග් පරීක්ෂකගෙන්. එත් මනුස්සය මුකුත් නොකිය හේසොක් ගෙ මූන දිහා බලන් හිටියා. මනුස්සයගෙ මූන සුදුමැලි වෙලා තිබ්බෙ හරියට හොල්මනක් දැකල වගේ. ජිමින් හෙමිහිට හේසොක්ට ලන් උනා.

" සර් සොන්ග් නිලදාරීතුමා බොඩි එක බලපු වෙලාවෙ ඉදලා ඔහොම්මමයි."

" හ්ම්ම්............. කලින් පාර වගේ  එකක්ද ජිමින්"
ජින් ඇහුවෙ හේසොක් කන්න වගේ සොන්ග් පරීක්ෂක දිහා බලන් ඉන්න අතරෙ.

"සොරි සම්බෙ....... මේ මමත් තාම බලන්න ගියේ නෑ බොඩි එක. කට්ටිය කියන විදිහට මේක ටිකක් වෙනස් ලු"

හේසොක් තවත් විනාඩියක් වත් එතන නොඉද මිනිය තිබුන තැනට ලන් උනා. මිනිය වටේටම තිබ්බ බිම රතු පාට වෙලා තිබ්බෙ ලේ වලින්. කට්ටියටම මිනිය ලගට යන්න උනෙත් ඒ ලේ වලින් රතුපාට උන පොළොව උඩින්.........

හේසොක් පාත් වෙලා මිනිය වහල තිබ්බ සුදු රෙද්ද අයින් කලා. එක පාරටම ජිමින් අතින් කටත් වහගෙන වෙන පැත්තකට දිව්ව. කොල්ල උදේට කාපුව විතරක් නෙමෙයි ඊයෙ රෑට කාපුවත් එලියට දැම්මෙ ලඟ තිබ්බ තාප්පයක් අල්ලගෙන.

ඒ මිනිය දිහා තවත් බලන් ඉන්න බැරි කමට ජින් අහක බලාගත්තා. හේසොකත් මිනිය දැකලා ගැසිලා ගියා..............

කෙල්ලගෙ පපුවෙ අඟල් පහක හයක විතර ලොකු හිලක් තිබ්බ...අත පය නොපිටට ඇඹරිලා...... කෙල්ලගෙම ලේවලින් කෙල්ලගෙ ඇඳුම් තෙත් වෙලා. එයා මැරිලත් තාමත් ඇස් ඇරගෙන. ඒ දර්ශනේ දකින ඕනම කෙනෙකුට පිලිකුලක් වගේම බයකුත් ඇති වෙන එක සාමාන්‍යයි.

ටිකක් වෙලා එහෙම්මම හිටපු හේසොක් හෙමිහිට මිනිය හොඳට බලන්න ගත්තා..... කොල්ල මේ වගේ මිනියක් දැකපු පළවෙනි වතාව මේක. අමාරුවෙන් උනත් හේසොක් තමන්ගෙ ජොබ් එක කලා. කෙල්ලගෙ පපුවෙ තිබ්බ හිල යන්තන් අතින්ම මැනල ජින් දිහාවට හැරුනා.

" සතෙක්වද්ද හේසොක්" ජින් ඇහුවෙ කොල්ල මොනාහරි දෙයක් හොයාගත්තා කියල හිතුන නිසා.

" හරියටම හිතාගන්න බෑ. හැබැයි මේක පිහියක් වගේ ආයුදේකින් කරපු එකක් නෙමෙයි. අපි පෝස්ට්මෝටම් එකේදි බලමු."
හේසොක් නැඟිට්ටෙ තවත් පාරක් හිතන්නවත් බැරි තරම් දරුණු ඉරනමක් ලිය උනු ඒ අහින්සකී දිහා බලලා.

පොලිසියෙන් මිනිය පාරෙන් අයින් කරල අරගෙන ගියා. පාර පුරා ඇදලා තිබ්බ කහ පටිත් අයින්කලාට පස්සෙ සාමාන්‍ය මිනිස්සුන්ට පාරෙ එහා මෙහා යන්න ලැබුනා. එත් තාමත් ඒ බිම රතු පාටයි.........

.............................................................

මේ වෙනකොට ජූහි සේඕ හේසො
තුන්දෙනාම මේසෙට වාඩි වෙලා
ගොඩක් ලොකු කතාවක හිටියෙ.

" ඔය ඇත්තමද හේසෝ....... ඇත්තටම අපේ වෝල් එයාගෙ  බලය පාවිච්චි කලාද?"
සේඕ අහද්දි ජූහිත් හේසො දිහාම බලන් හිටියා... මේ දෙන්නා තාමත් ඉන්නෙ පුදුමෙන් ඇස් දෙක ලොකු කරන්.

"ඔව් අනේ දැන් මම කීපාරක් කිව්වද ඕක. අපේ හොල්මනගෙ ලඟට ඒ කොල්ල ආව විතරයි වටේම ගස් වල මල් පිපෙන්න ගත්තා. නිකන් ෆිල්ම් එකක් වගේ........... හොඳ වෙලාවට වෙන කවුරුත් දැක්කෙ නෑ."
හේසෝ කිව්වෙ අතින් පයින් වැඩ ටිකක් පෙන්නන ගමන්.

" එක පාරටම කොල්ලෙක් ලඟට ආවහම කෙල්ලගෙ හිත ගැස්සෙන්න ඇති ඒකයි." ජූහි කිව්වෙ කැත හිනාවක් මූනට දාගෙන.

" ඒත් ඒක මොන වගේ බලයක්ද. ඔන්නි ඔයා හිතන්නෙ අපේ වෝල්ට තියෙන්නෙ මොන මට්ටමෙ බලයක් කියලද" ඒ පාර ප්‍රශ්නයක් ඇහුවෙ සේඕ.

" තාමත් අපිට ඒ වගේ දෙයක් ගැන හිතන්න කල් වැඩී. මේක තමයි එයාගෙ බලය ක්‍රියාත්මක උන පළවෙනි වතාව.... අපි බලන් ඉමු ටික කාලෙකින් දැනගන්න පුලුවන් වෙයි හැමෝටම." ජූහි එහෙම කිව්වත් එයාගෙ හිතෙත් තිබුනෙ මේ ප්‍රශ්නෙම තමයි.

" ආ කියන්න අමතක උනානෙ මට අර කොල්ලගෙ පැත්තට ගිය ට්‍රක් එක වෝල් නැවැත්තුවා තප්පර ගානකට ඒත් වැඩි වෙලාවක් තිබ්බෙ නෑ."  හේසොට ඇත්තටම මෙ ටික කලින් කියන්න අමතක වෙලා තිබ්බ.

" ඔන්නි ඔයාට මතකද අපේ වෝල් ඉපදුනු දවසෙ පූජක වරිය කිව්ව අනාවැකිය." සේඕ මතක් කලේ හැමෝම කාලයක් තිස්සෙ අමතක කරන්න හදන දෙයක්. ඒ වචන ටික කෙල්ලගෙ කටින් පිට වෙද්දිම ජූහි සේඕගෙ කට අතින් වැහුව.

" නවත්තගන්නව......අමතකද අපි ඔම්මට පොරොන්දු උනා කවදාවත් ඒක ගැන කතාකරන්නෙ නෑ කියල." ජූහි හෙමින් ඒත් කේන්තියෙන් මිමිනුව. කෙල්ලගෙ ඇස් කොල පාටින් දිලිසෙනව....... කේතියට.......

" එහෙම පොරොන්දු උනත් අපිට ඉක්මනටම ඕක ගැන වෝල්ට කියන්න වෙයි. " හේසො කිව්වෙ ජූහිගෙ අත උඩින් තමන්ගෙ අත තියන ගමන්.

හැමෝම වොන්වු ගැන නොකියපු රහසක් තිබ්බ. කවුරුත් කිසි වෙලාවක කතා කරන්නත් බය උන රහසක්.
..............................................................

මේ වෙනකොටත් වොන්වු හිටියෙ කැෆේ එකේ පුටුවක වාඩි වෙලා. අද කස්ටමර්ස්ල අඩු නිසා කෙල්ල ටිකක් නිදහසේ හිටියා........
යුනි එකේ ලෙක්චර්ස් නැති දවසට වොන්වු ටවුන් එකෙ තිබ්බ පොඩි කැෆේ එකක පාර්ට් ටයිම් ජොබ් එකක් කලා. පොකට් මනී වලට. මොකද හැමවෙලාවෙම අක්කලගෙන් සල්ලි ඉල්ලන්න වොන්වුගෙ වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ. මොකද මතක ඇතිකාලෙ ඉදල කෙල්ලගෙ හැමදේම කලේ අක්කලා තුන්දෙනා. එයාලා ඉගෙනගන්න කාලෙත් පාර්ට් ටයිම් ජොබ්ස් තුන හතර කලා සල්ලි හොයන්න. කෙල්ලො තුන්දෙනා කිසි අඩුවක් පාඩුවක් නොකර වොන්වුව හදන්න ගොඩක් මහන්සි උනා.  වොන්වුට අම්ම තත්තා ගැන ලොකු මතකයක් තිබ්බෙත් නෑ. එයාලා ගැන හැගීමක් තිබ්බෙත් නෑ. කෙල්ලට හැමදේම උනේ අක්කල තුන්දෙනා විතරයි........................

මේ වෙලාවෙ...........

එක පාරටම කැෆේ එකට කට්ටියක් ආව වගේ කෙල්ල ඇස් කොනට දැක්ක.

"ගුඩ් මෝර්නින්ග් ස.......ර්....." කෙල්ල හිටපු තනම නතර උනේ ආපු කට්ටියව දැකල. කට්ටියව කිව්වට ඒ කෙනාව දැකලා.......

තාමත් සුදුමැලි වෙලා ඉන්න සොන්ග් පරීක්ශකයි වමනෙ දාලා දාලා හෙම්බත් වෙලා ඉන්න ජිමින්ටයි බොන්න දෙයක් අරන් දෙන්න හිතාගෙන කට්ටියම කැෆේ එකට ආව. ඉස්සර වෙලා ආවෙ හේසොක් ....... කොල්ල කැෆේ  එකේ දොරත් ඇරගෙන ඇතුල එන කොටම දැක්කෙ තමන්ට ආචාරකරන්න දෙකට නැවිල හිටපු වොන්වු ව. හේසොකත් එතනම ගල් උනා.... දෙන්නට දෙන්න ගෙ ඇස් එකට මුනගැහුන මොහොතෙම ලඟ පෝච්චියක තිබ්බ එක මලක් වත් මේ වෙනකන් ඇවිල්ල නැති උන රොස ගහේ මල් පෝලිමට පිපෙන්න ගත්තා.

හේසොක් ඇතුලට යන්නෙ නැති තැන ජින් කොල්ලවත් තල්ලු කරගෙන ඇතුලට ආවෙ තව ටිකක් හිටියනන් ජිමින් පන  නැතුව බිමට වැටෙන නිසා.........

"  වෝල්......."
ජින්ගෙ කට හඬටයි හේසොකාට දාපු තල්ලුවටයි දෙන්නගෙ බාවනාව බිඳිලා ගියා................

"ඔ......ප්......ප මේ මොකද?"
කෙල්ල ඇහුවෙ ජින්ගෙ ඇඟට හේත්තු වෙලා ඉන්න ජිමින්ව දැකලා.

" ආ මේ........ ජිමින්ට පොඩ්ඩක් සනීප නෑ වගේ . අපිට වතුර එකක් දෙන්නකො වෝල්."
ජිමින් දිහා කටත් ඇරගෙන බලන් හිටපු කෙල්ල එක පාරටම හැරිල ඇතුලට ගියා.

සොන්ග් පරීක්ශක කිසි කතාවක් නැතුවම ගිහිල්ල පුටුවක වාඩි උනා. ජිනුත් ජිමිනව එක්ක ඇවිත් වාඩි කරා. හේසොක් නන් තාමත් කෙල්ල ගිය පැත්තම බලාගෙන ඉන්නව. කොල්ලට හොඳටම දැනුනෙ මොකක් හරි හේතුවකට තමන්ගෙ හිත කෙල්ල ලඟට ඇදිලා යනව කියල විතරයි. හිතුවක්කාර මොලේ එහෙම නොකර ඉන්න කියල කොච්චර කිව්වත් හේසොක්ට කෙල්ල ගැන නොහිත ඉන්න හිත හදාගන්න බැරි උනා

වොන්වු ආපහු ආවෙ වතුර වීදුරු හතරකුත් අරගෙන.කට්ටියම වතුරටික එක හුස්මර බීලා ඉවර කලා.

" ඔප්ප මොකද උනේ ඇයි හැමෝම මූනු කළු කරගෙන ඉන්නෙ"
කෙල්ල ඇහුවෙ හැමෝම හොඳ හුස්මක් එහෙම අරගත්තට පස්සෙ.

" නෑ වෝල් මෙ පොඩි කේස් එකක්... කෙල්ලෙ අපිට කැපචිනො හතරක් ගේනවකො"
ජින් කොහොමටවත් අද දැකපු දේවල් කෙල්ලට කියන්න ගියේ නෑ .  හේසොකා මේ මුලු වෙලාවෙම හිටියෙ බිම බලාගෙන. ඔලුව උස්සල කෙල්ල දිහා බලන්න ඕනෙ උනත් කොල්ල නිකමටවත් බැලුවෙ නෑ.  කොල්ලගෙ හිතයි මොලෙයි මේ වෙලාවේ උතුරු කොරියාවයි දකුණු කොරියවයි වගේ ඇවිලෙනව. කෙල්ල තවත් මුකුත් අහන්නෙ නැතුවම ආපහු යන්න හැරෙනකොට හේසොක් කෙල්ලට කතාකලා.

" තව වතුර එකකුත් ගේන්න"

වොන්වු ටිකක් වෙලා හේසොක් දිහා බලන් ඉදලා ඇතුලට ගියා. කොල්ලගෙ ආඩම්බර කම ඉස්සරහ කෙල්ලට කේන්හි ගියත්..... නොදන්න හේතුවකට ඒ රූපෙ කෙල්ලව සන්සුන් කලා.

" හේසොකා මේක කලින් ඒවට වඩා වෙනස්නෙ.... ඔයා මොකද හිතන්නෙ මේක ගැන"
කෙල්ල එතනින් ගිය ගමන් ජින් කේස් එක ගැන කතා කරන්න පටන් ගත්ත

" මේක කලේ සතෙක් වෙන්න බැරිද ? කොටියෙක් වලහෙක් වගේ......." ජිමින් අමාරුවෙන් ඔලුව උස්සල කිව්ව.

" කොටි වලස්සු කොහෙද මෙහෙ ජිමින්. මේ නගරෙ ඇතුලෙ ඔහොම දෙයක් කරන්න තරන් ඉන්නෙ කකුල් දෙකේ සතෙක්ම තමා . " හේසොක් කියනකොට හැමෝම ටිකක් කල්පනා කලා.

" සර්...... මම මේ කියන්නෙ මගෙ ආච්චි කියපු දෙයක්. ඇත්තටම මම පොඩි කාලෙ එයා පරන කාලෙ උනු කතා කියනව මට..... ඇත්ත නැත්ත මම දන්නෙ නෑ........ ඒත් එයා එක පාරක් මේ වගේ දෙයක් ගැන කියල තියෙනව."
මෙච්චර වෙලා කට පියාගෙන හිටපු සොන්ග් පරීක්ශක අන්තිමට කතා කරන්න පටන් ගත්තා.

එක පාරටම සොන්ග් පරීක්ශක කියපු දේට කට්ටියම එයාගෙ පැත්තට හැරුනා.

" මොකද්ද ඒ.........?" හේසොක් ඇහුවෙ නලලත් රැලි කරගෙන.

" මේකයි මේක ගොතපු කතාවක් වෙන්නත් පුළුවන් ඇත්තටම...... ලොකු වෙද්දි මම හිතුවෙ එහෙමයි මේ කතන්දර ගැන...."

මනුස්සය කියන්න යන දේ අහගන්න ජින්ට තිබ්බෙ පුදුම හදිස්සියක්.

" ඉස්සෙල්ල ඕක කියන්නකො සොන්ග් නිලදාරීතුමා ."

" හරි මේකයි මගෙ ආච්චි කියපු කතන්දර වල හැටියට කාලෙකට කලින් මායා කාරියක් හිටියලු. එයා එයාගෙ බලය වැඩි කරගන්න කියල කන්‍යාවියො දොළහක් බිලිදුන්නලු....... "

" ඉතින් ඔය කතාවටයි අද උන මිනීමැරුමටයි තියෙන සම්බන්දෙ මොකද්ද " හේසොක් එකපාරටම එහෙම ඇහුවහම ජිමින් පුදුම උනා. මොකද කොල්ල ඒක ඇහුවෙ හරියට සොන්ග් පරීක්ශක කියපු දේ විස්වාස කලා වගේ මූඩ් එකකින්. ඒත් හේසොක්ගෙ මේ හැසිරීමට ජින් පුදුම උනේ නෑ. මොකද ජිමින් නොදන්න දෙයක් ජින් දැනගෙන හිටියා.........

" මෙහෙමයි ආච්චි කියපු විදිහට ඔය කාලෙදි අද උනා වගේ දේවලුත් වෙලා තියෙනවලු "

" ඒ කිව්වෙ?..........."

" අ.............ම්........... ඒ මායාකාරි තමන්ගෙ අතින්ම මිනිස්සුන්ගෙ හදවත් ගලවල ගත්තලු......... විස්වාස කරන්න බෑ නේ..... මාත් හිතන්නෙ ඕකෙ ඇත්තක් නෑ. මම මේ නිකන් මතක් උනාට කිව්වෙ....." සොන්ග් පරීක්ශක අන්තිම ටික කිව්වෙ ගොන් හිනාවකුත් දාලා.

මේ කතාව ඇහුවට පස්සෙ ජින් වගේම හේසොකත් ලොකු කල්පනාවකට වැටුනෙ ඇත්තයි මිත්‍යාවයි අතරෙ අතරමන් වෙවී........  ටිකකින් වොන්වු කැපචිනො හතරකුයි වතුර එකකුයි අරන් ආව.

හේසොක් කල්පනා ලොකෙන් බිමට බැස්සෙ ලස්සන ඇඟිලි තියෙන අතක් එයාගෙ ඉස්සරහින් කැපචිනෝ එකක් තියනකොට.... ඒ අතේ හරි ලස්සන බ්‍රේස්ලට් එකක් තිබ්බා. කොල්ල ඒක දිහා බලන් ඉද්දි ඊලගට දැක්කෙ ඒ අතේ මැණික් කටුව ලඟ තිබුන රත්තරන් පාට ටැටූ එකක්..... හරිම අමුතු ටැටූ එකක් උන ඒක කොහේදි හරි දැකල තිබ්බ වගේ හැඟීමක් හේසොක්ට ආවා.

..................................................................

😁😁😁😁😁

Continue Reading

You'll Also Like

4.6K 1.4K 11
ආදරය දැනුනු ප්‍රේමය හැඟුණු තැන නතරවෙන්න..🥀 "ඔයාගේ අතීතෙවත් අනාගතේවත් මම ම වෙන්න ඕන නෑ සොක්ජින් මන් ඔයාගේ වර්තමානේ උනාම ඇති... හොඳටෝම ඇති.." දැන් ඔහො...
3.6M 535K 118
Title - Legendary Phoenix Book cover by Narcissus A beautiful romance story of God of Phoneix and extremely handsome God of Dreams ~♥~ Type- OWN CRE...
239K 20.6K 54
What's going on with savage male empress Ru Ru from heaven ? MAHARVERSE SEASON 2|| START DATE - June 26 2023 END DATE - May 9 2024