The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]

By Twinkle_Strawberry

38.5K 5.5K 1.2K

"මම තමුන්ගෙ බොස්....!" A short story.... [සිංහල] ________________ Intro - 1 Chapters - 11 More

Idea
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11 (Final)

Chapter 5

2.7K 455 105
By Twinkle_Strawberry

#TheBoss

ඕරා කෑ ගහගෙනම ඇඳේ හරස් අතට කොට්ටෙකුත් බදාගෙන බ්ලැන්කට් එක අස්සෙ හොඳට ගුලි වෙලා ඕරාගෙ ඇඟට කකුලකුත් දාගෙන සැප කනේ තියාගෙන නිදන් හිටිය ජිමින්ට හොඳවැයින් පයින් පාරක් ඇදලා ඇරියා. ඒ ශොට් එකට දඩස් ගාලා බදන් හිටිය කොට්ටෙත් එක්කම ඇඳෙන් බිමට වැටුන ජිමින් අහස කඩන් වැටුනා වගේ බය වෙලා හතර අතේ ඔලුව කැරකෙව්වෙ උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. ඊටපස්සෙ තමයි කොල්ලා දැක්කෙ ඕරා ඇඳේ එහා කොනේ බ්ලැන්කට් එකෙන් පපුවත් වහගෙන බය වෙලා වගේ එයා දිහා බලන් ඉන්නවා.

"යාහ්හ්හ්... මං තමුන්ගෙ බොස්..."

ඒ වෙලාවෙ තමයි ඕරාත් හරියටම ලඟ හිටිය කෙනාගෙ මූන දැක්කෙ

"තමුසෙ.... බොස් ඉන්න ඕනෙ ඔෆිස් රූම් එකේ මිසක් ඇඳේ නෙවෙයි.... වනචරයා..."

ඕරා යටි ගිරියෙන් කෑ ගහලා ලඟ තිබ්බ කොට්ට දෙකෙනුයි තව නයිට් ටේබල් එක උඩ තිබුන අතට අහු වෙන හැම එකෙන්මයි බිම ඉඳන් හිටිය ජිමින්ට දමලා ගැහුවා

"යාහ් යාහ්හ්හ් රිදෙනවා ගෑනියේ..."

කියාගෙන ජිමින් නැගිට්ටා විතරයි... ඕරා යකෙක් දැක්කා වගේ බය උනා. කෙල්ලගෙ ඇස් දෙක නලලෙ

ඕරාගෙ බය වෙච්ච මූන දැකලා ජිමින් කෙල්ලගෙ ඇස් තිබ්බෙ කොහෙද බලන්න පහල බැලුවා

"හුටා..."

ජිමින් හරියට මේ දැන් ඉපදිච්ච පොඩි එකෙක් වගේ. ඇඟේ නූල් පොටක් නෑ. ක්ශනිකව රතු වේගෙන ආව කොල්ලා ඉක්මණට බිම තිබිච්ච ඊයෙ රෑ ගලෝලා විසි කරපු බාත් රොබ් එක අරන් ඇඳගත්තා

"වල් සතා...."

ජිමින් රොබ් එක ඇඳගත්තට පස්සෙ ආයෙම පියවි සිහියට ආව ඕරා නයිට් ටේබල් එක උඩ ඉතුරු වෙලා තිබුන එකම දේ වෙච්ච නයිට් ලෑම්ප් එකත් ඇදලා ගත්තෙ ජිමින්ට කෙලලා අරින්න. ඒ උනාට වහා ක්‍රියාත්මක උන ජිමින් ඉක්මණට ඇඳට පැනලා ඕරාගෙ අතේ තිබුන ලෑම්ප් එක ආපහු ටේබල් එක උඩින් තියලා ඒ අත ඕරාගෙ ඔලුවට උඩින් ඇඳට තියලා තද කරගත්තා. කෙල්ලට ඒ අත ගලවගන්න ඕන උන නිසා මෙච්චර වෙලා බ්ලැන්කට් එකෙන් පපුව වහන් හිටිය අනිත් අතින් බ්ලැන්කට් එක අතෑරුනා. ඒ වේගෙන්ම ජිමින් ඕරාගෙ ඒ අතත් ඔලුවට උඩින් ඇදට තියලා තද කරගත්තා

දැන් ජිමින් ඉන්නෙ ඕරාගෙ ඇඟ උඩ වගේම ඕරාගෙ පපුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නිරාවරණය වෙලා. ඕරා හිටියෙ ලැජ්ජාවට ඇස් දෙකම තදින් වහගෙන

ජිමින් ඕරාගෙ රතු වුනු fluffy මූන දිහා ටික වෙලාවක් හිනා වෙවී බලන් ඉඳල හිමීට කෙල්ලගෙ තොල් එයාගෙ තොල් වලින් අල්ලගනිද්දි ඕරා තවත් තද කරලා ඇස් වහගෙන අත් දෙකේ ඇඟිලි ගුලි කරගත්තා

ඇස් පියාගෙනම ඕරාගෙ සොෆ්ට් ලිප්ස් වල රස විඳලා හිමීට කෙල්ලගෙ නිකට දිගේ පහලට තොල් අරන් ගිහින් පපුව උඩින් තොල් තද කරන් හිටිය ජිමින් ඔලුව උස්සලා බැලුවෙ ඕරා චුරුස් ගාලා නහය උඩට අදිනවා ඇහෙද්දි

ඕරාගෙ ඇස් වලින් කඳුලු වැටිලා කොට්ටෙ දෙපැත්ත තෙත් වෙලා

"හේ.... ඇයි මේ"

ජිමින් ඉක්මණට ඕරාව අතෑරලා කෙල්ලගෙ පැත්තකින් හාන්සි වෙලා කෙල්ලව පපුවට තුරුල් කරගත්තා

"ඇයි දැන් අඬන්නෙ. ඔයාමයි එවලෙ මාව ඕනෙ කිව්වෙ ඔන්න මං නම් මුකුත්ම දන්නෑ"

ජිමින් හරිම සන්සුන්ව බබා වගේ කිව්වා

"මොකක්ක්ක්.... මං කිව්වෙ නෑ මට තමුන්ව ඕනෙ කියලා"

ටික වෙලාවක් ජිමින්ගෙ පපුවට මූන ඔබාගෙන අඬ අඬ හිටිය කෙල්ල ආයෙම ඔලුව උස්සලා යක්ශ වර්ශන් එකට කන්වර්ට් උනා

"මොකද නැත්තෙ... මං ඇහුවම මාව ඕනද කියලා තමුන් කිව්වෙ Yes DADDY..... කියලා"

ජිමින් ඩැඩී කෑල්ල ටිකක් බර කරලා කිව්වම ඕරාට කොට්ටෙ මූන ඔබාගෙන හුස්ම හිර කරගෙන මැරෙන්න හිතුනා. කෙල්ලට මතකයි ඊයේ රෑ වෙච්ච හැම දෙයක්ම. හැමදෙයක්ම කිව්වෙ අකුන ගහපු වෙලේ ඉඳලා හැම දෙයක්ම. මොකද එවලෙ කෙල්ලගෙ වෙරි බාගෙට බැහැලනෙ තිබුනෙ. ඒත් දැන් ඕවා මතකයි වගේ හැසිරෙන්න ගියොත් ආත්මගරුත්වෙ රෙද්ද පල්ලෙන් බේරෙයි. ඒ නිසා කෙල්ලට දැන් සෙකන්ඩ් වෙන්නත් බෑ. ඒම උනොත් ජිමින් ඕක අල්ලගෙන හැමදාම නෝන්ඩි කරනවා

"ඒ... ඒ මං එවලෙ හිටියෙ හොඳ සිහියෙන් නෙවෙයි. තමුන් දන්නැද්ද කෙල්ලෙක් අසිහියෙන් ඉද්දි කියන කරන දේවල් ඇත්තටම නෙවෙයි කියන්නෙ කරන්නෙ කියලා"

"නැහ්... මං කලින් එහෙම අසිහියෙන් ඉන්න කෙල්ලො දැකලා තිබ්බෙ නෑනෙ. ඒකත් මගේ ඇඳ උඩම... fully naked..."

ජිමින් යටි තොල හපාගෙන මහ කෑදර විදිහට ඕරාගෙ මූන දිහා බලන් කිව්වා

"වනචර දුස්ටයා...."

ඕරා ජිමින්ගෙ පපුවට හයියෙන් ගහලා බ්ලැන්කට් එකත් ගුලි කරගෙන නැගිටින්න හැදුවට කෙල්ලව ආයෙම ඇඳේ ඉන්ද උනේ ජිමින් බ්ලැන්කට් එක උඩ පෙරලිලා හිටිය නිසා

"හික්ස්ස්..."

කෙල්ල ආයෙ ඇඳට වැටෙනව දැකලා ජිමින්ට බකස් ගාලා හිනා ගියා

"මෙන්න මෙහාට එනවා. ඕවා පෙන්නලා ආයෙම මාව අවුස්සගත්තොත් තමුන්ට සතියක් යනකම් ඇවිදගන්න බැරි වෙයි"

ජිමින් ඕරාගෙ ඉනෙන් ඇදලා අරන් අත්දෙකම කෙල්ලගෙ ඇඟ වටේ ඔතාගෙන ඕරාගෙ නිරුවත් උරහිස උඩින් සීතල හාදුවක් තිබ්බා. ඒ හාදුවට ඕරාව වෙව්ලලා ගියා

"ඕරා....."

ජිමින් ඕරාගෙ උරහිස උඩින් නිකට තියාගෙන කෙල්ලට කතා කලා

"ඔයාට මාව අඳුරගන්න බැරිද"

"අපෝ පුළුවන්. මොකද මට බැරි. තමුන් මහ දුස්ට ගෑනු පෙරේතයෙක්. එහාට වෙනවා මට යන්න දීලා. වල් සතා..."

ඕරා ගස්සගෙන කොහොමහරි බ්ලැන්කට් එකත් ඇදලා අරන් ඇඟ වටේ ඔතාගෙන බාතෲම් එකට රිංගගත්තා

කෙල්ලගෙ වර්ණනාව ඇහිලා ජිමින් හිටියෙ හරියට වාහනේකට යටවෙච්ච පීච් ගෙඩියක් වගේ

"ගෑනු පෙරේතයා... මේ මං.... Trusfrated......"

ජිමින් නලලෙ රැලි ටික අතගගා කිව්වා

ඕරා ගියාට පස්සෙ ඇඳෙන් නැගිටලා රූම් එකෙන් එලියට යන්න හැදුව ජිමින් අහම්බෙන් වගේ නැවතුනේ ඊයෙ රෑ ඕරාගෙත් ජිමින්ගෙත් උනුසුම් එක්වීමේ සලකුනු එහෙමත් නැත්තන් ඕරාගෙ පිවිතුරු බවේ සලකුනු බෙඩ්ශීට් එක උඩ අමුතු රටාවක් මවමින් සනිටුහන් වෙලා තියෙනවා දැකලා. ඒ සලකුනු දැක්කට පස්සෙ ජිමින්ට ආඩම්බරයක් සතුටක් වගේම පුංචි දුකකුත් ඇති උනේ එයා ඕරාට රිද්දන්න ඇති කියලා හිතිලා. ඉක්මණට ඒ බෙඩ් ශීට් එක ඇදලා අරන් පිලිවෙලට නවලා ක්ලොසෙට් එකේ කොනකින් පරිස්සමට තිබ්බෙ ඒ මතක සටහන් ජිමින්ට ගොඩක් වටිනවා කියලා දැනුන නිසා

...........................................................

ඕරා වොශ් එකක් දාන් ටවල් එකත් පපුවට තද කරලා ඇඳගෙන බාතෲම් එකෙන් එලියට ඔලුව විතරක් දාලා රේඩාර් එක වගේ කරකෝලා බැලුවෙ ජිමින් පේන්න ඉන්නවද කියලා. කෙල්ලට ඇඳුමක් ගන්න අමතක වෙච්ච හින්දා කෙල්ල හැදුවෙ ජිමින් දකින්න කලින් ජිමින්ගෙ ක්ලොසෙට් එකට රිංගලා ඇඳුමක් අරන් ඇඳගන්න

ජිමින් නෑ කියලා ටක්කෙටම කන්ෆර්ම් කරගත්ත කෙල්ල බාතෲම් එකෙන් එලියට ආවම දැක්කෙ බෙඩ් ශීට්ස් මාරු කරලා ඇඳ උඩ ඕරාගෙ වගේ ඩබල් සයිස් හූඩි එකකුයි සුදුපාට ශෝර්ට් එකකුයි දාලා තියෙනවා

කෙල්ල ඇඳ ලගට ගිහිල්ලා හූඩි එක අතට ගනිද්දිම රූම් එකේ දොර ඇරගෙන ජිමින් කඩා පාත් උනා

"යාහ්හ්හ්...."

ඕරා යටි ගිරියෙන් කෑ ගහලා හූඩි එකෙන් පපුව වහගත්තා

"අහ්හ්හ් ඕවා වහගන්න කරදර වෙන්න ඕන්නෑ. මං ඕව දැකල තියෙනවනෙ"

ජිමින් ගානක් නැතුව එහෙම කියාගෙන රූම් එක ඇතුලට ආවා. ඕරා ටවල් එක පිටින් ඉන්නවා දැක්කම කොල්ලව ඇතුලෙන් ඇවිස්සීගෙන ආවෙ නෑ කිව්වොත් බොරුවක්. ඒත් ඔව්වා හැමතිස්සෙම පිට දාන්න ගිහිල්ලා ඕරාගෙන් කුනු කතා අහන්න බැරි නිසා කොල්ලා තමන්ව කන්ට්‍රෝල් කරන් හිටියෙ

ජිමින් කිසිම ගානක් නැතුව ඩ්‍රෙසින් ටේබල් එකේ ලාච්චුවක් ඇරලා වොච් එක අරන් දාගෙන බොඩි ස්ප්‍රේ එකත් අරන් එයාගෙ ඇඟ පුරාමයි රූම් එක වටෙයි තව එයා දිහා අමුවෙන් හම ගහලා කන්න වගේ බලන් ඉන්න ඕරාගෙ වටෙයි ස්ප්‍රේ කරලා බොට්ල් එක ටේබල් එක උඩින් තියලා කන්නාඩිය දිහා බලාගෙන කම්මුල් දෙකට අත් දෙකෙන් තට්ටු කරලා පොඩි එකෙක් වගේ විරිත්තලා ආපහු හැරුනා. කොල්ලා කන්නාඩියෙන් ඕරා දිහා බලලා ඇහැක් එහෙමත් ගහන්න අමතක කලේ නෑ

ජිමින්ගෙ මේ විකාරකාර හැසිරීම දිහා ඕරා රවාගෙන බලන් හිටියෙ කොල්ලා රූම් එකෙන් එලියට යනකන්

ජිමින් දොර ලඟටම ගිහිල්ලා ආපහු හැරෙනවා දැක්කම ඕරාගෙ ගඟේ මාලු ඇඟේ නටන්න පටන් ගත්තා

"අහ් බ්‍රෙක්ෆස්ට් රෙඩී...."

"මට ඕන්නෑ...."

ජිමින් කියලා ඉවර වෙනවත් එක්කම ඕරා ක්ශනිකව කෑ ගැහුවා

"ඉතින් ඕකට ඔච්චර කෑ ගහන්න ඕනයෑ. මං කිව්වෙ කෑම කන්න එන්න කියලා. ඔයාට කෑම කන්න බැරි නම් මොනාද.... කන්න ඕනෙ...."

"ඌහ්හ්හ්හ්හ්"

ජිමින් කැට් වෝක් එකෙන් අඩි තිය තිය පැනි හිනාවක් දාන් ඇහි බැමි දෙකත් උස්ස උස්ස ඕරාගෙ පැත්තට එද්දිම ඕරා එයා දාන් හිටිය ස්ලිපර් එකක් ගලෝලා උඩට ඉස්සුවා විතරයි ජිමින් කොහෙන් ගියාද නෑ

ජිමින් හූ තියාගෙන දුවනව දැකලා ඕරාට බඩ කොරවෙන්න හිනා. කෙල්ල ඉක්මණට හූඩි එකයි ශෝර්ට් එකයි ඇඳගෙන ජිමින් ඇරලා දාලා ගිය ඩ්‍රෙසින් ටේබල් එකේ ලාච්චුව වහන්න යද්දි දැක්කෙ ඒකෙ ඇතුලෙ දැකලා පුරුදු දෙයක් තියෙනවා

කෙල්ල ඉක්මණට ඒක අතට අරන් බැලුවෙ ඒ එයා හිතුව එකමද කියලා බලන්න

"මේ ඒක තමයි.... ඒත්.... මේක කොහොමද....."

ඕරා කල්පනා කර කර ඉද්දි එක පාරටම කෙල්ලට මතක් උනේ ජිමින් එයාව අඳුරගන්න බැරිද කියලා අහපු එක

ඕරා නොදැනුවත්වම එයාගෙ ඇහැකින් කඳුලක් ගලන් ඇවිත් ඊලඟ මොහොතෙ කෙල්ල කඩාගෙන බිඳගෙන රූම් එකෙන් එලියට දිව්වෙ ජිමින්ව හොයාගෙන

ජිමින් හිටියෙ පහල කිචන් එකේ එයාගෙ අතින්ම ඕරා වෙනුවෙන් හදපු හාට් ශේප් එකේ පෑන් කේක්ස් ප්ලේට් එකට serve කරන ගමන්

"චිම්......"

To be continued....
********************

හම්මෝ ඔන්න අමාරුවෙන් ටයිප් කලා
හරි අමාරුයි ලමයි උදේ ඉදන් මොනිටර් එක දිහා බලන් ඉදලා කැරකිල්ල වගේ ඒ මදිවට දවසම මවුස් එක අල්ලන් ඉඳලා අල්ලත් රිදෙනව 🤧😑💔
ඒ නිසයි අප් දෙන්න ලේට් වෙන්නෙ සමාවෙන්න හොඳේ

කියවන ලයික්/වෝට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි
සලන්හේඒඒඒඒඒඒ 😘😘😘💜️

පරිස්සමෙන් ඉන්න හැමෝම

මං #තරූ

Continue Reading

You'll Also Like

947 173 24
" එකම එක පොරොන්දුවක්වත් රැකගන්න බැරුව පරාජිතයෙක් විදිහට වෙන මිනිහෙක් කරන්නෙ නැති දෙයක් මන් කරනවා යුආරා.. පොරොන්දුව කැඩිලා ගිහින් උණුහුම මැකෙන්නත් ඉස්...
34.7K 4.7K 24
ඇය අහිංසක ආදරවන්තියක්...... ඔහු දගකාර ආදවන්තයෙක්..... පොරොන්දු රකින ආදර කතාවක්......
18K 3.4K 16
Don't copy my work 🚫 සිංහල JEON JUNGKOOK Beautiful love story.. jeon jungkook romance happy ending 😊❤️
488 143 5
ජෙනීගෙ ජීවිත කතාව, ලීසාගෙ ජීවිත කතාව , ජීසුගෙ ජීවිත කතාව , රෝස්ගෙ ජීවිත කතාව....මේ හැමෝගෙම ජීවිත කතාව..