ජංකුක් අවසිහියෙන් වගේ වාහනේ හොස්පිට්ල් එක ඉස්සරහ නවත්තලා එයාගෙ ඉස්සරහා දිහා හිස් බැලමකින් බලන් හිටියා...
එයාගේ ඇස් වලින් නොනවත්වා ගලපු කඳුලු නතර වෙලා..ඒ වෙනුවට ඒ ඇස්වල තිබ්බේ තේරුම් ගන්න බැරි වුනු බැල්මක්..
ඒ එක්කම එයාගේ ඉස්සරහ ජිමින් හිටිය දැන් ඉන්නවා වගේ එයාට හැමදේම මැවෙන්න ගත්තා...ජිමින් එක්ක හිටියේ අවුරුදු දෙකක් උනත් ජංකුක්ගේ මුලු ජීවිත කාලෙටම එයාගේ චිම් එයාගෙ හදවතේ නතර වුනා...
එතනට ආපු ටේ ජංකුක්වා වහනෙන් එලියට අරන් අඬ අඬම ජිමින්ගේ වෝඩ් එක ගාවට එක්කගෙන ගියා...
ජිමින්ගේ වෝඩ් එක ගාවට් ගෙනියනකන්ම ජංකුක් එක වචනයක්වත් කිව්වේ නෑ වගේම එක හෙලවීමක්වත් කරේ නැති තරම්...
"එක පාරට ආපු panic attack එකත් එක්ක shock එකෙන් එයාගෙ මොලේ නහරයක් පුපුරලා...i am sorry.."
ජංකුක්ට ඒ ටික ඇහුනේ හීනෙන් වගේ ඒ එක්කම එයාගෙ තොල් අතරින් වචනයක් මිමිනෙන්න ගත්තා...
"ජිමින්...ජිමින්....ජිමින්"
***************************