🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.7K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

24 කොටස

1.8K 376 36
By Sandee_96

හෙමිහිට ලං වෙලා බෝඩ් ටික එහා පැත්තට ඔලුව දැම්මහම මම දැකපු දෙයින් මාව පුදුම උනා..

" ජි....ජිමින්..."

මාව දැකලා ජිමින් අත් දෙකෙන් මූන පිහද පිහද ඉඳගෙන ඉදපු තැනින් නැගිට්ටා..

" ය්...ය්...යා...හ් මම හිතුවා මෙතන තමා ඇත්තේ කියලා....මම දන්නවනේ කොහේ ගියත් මෙතනට එනවා කියලා..."

ජිමින් මට මූණ දෙන්නෙ නැතුව මාව හොයාගෙන ආවා වගේ බොරුවට කියවගෙන ගියා..

"ජිමින්...."

බිම බලාගෙන නොනවත්වාම කියවන ජිමින් මම කතා කලත් ඔලුව උස්සලා බැලුවෙ නෑ..ජිමින් ඉඳගෙන ඉදපු තැන තිබුණු හිස් බියර් බෝතල් තුන දැක්කම මට හැමදේම තේරුණා..

" ජිමින්...හැමදාම මේකද උනේ...? "

මම ජිමින්ගේ උරිස්සට අතක් තියලා අහනකොට ජිමින් එකපාරටම එයාගේ මූන එක අතකින් වහගෙන බිත්තියට හේත්තු වෙලා බිත්තිය දිගේ රූටලා බිම ඉදගත්තා...

" මියන්හේ ජිමින්....මියන්හේ....මම ආත්මාර්තකාමි උනා...මම හැමදාම හිතුවේ මගේ වේදනාව ගැන.ඒත් මට ඔයාගේ වේදනාව තේරුම් ගන්න බැරි උනා..."

" අ...අනී...අනී....ඒක JK ගෙ වරදක් නෙමෙයි...ඒක මගේ වරදක්...අනිත් අය ළඟ මම කොච්චර හිනා වෙලා ඉදියත් මම තනි උනහම නිතරම මිආ ව මතක් උනා..මට ඒක දරාගන්න බැරිම වෙලාවට මම මෙතනට ඇවිත් මගේ දුක මිආට කිව්වා..."

" ජිමින් මියන්හේ...මම ඔයා ගැන බැලුවේ නෑ..ආ....යිශ්...මම කොහොමද මෙහෙම කලේ..."

මට ආපු කේන්තියට මම අතේ තිබුන බියර් කෑන් එක අතින් පොඩි කරලා තලලා දැම්මා..

" යා.....හ් මම කිවුවනේ මේක ඔයාගේ වරදක් නෙමෙයි කියලා...මේක මගේ දුර්වලකමක්..."

ජිමින් එකපාරටම නැගිටලා මට කෑ ගහන්න පටන් ගත්තා...එවලේ තමයි ජිමින් හරියටම මගේ ඇස් දෙක දිහා බැලුවේ...ජිමින්ගේ ඇස් දෙක අඬලම රතු වෙලා තිබුනා...හැමදාම මම අඬනකොට මාව සනසවපු එකා අද තනියම අඬලා....අද විතරක් නෙමෙයි එයා හැමදාම මාව සනසවලා එය වේදනාවෙන් ඉදලා...තවත් හිත හිතා ඉන්නැතුව මම ජිමින්ව බදාගත්තා..

" මියන්හේ ජිමිනා..."

" අනී...අනී...මම කලිනුත් කීවනේ ඒක මගේ අවුලක් කියලා...අරස්සෝ අරස්සෝ ..... දැන් කියන්නකො අද මොකද උනේ...? "

ජිමින් එහෙම අහනකොට මට නොදැනීම මගේ කටින් දිග හුස්මක් පිට උනා...

" වේ....? මොකක්ද JK උනේ...? "

" අනී....විශේශ දෙයක් උනේ නෑ...ඒත්...."

" ඇයි ඒත් කියන්නේ...මොකක්ද උනේ..? "

" ජිමින් මට ඔයා ළඟ අවංක වෙන්න පුලුවන්ද...?

" ඕක අහන්න දෙයක්ද මනුස්සයෝ..හිතෙ තියන් ඉන්නැතුව කියන්න..."

" ජිමින්....මම හිතන්නේ මම හනාට ආදරෙයි.."

" ආ.....යිශ්...ඕකද....? "

මම කියනකොට ජිමින් ඒක ගනන් නොගෙනම එහෙම ඇහුවම මට පුදුම හිතුනා...

" ව්...වේ...? එහෙම අහන්නේ...? "

" ඔයා හනාට ආදරෙයි කියලා මම දැනගෙන ගොඩක් කල්..."

" ජිමින් ඒත් මම කොහොමද මේ විදිහට මිආගේ පලිය අරගන්නේ..."

" JK ඔයාට පුළුවන්නම් මෙතනින් හැරෙන්න...
ඔයා වෙනුවෙට මම ඒක කරන්නම්.."

" අනී....මට කොහොම හරි මේ හැමදේම ඉවරයක් කරන්න ඕනි...හොදින් හරි නරකින් හරි...ඒත් මම හනාට ලංවෙනකොට මට මාව පාලනේ නැතුව යනවා...කොච්චර වෛර කරන්න හැදුවත් ඒ වෙලාවට මාව හිරවෙනවා"

ජිමින් කිසිම දෙයක් නොකියා මගේ පිටට තට්ටුවක් දාලා හිස් බැල්මකින් අහස දිහා බැලුවා...

" ආ...හ් JK කියන්න බැරි උනානේ..ෆැකල්ටි එකේ ට්‍රිප් එක එන සතියේ "

" එන සතියේ..? "

" දේ ඔයා එනවනේ....? බෑ කියන්න නම් එපා..."

"මගේ හිතේ තියෙන දේ ඉශ්ඨ වෙන්න නම් අනිවාර්යයෙන්ම මම හනා එක්ක තනි වෙන්න ඕනි කියලා මම දැනගෙන ඉදිය නිසා ට්‍රිප් එක ගැන ඇහුවම මට ලොකු සතුටක් දැනුණා..

" අ...අනී....අනී....."

ඊට පස්සේ ටික වෙලාවක් ජිමින් එක්ක කතා කර කරා ඉදලා මමයි ජිමිනයි ගෙවල් වලට පිටත් උනා...

පසුවදා
------

උදේම කැම්පස් එකට පිටත් වුනේ හිතේ අමුතු සතුටක් එක්ක....ඒකට හේතුවක් නැතත් මගේ හිත අමුතු සතුටකින් පිරිලා තිබුනා...දවසම කැම්පස් එකේ ඉඳලා මම හවස් වෙලා හනාගේ ඔමොනිව බලන්න හොස්පිට්ල් එකට ආවා...ඇත්තටම ඔමොනි බලන්න වගේ ආවත් හනාට ලංවෙන්න මේක අවස්ථාවක් නිසා මම ඒක මගෑරගත්තේ නෑ...හනාගේ ඔමොනි ඉන්න රූම් එකේ දොර ඇරෙගෙන ඇතුලට යනකොට ඔමොනි මා දිහා කට පුරාම හිනාවෙලා බලාගෙන ඉදියා...

" අන්‍යාන්හසේයෝ ඔමොනි..."

" අන්‍යාන්හසේයෝ පුතා...."

" කොහොමද ඔමොනි...? දැන් සනීපයි නේද..? "

" දේ පුතා.....මට අනිද්දට ගෙදර යන්න පුලුවන්..."

" වා...හ් ඔමොනි ඒක නම් හොඳ ආරංචියක්..."

මෙච්චර වෙලා ඔමොනි එක්ක කතා කලත් මගේ ඇස් හෙව්වේ හනාව...

" හනා නම් නෑ...එයා ගියා යාලුවෙක්ව හම්බවෙන්න..."

මම සැරින් සැරේ දොර දිහා බලන නිසා වෙන්නැති ඔමොනි හිනා වෙලා කිව්වේ මගේ ඔළුවේ කෙස් එයාගේ අතින් අවුල් කරන ගමන්..

" අහ්...අරස්සෝ....මම හනා එනකම් ඔමොනි ළඟ ඉන්නම් එහෙනම්..."

" අ....අනී අනී...ඔයාට එහෙම උනොත් අද රෑ වෙනකම්ම ඉන්න වෙයි...."

" වේ ඔමොනි..හනා ගොඩක් පරක්කු වෙයිද..? "

" දේ..එයා අද ගියේ එයාගේ පොඩ් කාලේ යාලුවව හම්බවෙන්න...එයා අවුරුදු 10 කට පස්සේ තමා කැනඩා වල ඉදන් ආවේ..."

" ඕ.....හ් "

" ඊයේ එයාට වෝටර්ලෑන්ඩ් එකට යන්න ඒ තරම් ඕනි උනේත් එයාගේ යාලුවා නිසා... ඒ දෙන්නා අන්තිමට වෙන් උනේ හනාගේ 13 වෙනි උපන්දිනේ දවසේ..එයාලා අන්තිමට හම්බුනෙත් එතන....ඒත් කවුද දන්නේ මේ කොල්ලා අද අපිට නොකියම කොරියාවට එනවා කියලා.."

ඒ ඇහුන දෙයින්නම් මාව ගැස්සිලා ගියා.කොල්ලෙක් ? හනා කොල්ලෙක් එක්ක වෝටර්ලෑන්ඩ් එකේ ? මට එක එක විකාර ඔලුවට එන්න පටන් ගත්තා...ඒක කොච්චර රිදුනද කියනවනම් ඔමොනි දෙතුන් සැරයක් මට කතා කරනකම් මාව පියවි සිහියට ආවෙත් නෑ..

" පුතා.....පුතා..."

" අ...අ...ව්...වේ ඔමොනි....? "

" වේ.....? පුතා මොකක් හරි ප්‍රශ්නයක්ද..? එකපාරටම කල්පනාවකට වැටුනේ...? "

" අ....අනී...අනී.....මම හොඳින් ඔමොනි...."

" පුතා හනා එනකම් ඉන්න එපා දැන් යන්න...කැම්පස් ගිහින් මහන්සිත් ඇතිනේ..."

හනාගේ ඔමොනි එහෙම කීවම මම දෙපාරක් නොහිතා ඒකට එකඟ වෙලා  හොස්පිට්ල් එකෙන් එලියට ආවා...හොස්පිට්ල් එකෙන් එලියට ඇවිත් බයික් එකට නැගලත් මම කල්පනා කලේ හනා ගැන...හනා කොල්ලෙක් එක්ක වෝටර්ලෑන්ඩ් එකේ ඉන්න එක මට මේතරම් රිදෙන්න හේතුවක් වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ....

" හනා....කොල්ලෙක් එක්ක.....අනී...අනී...
ඔමොනි කිව්වනේ ඒ යාළුවෙක් කියලා..."

මම මටම කියාගන්න ගමන් බයික් එක අරන් ගෙදර එන්න පිටත් උනා...බයික් එකේ ටික දුරක් එනකොට මට හනා ගැන එක එක දේවල් හිතුනා...හනා දැන් මොනව කරනවා ඇතිද..? මෙච්චර හවස් වෙලා කොල්ලෙක් එක්ක එලියට ගිය එක ගැන මගේ හිතේ තිබුනේ ඉසිරියාවක් වගේම තරහක්...පාරේ ඉස්සරහින් රෙඩ් ලයිට් වැටෙනවත් එක්කම මම දෙපාරක් නොහිතා එතනින් යූ ටර්න් එකක් ගහලා පුලුවන් වේගෙන් වෝටර්ලෑන්ඩ් පාක් එකට ආවා...

බයික් එක පාක් කරලා ඉක්මනින් පාර්ක් එක ඇතුලට ගිය මම හැමතැනම හනාව හෙව්වත් හනා පේන්න ඉදියේ නෑ...මින්මැදුරේ , ප්ලේ පාක් එකේ ඒ කොහේවත් හනා ඉදියේ නෑ...ඒ නිසා මම ටිකක් පාක් එකේ ඇතුලට වෙන්න තිබුන අපි දෙන්නා ඊයේ ඉඳපු වැව ලඟට ආවේ අහම්බෙන්වත් එතන ඉඳී කියලා බලාපොරොත්තුවෙන්.

මම බලාපොරොත්තු උනා වගේම හනා වැව දිහා බලාගෙන මට පිටුපාලා හිටගෙන ඉදියා..ඒත් ඔමොනි කිව්වා වගේ කිසිම කොල්ලෙක් ඒ අහලකවත් ඉදියේ නෑ...මම තවත් හිත හිතා ඉන්නැතුව හනා ලඟට ගියා....හිතන්නේ නැති වෙලාවක මාව දැකපු නිසා හනා නම් කටත් ඇරන් මගේ දිහා බලාගෙන ඉදියා...

" හක්ක පනී...ඔය කට වහගන්නවා..."

" J....JK...ඔයා මොකද මෙහේ කරන්නේ....? "

" වේ...මට පාර්ක් එකට එන්න තහනම්ද...? "

" අ...අනී.....ඒත් එක පාරටම....? "

" එහෙම තමයි....මට හිතෙන වෙලාවට මට හිතෙන තැනට මම යනවා...ඒත් ඔයා මොකද මෙතන කරන්නේ....? "

මම කිසි දෙයක් දන්නෑ වගේ හනාගෙන් ඇහුවේ එයා නිසා මෙතනට ආවා කියලා එයාට නොදැනෙන්න ඕනි නිසා...

" අ....ම..මම මගේ යාලුවෙක් එක්ක ආවා..."

හනා මාව ගනන් ගන්නෙ නැතුව වැව දිහා බලාගෙන කිව්වා...

" යාලුවෙක්....? කෝ.....මෙතන කවුරුවත් නෑනේ....? "

" ආ....එයා අපිට කන්න මොනවා හරි ගෙන්න ගියා...දැන් එයි...."

" ඕ......හ් "

මම වැඩිය මුකුත් නොකියා වැව දිහා බලාගෙන ඉදියේ හනාගේ යාළුවා එනකම්...එයා මොන වගේ කෙනෙක්ද කියලා දකිනකම් මට ඉවසිල්ලක් තිබුනෙ නෑ...ඒත් එකපාරටම හනා ඇස් දෙකත් හීනි කරගෙන මගේ මූනට එබුනා..

" ඔ.....ඔයා හදන්නෙ මෙතන ඉන්නද..? "

" දේ....වේ.....? "

" අ.....අනී...අනී...ඒත්...."

" මොකක්ද ඒත්....."

" අනී....මම කිව්වේ මම කැමතියි මට යාලුවත් එක්ක තනියම ඉන්න තියෙනම්....."

හනා එකපාරටම කියපු දේ නිසා මාව ගැස්සිලා ගියා...එයාට මොකටද තනියම ඉන්න ඕනි...ඒ දෙන්නා එතකොට....? ආ...යිශ්...අනී අනි.....JK විකාර හිතන්න එපා....මම මටම කියාගන්න ගමන් හනා දිහාට හැරුණා...

" ඉතින්.....මේ පාක් එකේ තව ඉඩ තියෙන්නේ....අනික ඔයා මේ කොල්ලෙක් එක්ක මෙතන ඉදියා කියලා මම මෙතනින් යන්න ඕනිද...? "

" ඕඕඕඕ....ඒකත් ඇත්ත...මටත් මොකද...ඔයා කැමති දිහාක ඉන්න.."

හනා මාව ගනන් ගන්නෙ නැතුව එහෙම කියලා   මගේ පිටිපස්ස බලලා කවදාවත් නැති තරම් ලස්සනට හිනා වුන විදිහෙන් මට තේරුනා හනාගේ යාළුවා අපි ඉන්න තැනට එනවා කියලා...ඒ සැනින්ම මම පිටිපස්ස හැරිලා බැලුවේ මෙච්චර වෙලා ඒ කොල්ලා කව්ද කියලා දැනගන්න තිබුන කුතුහලේ නිසාමයි...පිටිපස්ස හැරුනම මම දැකපු මුණ නිසා මාව පුදුම උනා....ඇත්තටම මම හිතුවට වඩා මිනිහා හැන්ඩියා...එයත් හිනාවෙලා හනා ලඟට ආවේ ඒ දෙන්නට කෝන් ඩෝග් දෙකකුත් අරගෙන...

" ජන් හූ......"

මම ළඟ ඉන්න නිසාමද කොහේ හනා ඕනිවට වඩා සතුටින් වගේ ඒ කොල්ලගේ නම කියලා කෑ ගැහුවා...

" හනා රස්නෙයි හොඳේ...."

ජන් හූ එක කෝන් ඩෝග් එකක් හනාට දෙන ගමන් කිව්වේ හරි ආදරෙන්...ඊට පස්සේ දෙන්නත් එක්ක ලඟට වෙලා හිනා වෙවී කියවන්න පටන් ගත්තා..ඒත් ජන් හූ ලඟට ආව වෙලාවේ ඉදන් හනා මා දිහා එකපාරක්වත් බැලුවෙ නෑ...ඒ නිසා මගේ කේන්තියයි ඉරිසියාවයි තවත් වැඩි උනා...එයාලා පොඩි කාලේ වුන දේවල් එක්ක එයාලට එයාලව මිස් වුන හැටි කියව කියව පැය ගාණක් එතනට වෙලා ඉදියා...

" හනා....මෙතනම ඉන්න...ඔයාට සර්ප්‍රයිස් එකක් තියෙනවා..."

ජන් හූ එකපාරටම එහෙම කියල කාර් පාර්ක් එක පැත්තට ගියා....ජන් හූ ගියාට පස්සේවත් හනා මගේ දිහා බැලුවේ නැති නිසා මගේ කේන්තිය තවත් වැඩි උනා...ජන් හූ එතනින් ගිය ගමන් මම හනා ලඟට ගිහින් හනාගේ අතින් අල්ලගත්තා...

" JK...? "

මම අතින් අල්ලගත්තම හනා පුදුමෙන් වගේ මා දිහා බලාගෙන ඉදියා..

" දැන් ඇති එනවා යන්න..."

" JK... ඔයාට මොකක්ද වෙලා තියෙන්නෙ...? මාව අතාරින්න..."

" මම කිව්වනේ....දැන් මෙතන ඉදියා ඇති...මාත් එක්ක යන්න එනවා..."

" JK... මාව අතාරින්න....මම ජන් හූ එක්ක එන්නම් ඔයා යන්න..."

" අනී....ඔයා යන්න ඕනි මාත් එක්ක..."

" වේ....? ඇයි මම ඔයා එක්ක එන්නේ...? ඔයා කවුද....? ඔයා මගෙ කවුද...? "

එවලේ කවදාවත් නැතුව හනාගේ ඇස් වල මම තරහක් දැක්කා...ඒ නිසා මගේ ඉවසීමත් නැති වෙලා ගියා...හිතට ආව කේන්තියට මම හනාව බලෙන්ම වගේ මගේ ලඟට ඇදලා ගත්තා...

" මම ඔයාගේ කවුද....? ඇත්තටම මම ඔයාගේ කවුද හනා....? "

" ඕක අහන්න ඕනි ඔයා නෙමෙයි JK මමයි අහන්න ඕනි....ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉදලත් ඇයි ඔයා මට කරදර කරන්නේ..? "

" කරදර...? එතකොට මාව ඔහේට කරදරයක්ද..? "

" දේ...ඔයාව මට වදයක්....ඔයාට හිතෙන හිතෙන වෙලාවට මට ලං වෙනවා..ඔයාට හිතෙන හිතෙන වෙලාවට මාව ඈත් කරනවා..ඔයා හිතන්නේ ඒක මට ලේසි දෙයක් කියලද....? "

" අනී....මම ඔයාව ඈත් කලෙ නෑ..."

" බොරු කියන්න එපා....JK ඔයා මෙතනින් යන්න...මම ජන් හූ ට කැමතියි.මම එයා එක්ක පාඩුවේ ඉන්නම්..."

" ජන්හූ...ජන්හූ.....ඕක නවත්තනවා...තමුසෙට මට වඩා ඌව ලොකුයිද...? "

" දේ....මට ජන්හූව වටිනවා..මොකද එයා කවදාවත් මට රිද්දලා නෑ..."

" එතකොට තමුසෙට මමද රිදවන්නේ..? "

ඇස් දෙකේ කඳුළු පුරවගෙන වෙවුලන තොල් වලින් කතා කරන හනාව දැක්කම මට මා ගැනම කේන්තියක් ආවා...ඒත් ඒක මම පිට කලේ හනාගෙන් කියල මට තේරුණේ ටික වෙලාවක් ගියාට පස්සේ....

" දේ....අපි ඉස්සෙල්ලම දැකපු දවසේ ඉදන් ඔයා මට රිදෙව්වා..."

හනා ඉවරයක් නැතුව මගේ වැරදිම කියනකොට මට තවත් ඉවසගෙන ඉන්න බැරි උනා...වැව ළඟ කිසිම කෙනෙක් ඒ වෙනකොට ඉදපු නැති නිසා මම හනාව බලෙන්ම චෙරි මල් ගහ යටට ඇදගෙන ගියා...හවස් වෙලා වගේම චෙරි මල් ගහ රූස්සෙට හැදිලා තිබුන නිසා අපි දෙන්නා එතන ඉන්නවා කියලා උවමනාවෙන් බලන කෙනෙක්ට ඇරී පෙනුනේ නෑ...

" JK මට යන්න ඕනි..."

" වේ හනා මම ඔයාට ලංවෙන්න හදනකොට පැනලා යන්නේ...? "

" මොකද ඔයා ලං වුන ඉක්මනටම මාව ඈත් කරන නිසා..."

ඒ එක්කම වගේ අපිට ටිකක් එහායින් ජන්හූගේ කටහඬ ඇහුනා..

" හනා....ඔයා කොහෙද...? හනා....? "

එකපාරටම ජන්හූ ගේ කටහඬ ඇහුන නිසා හනා මාවත් තල්ලු කරගෙන දුවන්න  හැදුවත් මම හනාව මගේ ලඟට ඇදලා අරන් හනාගේ තොල් වලට බර උනේ හනා ජන්හූ ලඟට යයි කියලා දැනුන බය නිසාමයි...ජන්හූ එතනින් යනකම්ම මම හනාගේ තොල් අල්ලගෙන ඉන්නකොට හනා පුලුවන් තරම් දැඟලුවේ මගෙන් ගැලවෙන්න...ජන්හූ එතනින් ගියාට පස්සේ මම හනාගේ තොල් වලින් මගේ තොල් අහකට අරගත්තම හනා කලබලෙන් වගේ මගෙන් ඈත් වෙලා හයියෙන් අඬන්න පටන් ගත්තා..

" JK.....වේ මෙහෙම කරන්නේ...? ඔයාට මගෙන් මොනවද ඕනි...? "

" ආදරේ....මට ඕනි ඔයාගෙන් ආදරේ..."

ඒ වචන ටික මම කියන්න කලින් මගේ කටින් නිකම්ම පිට වුනා...කොයි තරම් වෛරයක් එක්ක පලිගන්න හිතාගෙන හනාට ලං උනත් පපුව අස්සේ අමාරුවෙන් හංගගෙන ඉන්න ආදරේ නොහිතන වෙලාවල් වලදී එලියට එන එක මට කරදරයක් උනා..

" බොරු...ඔය ඔක්කොම බොරු...ඔයාට කෙනෙක් ඉන්නවා..එහෙම වෙලත් ඔයා මට ලං වෙන්නේ ඇයි...? "

" කවුරු ගැනද හනා ඔය කියන්නෙ...? මට කවුරුත් නෑ..."

" එ...එතකොට එදා හොස්පිට්ල් එකේදී කතා කලේ කවිද...? ඔයා කොහොමද ඔහොම බොරු කරන්නේ....? "

මම කොච්චර කිව්වත් හනා මාව තේරුම් නොගන්න නිසා මගෙන් ඈතට වෙලා ඉදපු හනාව ආයෙමත් ලඟට අරගෙන මම ඒ ඇස් වලට එබුනේ ආදරෙන්...

" මැණික....එහෙම කෙනෙක් නෑ..එදා මම ඒක කලේ බොරුවට..."

" අනී...අනී....බොරු කියන්නේ....ඇයි ඔයා බොරු කියන්නේ...? "

හනා අඬ අඬා කියන ගමන් මගේ දිහා ඔලුව උස්සලා බැලුවම මම දැක්කේ හනාගේ ලේ පුනලා තියෙන තොල් දෙක...මගේ හිතේ තිබුනු කේන්තිය සම්පූර්ණයෙන්ම හනාගෙන් පිට කරලා කියලා දැනුනම මට දරාගන්න බැරි දුකක් දැනුණා..

" මැණික....මියන්හේ...මම ඔයාට රිද්දුවා...
මියන්හේ.."

" වේ...? මෙහෙම නපුරු වෙන්නේ....වේ...JK..? "

" වෙන කාටවත් ලං වෙන්න එපා...හනා ප්ලීස් "

" මට ඇත්ත කියන්න JK එදා කතා කලේ කවුද.? "

" මම කියන්නේ ඇත්ත...එදා ගත්තේ ජිමින්...ඔයා අද මට කරපු දේම මම ඔයාට එදා කලේ..
එච්චරයි "

මම එහෙම කියනකොට හනා පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන ඉදියා...

" එ...එතකොට එදා ඔයා එච්චර දේවල් කිව්වේ බොරුවටද...? මට ඇහෙන්නද...? "

යා....හ් JK.... බක පණ්ඩිතයා වගේ කළාට දැන් කියපන්කෝ මේවට උත්තර....තනි හිතට හිතාගන්න ගමන් මම ඔවු කියන්න වගේ ඔලුව වැනුවම හනා පුදුමෙන් වගේ මගේන් අහකට පැන්නා...

" වා.....හ්....එතකොට ඒ හැමදේම බොරුද...? ඒත් ඇයි එහෙම කලේ...? "

" මට ඕනි උනේ එදා ඔමොනි කියපු ඔයාට පිස්සු හදවන කොල්ලා මමද කියලා දැනගන්න..."

මම එහෙම කියනකොට හනා යන්තමට හිනා වෙලා මගේ දිහා බැලුවා...මෙච්චර වෙලා මගේ හිතේ තිබුන කේන්තිය ඒ හිනාව දැක්කම ඉබේම අතුරුදහන් වෙලා ගියා...

" JK....."

හනා පොඩි ළමයෙක් වගේ අහිංසක විදිහට මා දිහා බලලා කතා කළාම මට දැනුනේ මගේ මුලු ලෝකෙම මගේ ඇස් ඉස්සරහා ඉන්නවා වගේ...

" මැණික....."

" සරන්හේ "

මම හිතපු නැති දෙයක් , මෙච්චර වෙලාවක් මට කියාගන්න බැරි වුන වචන ටික හනා කිව්වම මට පුදුම හිතුනා...කියාගැන්න බැරුව ලතැවුනු වචන ටික, ආදරේ නිසා කියන්නද පලිගන්න ඕනි නිසා කියන්නද කියලා මෙච්චර කල් හිත හිතා ඉදපු මමත් එවලේ ඒ කිසිම දෙයක් නොහිතා හනාට කියලා දැම්මා...

" නදෝ සරන්හේ මැණික "

මම එහෙම කියන ගමන් ආයෙමත් බැලුවේ හනාගේ තොල් දිහා...මගේ පළවෙනි හාදුවම හනාට රිදවපු නිසා හිතට දැනුන වේදනාවත් එක්ක මම හනාගේ ඇස් දිහා බලනකොට හනා මම හිතන දේ තේරිලා හා කියන්න වගේ ලොකූ ආදරේකින්  එයාගේ ඇස් දෙක පියාගත්තා..

පළවෙනි සිපගැනීමෙන්ම වේදනා විදපු තොල් දෙකට මම ආයෙමත් බර වුනේ හනාට පුංචි වේදනාවක්වත් දැනෙන්නෙ නැති වෙන්න...කිසිම දෙයක් නොදැන මාව විස්වාස කරලා ඇස් දෙක පියාගත්‍ත හනාව දැක්කම මට දරාගන්න බැරි වේදනාවක් දැනුනත් මම මගේ හැම හැඟීමක්ම මිආ නිසා  දරාගත්තා..

මගේ මිආ...ඉවසගෙන ඉන්න මැණික..තව ටිකක් ඉවසගෙන ඉන්න...මම හදවතින් මිආට කතා කරන ගමන්  තව තවත් හනාගේ තොල් මගේ තොල් වලින් අල්ලගත්තා...විනාඩි කීපයක සියුම් සිපගැනීමකට පස්සේ මම හනාගේ තොල් වලින් ඈත් වෙලා හනාව මගේ පපුවට තුරුලු කරගත්තේ ඉස්සරහට වෙන්න යන හැමදේටම හිතින් හනාගෙන් සමාව අරගන්න ගමන්...

" මැණික....අපි දැන් යමුද...? ඔමොනි බලාගෙන ඇති...."

" දේ....."

හනා එහෙම කියලා ඇඟිලි තුඩුවලින් ඉස්සිලා මගේ නලලේ හාදුවක් තියෙන ගමන් ආයෙමත් මා දිහා ලොකූ ආදරේකින් බැලුවා...

" කුමාවෝ මගේ ලයිෆ් එකට ආවට..."

අඬන්නද හිනාවෙන්නද කියලා කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව මම ආයෙමත් හනාව තදින් බදාගත්තා...ටික වෙලාවක් එහෙම ඉදලා අපි දෙන්නා ආයෙම හොස්පිට්ල් එකට ආවා...

" ඔමොනි..... "

" මැණික ආවද...? ජන් හූ ව මීට් උනාද...? "

ඔමොනි එහෙම අහනකොට හනා කලබලෙන් වගේ එයාගේ ෆෝන් එක හෙව්වා...

" වේ....මැණික මොකක්ද උනේ...? "

හනා එයාගේ ඔමොනිට උත්තර නොදීම කාට හරි මැසෙජ් එකක් යැව්වා...

" මැණික....ඇයි මේ...? "

" අ...අනී...අනී....මට ඔමොනි කිව්වහමයි ජන් හූ ව මතක් උනේ..."

" ඒ කිව්වේ....? ඔයා ගියේ ජන් හූව මීට් වෙන්න නේද...? "

" දේ....ඒත් ඔමොනි එවලේ JK ආව නිසා...මම එයත් එක්ක ආවා...මම ජන්හූට යනවා කියලා කිව්වේ නෑ...."

" ඕ....හ්...ඒත් ඇයි JK එක්ක ආවේ....අනික පුතා ඇයි එහෙට ගියේ.....? "

හනාගේ ඔමොනි කට කොනින් හොරෙන් හිනාවෙන ගමන් ඇහුවම දෙන්න උත්තරයක් නැතුව මමත් බිම බලාගත්තා..

" ඕ.....අරස්සෝ අරස්සෝ.....මට තේරෙනවා....."

" ඔමොනි......එහෙම මුකුත් නෑ...."

" කොහොම දෙයක්ද...? මම එහෙම දෙයක් ගැන් කීවේ නෑනේ...."

" ආයිගෝ.....ඔමොනී...."

හනා ලැජ්ජාවෙන් වගේ මූණත් බිමට බර කරගෙන මුමුණ මුමුණ පොඩි එකෙක් වගේ ඔමොනි ළඟ හුරතල් උනා...

නිකමට වගේ ෆෝන් එක සාක්කුවෙන් අරන් බැලුවම නැනී ඔම්මගෙන් ඇවිත් තිබුන මිස් කොල් ටික දැකලා මම කලබල උනා..එවලෙම නැනී ඔම්මට කෝල් එකක් අරන් බැලුවේ ගෙදර මොකක් හරි කරදරයක්ද කියලා බය හිතුන නිසයි..එක සැරයක් රින්ග් වෙනකොටම නැනී ඔම්මා ෆෝන් එක ආන්ස්වර් කලා...

" වස්තුවේ....."

" ඔම්මා.....වේ....? ඇයි අඬන්නේ...? "

" ආයිගෝ....මම.කොච්චර බය උනාද...ෆෝන් එක ආන්ස්වර් කළෙත් නෑ...මම පිච්චි පිච්චි ඉදියේ..."

" අනී.....මට පොඩි වැඩක් තිබුනා ඔම්මා..මම දැන් එන්න හදන්නේ...අඬන්නේ නැතුව ඉන්න හොඳද ගෙදර ආවම කතා කරමු.."

මම නැනි ඔම්මව සනසවලා කෝල් එක කට් කරලා හනාටයි එයාගේ ඔමොනිටයි කියලා  හොස්පිට්ල් එකෙන් එලියට ආවා...පාර්ක් එකට ගිහින් බයික් එකත් අරගෙන මට පුලුවන් උපරිම වේගෙන් බයික් එක පාරට දැම්මේ අද දවසේ වුන හැමදේම එකින් එක මතක් කරන ගමන්...ඉස්සරහට කරන්න යන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා හිතන හැම වෙලේම මට හිතුනේ එකම එක දෙයයි...ඒ මගේ මිආ වගේම හනා විඳවන්න ඕනි කියන එක.

ඉතින් මේක තමයි ආරම්භය..මගේ හැම පලිගැනීමකම ආරම්භය....මගේ මිආ වෙනුවෙන් වන්දි ගෙවන්න ලෑස්තිවෙන හනාට මගේ හිතේ මහා ආදරයක් තිබුණත් ඒ හැමදේම හිතේ ගැඹුරේ තියාගෙන මම මගේ පලිගැනීම ආදරේකින් පටන් ගත්තා...

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

Continue Reading

You'll Also Like

679K 50.9K 46
wang yibo💚 ခင္​ဗ်ားတု႔ိ သိၾကလားကြၽန္​​ေတာ္​ကအတၱႀကီးၿပီး အခ်စ္​န႔ဲအမုန္​းကုိမခြဲျခားတတ္​တ့ဲ အခ်စ္​႐ႈံးသမားဆုိတာ..... ခင်ဗျားတို့သိကြလားကျွန်တော်ကအတ္တ...
10.8K 2K 20
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
3.1K 150 7
On the run in the year 1987, Bumblebee the Autobot seeks refuge in a junkyard in a small California beach town. Charlie and Y/N, on the brink of turn...
157K 9.8K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။