🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

73.7K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

21 කොටස

1.6K 390 16
By Sandee_96

" වේ....? ඔමොනිට මොකද ?."

" J.....JK..ඔමොනි...ඔමොනි ඇක්සිඩන්ට් වෙලා "

ඇස් වලින් නතර වෙන්නෙ නැතුව කඳුළු වැටෙනකොට මා දිහා බලාගෙන අමාරුවෙන් වචන ගලපලා කියපු දේ නිසා මට දැනුනේ මගේ පපුවත් හිර වුනා වගේ..අබොජි නැතුව ගෙවෙන හැම තත්පරයකම දැනෙන වේදනාව හනාටත් දැනෙයිදෝ කියන බය නිසාම මට දැනුනේ ලොකු වේදනාවක්..

" ඔමොනි ඉන්නේ කොයි හොස්පිට්ල් එකේද..? ..කලබල වෙන්න එපා ගෙදර කවුරුම හරි දැන් ගිහින් ඇති ඔමොනි ලඟට "

" ගෙ...ගෙදර කවුරුත් නෑ....අබොජිත් බිස්නස් ටුවර් එකක් ගිහින්..කිසිම කෙනෙක් ගෙදර නෑ..."

ඉකි ගගහා අඬන හනාගේ ඇස් දෙක දැක්කම මට මතක් උනේ මගේ මිආ ව...ඒත් ඒ වෙලාවේ මට වෙනදා වගේ හනා එක්ක තරහක් ආවේ නෑ...තමන්ගේ කෙනෙක් නැති වුනහම දැනෙන වේදනාව දන්න නිසාම මම හිතින් ප්‍රාර්ථනා කලේ හනාට ඒ දුක දැනෙන්න එපා කියලා..

" අරස්සෝ අරස්සෝ....එන්න අපි යමු..."

මම එහෙම කියලා හනාගේ ඔලුවටයි මගෙ ඔලුවටයි උඩින් ජැකට් එක අල්ලගෙන කැම්පස් එකෙන් එලියට ඇවිත් ටැක්සි එකකට නැග්ගා...කැම්පස් එක ළඟ ඉදන් හොස්පිට්ල් එකට තිබුනේ විනාඩි 10 ක විතර දුරක්.ටැක්සි එකට නැග්ගට පස්සේ මම බැලුවේ හනා දිහා..

මූනම සුදු මැලි වෙලා ඇස් වල කඳුළු පුරවගෙන ඉන්න හනාගේ අත් සීතලටද බයටද මන්ද වෙවුලන්න පටන් ගත්තා.එක අතකින් අනිත් අතේ නියපොතු කඩ කඩා බයෙන් ගැහෙන හනා දැක්කම මට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්..තවත් බලාගෙන ඉන්නෙ නැතුව මම හනාගේ අත අල්ලගත්තා.

" බය වෙන්න එපා...ඒත් ඔහොම ගැහෙනකොට මට බලන් ඉන්න බෑ..මෙහෙමම ඉන්න."

මම එහෙම කියලා හනාගේ එක අතක් මගේ අත් දෙක අතරින් තියාගෙන තදින් අල්ලගත්තා..හනා කිසිම දෙයක් නොකියා වාහනේ වීදුරුවෙන් එලිය බලාගෙන ඉදියා.
විනාඩි දහයකට විතර පස්සේ අපි හොස්පිට්ල් එක ලඟට ආවා...වාහනෙන් බැස්සා විතරයි හනා සිහියක් නැතුව අඬ අඬා හොස්පිට්ල් එක ඇතුලට දිව්වා..

" දැ...දැන් ඇක්සිඩන්ට් වෙලා ගෙනාව ලේඩි ඉන්නේ කොහෙද..? ඒ... ඒ මගේ ඔමොනි.."

හනා හොස්පිට්ල් එකට යන තැනම ඉදපු නර්ස්ගෙන් ඇහුවේ කෑ ගහලා අඬන ගමන්..

" මිස්...කලබල වෙන්න එපා...එයාව දැන් ඔපරේශන් එකකට ගත්තා , එයාගේ තත්වෙ ටිකක් බරපතලයි..ඒත් බලාපොරොත්තු නැති කරගන්න එපා..ඩොක්ටර්ස්ලා උපරිම උත්සාහ කරනවා එයාව බේරගන්න "

ඒ වචන ටික ඇහුනට පස්සෙ මට දැනුනේ මගේ ඇඟේ විදුලියක් කොටනව වගේ...හනාත් කිසිම දෙයක් හිතාගන්න බෑ වගේ හිස් හැඟීමකින් එතනම බිම ඉදගත්තා...

" හනා...නැගිටින්න...අපි යමු ඔමොනිව බලන්න..."

මම ලඟට ගිහින් හනාව නැගිට්ටවලා එයාව මගේ ඇඟට වාරු කරගෙන ඔපරේශන් තියටර් එක ලඟට එක්කගෙන ගියා..කිසිම හැඟීමක් නැතුව මගේ ඇඟට වාරු වෙලා ආපු හනා එකපාරටම මාව බදාගෙන අඬන්න පටන් ගත්තා..

" J....K මගේ ඔමොනි....එ..එයාට "

මම මොකක්ද කරන්න ඕනි...හනාව ලඟට ගන්නද... ? මම එයාව සනසවන්නද...? මේක මට හොද අවස්ථාවක් උනත් මට දැනුනේ මේ වෙලාවේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොත් ඒක ලොකු අපරාධයක් වගේ..ඒත් මගේ පපුවට තුරුල් වෙලා අඬන හනාව දැක්කම මට මේ වෙලාවේ පලිගන්න චේතනාවක් ඇති උනේ නෑ..මට ඕනි උනේ එයාව සනසවන්නම විතරයි..ඒ නිසා මම හනාව තදින් බදාගෙන මගේ පපුවට තුරුල් කරගත්තා..

" අ...අනී....කිසිම දෙයක් වෙන්නෑ...ඔමොනිට ඉක්මනටම හොද වෙනවා..."

" J....JK...මගේ ළඟින් ඉන්නවද...? මේ වෙලාවේ විතරක්...? "

එකපාරටම හනා ඉල්ලපු දේ නිසා මම මොහොතකට ගල් උනේ මම කරන්න ඕනි මොකක්ද කියලා හිතාගන්න බැරුව...ඇත්තටම මම මොකක්ද කරන්න ඕනි...? මිආ මැණික...? මම මොකක්ද කරන්න ඕනි...? ඔයා හොදින් නේද..? මා එක්ක තරහ නෑ නේද ? අනී...මගේ මිආ කාට කරදරයක් උනත් අහක බලන්නෑ...ඉතින් ඔයා තරහ වෙන්නේ කොහොමද නේද..?..මම මටම හිතින් කියාගන්න ගමන් හනා ළඟ ඉන්න හිත හදාගත්තා..

" අ....අරස්සෝ....මම ඉන්නම්...දැන් අඬන්න එපා...ඔමොනිට ඉක්මනටම හොද වෙනවා..."

" මට බයයි...මගේ ඔමොනි කාටවත් වරදක් කරන්නෑ...මට බයයි..."

හනා ආයෙමත් කෑ ගහලා අඬන්න පටන් ගත්තා..එතකොටම ඔපරේශන් එක ඉවර කරලා ඩොක්ටර් තියටර් එකෙන් එලියට ආවා..

" ඩො....ඩොක්ටර් ඔමොනි...? මගේ ඔමොනි...? එයාට කොහොමද..? එයා හොදින් නේද...? "

ඩොක්ටර්ව දැක්කා විතරයි හනා පිස්සුවෙන් වගේ අඬ අඬා ප්‍රශ්න අහන්න පටන් ගත්තා..

" දේ...දේ..බය වෙන්න එපා...දැන් අවධානමක් නෑ...ඔයාගේ ඔමොනිට ඉක්මනටම සනීප වෙයි...එයාගේ බඩ ටිකක් තදින් වැදිලා තියෙනවා..ඒත් එයා ඉක්මනටම සනීප වෙයි.."

ඩොක්ටර් එහෙම කියනකොට මටත් සැහැල්ලුවක් දැනුණා...මම විදින වේදනාව හනාට විදින්න වෙන්නෙ නැති නිසා සතුටක් දැනුණා...මෙච්චර වෙලා අඬ අඬා ඉදපු හනා ඩොක්ටර් ගියාට පස්සේ යන්තම් හිනා වෙලා මගෙ දිහා බැලුවා..

" දැන් හරිනේ..දැන් අඬන්න එපා.."

මම එහෙම කියනකොට හනා ආයෙමත් ලස්සනට හිනා වුනා...විනාඩි පහකට විතර පස්සේ හනාගේ ඔමොනිව රූම් එකකට දැම්මා...ඒත් එයාට සිහිය ඇවිත් තිබුනේ නෑ...හනා ඔමොනි ළඟින්
හෙලවුනේවත් නෑ...හනා කෑම කකා ඉන්නකොට දුවගෙන ආපු නිසා බඩගිනි ඇති කියලා හිතලා මම කැන්ටින් එකට ඇවිත් බනානා මිල්ක් දෙකක් එක්ක බන් දෙකක් අරගෙන ආවා .

මම බනානා මිල් එකක් එක්ක බන් එක දෙනකොට හනා පුදුමෙන් වගේ මගේ දිහා බලාගෙන ඉදියා..

" ඔ....ඔයා කොහොමද දන්නේ මම බනානා මිල්ක් බොන්න ආසයි කියලා...? "

" ඔ....ඕහ්...අනී...මම දැනගෙන ගෙනාවේ නෑ.මම බොන්න ආස නිසා ඔයාටත් ඒකෙන්ම ගෙනාවා..ඔයත් ආස බනානා මිල්ක් වලටද..? "

" දේ...මට ඒවා තියෙනම් වෙන මුකුත් ඕනි නෑ.."

මෙච්චර වෙලා අඬ අඬා ඉදපු කෙල්ල කතුරක් වගේ හිනා වෙවී කියවනවා දැක්කම මට අමුතු සතුටක් දැනුණා.ඔමොනිට කරදරයක් නැති නිසා හනා ඉදියේ සැහැල්ලුවෙන්.ඒ එක්කම වගේ හනාගේ ඔමොනිට සිහිය ආවා..

" මැ....මැණික.."

අමාරුවෙන් ගලපලා කතා කරන හනාගේ ඔමොනිව බදාගෙන හනා අඬන්න පටන් ගත්තා...

" ඔ...ඔමොනි...මම බය උනා..."

" අරස්සෝ.....අරස්සෝ....දැන් හරිනේ මම හොදින් ඉන්නවනේ...අඬන්නෙ නැතුව ඉන්නකො මැණික "

" ඔමොනි කොහොමද මේක උනේ...?

" ඒක මගේ වරද මැණික මම හදිස්සියට පාර පැන්නා..."

හනාගේ ඔමොනි එහෙම කියල ඔලුව උස්සලා මගේ දිහා බැලුවේ මම කවුද කියලා අහන්න වගේ..ඒත් මම උත්තර දෙන්න කලින් හනා ඉස්සර උනා.

" ඔමොනි...මේ ඉන්නේ JK....ම...මගේ...මගේ යාළුවෙක්.."

හනා එහෙම කිව්වත් හනාගේ ඔමොනි ඒක පිළිගන්න බෑ වගේ ඇස් හීනි කරලා යන්තම් හිනා වෙලා මගේ දිහා බැලුවා..

" ඕ.....එතකොට මෙයාද අර ඔයාව පිස්සු වට්ටනවා කියපු කොල්ලා..."

හනාගේ ඔමොනි එහෙම අහනකොට මාව ගැස්සිලා ගියා...හනාත් ඇස් දෙක ලොකු කරගෙන ගල් වෙලා වගේ මගේ මා දිහා බලාගෙනම ඉදියා...පිස්සු වට්ටනවා කියපු කොල්ලා...ඒ කිව්වේ මම ගැනද...මමත් පුදුමෙන් වගේ හනා දිහා බලාගෙන ඉදියේ හනාගෙන් ඒකට උත්තරයක් ලැබෙනකම්.

" මැණික...මැණික..."

හනා ආයෙමත් පියවි සිහියට ආවේ ඔමොනි දෙපාරක් විතර කතා කළාට පස්සේ..

" අ...අ... ඔමොනි...? "

" මම ඇහුවේ මේ දරුවද අර ඔයාගේ ඔලුව අවුල් කරන..."

හනාගේ ඔමොනිට කියන්න උනේ එච්චරයි.හනා පැනපු ගමන් ඔමොනිගේ කට එයාගේ අතින් වැහුවා...

" ඔමොනි...ආ....යිශ්.....අනී..අනී..."

" මො....මොකක්ද ඔමොනි ඒ කතාව...? හනාගේ ඔලුව අවුල් කරන පිරිමි ළමයා..?"

ඉඳගෙන ඉදපු තැනින් නැගිටලා හනාගේ ඔමොනි ලඟට යන ගමන් එහෙම ඇහුවේ ඇත්තටම ඒ කවුද කියලා සැක හැරලා දැනගන්න ඕනි නිසා...
ඒත් ඔමොනිට කලින් ආයෙමත් හනා ඉස්සර උනා.

" අනී....අනී....ඒ ඔයා නෙමෙයි...වෙන කෙනෙක් "

හනා කිසිම ගාණකට නොගෙන එහෙම කියනකොට මට දුකක් දැනුනා..ඒත් ඒක හනාට පෙන්නන්නේ නැතුව මම හනාගේ ඔමොනි එක්ක කතා කලා..

" ඔමොනි හොදින් නේද..? "

" දේ පුතා...ටිකක් වේදනයි..ඒත් ඒක ඉක්මනින් ඇරිලා යයි.."

" වෙලාවට බෙහෙත් ටික ගන්න ඔමොනි...ඔමොනිට ඉක්මනටම සනීප වෙයි..."

" කුමාවෝ පුතා...මම නිසා කරදර උනා නේද...?මියන්හේ..."

" අනී...අනී...මොන කරදරයක්ද ඔමොනි...ආ...යිගෝ...සමාව ඉල්ලන්න එපා...හනාගේ යාළුවෙක් විදිහට මම උදව්වක් කලා විතරයි..මට ඒක කරදරයක් නෙමෙයි.."

" ඔයා ගොඩාක් හොද දරුවෙක්...ඔයා හිතන හැමදේම සාර්ථක වෙන්න ඕනි..."

හනාගේ ඔමොනි එහෙම කියලා අමාරුවෙන් අත උස්සලා මගේ ඔලුව අතගෑවම මට දැනුනේ මගේ ඔමොනි ඔලුව අතගෑවා වගේ.. කිසි දෙයක් නොදැන හිතේ තියෙන හැමදේම සාර්ථක වෙන්න කියලා කියපු ඔමොනි ගැන මට දැනුනේ වේදනාවක් එගේම මා ගැන පිළිකුලක්..මට තවත් එතන ඉදලා එයාගේ හිතේ මා ගැන හොද ප්‍රතිරූපයක් මවන්න ඕනි උනේ නැති නිසා මම හනාටයි එයාගේ ඔමොනිටයි කියලා හොස්පිට්ල් එකෙන් එලියට ආවා.

මෙච්චර වෙලා ඉවරයක් නැතුව වැටුන වැස්ස ඒ වෙනකොට නතර වෙලා තිබුනා..
හොස්පිට්ල් එකෙන් එලියට එන්න හදනකොටම මගේ පිටිපස්සෙන් ඇහුන කටහඬට හැරිලා බැලුවම මම හිතුවා වගේම හනා ලැජ්ජාවෙන් මගේ මා දිහා බලාගෙන ඉදියා..

" JK...."

" දේ කියන්න..."

" කුමාවෝ....අද මගේ ළඟින් ඉදියට..."

" ඔයා නිසා නෙමෙයි ඉදියෙ..කාගෙ උනත් ඔමොනිට දෙයක් වෙනවට මම කැමති නෑ.."

මම එහෙම කියනකොට මෙච්චර වෙලා හිනාවෙන් පිරිලා තිබුන මූන එකපාරටම අඳුරු වෙලා ගියා..

" වේ....? ඔරවන්නේ...? "

" අ...අනී....මට ඔයාව තේරුම් ගන්න බෑ.."

" තේරුම් ගන්නත් එපා..මාව තේරුම් ගත්තා කියලා වැඩක් වෙන්නෙ නෑ..."

මම එහෙම කියනකොට හනා ඇස් දෙක හීනි කරලා මගේ දිහා බැලුවේ මම කියපු දේ තේරුම් ගන්න බැරුව වගේ..

" ඒ කිව්වේ...? තේරුම් ගත්තට වැඩක් නෑ කිව්වේ...? "

හනා එහෙම අහනවත් එක්කම මගේ ෆෝන් එක රින්ග් උනා.

" දේ මැණික .."

ජිමින්ගෙන් ආව කෝල් එකට එහෙම උත්තර දෙන ගමන් මම හනා දිහා පරිස්සමින් බැලුවේ හනාගේ ප්‍රතිචාරේ මොකක්ද කියලා දැනගන්න...එතකොට මම දැක්කේ මා දිහා දුකින් වගේ බලාගෙන ඉන්න හනාව...

" මැණික...? JK මේ මම ජිමින්....."

කලින් හනාගේ ඔමොනි කීව කොල්ලා මම කියලා මගේ හිතට එක දිගටම දැනුණ නිසා මට ඕනි උනේ මට දැනෙන දේ ඇත්තක්ද කියලා දැනගන්න.ඒ නිසා මම දිගටම ජිමින් එක්ක ඒ විදිහටම කතා කලා.

" ආ....යිගෝ..මම විස්තරේ කියන්නම් පැටියෝ ආවම.....දැන් එන්න හදන්නේ..."

" JK ඔලුව කොහේ හරි වැදුනද...අසනීපයක් එහෙම නෑ නේද...? "

" මම කියන්නම් ආවම...මේ අපේ කැම්පස් එකේ ගැනු ලමයෙක්ට  කරදරයක් වෙලා එයා එක්ක හොස්පිට්ල් එකට ආවා.."

" හො....හොස්පිට්ල් එකේ...JK මොකද උනේ කියනවා...පිස්සු කියවන්නෙ නැතුව.."

" අ...නී....මට ප්‍රශ්නයක් නෑ පැටියො..."

" මේ මනුස්සයට පිස්සුද...?.නැත්නම් මට පිස්සුද..? "

කිසි දෙයක් හිතාගන්න බැරුව ජිමින් එහෙම ඇහුවම හිනා යන්න ආවත් හනා ඉස්සරහා ලැජ්ජා වෙන්න බැරි නිසා මම හිනාව තද කරගෙන ඉදියා..

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

599K 39.4K 79
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
234K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
68.5K 5K 65
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
95.8K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]