🌑 මායා 🌕(Completed)

By Ayaal_blue

11.9K 3.7K 571

.........🎇 මායා 🎇.......... මුලින්ම කියන්න ඕනෙ මේක Fantasy 🧚 Horror☠ වලට තමා එන්නෙ. එත් හොරෙන් හෙමින්... More

පළවෙනි මායාව 🌑
තුන්වන මායාව 🌓
හතරවන මායාව 🌔
පස් වන මායාව 🌕
සයවන මායාව 🌖
හත්වන මායාව 🌗
අට වන මායාව 🌒
නවවන මායාව 🌑
දස වන මායාව 🌒
එකොළොස් වන මායාව 🌓
දොලොස් වන මායාව 🌔
දහතුන් වන මායාව 🌕
දාහතර වන මායාව 🌖
පහළොස් වන මායාව 🌗
දහසය වන මායාව 🌘
දාහත් වන මායාව 🌑
දහ අටවන මායාව 🌒
දහ නමවන මායාව 🌓
විසි වන මායාව 🌔
විසිඑක් වන මායාව 🌕
විසිදෙවන වන මායාව 🌖
විසිතුන් වන මායාව 🌗
Other stories

දෙවනි මායාව🌒

664 187 49
By Ayaal_blue



සීතල නපුරු අඳුරු රෑ කට පස්සෙ අද හරිම ලස්සනට ඉර පායලා තිබ්බ. මේ ඉර දන්නෙ වත් නෑ සඳටත් හොරෙන් මේ පොළොව උඩ ඊයෙ රෑ මොකද උනේ කියල.......

සේ ඕ හෙඩ් සෙට් එකකුත් ගහගෙන නට නටම කුස්සිය පැත්තට ආව. ඔය වෙලාවෙ තමයි කෙල්ලගෙ ඔලුවට උඩින් පිඟන් පහක් පාවෙලා ගිහින් කෑම මේසෙ උඩින් තියවුනේ.සින්දුවෙ සිහියෙන් හිටපු සේ ඕ ට නන් වෙන දේවල් ගැන කිසි ගානක් තිබ්බෙ නෑ. තවත් එක එක කෑම ජාති පුරෝපු පිඟන් පෝලිමට අර වගේම ගිහින් මේසෙන් තියවුනා. කෑම මේසෙ ලඟ කිසි කෙනෙක් හිටියෙ නෑ ඒත් හැම පිඟානක්ම හැම හැන්දක් ගෑරුප්පුවක් පිහියක් චොප්ස්ටික් එකක්ම ඉබේම අදාල තැන් වලට ගියා.... තනියෙම.....

කුස්සියේ ඉඳලා එලියට ආපු ජූ හි කෙලින්ම සේ ඕ ගෙ හෙඩ් සෙට් එක ගලවගෙනම මේසෙ ගාවට ගියා. ජු හි ගෙ පස්සෙන් තවත් කිම්චියි පලතුරුයි පුරවපු පිඟන් දෙකක් පාවෙවි ඇවිත් මේසෙන් තියවුනා.

'' ඔන්නි.......... මොකද්ද අනේ...... මගෙ හෙඩ් සෙට් එක දෙන්නකො...........'' සේ ඕ මූණත් බෙරි කරගෙන ඇවිත් ජූ හිගෙ ලඟින් හිටගත්තා. ජූ හි කියන්නෙ මේ පව්ලෙ වැඩිමලා. එයා  හැමවෙලාවෙම තමන්ගෙ නන්ගිලා ගැන අම්ම කෙනෙක් වගේ හොයල බැලුව. සුසෙයො වල තිබ්බ ලොකු ස්කෝලෙක ඉතිහාසය උගන්නන ගුරුවරයෙක් විදිහට තමයි මෙයාව හැමෝම දන්නෙ.

'' ඉස්සෙල්ල ඇවිත් වාඩිවෙලා කන්න ඊට පස්සෙ දෙන්නන්. ඇත්තමයි මට වෙලාවකට හිතාගන්න බෑ තමුසෙ කොහොමද දොස්තර කෙනෙක් උනේ කියල. විභාගෙදි හොර කලාද? මට අදවත් ඇත්ත කියනව.........'' ජූ හි මේසෙන් වැලමිට තියාන ඒ අත නිකටටත් තියාගෙන සේ ඕ දිහා බලාගෙන ඉන්නව.

''පිස්සුද........ ඒවට තමයි හැකියාව කියන්නෙ ....... හැකියාව ලා ලා ලා හැකියාව....''
සේ ඕ කිව්වෙ පොඩි බ්‍රේක් ඩාන්ස් පාරක් දාන ගමන්. සේ ඕ කියන්නෙ සුසෙයො වල තිබ්බ ආණ්ඩුවෙ හොස්පිටල් එකක ඩොක්ට කෙනෙක්. ඒත් දොස්තර කෙනෙක් උනාට කිසිම දොස්තර පාටක් තිබ්බෙ නෑ. කෙලින්ම පිස්සු චරිතයක්.

බ්‍රේක් ඩාන්ස් දාදා හිටපු සේ ඕ එක පාරටම කෑම මේසෙ උඩට වැටුනා ඒ හේ සෝ දාපු කකුල් මාට්ටුවක් නිසා. කෑම සේරම උඩින් ගියා.........  ජූ හි අත් දෙකත් උස්සගෙන කටත් ඇරගෙන ඉන්නව, සේ ඕ නන් මේසෙ උඩ උඩුබෙලි අතට මූණත් ඇඹුල් කරගෙන, පොඩි කකුල් මාට්ටුවකට මෙච්චර හරියක් වෙයි කියල නොහිතපු හේ සෝ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන.  එක පාරටම මේ හැමදේම හැම කෙනාම මේ විදිහටම ගල් උනා. කෑම, පිඟන්, හැදි,  චොප්ස්ටික්...... කැම මේසෙ තිබ්බ හැමදේම තාමත් අහසෙ රැදිල තියෙනව. කෙල්ලො තුන්දෙනාත් තප්පරය ඒ විදිහට එහෙම්මම ඉඳල මේසෙ ලඟින් අයින් උනා. ඊට පස්සෙ අහසෙ පාවෙවී තිබ්බ හැමදේම ආපහු තිබ්බ තැන් වලම පා වෙලා ඇවිත් තියවුනා.........

''උදේ පාන්දරම පටන් ගත්තද? මම නැත්තන් කට්ටියටම අද උදේ බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ.''
ඒ කටහඬට තුන්දෙනාම බිම බලාගත්තා.......

'' හල්මොනි...... මම නෙමෙයි මෙයා තමයි....''
සේ ඕ කෙලින්ම ඇඟිල්ල හේසොට දික් කලා.....

'' ආනියෝ..... මෙයාතමයි කැපිච්ච පණුවෙක් වගේ නටන්න පටන් ගත්තේ'' හේසෝත් ඇගිල්ල සේඕ ගෙ පැත්තට දික් කලා. හේසො කියන්නෙ සේ ඕ ට බාල කෙනා. මෙයා ප්‍රොග්‍රැම් ඩිරෙක්ට කෙනෙක්.. ටිවි චැනල් එකක. ලස්සනට අදින්න ගොඩක් කැමතී. මාල මුදු කරාබු මෙයාගෙ කාමරෙන් රටටම ඇති වෙන්න හොයාගන්න පුලුවන්.

'' අයිගෝ............. මේ වගේ ලමයි ටිකක් එක්ක මම මොනා කරන්නද මන්දා?''
ඔලුවත් අල්ලගෙන හිටපු ආච්චිඅම්මව ජූ හි මේසෙ පුටුවකින් වාඩි කලා. මේ කෙල්ලො ටික අම්මයි තාත්තයි නැති උන දවසෙ ඉඳලා බලාගත්තෙ මෙයා.

ඔය අතරෙ උඩ පැන පැන පඩිපෙළ දිගේ බෑග් එකකුයි පොත් ටිකකුයි තුරුල් කරගෙන දුවගෙන ආවෙ වොන් වූ......මේ පව්ලෙ බඩපිස්සි.. තාමත් යුනිවර්සිටි යනව. මෙයානන් හුරතල් හැබැයි හිතුවක්කරයි. දැක්කහම අමතක කරන්න බැරි අමුතු ලස්සනක් මෙයාට තියෙනව. දකින දකින කොල්ල මෙයාගෙ පස්සෙන් එනව.

'' නා කන්දා ( මම යනව )''
කෑ ගහගෙනම කෙල්ල එක පිම්මට දොර ලඟට දුවගෙන ගියා. ඒත් ලන් වෙන්න අඩි දෙකක් තියල දොර දඩස් ගාලා වැහුන. පිටි පස්සෙන් ආපු පිහියක් කෙලින්ම කෙල්ලගෙ පිටේ ඇනෙන්න ගත්තා. අඩිය දෙක ඉස්සරහට යව යවම පිහියත් පස්සෙන්ම එන්න ගත්තා.පිහිය  වොන් වු ව අරගෙන ගියේ කෑම මේසෙ ගාවට.

'' චේබල් උන්නි මට පරක්කු වෙලා තියෙන්නෙ...'' වොන් වු කෙඳිරි ගාන්න පටන් ගත්තෙ අත් දෙකත් එකට අතුල්ල අතුල්ල.

'' මට ඒව වැඩක් නෑ . යන තැනක කෑම කාල යන්න.'' වොන් වු කොච්චර හුරතල් මූණක් දාගෙන කෙඳිරි ගෑවත් වැඩක් උනේ නෑ. ජුහි කෙල්ලට කෑම නොකා යන්න දුන්නෙ නෑ.......

*******
මේ ලෝකෙ හැංඟුන හිතාගන්න බැරි රහස් ගොඩක් තියෙනව. මේ ගෙදරත් අන්න ඒවගේ රහස් ගොඩක් හැංඟිලා තියෙනව. වෙලාවකට අඳුරෙ වෙලාවකට ආලෝකයේ ඉඳගෙන මේ රහස් සාමාන්‍ය මිනිස්සුන්ව පිස්සු වට්ටනව.  කාටවත් කියන්නෙ නැත්තන් මම රහසක් කියන්නන්........... මේ ගෙදර........... මායාකාරියො ඉන්නව................ ලෝකෙ මෙයාලගෙන් දැක්කෙ සාමාන්‍ය මූණක්. ඒත් ඇත්ත මොකක්ද කියල කියනවනන් මෙයාලගෙ කවුරුත් නොදැක්ක මූණක් කළුවරේම හැංඟිලා තිබුණා...........

මේ අතරේ..............

සොන්ග් පරීක්ශක, ජින්, ජිමින්, තේහියුන්........ පෝලිමට එක කාමරයක් ඉස්සරහ හිටගෙන මේ බලාගෙන ඉන්නෙ එයාලගෙ අලුත් ප්‍රධානීතුමා එනකන්. තේහියුන් දුරතියාම දැක්කෙ කොල්ල ෆයිල් එකකුත් කරකව කරකව කට්ටිය දිහා කන්න වගේ බලන් එන හැටි.

'' එනවා........ එනවා...... යක්ස පැටිය එනව....''
තෙහියුන් ඒ ටික තාලෙට කිව්වෙ බිම බලාගෙන අතකින් කනකුත් ඇද ඇද.
ඒ ටික ඇහුන විතරයි කට්ටියම සීරුවෙන් හිටගෙන  හිටියා.

'' මොකද ඇතුලට ගියේ නැද්ද?''
කොල්ල ඇහුවෙ කට්ටිය නිකන් ජාතික ගීය කියන්න වගේ හිටන් ඉන්නව දැකල

'' නෑ සර් අපි මේ සර් එනකන් හිටියෙ පටන් ගන්න යන්න. මොකද ඒක අපේ.......''
සොන්ග් පරීක්ෂක කියාගෙන ගියත් කොල්ල ඒ ටික අහන්න ඉන්නෙ නැතුව දොරත් ඇරගෙන ඇතුලට ගියා.

ජිමින්ටයි තේහියුන්ටයි උන දේට හිනාව නවත්තගන්න බැරි උනා. මොකද සොන්ග් පරීක්ෂක ආපහු පාරක් ලකුණු දාගන්න ගිහින් වැඩේ නෑව. දෙන්නම එක්කෙනාට එක්කෙනා බදාගෙන හිනාවෙන්ව. සොන්ග් පරීක්ෂක ඉතින් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ බිම බලාගෙන කොල්ලගෙ පස්සෙන්ම ඇතුලට ගියා.

කාමරේ ඇතුලෙ මේසයක් උඩ ඊයෙ රෑ මැරුණ ගෑනු ළමයගෙ මිනිය තියල තිබ්බ. ඒ ළඟම සුදු පාට කෝට් එකක් දාගත්ත කොල්ලෙකුත් කොලයක් දිහා බලාන ඉන්නව. එක පාරටම ඇතුලට ආපු කට්ටිය දිහාවට හැරුණ එයා හොඳ හිනාවක් දාගෙන ප්‍රධානීට අතකුත් දික් කරගෙන ළඟට ආව.

'' අන්‍යොං. මම පොලිස් අධිකරණ වෛද්‍ය නිලධරී කිම් නම්ජුන්.''

''මම ජේෂ්ඨ පොලිස් පරීක්ෂක ජන්ග් හේ සොක්.''
කොල්ල යන්තන් හිනාවක් දාල අතට අත දුන්න.

'' ඕව් මම දන්නව. ඔයාව දකින්න මඟ බලාගෙන හිටියෙ. ඔයා කලින් වැඩ කරපු තැන මගේ යාලුවෙක් හිටිය. එයා කිව්ව ඔයාට මෙහෙට ට්‍රාන්සර් එකක් හම්බුනා කියල.''
නම්ජුන් කියවගෙන කියවගෙන ගියේ හරියට කෝච්චියක් වගේ. මෙයාට මේ රස්සව නැතුව සින්දුවක් රැප් කරන්න දුන්නන් නියමයි කියල දවසක් තෙහියුන් කියපු එකක් දඩස් ගාල ජිමින්ට මතක් උනා. කොල්ල හිනාව නවත්ත ගත්තෙ අත මිටිමොලවල දත් මිටි කාල.

හේසොක්ට ජිමින් ඇඹරෙන හැටිඇස් කොනට පෙනුනත් ගනන් ගන්නෙ නැතුව නිකන් හිටියා.

'' හරි අපි වැඩෙ පටන් ගමු.''
නම්ජුන් අතේ තිබ්බ කොල ටික හේසොක්ගෙ අතට දීල මිනිය ලඟට ගියා. කිසිම ඇදුමක් නැති ඒ කෙල්ලගෙ මිනිය නිකන් සුදු රෙද්දකින් වහල තිබ්බ. නම්ජුන් කෙලින්ම ඒ රෙද්ද අයින් කලා.

තේහියුනයි ජිමිනයි නන් ඔලුව උස්සල මිනිය දිහා බැලුවෙනෑ. මොකද මැරිල හිටියත් මේ ඉන්නෙ කෙල්ලෙක්නෙ. දෙනම එහාට මෙහාට වැනි වැනි මූණු දෙකත් රතු කරගෙන ඉන්නව දැකපු හේසොක් කොල්ලො දෙන්නගෙ පැත්තට හැරුනා.

''තේහියුන්, මාකට් එක ලඟ තියෙන හැම සීසිටිවි ෆොටේජ් එකක්ම චෙක් කරන්න මේ ගෑනු ළමය ඒ එකක හරි ඉන්නවද බලන්න. නැත්තන් සැක හිතෙන කවුරුහරි ඉන්නවද බලන්න. ජිමින්, ඔයා මෙයාගෙ ෆින්ගර් ප්‍රින්ට්ස් අපේ ඩේටා බේස් එකේ කාගෙ හරි එක්ක මැච් වෙනවද බලන්න. ''
හේසොක් ගෙ වචන ටික ඇහුණ කොල්ලො දෙන්නට දැනුනෙ හරියට නිකන් නිවන් ගියා වගේ. හැරුණ පරක්කුවට දෙන්නම රූම් එකෙන් එලියට දිව්ව.

කොහොම හරි අන්තිමට ඉතුරු උනේ සොන්ග් පරීක්ෂකයි, ජිනුයි, හේ සොකයි, නම්ජුනයි........ කට්ටියම මිනිය වටේට වට උනා.

'' කොහොමද මැරිල තියෙන්නෙ?''
හේසොක් කෙල්ල දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඇහුව.

'' මේ පේනවද මෙතන''
නම්ජුන් කෙල්ලගෙ බෙල්ලට ඇගිල්ලක් තියල තද දම්පාටට හැරිල තිබ්බ සලකුණු වගයක් පෙන්නුව.
'' හුස්ම හිර වෙලා තමා මැරිල තියෙන්නෙ. කවුරු හරි මොකක් හරි දේකින් බෙල්ල හිර කරල තියෙනව.''

''මොකකින්ද ? ලණුවකින්?'' ජින් ඇහුවෙ හැමදේම ලියාගන්න එක පැත්තකින් තියල.

'' ම්...... හරියටම ඒ ලණුවක් කියලමත් කියන්න බෑ.... නිකන් හරියට ගහක වැලක් වගේ එකක් වෙන්නත් පුලුවන්.''

''මෙයාට වෙන මොනවහරි අපයෝජනයක් වගේ දෙයක් වෙලා තියෙනවද?''
හේසොක් ඇහුවෙ නිකටට අතක් තියාගෙන.

'' නෑ එහෙම කිසි දෙයක් වෙලා නෑ.''

''එතකොට මොනාද මේ මෙයාගෙ නලලෙ ඇදල තියෙන්නෙ?''
වැදගත්ම ප්‍රශ්නෙ ඇහුවෙ සොන්ග් පරීක්ෂක.

'' හ්ම්........ මම මීට කලින් මෙහෙම දෙයක් දැක්කෙ කලින් පාර හම්බුන මිනියෙන්...... ඒක හරිම අමුතුයි. මේකම මේ කෙනාගෙ පිටෙත් තියෙනව. කලින් පාර වගේම.''
කියපු නම්ජුන් ලඟ හිටිය තවත් කෙනෙක්ගෙ උදව්වෙන් මිනිය මුනින් අතට හැරෙව්ව. කෙල්ලගෙ පිට පුරාම නලලෙ ඇදලා තිබ්බ වගේම රූපයක් ඇදලා තිබුනා.

''මේක මොකකින් ඇඳපු එකක්ද?''
ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටපු හේසොක් අහන්න ගිය ප්‍රශ්නෙ ජින් ඇහුව.

''මේ පාරවල් වැඩිය ගැඹුරු නෑ. අපිට හිතන්න පුලුවන් මේක පුන්චි පිහි තුඩකින් ඇන්ද කියලත් නැත්තන් ඒ වගේ පුන්චි හැබැයි ගොඩක් තියුණු දේකින්.''

කට්ටියට තිබ්බ ප්‍රශ්න වලට නම්ජුන් ගොඩක් පැහැදිලි උත්තර දුන්න.

'' මේ විදිහට මරල දාල හම්බුණ දෙවෙනි මිනිය මේ. ඔයා හිතන්නෙ මේක මොන වගේ දෙයක් කියලද?''
අන්තිමට ජින් ඇහුවෙ හේසොක්ගෙන්.

'' මොකෙක් හරි පිස්සෙක්ගෙ වැඩක් වෙන්න ඇති.... '' සොන්ග් පරීක්ෂක පැනපු ගමන් උත්තර දුන්න. ජිනුයි හේසොකුයි දෙන්නම සොන්ග් පරීක්ෂක දිහා කන්න වගේ බැලුවෙ. මුකුත් කියන්න බැරි කමට.

'' කියන්න බෑ මේක මානසික රෝගියෙක්ගෙ වැඩක් වෙන්නත් පුලුවන්... සමහර විට......... මේක දාම මිනී මැරුමක කොටසක් වෙන්නත් පුලුවන්. කෝකටත් හැමකෙනෙක්ටම කල්පනාවෙන් ඉන්න කියන්න. එක වගේ දෙකක් උනා කියන්නෙ තව එකක් වෙන්න බැරි කමක් නෑ.'' හේසොක් කියපු දේ නන් ජින් ඔලුව වනල දෙපාරක් නොහිත පිලිගත්තා.

******
සාමාන්‍ය මිනිස්සු නොහිතන ලොකු රහසක් මේ මැරුණ අයගෙ පිටිපස්සෙ තිබ්බ. ඒ කවුරුත් නොදන්න නොදකින අදුරු රහසක්. දාම මිනීමැරුමක් මානසික රෝගියෙක් ගෙන් එහාට ගිය දෙයක් මෙතන තිබුන. කිසිම පොලිසියෙ කෙනෙක් හීනෙකින් වත් නොහිතන දෙයක්........................... අඳුරේ රහසක්.........

----------------------------------

කොටයි කියන්න එපා මම කට්ටියවම හොල්මනකට අල්ලල දෙනව.👻👻👻👻  පැය ගානක් එකදිගට මේක ටයිප් කලා මම හ්ම්....😔😔😁😁
ඉතින් රීඩර් පැටවු ටික මේක කියවල මොකද හිතෙන්නෙ කියලත් කියාගෙන යන්න....
හොරෙන් පලා යන අයටයි 🤔🤔 ..........
මොනා හරි කියාගෙන යන්න අනේ ........😁😁😁

❤️❤️❤️සරංහේ❤️❤️❤️

Continue Reading

You'll Also Like

1.1M 62K 35
( စိုင်းစစ်ဂုဏ်ရှိန် + တိမ်လွှာဘုန်းမြင့် ) ဘဝမှာကံအကောင်းဆုံးအရာကဘာလဲသိလား။ အဲ့တာကကိုယ်သဘောကျရတဲ့လူကကိုယ့်အပိုင်ဖြစ်လာတာဘဲ။ အဲ့အရာကတစ်လောကလုံးကကံကေ...
9.4K 1.1K 35
බිස්නස් නිසාම බලෙං බන්දලා දෙන නයයි මුගටියයි වගේ ජෝඩුවක් 😊 මම මේක 2021 ලියපු කතාවක් 😊. කියවලා බලන්නකෝ .කලිං wattpad තිබ්බේ නෑ.දැං ඉතිං ඔක්කොම හොයලා...
42.4K 8.9K 19
ම..මම.. ගො..ගොත ගහන්න හේ.. හේතුව ඔයයි.. ඔ.. ඔයා.. නි.. නිසයි.. මට මෙ.. මෙහෙම උනේ.. 💟 💟 💟 Bts fanfiction සිංහල