💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀...

By Dima_Akira

18.8K 2.9K 1K

ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay re... More

If our love is wrong..❤️ (හැදින්වීම 1)
If our love is wrong..(01)
If our love is wrong..(02)
If our love is wrong..(03)
If our love is wrong.. (04)
If our love is wrong..(05)
If our love is wrong..(06)
If our love is wrong ...(07)
If our love is wrong..(08)
If our love is wrong..(09)
If our love is wrong..(10)
If our love is wrong..(11)
If our love is wrong..(12)
If our love is wrong..(13)
If our love is wrong..(14)
If our love is wrong..(16) Final chapter ✨

If our love is wrong..(15)

694 138 56
By Dima_Akira

කැන් ක්ශනිකව ලැහැස්ති වෙලා වාහනේ නැගලා yash agency එකට ගියා.කැන් ඇතුලට යද්දිම මිනා ඇවිත් කැන්ව ඇදගෙන ගියා ජේම්ස් හිටිය තැනට

"මන් මේ කිසිම දෙයක් දන්නෙ  නෑ..කවද්ද මේවා plan කලේ..කැන් පුදුම වෙලා කතා කලේ.

"මේ ඔක්කොම ඊයේ කලබලෙන් වුනේ..පීට් ව ඔයා නවත්තන්න ඕනී...ඔයා දැන් මුකුත් නොකර බලන් හිටියොත් ඔයාට ඔයාගේ පීට් ව සදහටම නැති වෙනවා විතරක් නෙමෙයි අපිටත් එයාව නැතිවෙනවා...ජේම්ස් කැන්ව ඇදගෙන fansලා ඉන්න තැනට යන ගමන් කිවුවා.

ඒ අතරේ පීට් fan ලා එක්ක ලොකු කතාවක හිටියා.

"මන් දන්නවා ඔයාලා මට ගොඩක් ආදරෙයි කියලා..ඒත් පහු ගිය දවස් වල ලොකු කතාබහක් ගියා...කැන්ගෙයි මගෙයි promotion එකක් ගොඩක් පාඩු ලැබුවා...අසාර්තක වුනා..ඇත්තටම කැන්ට මෙහෙම වුනු පලවෙනිවතාව මේක..කැන්ගේ වැරැද්දක් නෑ..ඔයාලා දන්නවනේ එයා කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා..මගෙයි වැරැද්ද මන් අලුත් කෙනෙක්නෙ...ඒකයි මෙතන වුනේ...

"Phi පීට්...ඔයාගෙයි phi කැන්ගෙයි සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද ? එතන හිටිය fan කෙනෙක් පීට් ගෙන් සෘජුවම ප්‍රශ්නයක් ඇහුවා...පීට් ට මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරි වුනා..ඔව් ඒක ඇත්ත කියලා කියන්න ඕනී වුනත් කැන් මේ දේවල් මෙහෙම වෙනවට අකමැති ඇති කියලා පීට්ට හිතුනා.කැන් ට නපුරක් වෙනවට පීට් කොහොමත් කැමති නැහැනේ..

"නෑ...එහෙම දෙයක් නෑ..අපි හොද යාලුවෝ විතරයි...පීට් ලොකු වේදනාවක් හිතේ හිර කරන් ඇත්ත හෙලිනොකරන්න වග බලාගත්තා...

ඒත් එක්කම එතන හිටිය fans ලා ගොඩක් කලබල වෙලා වට පිට බලන්න ගත්තා..

"අන්න...phi can එනවා...එක fan කෙනෙක් හයියෙන් කෑගහලා කැන් එන දිහාවට අත දික් කරලා පෙන්නුවා...පීට් පුදුම වුනා..පීට් කැන්ව බලාපොරොත්තු වුනේ නෑ..කාටත් නොකියා කැන් ඇවිත්...කැන් එන දිහා පීට් බලන් හිටියේ හරිම පුදුමයෙන්...කැන් පීට් ලගටම ඇවිත් පීට් ගාවින් හිට ගත්තා.

"Phi can...??? පීට් පුදුම වෙලා කතා කලා..

"ශ්....ශ්...කැන් කටට ඇගිල්ල තියලා පීට්ගෙ කට වැහුවා.

"ඔයාලා අහපු අන්තිම ප්‍රශ්නෙට මන් උත්තරේ දෙන්නම්..මන් දන්නේ නෑ ඔයාලා මේක කොයි විදියට බාරගනීද කියලනම්..පීට් ගෙයි මගෙයි සම්බනේ ...ඔව් ඒක ඇත්තක්...පීට් කියන්නේ මගෙ Boy feiend...ඔව් ඔයාලා හරි අපි දෙන්නා dating ...

කැන් ගෙ ඒ වචන ඇහුනාම පීට් පුදුම වුනේ මොකද එයා දන්න කැන් නෙමෙයි මේ ඉන්නේ නිසා.හැමෝටම බයේ පීට් ව හැමෝම ඉස්සරහා මග ඇරපු..., පීට් ට ආදරෙයි කියලා ප්‍රසිද්දියේ කියන්න බය වුනු කැන් නෙමෙයි මේ ඉන්නෙ කියලා පීට් ට හිතුනා..කැන්ගේ වෙනස් වීම පීට් ට ලොකු කෘතුහලයක් වුනා.

කැන්ගෙ කතාව ඇහුනු ගමන් fans ලා එක පාරටම නිශ්ශබ්ද වුනා..මොකද පීට් වගේම එයාලත් ශොක් වුනු නිසා..කැන් පීට් ගෙ අතින් අල්ල ගත්තා...පීට් කැන් දිහා බැලුවා..

"චුට්ටක් ඔහොම ඉන්න...මට මේ දේ කියන්න ඕනී...ඔයා මගෙ අත අතාරින්න එපා..මන් ලගින්ම ඉන්න...කැන් පීට් ට විතරක් ඇහෙන විදියට කිවුවා..පීට් කැන්ගෙ අත හයියෙන් අල්ලගත්තා...

"ඔයාලට පුදුම ඇති මන් දන්නවා...ඔයාලා මාව ප්‍රතික්ෂේප කරයි ඒකත් මන් දන්නවා...අපි දෙන්නවම වුනත් එහෙම කරයි...ඒත් මන් කට වහගෙන හිටියොත් මට පීට් ව නැති වෙනවා එයාව නැති කරගන්න බෑ මට...කැන් පීට් දිහා බලාගෙනම කතා කලා...පීට් හිනා වෙලා කැන් දිහා බලන් හිටියා..කැන් පීට් ගෙ කරට අතදාගත්තා...


"මට බය හිතුනා මට පීට් ව නැති වෙයි කියලා හැබැයි මන් මේක ප්‍රසිද්ද කරන්නත් බය වුනා මගේ ගමනට මේකෙන් බාධාවක් වෙයි කියලා...ඒත් අන්තිමට මන් තේරුම් ගත්තා මේ දේවල් තාවකාලිකයි අපි ආදරය කරන අය විතරයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ කියලා..මට අද පීට් ව නැති වුනොත් ආපහු ජීවිතේට කිසිම සතුටක් ලැබෙන එකක් නෑ...මගේ සතුට තියෙන්නේ පීට් ගාව...මාව තේරුම් ගන්න පුලුවන්...මටත් වඩා මන් ගැන දන්නේ පීට්...මගෙ ජීවිතේට හිනාව ගෙනාවේ එයා...මේ සමාජේ හරිම නපුරුයි මේ නපුරු කම් නිසා අපි දෙන්නා ගොඩක් විදෙව්වා...මගෙ මේ දුර්වලතාවය නිසා පීට් ගොඩක් දුක් වින්දා..මාත් එහෙමයි පීට් ව ඕනී වුනත් මන් මගෙම හැගීම් රවට්ට ගත්තා...කැන් ඇස් වල කදුලු පුරවගෙන කතා කලා..

"මට සමාවෙන්න මන් මේ ගැන ඔයාලට කිවුවේ නැති එකට ....ඒ වගේම මන් පීට් ගෙනුත් සමාව ගන්නවා...කැන් එහෙම කියලා පීට් දිහාවට හැරුනා..

"Phi can...??

"පීට් මට සමාවෙන්න ඔයාව රිද්දෙව්වට...මට මටත් වඩා ආදරේ කරපු ඔයා වෙනුවෙන් මුකුත් කරන්න බැරි වුනාට..මේ fan meeting එකටත් ඊයේ medias වලටත් ඔයාට තනියෙම යන්න සැලැස්සුවට...කොතෝනා කාප් පීට්...(sorry pete )

"මන් ආපහු ඔයාලගෙන් සමාව ගන්නම්...ඔයාලා මට වෛර කරන්න එපා...ඔයාලට මාව එපානම් කමක් නෑ මන් මේකෙන් අයින් වෙන්නම්...ඒත් පීට් ව මගෙන් ඈත් කරන එකනම් මට කරන්න බෑ...සමාවෙන්න...කැන් එයාගේ ෆෑන්ස්ලගෙන් ඉල්ලුවා..

විනාඩි 5ක් යනකන් කිසිම හාවක් හූවක් නැතිව තිබ්බත් ඊට පස්සේ එක ෆෑන් ගර්ල් කෙනෙක් හිටපු තැනින් නැගිටලා අත්පුඩි ගහන්න ගත්තා . අනිත් අයත් එයාව අනුගමනය කලා...අන්තිනට ඔක්කොමලා අත්පුඩි ගහන්න ගත්තා...මොන්ඩ් , ෂමූන් වගේම ජේම්ස් , ජිනිත් පුදුම වෙලා බලන් හිටියා .

"මොකක්ද මේ වෙන්නේ phi ජේම්ස්...? ෂමූන් ඇහුවා..

"ෆෑන්ස්ලා එයාලගේ කැමැත්ත ප්‍රකාශ කලා..කැන් කතා කරපු වචන එයා මුලු හදවතින්ම කියපු දේවල් ඉතින් කැන්ට ආදරේ කරන , පීට් ට ආදරේ කරන හැමෝටම ඕනී එයාලගේ සතුටනේ..එයාලගේ සතුට තියෙන්නේ ඒ දෙන්නම එකට ඉන්න තැන නම් ෆෑන්ස් ලා එයාලට ආදරෙයි නම් ඒ දෙන්නට කැමැත්ත දෙයි...ජේම්ස් කිවුවා..

ජේම්ස් කිවුව විදියටම හැමෝම අත්පුඩි ගහලා එයාලගේ කැමැත්ත ප්‍රකාශ කලා..එක ෆෑන් ගර්ල් කෙනෙක් ඉස්සරහට ආවිත් කැන් ගෙ අතට මල් බොකී එකක් දුන්නා..

"Phi can ඔයා කතා කරපු විදියෙන් ඔයාගේ හිතේ phi පීට් ට ලොකු ආදරයක් තියෙනවා කියලා ඔප්පු කලා..මේක ඔයාගේ ජීවිතේ ඔයාගේ ජීවිතේ ඔයා ඉන්න ඕනී ඔයා කැමති අය එක්කනේ...ඇත්තටම අපි මෙතනදි හැසිරුනු විදිය හරිම වැරදියි...අපිට ඇත්ත මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි වුනේ එකපාරටම ඔයාලගේ සම්බන්දේ ගොඩක් සවුත්ති විදියට එලියට ආපු නිසයි...අපිට ඕනී වුනේ මේක ඔයාලගෙන්ම අහගන්න . ඇත්ත මොකක්ද කියන එක . ඒත් ඔය දෙන්නවම දැක්කාම අපි ඇත්ත තේරුම් ගත්තා...අපි ඔයාලගේ නියම ෆෑන්ස්ලනම් කවදාවත් ඔයාලගේ සතුට නැති වෙන්න දෙන්නේ නෑ..ඉතින් අපිට ඔයාලා දෙන්නවම ඕනී ඔයාලා දෙන්නවම නැති කරගන්න බෑ..

ඒ ෆෑන් ගර්ල් ඒ කිවුව වචන එතන හිටපු අනිත් අයත් අනුමත් කලා..කැන් , පීට් පුදුම වුනේ මේ වගේ සුභ වාදී දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වුනේ නැති නිසයි..

"thank you nong.." (nong - junior ) can ඒ ෆෑන් ගර්ල්ට ස්තූතී කරන්න අමතක කලේ නෑ.

ගොඩක් සුභවාදී විදියට කැන්ගෙයි පීට්ගෙයි ජීවිත වලට අලුත් බලාපොරොත්තු වක් දෙන්න එයාලගේ ෆෑන්ස්ලා නිහතමානී වුනා..

Fan meeting එක ඉවර වෙලා හැමෝම මීටින්ග් රූම් එකට ගිහින් හරිම සතුටෙන් ගොඩක් වෙලා කතා කර කර හිටියා. මේක මේ විදියට විසදුනු එකට ජේම්ස් , ජොනතන් සර් වගේම මිනාත් සතුටු වුනා.හැමෝටම වඩා මිනාට ගොඩක් සතුටු හිතුනා එයා නිසා ඇතිවුනු ප්‍රශ්නය නිසා එයා ගොඩක් පසුතැවුනු නිසා මේ හැමදේම සුභ විදියට විසදෙන්න කියලා මිනා ප්‍රාර්ථනා කරා...ඒ නිසා මිනා එයාගේ සතුට බෙදා ගත්තා අනිත් හැමොම වගේ...විශේශයෙන්ම ෂමූන් එක්ක.

"ඕහෝ...කැන් ටත් වඩා ඔයාට සතුටුයි වගේ..ෂමූන් මීටින් රූම් එකෙන් එලියට ආපු මිනාගෙන් ඇහුව..

"ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි...මිනා කිවුවා..ඔයා දන්නවනේ එයාලට එහෙම වුනේ මගේ මෝඩ වැඩ නිසා. මේ දේ නිසා එයාලට මේකෙන් අයින් වෙන්න වුනානම් මන් මටම සමාව දෙන එකක්නෑ..ඔයා දන්නවනේ මගෙන් එයාලට ලොකු වැරැද්දක්නෙ වුනේ..මිනා ෂමූන්ගෙ ඇස් දිහා බලන් කතා කලා..

"හ්ම්...ඔව් ඔව් ඒක ඇත්ත..හරි දැන් ඒවා වැඩක් නෑ..එයාලටනම් සුභ වාදී පණිවිඩයක් හම්බුනා...මගේ එකත් සුභවාදී වෙයිද ? ෂමූන් එක ගහෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ මිනාගෙන් ඇහුවේ එයා ෂමූන්ට කැමතිද කියන එකයි..

"ඔව්...බොහෝ වෙලාවට එහෙම වෙන්න ඉඩ තියෙනවා . මිනා හිනා වෙලා එතනින් දුවලා ගියා...මිනා යන දිහා ෂමූන් බලන් හිටියේ මුහුනේ ලොකු හිනාවක් එක්කමයි.

******

මීටින් එකෙන් පස්සේ කැන් , පීට් දෙන්නා එලියට ආවා..ගෙදර යන්න කාර් පාර්ක් එක ලගට යන්න..පීට් හිටියේ හරිම පුදුමයෙන් වගේම ගොඩක් සතුටෙන් කැන් කිවුව වචන ඇත්තටම පීට් ගෙ හිතේ කැන් ගැන තිබ්බ ආදරේ තවත් වැඩි කලා..පීට් කැන් දිහා බැලුවා...

"Phi can ...

"පීට් මන් දන්නවා ඔයා කියන්න යන දේ . ඔව් මන් ඒ දේවල් කිවුවේ ඇත්තටමයි . මට ඔයාව නැති කරගන්න බෑ..මන් කට වහන් හිටියොත් මට ඔයාව නැති වෙයි . මට මේ ලෝකේ තියෙන වටිනම දේ ඔයා. මට මගෙ තාත්තා නෑ අම්මා නෑ දැන් ඉන්නේ ඔයා විතරමයි...ඔයා මාව දාලා යන්නේ නෑ නේද ? කැන් පීට් ගෙන් ඇහුවා..

"කවදාවත් නෑ..මොන ප්‍රශ්නේ ආවත් මන් ඔයා එක්කම ඉන්නම්...මාත් ඔයාට ගොඩක් ආදරෙයි ඔයාව දාලා යන එක ගැන හිතන්න්වත් බෑ.අද මන් හිතුවේ මන් මොඩ්ලින් වලින් අයින් වෙලා ඔයා කියන විදියට හැමෝටම හොරෙන් හරි ඔයා එක්ක ඉන්නයි...මන් අද ඒකයි කරන්න හිටියේ..පීට් කිවුවා..

"නෑ දැන් එහෙම ඉන්න ඕනී නෑ...අපේ ආදරේ විතරක් ඇයි වැරැද්දක් වෙන්නේ..ඒක එහෙම නෑ..ආදරේ කරන එක වැරදි නෑ. ඔයා කිවුවා වගේ අපි කවුරුත් ඉපදෙනකොටම gay ,lesbian කියලා ලේබල් අලවගෙන එන්නේ නෑනේ...අපි ආදරේ කරන කෙනා තෝරගන්න ඕනී  අපිමයි..ඉතින් ඔන්න මන් තෝරගත්තේ පිස්සු කෝච්චියක්ව ...කැන් එහෙම කියලා හිනා වුනා.

"තව දෙයක් අද කලා වගේ දෙයක් ආයිත් ජීවිතේට කරන්න එපා...තව ඉස්සරහට තව එක එක ප්‍රශ්න එයි . ඔයාට ,මට අපි දෙන්නටම මේ හැම දේම දාලා යන්න වුනත් හිතෙයි ඒත් ඒ හැම දේටම අපි එකට මුහුන දෙමු...දෙන්නම එකට.මට පොරොන්දු වෙන්න පීට්...

"ඔන්න pinky promice ...පීට් හිනා වෙලා කිවුවා.පීට් කැන් ට පොරොන්දු වුනා..

(කැන්ගෙයි පීට්ගෙයි පොරොන්දුව )

***************

ඊලගට කොටස අනිවාරෙන්ම කියවන්න අවසාන කොටස ඉක්මනටම දෙන්නම්...මේ ආදරේ ලස්සනද කියලා බලන්නකෝ..❤️

Vote එකක් දාන්න ...

Continue Reading

You'll Also Like

908K 48.3K 43
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
49.1M 1.9M 65
Blayze Norman; A cold and ruthless CEO of Norman Enterprises has decided to take Caden Carter as his bride, not even the heavens was going to stop hi...
614K 6.2K 94
ထိုနေ့ည က မှားသွားတယ့် အမှားတစ်ခုက ကျွန်မဘဝ တစ်ခုလုံးနဲ့ ပတ်သက်မိသွားလိမ့်မယ်လို့ မထင်ခဲ့မိဘူး....... ပြီးတော့ ပတ်သတ်မိသွားတယ့်သူက ဘာလို့ သူဖြစ်န...
20.4M 622K 52
"Curiosity killed the kitty Miss Adams." My body stiffened. Slowly I turned around just to see Mr. Parker standing in front of me with hands in his...