If our love is wrong..❤️ (හැදින්වීම 1)

2.9K 265 120
                                    

කවුද මේ කැන්..?

කැන් කියන්නේ තායී model කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කැන් කියන්නේ තායී model කෙනෙක්. මූනේ කිසිම හිනාවක් නෑ මෙයාගේ මේ cool look එක නිසාම තමයි මෙයා මේ වෙද්දි තායිවල ගොඩක් ප්‍රසිද්ද වෙලා ඉන්නෙ.ඒත් මෙයා මේ විදියට ඉන්න ලොකු හේතුවක් තියෙනවා. හැමෝම හිතුවට එයා අහංකාර හැන්ඩ්සම් කොල්ලෙක් කියලා ඒක එහෙම නෙමෙයි කැන් පොඩි කාලේ ගොඩක් ප්‍රශ්න වලට මුහුන දීපූ කොල්ලෙක් ඒ හේතුව නිසාම එයාගේ මූනෙන් එයාගේ හිනාව මැකිලා ගිහිල්ලා.අම්මා තාත්තා divorce වුනාම කැන් අම්මා එක්ක බැංකොක් වල තමයි හිටියෙ.සල්ලි ප්‍රශ්න නිසා කැන්ගෙ මුලු ජීවිතේම ගෙවුනේ part time job අස්සේ. ඒ අතරේ තමයි Univercity එකේ අන්තිම අවුරුද්දෙදි මෙයා oppo photoshoot එකකට ගිහින් ඒකෙන් හැමෝගෙම අවදානේ දිනාගෙන ගොඩක් සාර්තක විදියට model කෙනෙක් වුනේ.ඒත් ඊට ටික කාලෙකට පස්සේ කැන්ගෙ අම්මා හදිසි අන්තුරකින් මිය යනවා එදා ඉදන් කැන් ජිවත්වෙන්නේ තනියෙම . කැන් සල්ලි හම්බකරනවා ඒත් ඒවා එයාට එයාගේ අම්මා වෙනුවෙන් වියදම් කරන්න බැරි වෙනවා.කැන් ගොඩක් ලොකු සල්ලි කාරයෙක්වෙද්දි එයගේ අම්මා එයව දාල ගිහින් ඉවරයි.වැඩියෙන්ම අය කරන model ලගෙ ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ දැන් මෙයාගේ නම.කොච්චර සල්ලි තිබ්බත් කැන්ගෙ හිතේ දැන් කිසිම සතුටක් නෑ.කැන් දැන් ක්ශේත්‍රයට ඇවිත් අවුරුදු 5ක් වෙනවා ඒත් මේ වෙනකන් කැන්ගේ staff එකවත් කැන් එක්ක කතාවට යන්නේ මොකද කැන් හරිම අමුතු චරිතයක් නිසා.එයා හැමදාම වැඩ තිබ්බත් නැත්ත agency එකට එනවා. මොකද එයාට ඒකේ දැන් ලොකු පිලිගැනීමක් තියෙන නිසා. ගෑනුලමයින්ගෙන් කැන්ට කිසිම බේරුමක් නෑ ඒත් කැන් නෙමෙයි එයා දිහා හැරිලවත් බලන්නේ.අවුරුදු 5ක් දිස්සේ එකම තැන වැඩකලත් කැන් දන්නේ නෑ තාම කවුද එයාගේ juniors ලා. කවුද Staff එකේ ඉන්නෙ කියලවත් . මොකද කැන් කවදාවත් ක එක්කවත් වුවමනවකට ඇරුනාම්ම් කිසිම කතවක් නෑ. හැමෝම ජීවිතේ enjoy කරද්දි කැන් අපාර්ට්මන්ට් එකේ එයගේ ලොකු ගෙදර තනියෙම කාලේ ගෙවනවා. Staff එක එක්ක කිසිම පාටියකටවත් කැන් තාමත් ගිහින් නෑ. කැන් ජීවිතෙන් හෙම්බත් වෙලා ඒත් ජීවිතේ දාලා යන්න විදියක් නැතුව ඉන්න කොල්ලෙක් කිවොවොත් හරි .

Cute boy පීට් ,

කැන්ගෙ ජීවිතේට සතුට අරන් එන කෙනා තමයි පීට්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කැන්ගෙ ජීවිතේට සතුට අරන් එන කෙනා තමයි පීට්. මෙයා කැන්ට වඩා අවුරුදු 3ක් බාලයි . හරිම සතුටින් ,සැහැල්ලුවෙන් ජීවත් වෙන කොල්ලෙක්. හැමදිස්සෙම හිනා වුනු ගමන්මයි.ඇත්තටම මෙයා හැන්ඩ්සම් කියනවට වඩා ලස්සනයි කියලා කිවුවොත් ගැලපෙනවා.මෙයා කැන් ගිය Univercity එකටමයි ගිහින් තියෙන්නෙ . කැන් 4වෙනි වසරේ ඉන්නකොට මෙයා freshmen කෙනෙක්. මෙයා කැන්ව මුලින්ම දැක්කේ කැන්ගෙ Oppo photoshoot එකෙන්. එදා ඉදන් මෙයා කැන්ට ආදරය කරන්න ගත්තා.ඔව් ඔයාලා හරි එයා ගෑනු ලමයින්ට කැමති නෑ .පීට් gay boy කෙනෙක් හැබැයි ඒක කවුරුත්ම දන්නේ නෑ පීට්ගෙ අම්මා ඇරුනාම .ගොඩක් අම්මලා ඇත්තටම තමන්ගේ පුතා gay boy කෙනෙක් කියලා දැනගෙනත් ඒව නොදන්නවා වගේ ඉන්නේ සමාජේ හරි දරුනු නිසයි කියටවත් ඒ වගේ අයට සමාජේ ඉඩක් දෙන්නේ නැති නිසයි. ඒත් පීට් ගෙ අම්මා පීට් ව තේරුම්ගත්තා.එයා කවුරු වුනත් ඒ එයාගේ පුතා කියන එක පීට්ගෙ අම්මා දන්න නිසා එයා පීට්ව ඒ විදියට පිලිගන්න මැලි වුනේ නෑ.කැන් වගේම මොඩ්ල් කෙනෙක් වෙන්නයී පීට් ටත් ඕනීවුනේ.මෙයා කැන්ගෙ agency එකට බැදුනේ ඒ නිසයි. පීට් ට ඉන්නෙත් අම්මා විතරයි. පීට් ගෙ ලොකුම හීනේ වුනේ එයාගේ role model වෙන කැන් එක්ක එකම photoshoot එකක ඉන්න එක. පීට් කැන්ගේ agency එකට බැදුනේ එයාට හැමදාම කැන්ව දකින්න ඕනී වුනු නිසයි . දැන් පීට් හැමදාම කැන්ව දකිනවා ඒත් කැන් කවදාවත් පීට් ව දකින්නේ නෑ. මොකද කැන් කිසිම කෙනෙක් එක්ක කතාවක් නැ විතරක් නෙමෙයි කිසිම කෙනෙක් දිහා වුවමනාවෙන් බලන්නෙවත් නැති නිසයි ඒ. පීට් ක්ශේත්‍රයට අලුත් කෙනෙක් පීට්ගේ පලවෙනි photoshoot එක කැන් එක්ක කරන්න හම්බුනොත් මොනවා වෙයිද ???

අපේ cute පීට් ට පුලුවන් වෙයිද අහංකාර, නපුරු කැන්ගේ හදවතේ ඉඩක් ගන්න . ඒත් එ සම්බන්දෙට කැන් කැමති වෙයිද ?? .මේ වගෙ ප්‍රසිද්ද දෙන්නෙක්ට හැගීම් වලට ඉඩ දීලා ජිවීතේ විදින්න සමාජේ ඉඩ දෙයි කියලා හිතෙනවද මේක කොහෙන් කොහොම කෙලවර වෙයිද ?? අපි බලමු මේ දෙන්නට මොනවා වෙයිද කියලා...මේ කැන් ගෙයි පීට් ගෙයි කතාව . ❤️

මන් මීට කලින් Bl story එකක් ලියලම නෑ..මේක පලවෙනි එක ඒ නිසා යාලුවනේ වැරදි තිබ්බොත් සමාවෙන්න හොදේ..ඔයාලාගෙ අදහස් මට කියන්නකෝ...මන් පුලුවන් වුනු ගමන් මේක කොටස් වශයෙන් ලියන්නම් ඔන්න...Vote කරන්නත් අමතක කරන්න එපා...Comment එකකුත් දාගෙන යන්න ඕනී ඔන්න...❤️😘

STORY BY : DIMA ✨

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now