If our love is wrong..(14)

Start from the beginning
                                    

ජොනතන් පීට් ගෙ කරමත ලොකු බරක් පැටෙව්වා..

"කෝ කැන්...උදේ ඉදන් කෝල් කරන්නේ එයා නෑ...

"එයාට අසනීපයි phi එයාට කියන්න ඕනී නෑ මන් මේක හැන්ඩ්ල් කරන්නම්...පීට් කැමති වුනේ නෑ මේ දේවල් කැන් දැනගන්නවට . කැන් කරපු කිසිම වැඩක් මෙච්චර කාලෙකට අසාර්ථක වෙලාම නෑ..පීට් නිසයි මේක වුනේ කියලා පීට් ට තේරුනු නිසා එයා හැම වගකීමක්ම තනියෙම බාරගන්න කැමති වුනා.

"එයාට නොකියා බැ...එයාත් මේකට අයිතීනේ..ජොනතන් කිවුවා...දැන් ඔයා ලෑස්ති වෙන්න media වලට අද කතා කරන්න වෙනවා...මේක ගැන දැන් හැමෝම කතා කරනවා. තායි වල නොදන්න කෙනෙක් නෑ...ජොනතන් කිවුවා. එතන මිනා , මොන්ඩ් , ෂමූන් ඔක්කොම හිටියා. මිනා කාමරෙන් කාටත් නොකියා එලියට ගියා. ෂමූන් ඒක දැක්කා..ෂමූන් මිනා පස්සෙන් ගියා. මිනා එලියට ගිහින් එලියේ බංකුවක් උඩ වාඩි වෙලා කල්පනා කරන්න ගත්තා..

"මොකද අවුල ? ෂමූන් මිනාගේ මූනට එබුනා..

"මුකුත් නෑ...

"බොරු කියන්න එපා..

"නෑ...ෂමූන් මන් පසුතැවෙනවා...මන් දන්නවා ඒක වැඩක් නෑ කියලා..ඒත් මන් නිසා මේ වුනු දේවල් දැක්කාම ...මිනාගෙ වචන හරිම විශ්වසනීය වුනා. කවදටත් වඩා මිනා එයා ගැන ලොකු තරහකින් කතා කලේ..

"මෙහෙමනේ...ඔයත් වැරදී තමයි...ඒත් මේක ගොඩක් දුර දිග ගියා වැඩී දැන්...ඒත් අන්තිමට හරි ඔයා හරි වැරැද්ද තේරුම් ගත්ත එක ගැන සතුටුයි...ෂමූන් මිනාගේ ඇස් දිහා බලන් කතා කලේ..ෂමූන් මිනාගේ අතින් අල්ලලා එයාව බදාගත්තේ දැන් වුනු දේ වුනා කියලා අගවන්නයි.

Media වලට කතා කරන  ටයිම් එක ආවා..පීට් ඒ හැමදේකටම තනියෙම මුහුන දුන්නා.එයාලගේ ප්‍රධාන ප්‍රශ්නේ වුනේ මේ දෙන්නගේ සම්බන්දේ පීට් ම ඒක ජනප්‍රිය තාවය උදෙසා වෙන කෙනෙක් කරපු වැඩක් කියලා කිවුවා. ඒ වගේම මේ brand එකේ promotion එක අසාර්තක වුනේ පීට් ක්ශේත්‍රයට අලුත් කෙනෙක් එයාගේ දුර්වලතාවය නිසයි කියලා කිවුවා..ඒත් දිගින් දිගටම මීඩීයා වලින් කිවුවේ නෑ ඒක වුනේ ඔය දෙන්නගේ සම්බන්දේ හරිම සවුත්තු විදියට එලියට ගිය නිසා fansලා ගොඩක් අවුලෙන් ඉන්න නිසයි කියලා කිවුවා..නමුත් පීට් ඒ ගැන එක වචනයක්වත් කතා කලේ නෑ..කැන් ව බේරලා ඔක්කොම වැරදි එයා පිට දාගත්තා..

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now