If our love is wrong..(13)

Start from the beginning
                                    

"මිනා කරපු දේට නෙමෙයි දැන් පීට් අවුලෙන් ඉන්නේ මන් කරපු දේට . කැන් එදා පීට් ට gay boy කෙනෙක් කියලා සැරෙන් කතා කරපු විත්තිය එයාලගේ රණ්ඩුව , පීට් හැසිරුනු විදිය මේ ඔක්කොම මොන්ඩ් , ෂමූන් දෙන්නත් එක්ක කිවුවා.

"අයියෝ phi can ඕක ඉක්මනටම විසදගන්න වෙයි...ඔයා පීට් ව අතාරිනවද  ? මොන්ඩ් ඇහුවා.

"කොහොමද මන් ඒක කරන්න හිතන්නෙවත්. මට බෑ පීට් ව අතාරින්න.ඒත් පීට් කැමති නෑ මන් එයාගේ ලගටවත් එනවට. මට බයයි එයා මන් නිසා එයාටම කරදරයක් කරගනී කියලා.මොකද මන් ඒ තරමටම දැන් එයාගේ බලාපොරොත්තු කඩ කරලා ඉවරයි.මන් නිසා එයාගේ මුලු ලෝකෙම බිදිලා ගිහිල්ලා..මගෙයි වැරැද්ද .ඒත් මන් ආපහු ලන් වුනොත් එයා එයාටම කරදරයක් කරගනී..ඒ නිසා මන් එයාගෙන් ඈත්වෙලා ඉන්න එක හොදයි මන් හිතන්නේ...කැන් කිවුවා.

"ඒත් ඔහොම කරන්න එපා..ඔයා පීට් ට ආදරෙයි නම් පීට් කැමති දේ එයා එක්ක එකතු වෙලා කරන්න ෂමූන් කිවුවා..ඔයාට පීට් ව නැති වුනොත් ආයි ඔයාට දෙවෙනි අවස්තාවක් හමබවෙන්නේ නැති වෙයි...පීට් තරම් ඔයාට ආදරේ කරන කෙනෙක් , ඔයා ගැන දන්න කෙනෙක් හම්බවෙන්නේ නැති වෙයි...කැන් ඒ හැමදෙයක්ම අහගෙන හිටියේ හිතේ ලොකු වේදනාවක් හිර කරන්...

දැන් දවස් දෙකක් වෙනවා කැන් පීට් දෙන්නගේ ආදර කතාව එකම තැන නතර වෙලා..දෙන්නම එකට හම්බවෙනවා...ඒත් මුහුනවත් බලන්නේ නැතිව කවදාවත් අදුරන්නේ නැති දෙන්නෙක් වගේ වෙන් වෙලා යනවා..කැන් පීට් ට හොරෙන් පීට් දිහා බලන් ඉන්නවා..ඒත් ඉස්සරහට ගිහින් කතා කරන්නේ නෑ..පීට් කැන්ව අමතක කරන්න කොච්චරවත් උත්සහ කරනවා ඒත් පීට්ටත් හැමදාම කැන් නැති අඩුව දැනෙනවා..

*******
එදා yash agency එකට අවුරුදු 15ක් පිරෙන දවස . ලොකු පාර්ට් එකක්...ලොකු ලොකු අය ගොඩක් ඇවිත් හිටියා.හැමෝගෙම ආරාධනා නිසා හැම model කෙනෙක්ම මේකට සහභාගී වුනා පීට්,කැන් දෙන්නත් ඇතුලුව.කැන් වාඩි වුනේ ෂමූන් එක්ක වෙනම මේසෙක , පීට් මොන්ඩ් එක්ක වෙනම මේසෙක වාඩි වුනා.දෙන්නා එකට නැති නිසා ෂමූන්ටයි , මොන්ඩ්ටයි මේ දෙන්නවම තනිකරන්නේ නැතිව ඉන්න ඕනී නිසා ඒ දෙන්නත් මෙයාලා එක්ක වෙන වෙනම වාඩිවුනා..කැන් විනාඩියක්වත් එයාගේ ඇස් පීට් ගෙන් අයින් කරගත්තේ නෑ..කැන් වෙනදටත් වඩා හොදටම බිවුවා..කැන් ට එයාව පාලනය කරගන්න බැරි වෙන තරමටම...

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now