If our love is wrong.. (04)

En başından başla
                                    

පීට්ගෙ කතාව ඉවර වුනු ගමන් කැන් එලියට ගියේ පීට් ට කෑම අරන් එන්න . කැන් පාර දිගේ ඇවිදන් ගියේ කිසිම සිතුවිල්ලක් නැති මල කදක් වගේ..කැන්ට පීට ව ඕනී ඒත් එයා ඒක කියන්න බයයි . එයාගේ image එක සමාජෙන් හන්වඩු ගහයි කියන බයට කැන් නිරුත්තර වුනා.කැන් පීට් ට සුප් එකයි , සැන්ඩ්විච් වගේ දේවල් ටිකක් අරන් ඉක්මනටම ආපහු පීට් ගෙ ගෙදරට ගියා.පීට් හොදටම නිදි.කැන් පීට් ගාවින් වාඩි වෙලා ඇගට අත තියලා "ම්...දැන් නම් උන අඩුවෙලා " කියලා කිව්වා.අහිංසක විදියට නිදාගෙන ඉන්න පීට ඇහැරවන්න බැරි නිසා පීට් ඇහැරෙනකන් හිටපු කැන් එයාට කෑම කවලා බෙහෙත් පෙවුවා.කැන් කාමරෙන් එලියට ගිහින් පීට් ගෙ Tv එක දාගෙන සෝෆා එකේ වාඩි වුනේ තාමත් කැන්ට පීට් ගාව එයාගේ තනි රකින්න කිසිම අයිතියක් නැති නිසයි.ටික වෙලාවක් යද්දි පීට් එතනට ආවා...

"Phi දැන් ඔයා ගෙදර යන්න..මට දැන් හොදයිනේ..පීට් එහෙම කිවුවේ කැන් කිසිම කතාවක් නොකර එක දිගට Tv එක දිහා බලන් හිටිය නිසයි..ඒත් කැන් ඇත්තටම ඒ වෙලාවේ හිත හිත හිටියේ පීට් කිවුව දේවල් ගැනයි...

"හ්ම්...කැන් හිමීට කිවුවා.පීට් ඇවිත් කැන් ගාවින් වාඩිවුනා.කැන් දිහා බලලා අමුතු විදියට හිනා වෙලා කැන්ගේ අතේ එල්ලුනා..

"Phi කැන් මන් ඔයාට කැමතී...ඔයා දැනටමත් ඒක දන්නවා ඇති . ඒත් මට ඒක ඔයාට කියන්න ඕනී වුනා.මන් ගොඩක් දවස් බලන් හිටියා ...මන් ඔයාව පලවෙනියෙන්ම දැක්කේ univercity එකේ ඔයාගේ 1st photoshoot එකේදී.එදා ඉදන් මන් ඔයාට කැමති වුනා .මගේ තුන් හිතකවත් තිබ්බේ නෑ මොඩ්ලින් වලට එන්න ඒත් ඔයා නිසා මන් ආවා..මන් ඔයාගේ පස්සෙන්ම අවුරුදු 5කටත් වැඩියෙන් ඇවිද්දා..මට දැන් ගොඩක් මහන්සියි.මට මේක ඔයාට කියන්නම ඕනි....මන් ඔයාට ගොඩක් කැමතී...chan chab khun phi (I like you අයියේ ) මන් ඔයාට මටත් වඩා ආදරේ කරනවා..pham rakh khun phi..(I love you අයියේ ) පීට් කැන් ගෙ ඇස් දිහා බලාගෙන කිවුවා.

"කැන් පුදුමයෙක් වගේ බලන් හිටියේ ඇස් අදහාගන්න බැරිවයි...ඇත්තටම කැන් පීට් එයාට කැමති කියලා දැනගෙන හිටියේ පීට්ව දැක්ක දවසෙමයි. ඒත් මේ තරම් කාලයක් පීට් එයාට හිතින් ආදරේ කරා කියලා කැන් දැනගෙන හිටියේ නෑ. අද ඊයේ කැන්ට හම්බුනු මේ පොඩි පිරිමි ලමයා අඩුම තරමේ කැන්ගේ univercity එකේම හිටිය කෙනෙක් . කැන්ට රහසින් ආදරේ කරපු කෙනෙක් , කැන් ගෙ එකම photoshoot එකක්වත් මග අරින්නේ නැතිව කැන්ට ශක්තියක් වුනු කෙනෙක්...කැන් නිසා එයාගේ හීන අමතක කරලා , පවුලේ අයවත් කියන දේ අහන්නේ නැතිව පිස්සුවෙන් වගේ කැන් එක්ක එකම ගමනක් යන්න හිතාගෙන හිටියෙ කෙනෙක් කියලා කැන් කීයටවත් හිතුවේ නෑ..කැන්ට කරන්න කිසිම දෙයක් නෑ..ඒත් එයාට බෑ පීට් ට ආදරේ කරන්න.

💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Hikayelerin yaşadığı yer. Şimdi keşfedin