ඇගට හුරුපුරුදු උණුසුම් ගතියක් එක්ක මගෙ ඇස් දෙක ඇරෙද්දි අදත් මන් උන්නෙ ලොකු හාමුගෙ තුරුල්ලේ.. ඊයෙ රෑ මටත් පුප්පගෙන පිඹගෙන ඇවිත් මන් එද්දි මූණ කට සෝදලා ඇදුමකුත් මාරු කරන් ඇදටත් ගිහින්.. මගෙ දිහා හෙනම මාන්නෙන් වගෙ බලන් හිටියත් මන් ඇදට ගොඩවෙනකම්ම ඒ ඇස් මන් යන යන පස්සෙන් ගියා.. අනේ මලකෝලම් ... ලොකු හාමුගෙ මේ අමුතු හැසිරීමට හේතු හොයලම මට හති..
හිමින් සැරේ ඇදෙන් බහින්න හදපු මට ලගටම පෙණුන ඒ වාත්තු කලා වගෙ තියෙන මූණ දැක්කම ලෝකෙම අමතක වෙලා ගියා... අපේ හාමු ඒ තරම්ම කඩවසම්..මගෙ ඇස් කලබලෙන්ම ඒ මූණ පුරාම ගියේ හරියටම අගලක් නෑර ඒ මූණ මතක තියාගන්න කියලා මගෙ හිත මටම කියද්දි.. මටත් හොද පිස්සුවක් හැදීගෙන එනවද කොහෙද..
" මයෙ මන්දුගෙ හාමු ඒ තරම් කඩවසම්ද ඉතින් ම්ම්.. "
හාමු නිදාගෙන නෙවෙයිද...
මගෙ ඇස් දෙක දොඹ සයිස් වෙද්දි කරපු වැඩෙත් එක්ක ඇති උන ලැජ්ජාව නිසාම මට උත්තර නැති උනා..
"..."
" ඔහොම බලන් ඉන්න තරම් මන්දුගෙ හාමු හැන්ඩියෙක්ද කියලා ඇහුවේ.. "
" ප්.. පරක්කු ව් වෙලා.. මන් පහලට යන්න ඕන.."
" හ්ම් හ්ම් යන්නකො එහෙනම් .. චූටි මැණිකෙට වැඩ ගොඩයිනේ.."
නෝක්කාඩු මූණක් හදාගෙන එහෙම කිව්ව හාමු ඇදෙන් බහිද්දි මාත් හිමින් සැරේ පල්ලෙහාට ආවා..
සෝමා නැන්දා එක්ක එකතු වෙලා වලව් ඇත්තොන්ට භෝජනේ ලෑස්ති කරපු මන් තේ එකත් හාමුගෙ කාමරේටම වැඩැම්මුවෙ සදලු තලෙන් බහින්නෙ නැති නිසා.. මගේ වෙලාවටද කොහෙද හාමු නාන කාමරේට රිංගන් හිටිය නිසා තේ එක කාමරෙන් තියලා මන් පහලට බැහැගත්තා..
අද කවදාවත් නැතුව චූටි මැණිකෙ සේරටම කලින් හොදට ඇද පැලදගෙන ලෑස්තිවෙලා එළියට බැස්සෙ උදේ කෑමටවත් ඉන්නෙ නැතුව..
" සෝමා මන් එනකොට හවස් වෙයි.. අර මහ ලොකු හාමුලා දෙන්නට කියලා තියන්න.. නැත්නම් යන තැනක නිදහසේ ඉන්න වෙන්නෑ.. "
නිකන් නෙවේ පොඩි යස්සනී ගියේ සෝමා නැන්දට සද්දයක් දාලා මට හොදම එකෙන් රවලා.. අනේ මෝඩ ගෑනී.. හිතේ ඇති රූප සුන්දරී කියලා.. අපේ පුංචිත් ලස්සනයි ඔය හෝන්තුවට වඩා හහ්..
YOU ARE READING
මන්දාග්‍ර
Fanfictionවළාකුලු වල ලියවුන සූර්ය රශ්මියක කතාව... Disclaimer: This is a work of fiction. Although inspired by the public personas of Xiao Zhan and Wang Yibo (Zhanyi), all events, personalities, relationships, and situations in this story are purely fictional...
