අර්යන්ගේ උණ බැස ගොස් සම්පූර්ණයෙන්ම සනීප වෙනකම්ම නෙවින්ගේ අම්මා එයාලට ගෙදරින් යන්න දුන්නේ නැහැ. දවස් කිහිපයක්ම අර්යන් නෙවින්ගේ පුංචි ගෙදර නැවතිලා හිටියා.
මුළු ලෝකෙම වෙවුලවපු මාෆියා නායකයා, දේවින් කෝපරේෂන් එකේ සභාපති අර්යන්
දේවින්...
අද නෙවින්ගේ අම්මා හදන කෑම කමින්, නෙවින් එක්ක සාලේ වාඩිවෙලා ටීවී බලමින්, නෙවින්ගේ පුංචි කාමරයේ එකම ඇඳේ නෙවින්ව තදින් පපුවට හේත්තු කරගෙන නිදාගන්න තරම් සරල වුණා.
"අර්යන්..."
නෙවින් අර්යන්ගේ ෂර්ට් එකේ බොත්තමක් එක්ක සෙල්ලම් කරමින් හිමීට ඇහුවා.
"කියන්න මගේ පණ..."
අර්යන් නෙවින්ගේ කොණ්ඩය අතරින් ඇඟිලි යවමින්, නෙවින්ගේ නළලට හාදුවක් තියලා ඇහුවා.
"ඔයාට ඇත්තටම පාඩුවක් නැද්ද මේ පුංචි ගෙදර ඉන්න එක? ඔයාගේ අර අතිවිශාල දේවින් මන්දිරයට වඩා මේක ගොඩක් පුංචියි නේද?"
අර්යන් සිනාවුණා. එයාගේ ඒ සිනහව ඇතුළේ තිබුණේ මහා ලොකු සැනසීමක්.
"නෙවින්... මාලිගාවක හිටියත් මගේ හිත ඇතුළේ තිබුණේ පාළුවක් විතරයි. ඒත් තමුසේ ඉන්න ඕනෑම තැනක් මට ස්වර්ගයක් වගේ. මට මාලිගා ඕනේ නැහැ, මට ඕනේ තමුසෙගේ මේ පුංචි උණුසුම විතරයි."
නෙවින් ලැජ්ජාවෙන් අර්යන්ගේ පපුවේ මුහුණ සඟවාගත්තා.
දවස් හතරකට පස්සේ, අම්මාගේ ආශීර්වාදයත් එක්කම අර්යන් සහ නෙවින් ආපසු දේවින් මන්දිරය බලා පිටත් වුණා. හැබැයි මෙවර නෙවින් මන්දිරයට ආවේ බියෙන් හෝ බලහත්කාරයෙන් නෙවෙයි; ඒ මන්දිරයේ සැබෑ අයිතිකාරයා, අර්යන්ගේ එකම ආදරණීය සැමියා විදිහටයි.
මන්දිරයට ඇතුළු වෙද්දී මුළු සේවක මණ්ඩලයම පේළියට සිටගෙන නෙවින්ට සහ අර්යන්ට ආචාර කළා. කලින් නෙවින්ව පාලනය කරපු, හිරකරපු ඒ බියකරු වාතාවරණය වෙනුවට අද මන්දිරය පුරාම තිබුණේ උණුසුම්, ආදරණීය හැඟීමක්.
"සාදරයෙන් පිළිගන්නවා නෙවින් මහත්තයා..."
වික්‍රම් ඉදිරියට ඇවිත් සිනහවෙමින් කිව්වා.නෙවින් හිස නමා සිනාවුණා. අර්යන් නෙවින්ගේ අතින් තදින් අල්ලාගෙන, එයාව ප්‍රධාන සාලය මැදට එක්කන් ගියා.
VOUS LISEZ
Unwanted marriage (Yizhan +18)
Non-Fictionඅක්කා පැනලා ගියපු පවුල බේරගන්න මට සිද්ධ වුණා අර්යන් දේවින් වගේ බයානක මනුස්සයෙක්ව බැඳගන්න. ඒකෙන් මගේ තරුණ කාලේ, මගේ කැම්පස් හීන, මගේ නිදහස සේරම මට අහිමි වෙලා ගියා.
