හයි ලමයිනේ
මන් පරණ ඔතර් කෙනේක් මගේ අඩුපාඩූ තියෙනවා නම් මට කියන්න හාද.එත් මන් මේ පලවෙනි පොත ගෙන්නේ එකත් ටේකුක් එකාක් හරිද.
මගේ නම කිම් ටේහ්යුන්ග් . මට දැන් වයස අවුරුදු 20යි. මං කොච්චර අහිංසක විදිහට ඉන්න හැදුවත් මගේ පවුලේ අයගෙන් මට ලැබුණේ වෙනස්කම් සහ වදහිංසා විතරයි. මට අයියලා දෙන්නෙක් ඉන්නවා, ඒත් එකෙක්වත් මට ආදරේ නෑ. අම්මයි තාත්තයි වුණත් මට පොඩ්ඩක්වත් ආදරේ කරන්නේ නෑ. පොඩි වැරැද්දක් වුණත් මට මහත ලෙදර් පටියකින් ගහනවා. කවුරුත් මගේ පැත්තේ නෑ.
මං ඉපදුණේ පෝසත් පවුලක වුණත්, මට ලැබුණේ සේවකයෙක්ටත් වඩා අන්ත ජීවිතයක්. හැම තිස්සෙම මට විතරයි හැමදේම විඳවන්න වුණේ. මං මේ ගෙදර බාලයා වුණත්, ඒ කට්ටියගේ හැම වැඩක්ම කරන්න සිද්ධ වුණේ මට.
අපේ ගෙදර බංගලාවක් වගේ ලස්සනයි තමයි, ඒත් ඒක ඇතුළේ ඉන්න මිනිස්සුන්ගේ ගතිගුණ තිරිසන්නුන්ටත් වඩා අන්තයි.
මං උදේ හතරහමාරේ ඉඳන් රෑ වෙනකන් මේ ගෙදර හැම බර වැඩක්ම කරන්න ඕනේ.
ඒ විතරක් නෙවෙයි, මගේ ලොකු අයියාගේ සපත්තු පොලිෂ් කරන එකත් මටමයි කරන්න වුණේ. මං හැමදෙයක්ම කරලත් එයාලගෙන් මට ලැබුණේ ආදරේ නෙවෙයි, කුරිරු වදහිංසා විතරයි.
අදත් වෙනදා වගේම රෑ දවසක්. මුළු ගෙදරම සීතල වෙලා වගේ, අනික මුළු ගේම නිශ්ශබ්දයි. මං හිටියේ හැමෝටම උයන ගමන්. මං ඒ වෙලාවේ හොඳටම මහන්සි වෙලා හිටියේ. මගේ ඇඟ, කකුල්, අත් එහෙම වෙව්ලනවා. ඒත් කෑම මේසේට කෑම තියෙනකන් මට නිදහසක් ගන්න බෑ.එකපාරටම ඒ නිශ්ශබ්දතාවය බිඳගෙන සාලේ මැද්දෙන් වීදුරුවක් වැටෙන සද්දයක් ඇහුණා.
ඒ වීදුරුව වැටෙද්දී අපේ ගෙදර දොංකාර දුන්නා. ඒ සද්දේට මගේ අතේ තිබුණ එළවලු කපන පිහිය මගේ අතින් බිමට වැටුණා.
මට ඒ වෙලාවේ හිතුණේ කාටහරි කරදරයක් වෙලා කියලා. මං එතනට ගියේ මගේම කරුමෙට කියලා මට තේරුණේ පස්සේ.
ලොකු අයියා අදත් බීලා ඇවිත්. එයාගේ අතින් තමයි අපේ තාත්තා රටින් ගෙනාපු, ගොඩක් ආස කරපු බඳුන බිඳිලා තිබුණේ. එයා මාව දැක්කා. මගේ කරුමෙටද මන්දා ඒ වෙලාවෙම උඩ තට්ටුවෙන් අඩි සද්දයක් ඇහුණා. උඩ ඉඳන් ආපු තාත්තගේ මූණ යකෙක් වගේ තරහෙන් පිරිලා තිබුණේ.
ESTÁS LEYENDO
Unspoken Love
No Ficciónඅම්මාලගේ සල්ලී නැතුවට මාව විකුනනවා එත් මන් හිතුවේ නැ මේ මාෆියා බොස් මගේ වෙයි කියලා. ටේකුක් ජන්කුක් ටොප් බොටම් ටේහුන්
