Chapter 01

77 9 14
                                        

කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම , සමාජ මධ්‍යජාලාවල පල කිරීම , pdf share කිරීම සපුරා තහනම්.


ශතවර්ෂ ගණනාවක් පුරාවටම ධාරන් පෙළපත විසින් පාලනය කරනු ලබන ඇවලොන් රාජධානියට අද විශේෂ දවසක් .

පුරවෘත්තවලට අනුව ධාරන් පෙළපත විනාශ කිරීමටවත්, එයට පුංචිම හානියක්වත් සිදු කිරීමට මේතාක් කාලයකට කිසිම කෙනෙක්ට හැකියාවක් ලැබිලා නෑ. ඔවුන් ඇවලෝන් රාජධානියේ පාලනය අතට ගත් දා සිට රාජධානිය තව තවත් සශ්‍රීක වූවා පමණක් නොවේ එය ඉතාමත් ශක්තිමත් හා ආරක්ෂාකාරී තැනක් විය.

නමුත් සැඟවුණු පුරවෘත්තවල තවත් නොවිසඳුණු රහස් තිබුණි.

ධාරන් පෙළපත අඳුරු මායාවන් භාවිතය මගින් රාජධානියේ බලය ලබාගත්තා පමණක් නොව එම අඳුරු මායාව තුළින් නිමැවුණු මායාකාරී ආත්ම ගතවූ ශතවර්ෂ ගණනාව පුරාවටම අන්ධකාරයේ සෙවණැලි මෙන් මාළිගාව තුළම පැවත එනවා. විනාශ කිරීමටවත් , අඩපණ කිරීමටවත් නොහැකි තරම්ම ඒ ආත්ම බලවත් . කිසිවෙකුටත් බිඳහෙලිය නොහැකි ඒ අසීමිත ශක්තිය ඇවලෝන් මාලිගය තුළ සැඟවී පවතිනවා.

මේ සැඟවුණු පුරවෘත්තවල සත්‍ය අසත්‍යතාවය නිර්ණය කිරීමට මේතාක් කාලයකට කිසිවෙකුට හැකියාවක් ලැබී නොමැත.

කිව්වත් වගේ අද මුළු රාජධානියටම ඉතාමත්ම විශේෂ දවසක් . රාජධානියේ ඔටුන්න හිමි කුමරිය අද මෙලොව එළිය දකින්නයි සූදානම. රාජධානියේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රීතී ඝෝෂා හා සැණකෙළි.

එලීනා ධාරන් . ඇයයි පවිත්‍රත්වයේ සංකේතය . තම මෑණියන්ගේ රූප ස්වභාවය කිසිම අඩුවක් නැතිව ඇයට පිහිටලා තිබුණා.
ඇය ඉතා රූමත් , ආදරණීය බිළිඳියකි. ආදරය උතුරා යන දෙනෙතින් ඇය දෙස බලා සිටි ස්ටෙෆන් රජු පීතෘත්වය නම් උත්තරීතර පදවිය තම මුළු හදවතින්ම පිළිගත්තා.

වසර 22කට පසු,

"මාගෙ පැළෙ අඳුර නසන්න
සිතෙනවා මනාලයෙක් ගෙනෙන්න
නිවසේ දොර එළිය කර-"

"මනාලයෙක් ගෙනාවනම් බලන්න තිබ්බා රජතුමාගේ මූණ සැක්"

"ඒ උනාට මට දැන් එච්චරයි අඩු"

DEAR ISABELL Stories to obsess over. Discover now