1 Chapter.

87 0 0
                                        


( ⚠️ කරුණාවෙන් සලකන්න මෙය හුදෙක් විනෝදස්වය සදහා ලියවුනු එකක් බව සලකන්න...!!)

" සර්ට පුළුවන් හෙට ඇවිත් පේන්ට් එක ඇරගෙන යන්න..? "

අපි එක දෙයක් ප්‍රාර්ථනා කරනවද අපි කැමති නැතිම මිනිස්සු අපිට කවදාවත් හම්බ වෙන්න එපාම කියලා... මමත් එහෙම ප්‍රර්ථනා කරපු කෙනෙක්.. ඒත් ඒ ප්‍රාර්ථනාවෙන් වැඩක් උනේ නැහැ... මං සමාන්‍ය යෙන් නිදහසේ ජීවත් වෙන ආස කරන පුංචි ආත්මයක්..කවුරුත් නොදන්නවා උනත් මං කාලයක් එක එක හේතු නිසා ඒ මගේම හේතු නිසා හුගක් දුක් විදපු කෙනෙක්... මං ඒවා මතක් කරන්න කැමති නැහැ.. ඒවා අතීතේ සිදු වුනු දේවල්...

මං වැඩියෙන්ම වෛර කරපු මනුස්සයම මගේ ඇහැට ගැටුනේ අහම්බෙන් කියලා කියන්න පුළුවන්...චිත්‍ර ප්‍රදර්ශනය ක ඇතුලක මුණ ගැහුණු අහබු හමුවීමක්.. කවදාවත් නොහිතපු විදිහට... මං ඇදපු මගේම චිත්‍රයක් නිසා හමුවුණු අහබු හමුවීමේදී නතර උනේ එයාගෙම request එකක් නිසාමයි... ඒ මේ මං ඇදල ඉවර කරපු එයා ගෙ චිත්‍රය එයා හෙට මගේ ගෙදරට ඇවිත් ගන්න එනවා...එයා හිතන විදිහේ වගේම පෙනුමෙන් පවා නපුරු මනුස්සයෙක්...

මං මගේ කාමරේ පරිස්සමින් පැත්තකින් තියලා වේලෙනකම් තිබ්බේ හෙට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැරිව යනකොට...

මං තාමත් වෛර කරන ඒ මනුස්සයා ලෝකයක් දන්න හොද ව්‍යාපාරික යෙක්...දක්ෂ ව්‍යාපාරිකයෙක්.. එයා කදුකර නගරයේ ඇවිත් කරන්නේ මොනාද කරන්නේ කියලා දන්නේ නැහැ... මං හිතුවෙම එයා බිස්නස් වැඩකට වෙන්නෙ ඇති එන්නේ ඇත්තේ කියලා...

මං මගේ සුපුරුදු දින චර්යාවේ ඉදගෙන පහුවෙනිදා උදෙන්ම නැගිට්ටේ එයා වෙලාවට එයි කියලා කියපු නිසා... මං ටග්ගලා මුහුණ හෝදලා සුදු අත් දිග දුහුල් ෂර්ට් එහෙකට සුදු කොට ෂෝර්ට් එකක් ඇදල මං කන්නඩි ය ඉස්සරහ ට ආවේ මගේ කළු අදුන් පෙට්ටිය අරන් ලාවට ඇස් යට පාට කරන්... මගේ කනේ නහයේ පුංචි ඇස් වලට ලාවට පේන පුංචි කරාබු ටික දාලා මං කළු බුලෙන් කොන්ඩේ ලාවට බැදගත්තා...

මං ගානට වෙළුණු පේන්ටින් එක damage වෙන්නෙ නැතුව සුදු රෙද්දකින් වැහුවේ තව බැග් එහෙකට පොඩි පොඩි කෑම ඩෙස්ට් එහෙකුත් දාන ගමන්.. ඒක මගෙන් හම්බ වෙන order එකට තැන්ක්ස් කරන්න හදාගත්තු පුංචි තෑග්ගක්.... පොඩි කාඩ් එකක් දෙනවට වඩා මේ දෙන පුංචි ඩෙස්ට් එකකින් කාගෙහරි හිත සතුටු කර නෙක හොදක් නිසා මං එහෙම කරන්නේ.... මං ඔක්කොම ඉස්සරහට අරන් එනකොට එයා කියන්නෙ ම නැතුව සද්ද නොකරම ගෙ ඇතුලටම ඇවිත් තිබුනා...

His Life Stories to obsess over. Discover now