චරිත හදුන්වාදීම
නිර්වාන් තේජස් සූරියබණ්ඩාර
වයස අවුරුදු 29 වෙන කොළඹ ප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයක උරුමක්කාරයෙක්. පිරිමි දරුවන් දෙන්නෙකුගෙන් යුක්ත පවුලෙ වැඩිමල්ම දරුවා උනේ නිර්වාන්. උසින් අඩි හයකට කිට්ටු බොහොම උස කෙනෙක් උන නිර්වාන්, එක බැල්මකින් කෙනෙක්ගෙ මතකයෙ තැම්පත් වෙන තරම් බොහොම නිවුන , කඩවසම් පෙනුමක් තිබ්බ ලස්සන මනුස්සයෙක්. නිර්වාන්ගෙ ආසම ක්‍රීඩාවන් උනේ චෙස් & ගොල්ෆ්.
තමන්ගෙ ඔලුවට වැටිල තිබ්බ වගකීම් කන්දත් එක්ක නිර්වාන්ගෙ තද ගතිගුණ කා අතරත් හරිම ප්‍රසිද්ද කාරනයක් වෙලා තිබ්බ.
ඒත්....
ඒ සැරපරුෂ නිර්වාන් , එකම එක මනුස්සයෙක් ගාව වෙනස්ම පුද්ගලයෙක් උනේ තමන්ගෙ ආත්මයෙ තිබ්බ සන්වේදී , මෘදු පැත්ත ඒ මනුස්සයටම විතරක් සීමා කරලා....
ඒ තමයි අකීශ් ....
-අකීශ් තේනුවර අබේසේකර -
නිර්වාන්ගෙ පිස්සු හෝන්තුව. ගායකයෙක් වගේම , නිරූපන ශිල්පියෙක් උන අකීශ් බොහොම හිතුවක්කාර චරිතයක් . නපුරු දඩබ්බර චරිතයක්. අකීශ්ගෙ ජීවිතේ එක බාගයක පිරිලා තිබ්බෙ සන්ගීතය . අනික් බාගය අයිති උනේ නිර්වාන්‍ට. අකීශ්ගෙ පලවෙනි ආදරය උන නිර්වාන් , අකීශ්ගෙ ජීවිතය ඕනවට වඩා පහසු කරේ අකශ්ට ජීවිතේ කිසිම වගකීමක්වත් නොදී. එ හින්දම අකශ් කෙලිලොල් ජීවිතේකට හුරු උනේ තමන්ට ලැබුන නිදහස ඕනවටත් වඩා බුක්ති විදින ගමන්.
ඒත් ඒ නිදහස් ජීවිතේට කුණාටුවක් ආවෙ අකීශ් කවදාවත් හිතුවෙ නැති විදිහට....
ඒ කුනාටුව වෙන කවුරුත් නෙමෙයි....
දේවින්....
දේවින් සහස්‍ය ගුණවර්ධන .
ජීවිතේ හොයාගෙන කොළඹට ඇවිල්ලා එක තැනකදි වරද්දගත්ත කොල්ලෙක්. ඒත් ඒ වැරදීම එකම එක ලස්සන ආත්මයක් නිසා සම්පූර්ණයෙන්ම කනපිට පෙරළුනේ දේවින්ට දෙවනි අවස්තාවක් ලබා දෙන්න වගේ. තමාගෙ ආච්චි එක්ක ගමේ නිස්කලන්ක ජීවිතයක් ගත කරපු දේවින් , අවසානයේ කොලඹටම හිර උනේ අත්තටු කපපු කුරුල්ලෙක් ගානට. ගරාජ් එකකට වෙලා රස්සාවක් කරන් හිටපු දේවින්ගෙ ජීවිතේට රෝස මලක් ලොකු සුවදක් එකතු කරේ දේවින්ගෙ ජීවිතේට වෙනස් රසයක් එකතු වෙද්දි.
ඒ රෝස මල ...
සුලෝචනා වත්මාවී ප්‍රේමචන්ද්‍ර.
පලමු විවාහයෙන් වෙන්වී ඉන්න සුලෝචනා වයස 29 ක යුවතියක්. අහම්බෙන් සිදුවන මුණගැහීමකින් සුලෝචනා දේවින් එක්ක මිතු දමක බැදෙන්නෙ නොහිතපු විදිහට. ඒ මිතුදම අවසානයේ අතර වෙන්නෙ දේවින්ව සුලෝචනාගෙ බොඩිගාඩ් බවට පත් කරලා.
හැබැයි කෙල්ලන්ටයි කොල්ලන්ටයි යාලුවො විදිහට ඉන්න බැහැලුනෙ.
ලමයි මේක තමයි අලුතෙන් ගේන්න ඉන්න කතාව. මේකෙ ප්ලොට් ට්විස්ට් නන් නෑ. හැබැයි ගිනි කනවා වගේ තියෙයි. ප්‍රෙශර් නගින කතාවක් වේවි .....
ඔයාලා මේ කියවන්න යන්නෙ දේවින්ගෙයි අකීශගෙයි නයි මුගටි ආදර කතාව. 😊
හරි හරි කියෝපු විදිහ හරි 😏
ඒ වගේම මේක ස්ලො බර්න් කතාවක්. එ වගේම මේක දහ අටට වැඩි අය සදහා පමණක් ලියන කතාවක්. තව දෙයක් , ඔයාල බය වෙන්නෙපා මේකෙ චීටින් මොකුත් නෑ , ෆෝස් සෙක්ස් නෑ , එ වගේම හැපී එන්ඩින්.
මේ කතාවෙ රෙඩ් ෆ්ලෑග් එකකුයි , බ්ලැක් ෆ්ලෑග් එකකුයි , ග්‍රීන් ෆ්ලෑග් එකකුයි ඉන්නව. 😌 පුලුවන් නන් හොයාගන්න.
සැප්තැම්බර් මැද ඉදන් මන් මේක දෙනව. සතියට චැප්ටර්ස් දෙකක් හො තුනක් දෙනව , ( මට එග්සෑම් ආවම පොඩ්ඩක් ලේට් වෙයි )
එහෙනන් ලයිබ්‍රියට දාලා තියාගන්ඩො. ❤️
එ වගේම කියන් යන්න ඔයාලා මේක කියවන්න කැමති මොන POV එකෙන්ද කියල.
ආදරෙයි. ❤️
ESTÁS LEYENDO
Ashes Of Love | BL | Ongoing
Romanceසන්ගීතයේ හිතුවක්කාර ස්වරයකට නතු උන දඩබ්බර හදවත........
