"සරණි"
Based on a true life event.
ආයුබෝවන්, ආදරණීය මිතුරණි... 🤍
මුලින්ම, "සරණි" කියවන්න තෝරගත්තට ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි.
මේක මගේ පළවෙනිම Wattpad කතාව. ඒ නිසා ලියන අතරතුර අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඉගෙන ගනිමින් හොඳ ලේඛකයෙක් වෙන්න උත්සාහ කරන ගමනේ පළවෙනි පියවරක් විතරයි මේ.
"සරණි" සම්පූර්ණයෙන්ම සැබෑ ජීවිතයේ සිදුවීමක් ඇසුරින් ගොඩනැගුණු කතාවක්. සමහර සිදුවීම් සහ චරිත කතාවේ ගලායාම වෙනුවෙන් වෙනස් කර තිබුණත්, එහි හැඟීම්, වේදනාව, ආදරය සහ මතක... ඒවා ඇත්තම ඒවා.
කතාව කියවලා ඉවර වුණාම ඔයාගේ අදහස comment එකකින් ලියලා යන්න අමතක කරන්නත් එපා. මොකද ඔයාලගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා. ඒ වගේම කතාවට ආදරේ හිතුණොත්, තවත් කෙනෙක් එක්ක share කරන්නත් අමතක කරන්න එපා.
ඉතින්,
"සරණි" සමඟ මේ ගමන පටන් ගන්න ඔයාලා හැමෝගෙන්ම අවසර...
01.ප්‍රථම හමුව...✨
"තමුසෙට මාව පොඩ්ඩක්වත් එපාද මැණිකේ?"
"එපා...එපා...එපා... මට දැන් තමුසෙව අප්පිරිය වෙලා තියෙන්නේ. ඔය ගෑනියෙක් වගේ අඬන එක නවත්තගන්නවා ඕයි... සෙට්ම නෑ උඹව දැන් නම් මූසලයා."
නුගේගොඩ හන්දිය. වෙලාව හවස 5.30ට විතර ඇති. රොටරියේ පන්ති ඇරෙන වෙලාව නිසා ආයේ නෑ ඉතිං ඕසෙට සෙනඟ. 163,176 බස් එකක යනවා කියන්නෙ ඉතිං සැමන් පැක් කලා වගේ තමා.
"ට හුක්... කොහෙද හු#තෝ යන්නේ? තොගේ ආච්චිගේ හොර මිනිහද යකෝ පාර හැදුවේ? "
කවීශාන්... ඔව් මගේ නම කවීෂාන්. නමට නොගැලපෙන විදිහේ කේන්තියකට උරුමකම් කියන මම උසින් අඩි පහයි අඟල් නවයයි. දෙවියෝ මවද්දී පොඩි අත් වැරද්දකින් අඟල් දෙකක් delete වෙලා. (උස ගැන මම කිව්වේ...). වයස 21යි වෙන්ට 22යි.
"සොරි සොරි මල්ලි පොඩි පොඩි අත්වැරදීම් වෙනවා නේ පාරේ යද්දී... සිරාවටම සොරි ඇහ්."
නිකමට වගේ වම් කනට උඩින් දකුණු ඇහැ දාලා බලද්දියි දැක්කේ හත්වලාමේ බයික් එකේ කොල්ලට පිටිපස්සෙන් කෙල්ලෙක් නේද මේ තුරුල් වෙලා ඉන්නේ කියලා.
"නෑ මචං අව්ලක් නෑ... වැදුනේ කලේ නෑ නේ. අනික මගේ වැරැද්ද. මමත් අහක බලන් පාර පැන්නේ. සොරි..."
ඇහැකුත් ගහලා මන්ජරි එක පැත්තේ ඉඳන් යන්තමට පණ ඩිංගත් බේරගෙන cool planet එක පැත්තට පැන්නේ මමත් ඉතිං කෙල්ලෙක් බලන්න කියලා ආපු ගමනක් නිසයි.
"ටිං..."
පාරත් පැනලා නිශ්චිත මුණගැහුම් ස්ථානයට වාර්තා කරනවත් එක්කම message එකක් ආවේ දෙයියෝ බැලුවා වගෙයි.
"class ඉවරයි ඔයා කොහෙද ඉන්නේ?"
"මම cool planet එක ළඟ ඉන්නේ... මම රොටරිය ගාවට එන්නද නැත්නම් ඔයා එනකන් මෙතනම ඉන්නද? "
විනාඩි 10ක් ඉස්සරහට...
"යකෝ මේ ගස් උලමිගෙන් තාම reply එකක් නෑ නේ... කැම්පස් එකේ DJ එකට ගියා නම් මෙලහකටත් යාලුවෝ එක්ක ඩිස් ඩිස් ගාලා දහඅට වන්නමෙන් බාගයක් දාලා නටනවා... ශිට්..."
ඕනේ මකදාවක් වෙන්න කියලා කෝකටත් රොටරිය පැත්තට යනවා කියලා හිතාගෙන හැරෙද්දීම මම දැක්කේ ඒ ලොකු ඇස් දෙක...
මගේ ජිවිතේ මම දැකපු ලස්සනම දුඹුරු පාට ඇස් දෙකට හිමිකම් කියපු, කලුපාට crop top එකක් ඇඳන් ඉන්න තලෙළු හමක් තියෙන පුංචි කෙල්ලෙක්.
"සද්දේ අඩු කරගනින් වස්තුවේ... නැත්නම් නෝන්ඩි හැත්තෑවයි වැලි තාච්චි දෙකහමාරයි..."
හිතින් මම මටම කියාගත්තේ පපුව ගැහෙන සද්දේ පාරේ වාහන සද්දෙටත් වැඩියෙන් මටම ඇහුනු නිසයි.
උඹේ ඇස් නම් දෙවියො අතින්ම කැටයම් කරපුවද කොහෙද...
"සරණි?"
YOU ARE READING
SARANI
Non-Fictionමට නුඹවත් නුඹට මාවත් නොව මට අපව අහිමි වූ බව මෙසේ සටහන් කර තබමි...
