උදේ පාන්දර පහෙ එලාම් එක වැදෙනකොට ඇගේ ඈලී මෑලි කඩ කඩ මම නැගිට්ටා..
අම්මා පුදුමයි කොස්සත් අරන් කෑ නොගහා කාමරයට ආපු නැති එක
තාම නිදිද දන්නෙ නෑ ඊයේ රෑත් සෙම ගතිය තියෙනවා කිව්වනේ.
ෂික් එහෙම උනොත් උයන්න වෙලාවකුත් නෑ
කැන්ටිමෙන් තමයි කන්න වෙන්නෙ ...
මම දනි පනි ගාලා නැගිටලා දත කට මැදගෙන මූණ හෝදන් ආවේ කෝකටත් සම්බෝලයක් හරි හදාගෙන යන්න හිතාගෙන...
කුස්සියට යනකොට අම්මා ඉන්නවා.
මැටි ලිපේ එක් පැත්තක බත් මුට්ටිය ඉදෙද්දි අනිත් ලිපෙ කේතලය රත් වෙනවා ..
ඇති යන්තම්. නැත්නම් ඉතින් කැන්ටින් නැන්දට කීයක් හරි පුදන්න එපැයි.
රුපියලක් උනත් ගහෙ හැදෙන එකක් යැ ..
මම උණු වතුර එකක් බීලා කාමරයට ආවේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න.
තේ බිව්වා නොබිව්වා මට උදේට උණු වතුර එකක් බොන්නම ඕන
ඒක පුරුද්දක් වෙලා..
මම ෂර්ට් එක මදිනකොට අම්මා තේ කහට කෝප්පෙකුයි බිස්කට් දෙක තුනකුයි අරගෙන කාමරයට ආවා.
මේසෙ උඩින් තේ එක තියලා කාමරේ වටෙ ඇහැ යවපු අම්මා දිග හුස්මක් අරන් ඇදෙන් වාඩි උනා ..
ෂුවර් එකට මොකක් හරි එකක් කියන්න තමයි ආවෙ...
"නිදු මෙ"
"ම්.."
"මහාරච්චි ඊයේ රැ කෝල් කරලා කිව්වා මේ මාසෙ නම් පොලිය දීලා බෑ සල්ලි ඕන යැ කියලා.
අපි දැන් එහෙත් නැති එකෙ ඉක්මනට ගණන් හිලව් නිදහස් කරන්න කිව්වා..."
මම මුකුත් නොකිය ඉදියේ ඇත්තටම මට මුකුත් දෙන්න උත්තරයක් නැති නිසා.
"මම මෙ කල්පනා කරේ නිකම් තියෙන එකෙ ඔය ගිටාර් එකවත් විකුණලා දාලා ගෙවලා දාන්න .."
පාඩුවේ තේ එක බිබී ඉදපු මගෙ ඉහ මොලත් රත් උනේ ගිටාර් එක විකුණන්න ඕන කිව්වම
"අම්මෙ ඒත්
අනේ අම්මේ..."
"මොකද උබ
මම අර ණය මොනවා විකුණලා ගෙවන්නද. මොකො අර මනුස්සයටම ඕවා පටවන්න පුලුවන් ද ..
මොකො ඕක තිබුනා කියල හතර මහ නිධානෙ පහල වෙනවද "
YOU ARE READING
Niduk Rewrite
Non-Fictionඒක ඉවරයක් නැති මහ අසනගි වැහි කෝඩයක් මාව හේදිලා දියවෙලා යනකන් වැස්ස .... ඒක වැහි වලාවක් නැති කඨෝර කාන්තාර අව්වක් මාව පුච්චලා අළු කරන තරම් පෑව්ව... ඒක නමක් නැති පතොක් සෘතුවක් මම මැරෙන්න ඔන්න මෙන්න තියල නිමා උන ... සදාකාලික වස්සානයක් අරන් ඇවිත...
