ජිවිතේ හරි පුදුමාකාරයි.ඒ මොකද කිව්වොත් අපි හැමෝටම අපි හිතන පතන දේවල් ලැබෙන්නේ නැ කියලා මම හරියටම දැනගත්තේ මම කැම්පස් එන්න පටන් ගත්තට පස්සේ.
තිෂූ POV:
මම තිෂූ සෙනාරා අලව්වගේ . **** කැම්පස් එකේ 2nd Year Student කෙනෙක්.මගේ තාත්තා ගාමිණි අලව්වගේ. එයා බේකරියක හිමිකාරයෙක් .මගේ අම්මා රමණි අක්මීමන House wife තමයි ඉතින්. තව මට අයියයි ,මල්ලී , නංගී තමයි ඉන්නේ. අයියා තිසුන් තේජාන් අලව්වගේ Police Officer කෙනෙක්, මල්ලි ගගුන් කේසර අලව්වගේ දැන් O/L ලියලා ගෙදර ,එතකොට නංගි ශනුවි ලිනාරා අලව්වගේ මේ පාර A/L .ඔය තමයි මගේ පවුලේ විස්තර.
මම A/L Art වලින් තමයි කලේ.මොකො පුලුවන් එකක් එපයි කරන්න.නොදන්න මගුල් කරන්න ගිහින් අයියගෙන් ගුටි කන්න මට බෑ අප්පා.එයා මහ සැරයි.
ආ එවා වැඩක් නැ. ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හැමෝටම අපිට ඕන දේවල් ලැබෙන්නේ නෑ.ඇයි දන්නවද මම එහෙම කියන්නේ‚ ආදරේ නාමෙන් කියලා හැමදාම බලන් ඉන්න පුලුවන් ටික දෙනාටයි.එ ටික දෙනා අතර මමත් එක්කෙනෙක් තවමත්.
අතීතයට :
අද තමයි මම මුලින්ම කැම්පස් එකට යන දවස .අපිට මීට කලින් කැම්පස් පටන් ගත්තා ‚ ඒ වුනාට Online තමා Lecture තිබ්බේ. ඉතින් ඔය සේරමට පස්සේ අද තමයි මුලින් ම මම කැම්පස් යන්නේ.මාව ගිහින් දාන්න අම්මා ‚ තාත්තා ‚ මල්ලි ‚ නංගී ආවා But අයියා ගොයියට එන්න බැරි වුනා .මහ ලොකු ASP නේ.එයාට හරීයට වැඩනේ. (මටනම් ලොකු නෑ).
අපිට මේ සතියේ අපේ පළවෙනි සෙම් එකේ එක්සෑම් පටන් ගන්නවා.මල වදේ අප්පා ‚ මහ ලොකුවට කැම්පස් ඇප්ලයි කරාට මොකද මට First lec එකෙන්ම තරු පෙනිලා තින්නේ .දැන් මොනවා කරන්න ද? බැදගත්ත බෙරේ ගහන්නත් එපයි හ්ම්.
මම Sociology‚ Chinese Language ‚ ICT තමයි කරන්න තෝර ගත්තේ .First Year එකෙන් පස්සේ අපි කරන්න ඕන Subject දෙකයි.මම ආස Chinese Language එකයි ICT කරන්න.බලමුකෝ මට හැකි වේද කියා.
හ්ම් දැන් තමයි අපි කැම්පස් හොස්ටල් ලඟට ආවේ.දැන් ඉතින් ආයේ ශතවරුස ගණනාවකට ගෙදර යවනා බොරු.අම්මගේ මූන එච්චර හරිත් නෑ වගේ අප්පා.එයාට දුක ඇති.මම මේ ගෙදරින් පිට ඉන්න පළවෙනි වතාව.මටත් අවුල් ඉතින්.කුමක් කරන්න ද ඉතින්?
මම වාහනෙන් බැහැලා බඩුත් අරන් හොස්ටල් එක ඇතුළට ගියා.අම්මත් ආවා ඉතින්.එක්කෙනාටයි ඇතුළට එන්න දුන්නේ.නැත්නම් නගත් ඇවිත් පැනගෙන.
YOU ARE READING
THEENU
Non-Fictionඋඩ බලන්ද යන්නේ ? බලනවා ෂිට් මගේ ඇදුමම ඉවරයි. අනේ සොරි මම දැක්කේ නෑ ඇයි ඇස් කටේ දාන්ද යන්නේ? ඇත්තමයි මම දැක්කේ නෑ.I'm really Sorry සොරි කිව්වට වැඩක් නෑ දැන්.අයේ යනකොට බිම බලන් යනවා.ෂිට් ඇදුමම ඉවරයි Theenu × Theeshu
