"චූටි...චූටි...නැගිටපන් යකෝ වෙලාව කියද දැන් "
අයිශ්..මූ අදත් උදේ පාන්දර නගිට්ටවන්න ඇවිත්නෙ, ඉදපන් මං නැගිටින්නෙම නෑ, එහෙම හිතලා ආපහු මං නිදාගන්න හැදුවෙ කොහෙද ඒ බෙලෙක්ක කට වැහෙන්නෙ නෑ කියවනවා කියවනවා ඉවරයක් නෑ මේ මං වගේ අහිංසකව හැදෙන්න ඕන සිරිමත් උනත් මගෙන් තමා උපදෙස් ගන්නෙ
"ඕයි චූටි නැගිටපන් යකො කියේ ඉදන්ද දැන් නැගිටින්න කියන්නෙ හලනවා දැන් මං වතුර බාල්දියක්"
"අයියෝ තව විනාඩි 5යි පොඩි.."
"විනාඩි 5යි උබේ ඔය විනාඩි පහේවා දැන් කියක් ගියාද නැගිටිපිය කිව්වම අහලා"
"හරි හරි අනේ"
හෙ හෙ එහෙම කිව්ව්ට අපි සැලෙයිද නෑනෙ නෑනේ එහෙන්මම ආපහු අනිත් පැත්ත හැරිලා හරි බරි ගැහිලා නිදාගන්න හැදුවා විතරයි...
දඩස්....
ආහ් මේකා මාව ඇදෙන් තල්ලු කරා නේද මුට අද මම..හැමදාම ඔහොමයි මේකා, චුට්ටක් ආදරෙන් චූටි පැටියට කතා කරානම් ඉවරයිනෙ මුගෙ තියෙන්නෙ අමූලික බොරුව මූ මට ආදරෙ නෑ ඉදපන්කො ලොකූට කියන්න
"ලොකූ...,දෙවනී...,සුදූ...මේ පොඩි ඔයාලගෙ චූටි පැටියට නිදාගන්න දෙන්නෙ නෑ"
"කෑගහපන් ඉතින් උබට එච්චරනෙ කරන්න පුලුවන් ඉතින් ,නැගිටපන් යකෝ "
'මොකද දරුවනෙ මේ..? චූටි..!! මගෙ දරුවො කෝ නැගිටින්නකො.."
"අහ් ඔහොම හුරතල් කරලා තමා මූ මෙහෙම ඔහොම, හුරතල් කරන්න එපා ලොකු මූව.."
"ඇයි ඇයි මොකද ඊරිසියයි නෙ"
"යැයි යැයි වැඩේමනෙ ඉතින් "
"කො හොද දරුවා වගේ වොශ් එකක් දාගෙන එන්නකො"
"හරි ලොකු මං ඔයාට ආදලෙයි..උම්මහ්.."
"විකාර"
හුහ් මං පොඩිට ගස්සගෙන ඉක්කමනට බාතෲම් එකට රිංග ගත්තා,පොඩි එක්ක රන්ඩු කරද්දි කාමරේට ආවෙ ලොකු,මට රිදෙන්න පොඩි මාව තල්ලු කරේ නැ ඉතින් ම්හ්ක් හෙ හෙ දන්නෙ නැත්ත අවතානෙනෙ මේ දරුවට ඕල උනේ, ඉතින් ලොකූටත් ලොකූ හාච්චිටක් දුන්නා අවතානෙ දුන්න නිසා ඉතින්..ම්හ්ක්..ඔය මොනා උනත් පොඩිත් මට ආදරෙයි පොඩි විතරක් නෙවේ ලොකු,දෙවනි,සුදු තුන්දෙනාම හැබැයි ඉතින් දන්නෙ නැද්ද ඕනම කුපාඩි වැඩකට උදව් කරන්නෙ පොඩි තමයි ඒ වගේම වැඩිපුර රන්ඩු වෙන්නෙත් පොඩි එක්කම තමයි ඉතින් හෙ හෙ
YOU ARE READING
MIDNIGHT
Romance"ඔයා මොනා කිව්වත් මේ ඇස් වලට බොරු කියන්න බැහැ මැනික, පිලිගනින් උබේ හිතෙත් මං ගැන ආදරයක් තියෙනවා කියලා. මං උබට හරි ආදරෙයි බං..!! උබව දැක්ක වෙලාවෙ ඉදන් මේ පපුව වේගෙන් ගැහෙනවා, බලපන් උබට දැනෙනවා නේද..?" - අභිමන් රෞශාද් ෆර්නැන්ඩස් -
