සතියකට විතර පස්සෙ අපි සේරමලා ගෙදර ආවා....කෙවින් අයියගේ කකුල කැඩිලා නිසා එයා දුක් උනාට ඒ දුක තිබ්බෙ දවසක් විතරයි.පහුවදා ඉදලම මොංගල් වැඩ කරන්න පටන් අරගෙන එයා ප්‍රවීන් අයියගෙන් ගුටිත් කෑවා.
රවීන් අයියා ගැන කියනව නම්.....ඇත්තටම කියන්න දෙයක් නෑ....හැබැයි දරුවා දිහා බලන හැම මොහොතෙම ඒ ඇස් වල කදුලු පිරෙනවා බලාගෙන. මන් ගිහින් ඇහුවාම කියන්නේ ප්‍රශ්න ඉවර වෙලා නිසා කොල්ලා සතුටින් ඉන්න හින්දා සතුටට අඩනවා කියලා.හැබැයි ඒක කියන හැම වෙලේම එයා ඉන්නෙ බිම බලාගෙන.එයා මගෙන් මොනවා හරි හංගනවා කියලා හිතෙනවා.
"ශෙහාන්........!!"
"මොකද අනේ.....කෑ ගහන්න එපා කෙවින් අයියේ....මගෙ කන් දෙක ලෙෆ්ට්......"
"අර අයියට මොකද වෙලා තියෙන්නෙ ඕයි.....උඹ දන්නවද හේතුව.....ලොකූ දන්නවා හැබැයි මට කියන්නෙ නෑ බන්......"
"දන්නෙ නෑ.....මාත් කල්පනා කලේ ඒක......."
"මගෙ අතින්වත් මොකක් හරි වැරැද්දක් උනාද....."
"පිස්සුද අනේ ඔයාට......ඒක නෙමෙයි එදා උන දේවල් මට දැනගන්න බැරි උනානේ අයියේ......ඔයාට මට කියන්න පුලුවන් ද......"
දවස් ගානක් ගිහිල්ලත් මට උත්තරයක් නොලැබුණු ඒ ප්‍රශ්නෙට උත්තරයක් මම කෙවින් අයියගෙන් ඇහුවා.මොකද අවුරුදු ගානක දේවල් එයාගෙන් දැනගන්න ඕනේ...දැන් ප්‍රශ්න ඉවර උනත් හැමදේටම හේතුවක් තියෙන්න එපෑ....
"හ්ම්.....මන් කියන්නම්......"
එයා එයාගේ රෝද පුටුවත් තල්ලු කරගෙන මන් ගාවට ආවා....
"අවුරුදු ගානක වේදනාකාරී මතක මතක් කරනවා කියන එක ලේසි නෑ.....එක අතකට හිතේ හිර කරගෙන විදවනවට වඩා කියලා ඉවරයක් කරන එක ලේසී......"
"ම්ම්ම්....."
"අවුරුදු ගානකට කලින් රවීනුයි මමයි යාළුවෝ කියලා ඔයා දන්නවනේ ශෙහාන්.....චූටි කාලෙ ඉදලම එයා මගේ හොදම යාළුවා....ඒකත් දෛවයේ මාරම සිදුවීමක්........මන් හත වසරට යනකන් දැනන් හිටියේ නෑ රවීන් කියන්නේ මගේ සහෝදරයා කියන්න......ඒ උනාට මන් මගේ තාත්තා කවුද කියලා දැනන් හිටියා........
YOU ARE READING
අලුත් කතාවක්
Non-Fiction❤️ඇයි මාව එපා නම් දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව මේ තරම් අසරණ කරේ අයියේ....මට හැරෙන්නවත් බැරි විදිහට මාව අසරණ කරේ ඇයි ........මන් මොකද කරන්නෙ මැරෙන්නද ජීවත් වෙන්නද...... 💚මට උඹව එපා කිව්වොත් එපා.......මට තමුසෙව ඕනෙ නෑ......ඉතින් මැරෙනවනම් මැරියං ගිහින්...
