Black Tulip Ep 22

316 28 9
                                        

අහස් අයියා half centuryය ගහද්දි මන් හිටියෙ ග්‍රවුන්ඩ් එක මැද්දට පැනලා අහස් අයියව බදාගන්න පුලුවන් තරමේ සතුටකින්.ඒක එහෙම්ම හිත ඇතුලෙ තියාගත්තු මන් අත් දෙක උඩටම උස්සලා අත්පොඩි ගැහුවෙ අහස් අයියත් හෙල්මට් එක ගලවලා අපේ පැත්තට ඔලුව නමලා බැට් එක පපුව මැද්දට තියලා දෙපාරක් කරකවලා ආයෙ අත දිග අරිද්දි.
හරියටම අර ඉන්දියන් ටීම් එකේ ශුබ්මන් ගිල් කරනවා වගේ.

එතන ඉදන් අහස් අයියයි අභියයි මැච් එක ඇදන් යද්දි ඉස්කෝලෙ ඉවර වෙලා පැයකුත්   ගිය තැන මන් තාම හිටියෙ ග්‍රවුන්ඩ් එකේ.

අන්තිම බෝලෙ

අහස් අයියට

අන්තිම බෝලෙට ඕනෙ ලකුනු හතරයි.මොකද අහස් අයියා උන්නට අභියට පස්සෙ ආපු සෙට් එකම පෙරහැර යනවා වගේ ගියෙ ටීම් දෙකම එකෙක්ට එකෙක් නොදෙවෙනි වෙද්දි.

ළමයි ටික දෙනෙක් විතරක් ග්‍රවුන්ඩ් එකේ තැනින් තැන ඉද්දි මන් හිටිය තැන උන්නෙ මන් විතරයි.අනිත් අය ගියෙ ඉදලා වැඩක් නැති නිසා.

අහස් අයියා ඇත්තෙ ටෙන්ශන් වෙලා.සිය දාස්වෙනි වතාවටත් "ඔයාට පුලුවන් "කියලා හිතින් මුමුනපු මන් තවත් බවුන්ඩ්‍රියට ළං උනේ එහාපැත්තෙ කොල්ලා බෝලේ අතේ තියන් දුවන් එද්දි.

The tension is sky-high… 4 runs needed to win… Thiyash Ahasya stands tall at the crease… 
The bowler charges in… releases… 
Thiyash launches it over long-on… it soars… it sails…
AND IT'S A MASSIVE SIX!
What a finish! Victory in style — a half-century and a winning six in his debut match! The crowd erupts, teammates storm the field, and Jersey No. 28 becomes an instant hero! 🌟🏏💥

එයා දින්නා.
අපේ ඉස්කෝලෙම දිනෝලා එයා දින්නා.

කෝච් ගිහින් අහස් අයියව බදාගනිද්දි ටීම් එකේ කොල්ලො ඔක්කොම අහස් අයියව උස්සගත්තා.හරියට නිකන් බිග් මැච් එක දින්නා වගේ.

අහස් අයියා 85ක් ගැහුවා.

මගේනේ ඉතින්

කට්ටිය ටීම් එක මැද්දෙ සතුට සමරද්දි මන් හිටියෙ ග්‍රවුන්ඩ් එක කෙරවලේ තියෙන මාර ගහට හේත්තු වෙලා ඈතින් ලාවට පේන අහස් අයියගෙ රූපෙ දිහා බලන්.

Black Tulip 💗Stories to obsess over. Discover now