වෙනදා වගේම අදත් අහස හරි ලස්සනට තියන දවසක් උනත් අදනම් මට ජනේලෙ එල්ලිලා ඒ ලස්සන බල බල ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.ඊටත් වඩා මගෙ හිත නිස්කලංක නෑ.යන්න හදන ගමන කොච්චර Comfortable උනත් පොඩීවට අවුලක් හිතේ නොතිබ්බා කියන්න බෑ.මොකද මං දන්නවා අම්මිට මං නැතුව අමාරුයි කියලා.අනික මටත්.අම්මි පේන මානෙන් හරි ඉන්නෝන.ඒත් දැන් situation එක අනුව අම්මිට පොඩ්ඩක් මගෙන් දුරට යන්න වෙලා.අම්මිගෙ අම්මා..ඒ කියන්නේ මගෙ අත්තම්මා හුඟක් අසනීපෙන්ලු.එයා ඉන්නෙ මගෙ පුංචගෙ ගෙදර.ඒ කියන්නෙ මාතර.මාතර කීවට එහෙත් ඇතුලකට යන්නෝනි.අපි ජීවත් උනේ කොලඹ.මොකද මගෙ තාත්තිගෙ ගෙවල් මෙහෙ නිසා.ඉතින් මං මේ කල්පනා කර කරම ලෑස්ති වෙන්නෙ මගෙ හොඳම යාලුවගෙ ගෙදර යන්න.මට ටික කාලයක් එහෙ ඉන්න වෙයි.මොකද school යන එක අතපසු කරගන බෑ මං ඉන්නෙ A/l exams වලට මාස ගානක් තියාගන.ඉතින් classes කට් කරන්න බෑ වගේම school කට් කරන්නත් බෑ.ඒ නිසාම අම්මිට මාතර එයාගෙ අම්මි ගාවට ටික දවසකට යන්න දීලා මම යාලුවගෙ ගෙදර පදිංචියට නෙවේ..හෝව් හෝව් සමාවෙන්න.යාලුවගෙ ගෙදර ටික දවසක් නවතින්න යන්නයි මේ හදන්නෙ.
මම ආයුල් සිහර්ශ වික්‍රමනායක
Wikramanayaka group of companies owner ජගත් වික්‍රමනායකගෙ එකම පුතා වගේම අම්මිටයි තාත්තිටයි ඉන්න එකම දරුවා තමයි මම.මගෙ තාත්ති මේ දවස්වල කැනඩා ඉන්නෙ.එයාගෙ business වැඩ වලට ගිහින්.ඒ නිසා තමයි අම්මිව අත්තම්මා ගාවට යවලා මට සපුමලී aunty ගෙ ගෙදර යන්න උනේ.එයා තමයි මගෙ හොඳම යාලුවගෙ අම්මා.මගෙ අම්මට පස්සෙ මම වැඩිපුරම ආදරේ කරන ගෑනු කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි සපුමලී ආන්ටි.හේතුව යාලුවගෙ අම්මා උන එක නෙවේ.ආන්ටිගෙ හරි ලස්සන ගතිගුණ.එයාට කවදාවත් මාව පිට දරුවෙක් උනේ නෑ.ඉතින් ඒ නිසාම එයාට මම හරි ආදරෙයි ලෙංගතුයි.
සේරමත් හරි මගෙ අතිජාතයගෙ නම කියන්න බැරි උනානෙ.ඌත් මගෙම වර්ගෙ මටම හරියන මරි මොංගල් ඩයල් එකක්.යාලුවෙක්ටත් වඩා ඌ මට සහෝදරයෙක් වගේ.ඔල මොට්ටල ගොං වැඩවල ඉඳන් මොලෙන් ගේම ගහන වැඩ වෙනකන් සේරම අපි දෙන්නා කරේ එකට.
නිර්වාන් සහස්‍ය උඩුදුම්බර
ඒ තමයි උගෙ නම.උට ඉන්නෙ අම්මා විතරයි.අප්පච්චී නැති වෙලා.අප්පච්චි හිටියෙ Army එකේ.ලොකු පෝස්ට් එකක.ඉතින් අන්කල්ගෙ මරණෙන් පස්සෙ මාස්පතා ඒ ලැබෙන සල්ලි වලින් තමයි උගෙ අම්මා ගේමක් ගැහුවෙ.එයාලා දුප්පත් නෑ.හොඳට හදපු තට්ටු දෙකක ගෙයක් එක්ක අඩු නැතුව හැම සැපක්ම තිබුනා.අන්කල් ඉන්න කාලෙදිම නිර්වාන්ලට සැපට ඉන්න සේරම හදලයි යන්න ගියේ.නිර්වාන්ට ඉන්නෙ අයියෙක්.බක පණ්ඩිත අයියෙක්.මූණෙ ලේ කඳුලක් නැති කොයි වෙලෙත් ඔරවගන ඉන්න ගං කබරයෙක්.එව්ව්ව්ව් මට ඔය ගෙදරින් පේන්න බැරි එකම එකා තමයි ඕකා.වෙන මුකුත්ම නෙවේ අලි ඔලුව නිසා.එයා කැම්පස් ගියා කියලා එයා මේ හිතාගන ඉන්නෙ ලෝකෙ ඉන්න ලොකුම බුද්ධිමතා එයා කියලා.අම්මපා මම කියන්නෙ මම ඔච්චර එහෙ ගිහින් තියනවා මූ නෙවේ මගෙ මූණ ඩිංගක් බලලා හිනා වෙන්නෙ.පොඩි කාලෙ නම් සුදූ සුදූ ගාගන මගෙත් එක්කමයි එහෙ ගියාම.පස්සෙනෙ පොරගෙ අලි ලයින් බලන්න උනේ මට.හැබැයි මං පොරව දැක්කෙ නෑ දැන් අවුරුදු දෙකකින් විතර.මොකද මමත් අම්මි ගෙදර තනියම නිසා නිරාගෙ ගෙදර යැවුනෙම නැති තරම්.යැවුනත් ඒ දවසට අයියාකාරයා හිටියේ නෑ.අනේ ඒ අලි ඔලුවා මේ ටිකෙත් ගෙදර නැත්තන් තමයි හොඳ.නැත්තන් නිදහසේ හුස්මක්වත් ගන්න වෙන්නෑ අපට.
YOU ARE READING
In Your Arms 🩷 | Sinhala BL
Romanceහැබෑවෙන්නෑ කියලා දන්න හීන වලට ලස්සන ලස්සන පාට තවරලා හීන ඇතුලෙම මාව ජීවත් කරවලා කවදහරි දවසක මට ඔයාට යන්න දෙන්න උනොත්.... එදාට මේ අහසත් එක්කම මමත් තනිවේවි තනිකමට මම ආදරේ වේවි. ඉතින් යන්න එපා කියලා කියන්නෑ මං.ලඟ ඉන්නකන් පන වගේ බලාගන්නම්.යන්න ඕනි උනොත්...
