......................🌞
"මම කෙරු මගෙ තනි ප්‍රේමේ
තවමත් එයනම් ඔබ නොදනී
නුබගෙන් පිරි මගෙ ලෝකේ
මත් දුමකින් මා මත් කරමි..............
"ආහ්.........ඇයි ඇයි තමුසෙ මට මෙහෙම කරේ රිශී .....ඇයි....."
කොන්ඩෙත් අත් දෙකෙන්ම ඇද ගන්න ගමන් මන් කෑ ගැහුවෙ මට ආපු තරහටයි දුකටයි.
රිශී .... ඔව් ඒ මන් පන වගේ ආදරේ කරපු එකී.ඔව් ඒකි දැන් වෙන එකෙක් එක්ක ඇති .ඒත් එයයි මායි හිටපු හැටි මන් කියලා කොහොම අමතක කරන්නද.මන් එයාට කිසිම අඩු පාඩුවක් කරපු නැති නිසාද එයා .....ආයිශ්....මාව දාලා වෙන එකෙක් ලගට ගියා.ඒ මොකා උනත් කමක් නෑ .මන් ගාවට එන්න බලන් හිටපන් රිශී ....
ට්‍රීං ට්‍රීං ට්‍රීං ......
මන් හිටපු මනෝලෝකෙන් එලියට ආවෙ මගෙ පෝන් එක රින්ස් යන නිසා.
"හෙලෝ හේනු කියපන් ...උබ ඒ මොකාද කියලා හොයාගත්තද.මට කියපන් කවුද ඒකා......"
"මේ අහපන් අබී ..මේක අහලා උබ කොහොම රියැක්ට් කරයිද දන්නෙ නැහැ බන්...රිශි යාලු කොල්ලෙක් එක්ක නෙවේ..ඒකි කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ."
ආහ්.....!
"මොකක්ද යකෝ කියන්නෙ.එතකොට රිශී.......ආයිශ්"
නෑ ඒක වෙන්න බැහැ.එයා...එයා කෙල්ලෙක් එක්ක අනේ මගෙ මැනික මෙච්චර දවස් ඔයාට මාව දැනුනෙ නැද්ද එතකොට ...
මන් හිටියෙ මාත් එක්කම පොරේක,
"ඒ අබී උබ හොදින් නේද ...ඒ කෙල්ල කියන්නෙ එයාට පාඩුවෙ ඉන්න දෙන්න කියලා බන්"
නෑ .....මට හේනු කියපු කිසි දෙයක් අහන්න ඔනි උනේ නෑ .මගෙ කෙල්ල එයා .....ශිට් අබිලාශ්‍ය උබට උබේ කෙල්ලටවත් හොද එකෙක් නෙවෙ බන්.ඒකයි එයා යන්න ඇත්තේ.එයා කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියනම් මන් ඌව මරනවා.ඒත් මේ අහින්සක කෙල්ලෙක් .මන් ඒ දෙන්නට ඉන්න දීලා පැත්තකට වෙන්න ඔනී.ඔව් මන් ජීවිතෙ පලවෙනි පාරට මගෙ දෙයක් වෙන කෙනෙක්ට දීලා නිහඩ වෙන්න හිත හදාගත්තා.
"අබී ........චූටි ඔයා ඉන්නවද...."
අයියා ..ඔව් ඒ මගේ එකම අයියා.මට ඕනි හැම වෙලේම ...ඔව් එයා හිටියා මාත් එක්ක.
එයා නමින් ශනුල්‍ය ගිම්හාන් ඒකනායක.අවුරුදු 22 ක ලස්සන නෙව්....හැන්ඩ්සම් කොම්ලෙක් ඉතිම් අපේ සුදු අයියා...🌝
"අයියා......එන්න අනේ ඇතුලට මොකෝ මාව මතක් උනේ..
මන් එහෙම අහද්දින් අයියා ඇද උඩින් වාඩි උනේ ලස්සන මල් මල් හිනාවක් එක්ක.ඇත්තමයි අනේ මෙයා මගෙ අයියා නොවුනනම් මන් මෙයාව කසාද බදිනවා අනේ.හරි හරි වැරදියට හිතන්න එපා අනේ මන් ගැන.....කොල්ලොනේ .....හී හී.
"මොකෝ උනේ ආහ් දැන් කෙල්ලට මොකද කරන්නෙ බන්" අයියා මගෙන් ඇහුවෙ මන් ජනේලෙන් අහක බලාගද්දින්.
"මෙහෙමනෙ සුදු සුමුදු සුකුමාල අයියේ...එයා සතුටින් නම් මන් මොකටද අනේ දුක් වෙන්නේ..ඔහෙ ඉන්නෙ නැතැයි දෙන්නා.මන් එයාල්ට තුන් වෙනියෙක් වෙන්නෙ නැ.
ඔන්න ඉතින් මගෙ මූඩ් වෙනස් කිරිල්ල.එහෙම තමයි අනේ....කන්න ඕනි,බොන්න ඕනි,ආතල් එකේ ඉන්න ඕනි හලෝ.
"ශුවර්ද චූටි.. මේ ඔයාමද ...."අයියා මන් දිහා බැලුවෙ ඇසුත් හීනි කරගෙන.
"යොහ් ....අයියා ඔයා දන්නවනෙ ඒයි මන් ගැන" මන් අයියට කිවෙ චුට්ටක් රවලා
❤️🌞හායි අනේ ඔන්න ඉතින් මාව පිලිගන්නකො ලමයී........මුල්ම කතාවනෙ අඩු පාඩු ඇති ඉතින් .....
somryyy ඉතින් ඒවට කියෝලා ඔය තරුව ඔබලා කමෙන්ට් එකකුත් දාන්න හොදේ.බායි ආයේ හෙටත් එන්නම්කෝ🌞🌝😊💞
YOU ARE READING
𝗧𝗛𝗘 𝗺𝗮𝗳𝗶𝘆𝗮 By minseyo
Poetryමං උබව ලගට ගත්තෙ මගෙ වැඩේ කරගන්න විතරයි බන්...! ඒත් දැන් උබ මාව උබේම කරගෙන අබී.....!
