"උබ ඉතින් පස්සෙන් යන නිසානෙ ඒ.උබ ඌව ගනන් නොගෙන හිටපන්.ඒක තමයි ඊළඟ ස්ටෙප් එක."
"මම කොහොමත් එහෙම තමයි."
"පලෑන් යන්න ටේයියො.ඌ උබේ එහා පැත්තෙ හිටියත් උබට ඌව ඉන්විසිබල් වගේ හිටපන්.කොහෙත්ම ගනන් ගන්න එපා.උබ ඌට ඇටෙන්ශන් දෙනවා කියලා ඌට තේරුනොත් ඌ උබට තවත් සීන් දානවා.ඒ නිසා උබ හිටපන් තුට්ටුවකට වත් මායිම් නොකර."
"තියන ටිකත් නැති වෙයිද මන්දා."
"තුන් වෙනි ස්ටෙප් එක.ඌට ජෙලි වෙන දෙයක් කරපන්."
"ඌට ජෙලි හිතෙන්න මං මොනවා කරන්නද?"
"උබට ඌට වඩා හොද එකෙක් ඉන්නවා වගේ දැනෙන්න ඇරපන්."
"උබ කියන්නෙ මට එහෙම රඟන්න කියලද?චී...මොන නින්දාවක්ද මේ?මං ජන්කුක්කගෙ පස්සෙන් ගියා මිසක් මගෙ පස්සෙන් එන්න එකෙක් වත් ඇත්තෙ නෑනෙ?"
"උබ ඌ පස්සෙන්ම ගිය නිසා තමයි උබට වෙන එකක් සෙට් වුනෙත් නැත්තෙ."
"මේවා වැඩ කරයිද බන්?"
"නැතුව ඉතින්.බලපන්කො...ඔය ජන්කුක් කාරයම උබට අවදානෙ දෙන දවසක් එයි."
"උබ කියන දේවල් කරළා උන් හිටි තැන් නැති වෙයිද දන්නෑ..."
ටේ,ජිමින් එක්ක කතා කරළා ඊට පස්සෙ ඒ දේවලුත් ඔලුවෙ තියන් එයාගෙ ගෙදරටත් ගිහිල්ලමයි රෑ වෙලා එයයි,ජන්කුක්යි ඉන්න ගෙදර ආවේ.
ටේ එද්දිත් ජන්කුක්ගෙ වාහනේ තිබුන නිසා ජන්කුක් ඇවිත් කියලා ටේ දැන ගත්තා.ටේ ඇතුළට යද්දි කවුරුත් පේන්න හිටපු නැති නිසා ජන්කුක් එයාගෙ කාමරේ ඇති කියලා හිතලා ටේ එයාගෙ කාමරේට ගියා.
වොෂ් එකක් දාලා ඇවිත් ටේ කුස්සියට ගියේ කන්න හිතන්.ඒ වෙලාවෙ නැනී කෑම හදපුවා තිබ්බත් ටේ දැනන් හිටියෙ නෑ ජන්කුක් කෑවද නැද්ද කියලා.ඒ නිසා ජන්කුක් කන්න එයි කියලා හිතලා ටේ ටික වෙලාවක් බලන් ඉන්න හිතුවා.
ටේට කම්මැළි හිතුන නිසා එයා සෝෆා එකේ හාන්සියක් දාලා ටීවී එක ඔන් කරගත්තා බලන්න හිතන්.ටික වෙලාවක් එහෙම ඉද්දි ජන්කුක් පඩිපෙළ බහින අඩි සද්දෙ ඇහිලා ටේ ඉක්මනට සෝෆා එකේ කෙළින් වෙලා වැදගත් විදිහට වාඩි වෙලා හිටියා.
YOU ARE READING
I'M THE ONE FOR YOU | TK FF✔
FanfictionHow long will you reject me? But the one thing I know is that you will never meet someone like me again. ‼️ONLY FANFICTION‼️ •TOP KOOK •PWBOTTOM TAE •M CONTENT INCLUDED •AGAINST •ARRANGE MARRIAGE •ENEMY TO LOVERS •HAPPY ENDING
-Try And Try-
Start from the beginning
