(කළින් කොටසෙ මේ දෙන්නගෙ මැරෙජ් එක මගහැරුන කෙනෙක් ඉන්නවා නම් කියවලා එන්න.හෙටත් අප්ඩේට් එකක් ඕනෙ නම් කමෙන්ට් එකක් හරි දාගෙන යන්න හොදේ.)
"අහපන් ටේ...ඔහොම වෙලා බෑ.උබ ඌව නිකන්ම මාස 6න් පස්සෙ අතාරිනවද?උබේ ලව් එකට වටිනාකමක් ලැබෙන්නෙ නැද්ද එතකොට?"
"මම ඌට ලව් කළා කියලා ඌ මට ලව් නැත්නම් මම මොනවද කරන්නෙ?"
"ලව් කරන්න කළින් ඌව මුලින්ම දැලේ දාගෙන හිටපන්."
"අනේ මේ ජිමිනා...ගොන් ආතල් දෙන්න එපා."
"ඌට උබව ඕනෙ කියලා දැනෙන්න ඇරපන්."
"ඒත් කොහොමද?"
"මෙහෙමයි.ෆස්ට් ස්ටෙප් එක විදිහට උබ ඌ කැමති විදිහට හිටපන්."
"දවසක් උබ නේද කිව්වෙ එහෙම ගොන් වැඩ කරන්න එපා කියලා?"
"එහෙම වෙනසක් නෙමෙයි ඕයී.පොඩ්ඩක් ඔය කට හදාගෙන වැදගත් විදිහට ඇදලා පැලදා හිටපන්කො.බලන්න උබේ කොණ්ඩෙ කපුටු කූඩුව වගේ."
"ඒක අවුල් වුනාමත් ලස්සයි."
"ඔය ශර්ට් එක අදින විදිහ බලපන්?උබ වගේ තව දෙකකට හවුලෙ අදින්න පුලුවන්."
"මෙහෙම ඇන්දම හොදට හුළං වදිනවා බන්."
"හරි උබම කියපන්කො ඌ කැමති කොයි විදිහටද?"
"එහෙම තමයි ඉතින්.වැදගත් විදිහට හොදට අදින පලදින අයට කැමතියි එයා."
"ඉතින් උබත් ඌට පෙනි පෙනිම ගොන් ගහ වගේ ඉදලා හරියනවද?උබ ජොබ් එකක් කරන්නෙ පිනට නෙමෙයිනෙ.අහපන්කො ශොපින් පාරක් දාලා අපි හොද ඇදුම් ටිකක් එහෙම ගමු?"
"අනේ හිටපන් ජිමින්.මම උගෙ කම්පැනියෙ වැඩ කළා කියලා පඩිය වෙන්නෙ නෑ...ඌ ගෙවන සොච්චමෙන් පුලුවන්ද ඔච්චර දෙයක් කරන්න?"
"උබට කන බොන ඒවට නම් වියදම් කරන්න තියනවනේ?ඔම්මටයි,අප්පයි දෙන කොටස අයින් කරළා ඉතිරි ටිකෙන් උබ ඔය වැඩ ටික කරගනින්කො.වනේ වගේ ඇහි බැමි.කණ්ණාඩිය දාපන් වැඩ කරද්දි විතරක්.අනිත් වෙලාවටත් ගොනා වගේ ඕක දාන් ඉන්න පුරුදු වෙන්න එපා."
"හරි හරි අප්පා...ඔය මොක කළත් ඌට මාව නිකන් දැක්කත් වහ කඳුරු වගේනෙ?"
YOU ARE READING
I'M THE ONE FOR YOU | TK FF✔
FanfictionHow long will you reject me? But the one thing I know is that you will never meet someone like me again. ‼️ONLY FANFICTION‼️ •TOP KOOK •PWBOTTOM TAE •M CONTENT INCLUDED •AGAINST •ARRANGE MARRIAGE •ENEMY TO LOVERS •HAPPY ENDING
