සර්පිනාවෙන්  කීන දේ අහන්නෙ නැති මෝඩ සවර් ටික එලියට පනිද්දි..අයි මීන්..මගේ කටින්..යොහ්..මාගේ මුඛයෙන්ද වචන මාලා පිටවිය..ඔහ්..සිංහල අලංකාර කෙලින්කාර වැඩිද මන්දා...

"බුලත් කොරටුවේ...~~
ලපටි දලු පැහේ..මංගොට දැන් හරිම වැඩ වගේ..~~~~
පොළට ගෙනල්ලා ලාබෙට විකුණා~~
ගෙදර එන්නෙ හිනා වැහි වැහී..~~~"

ක්ලැරැන්ස් මාත්තයගෙ ලස්සන වචන ටිකට පොඩි එවුන් සෑහීමට පත් වෙලා වගේ..මීක් නැතුව අහන් ඉන්නෙ..පුංචි එවුන්ගෙ හිත් හරි හොදාආආආයි..හින්දා..අයි මීන් මං නෙමෙයි කියන්නෙ අපේ ගෙදර මෑණියන්..හුහ්..

"මංගෝ...කලු නැන්දේ ~~
මොකදෑ..මේ පැත්තේ..~~~~
හැන්දෑ..යාමේ බලා..~~
ගෙදරින් පැනගත්තේ..~~"

"ආව්හ්..සර්..ඒකනම් මාර ලම්සනයී..!!"

"ඒක සර්ගෙ සිංදුවක්ද සර්..??"

"අනේම්..සර් තව පාරක් කියමුකො.."

සින්දුව කියලා ඉවර වෙලා සර්පිනාවෙන් ඇගිලි ඈත් කරද්දිම යේක ප්‍රශ්න වැලාආක්ක්..අයි මීන්..ප්‍රශ්න වැලාආආක්..ඔයැයිලා වැරදියට හිතනවනේ..මුන්ව මෙහෙම හදලා තීම්නෙ අපේ ගෙදර මෑණියන්..හුහ්..හරීඊඊඊයට නරක් කරලා ....

"නෑප්..නෑ..අදට ඔච්චරයී!!! ඊලග දවසෙ ඉතුරු ටික..ම්ම්.ආයුබෝවන්ඩ...!!"

"ආයුබෝවන්ඩ සර්ර්ර්ර්ර්!!!!!"

අහපු ඒවාට උත්තර නොදුන්න හින්දා නේත්තර එක්ක කෝන්තර වෙනවා යේක නෙමෙයි ලමායී...අයි මීන්..තමන්ගෙ මැණියනෙගෙ පරණ ගෝල බාලයොන්ට උගන්නන්න ගිහාම මැණියන්ගෙ තාලෙට උගන්නන්න බෑනේ..ලොකූඌඌඌ ගැටලු මතු වෙනවා..
කොහෙද ඉතිම් මේ හිච්චොන්ට ඔය සින්දුවෙ ඉතුරු ටික හොයාගෙන ලියන් එම්නේ කියන්නද..?? යේක පිම්සු හැදෙයි..මාත් මේ ගහක් උඩට නැග්ගොත් මිසක් ෆෝන් එකක්..අයි මීන් ජංගම දුරකථනයක්..ආසාවවකට එහෙම එකක් තීන බවක් මතක් වෙන්නෙ නැ..යේක..ඒ දවස්වල කැම්පස්එකේ හිටපු එක්ස් නැති වුනෙත් ඔය මගුලට සිග්නල් නැති නිසා තමා...
ඒ සක්කරවට්ටමට කෝල් කරම්න මං වින්ද දුකාආආඅහ්..යේක ගස් ගානෙ බඩ ගාලා කොන්ද ලෙප්ට් උනොත් 'යේත් මම පණ පිටින් සදමාලීහ්..' හරි කියම්න කෙලින් කටිම් හිටගන්න එපැයි..ඒ මදිවට මහ රෑට කෝල් ගන්න ජම්බු ගහට නැගලා තනියා පස්සෙන් එලෙව්වහම යෙක ජම්බු ගහෙන් වැටුනා..කියම්නද සදමාලීඊඊඊ....

කල්හාර මල් ✨Where stories live. Discover now