"මං ඇහුව බං ඒකිගෙන්.ඒකි උබට සෙට් වෙන්නෙ නෑ.."
"ඇයි මොකද්ද ඒකි කිව්වෙ"
"ඒකි කැමති නෑ බං.."
"අව්ලක් නෑ බං එහෙනම්"
ඔන්න ඔහොමලු උනේ.ඔය පොඩි කාලෙ ඉඳන් එකට සෙල්ලම් කරපු..එකට හැමදේම කරපු යාලුවො දෙන්නෙක්.එක්කෙනෙක් ශානක..ඔය කාල්ර් වෙද්දි පොරට 20 ක් වගේ.උගෙ යාලුව තමයි අනික.උගෙ නම රංජීව.ඌට 17 යි.අවුරුදු 3 ක ගැප් එකක් තිබ්බට මේ යාලුකමට ඒක දැනුනෙ නෑ..
ඔය ශානකට කෙල්ලෙක් ගැන අදහසක් ඇවිත්.ඒකිගෙන් අහල දෙන්න රංජීවට කියලා..අහ් කියන්න අමතක උනානෙ..රංජීවට කොල්ලො කියන්නෙ දෙමල කියල..දෙමල ගිහින් අරකිගෙන් අහල ඇවිත් දීපු උත්තරේ තමයි ඔය.ඔය කාලෙ ලව් කරන්න ගියාට මෙලෝ මඟුලක් දන්නෙ නෑ.වෙන උන් ලව් කරන හින්ද කෙල්ලන්ගෙන් අහනව.තව මොකද්දෝ ඇඟ අස්සෙ තෙරපෙන මොකද්ද හැඟීමක් නිසා කෙල්ලෙක් ඕන ඕන වග්රෙ දැනෙනවා..
ඔය කතාවෙන් සතියකට වගේ පස්සෙ දවසක දෙමල ආව ශානක හොයාගෙන.
"ඒ බං මේ..උබට කියන්න දෙයක් තියෙනව.."
"මොකද්ද බං.කියහන්.."
"අර උබ මට අහල දෙන්න කිව්වෙ බං..අර මයුමි.."
"ඔව්..ඉතිං.."
"ඒකි මට සෙට් උනා බං.."
"මොකක්..උබ මට අහනව කියල තෝම ඒකිගෙන් ඇහුව නේද පකෝ..උබ පුදුම කැ#යෙක්නෙ..හරි හරි අව්ලක් නෑ.කරහෙන පලයන්.."
"හරි හරි හිටහන්කො..මං උබට වෙන එකක් අහල දෙන්නම්.."
"අනේ උඹ හු#හං.."
මේ කාලෙ ඔය ෆෝන් හෙම ආපු මුල්ම කාලෙ.ඉතිං නම්බර් එකක් හෙම අරන් ලාවට මැසේජ් එකක් දාගෙන තම ලව් කරන්නෙ.මැසේජ් වලටත් රුපියලක් විතර කැපෙනවා.ඔන්න ඔහොම රංජීවය මයුමි එක්ක සෙට් උනා.දැන් ලව් එක ශේප් එකේ යනවා.එක දවසක්..
"මේ බං..අරකි කිව්ව එහේ එන්න කියල දවසක්.ගෙදර කවුරුත් නෑලු එදාට.මේ උබත් වරෙන්කො මාත් එක්ක යන්න..මට බයයි බං තනියම යන්න.."
"උබත් මටම කතා කරනව ඒකටත්..හරි යමන්කො.."
ඔන්න ඔහොම දවසක් දාගෙන මුන් දෙන්න ගෙදරදි හම්බ වෙන්න.ගෙදරට යන්න තියෙන ප්රධාන පාරෙන් යන්න බෑ.එහෙම ගියොත් බබා හම්බ වෙනව.කැලෑ පාරකින් තමයි යන්න ඕන..වැඩේ කියන්න මහ දවල්නෙ මේක කරන්න වෙන්නෙ.ඔන්න ඉතින් ඔය කියන දවස උදා උනා..කොල්ලො දෙන්න කෙල්ලගෙ මැසේජ් එක ආව ගමන් පිටත් උනා.ගෙවල් තියෙන්නෙ ලොකු දුරක නෙමෙයි..3km ක් වගේ දුරින්..දෙන්න එක්ක දැන් කයියක් දාගෙන යනව.
"උබ ගෙදරටම වරෙන්..අව්ලක් නෑ වගේ නම් උබ ආපහු වරෙන්.."
"ආ..පකෝ..තෝ ඒකි එක්ක ලව් කරන්න.මං ආපහු එන්න..හු#තා.."
"එහෙම තමා බං..සපෝට් එකක් දියන්.."
ප්රධාන පාරෙන් යන්න බැරි නිසා කැලේ පාරකින් කෙල්ලගෙ ගේ ගාවටම ගිහිං දෙන්න බලන් ඉන්නවා.කෙල්ලගෙන් සංඥාවක් එනකම්..
"ඒ හරි හරි..එන්න කිව්ව.."
ඔහොම කියල රංජීව ඉස්සර උනා.දෙන්න එක්කම කෙල්ලගෙ ගෙදරට ගියා.ශහ්..ඒකිත් ඉන්නව ලස්සනට ඇඳගෙන..ඒකිගෙ ඇඟ කොහොමත් හැඩයි ඒකනෙ ශානකටත් ආස හිතුනෙ.ඒකි දන්නෙ නෑ ශානක අහපු බව.අරූ එහෙම එකක් ඒකිට කියලවත් නෑ..
"අයියෙ එන්න..වාඩිවෙන්න.."
කෙල්ල ඔහොම කිව්වම දෙන්නම ගිහින් වාඩි උනා..පොඩි වෙලාවක් කතා බහ කරල ශානක හෙමීට නැගිට්ට..
"ඇයි අයියෙ..යන්නද.."
"අනේ ඔව් නංගි..මං යන්න ඕනි.ඔය දෙන්න කතා කරන්නකෝ..මං යනවා..ඒ බං මං යනව.උඹ කතා කරල වරෙන්.."
එහෙම කියල ශානක ආපහු එන්න ආවා.ඕක ඉතිං කලිම්ම කතා වෙලා තමයි ගියේ..
දැන් රංජීවයි කෙල්ලයි විතරයි ගෙදර..කොහොම උනත් කොල්ලගෙ පපුවෙ සද්දෙත් වැඩි වෙලා.මෙහෙම දෙයක් මීට කලින් කරලම නෑ.අහු උනොත් හෙම අනාතයි.කොල්ල බයෙන් ඉන්නෙ.කෙල්ලත් බය නැතුව නෙමෙයි.ඒත් ඒකිට සතුටුයි.කොල්ල ආපු එකට..කෙල්ල කොල්ලට කතා කරන්න "මගෙ අයියෝ" කියලා..
"අයියෝ..ඔයාට තේ එකක් හදන්නද.."
"අනේ එපා නංගියෝ..මේ අම්මල එන එකක් නෑ නේද.."
"නෑ නෑ දැන්ම එන්නෙ නෑ.අක්කගෙ වැඩකට ගියේ.තාත්තත් ගියානෙ.එනකොට හවස් වෙනවා.."
"හ්ම්..එහෙනම් කමක් නෑ..කෝකටත් අපි දොර වහමුද.."
"ඇයි බයයිද අයියෝ..ඉන්න මං වහන්නම්.."
කෙල්ල ඇවිත් දොර වැහුවා..
*******************************
අදට කතාව ඉවරයි.ඊට පස්සෙ මොකද උනේ කියල ඊලඟ කොටසින් බලමු නෙහ්..කතාව ගැන හිතෙන දේ කියන්න ලමයි.වොට් කරන්න හොඳේ..එහෙනම් මං ගියා..බායි...🥰
මම
මහී..
YOU ARE READING
වෙනස් කතාවක්
Romanceලමයි..මේක මගේ පලවෙනි කතාව..කියවලා බලන්න..හොඳයි නම් වොට් කරන්න.කමෙන්ට් කරන්න..
