#දුඹුරු_සඳ_01🤎🌙 (New Version 2025)
"අහ් ශිට්! ඇඟ අස්සෙ රිංගන්න එන්නෙ?!"
පාසල් ළමුන්ගේ තදබදය අතරින් රිංගා යද්දී විණාරාගේ මුහුණ එක් පිරිමි ළමයෙකුගේ සිරුරෙහි ස්පර්ෂ වූයේ අතපසුවීමකින්. ඈ කම්මුල ඔහු පාසල් ශර්ට් අතෙහි ස්පර්ෂ වනවාත් සමඟම ඇය කවුරුන්දැයි ඒ නෙතට ග්‍රහණය වද්දී ඒ මුහුණ රකුසුව ගියේ ඉබේම.
"අහකට වෙනවා අයිසේ!"
බියපත්ව ගල්ගැසීගෙන තවමත් තමාගේ සිරුරෙහි ස්පර්ෂ වීගෙන හිඳිනා ඇයගේ දුඹුරු පැල්ලම් සහිත උවන දෙසට පිළිකුල් බැල්මක් හෙළා ඔහු ඇයව තම සිරුරෙන් ඉවතට තල්ලු කර දමනට වූයේ හිත් පිත් නොමැති අයුරින්.
"ම්හ්...හ්"
සිරුර සමබර කරගන්නට අවකාශයක් හෝ නොවෙද්දී අසරණිය පසෙකට විසිවී මෙන් ගොස් බිම ඇද වැටෙනට වූයේ වතෙහි වූ පාසල් ගවුමද එහෙමෙහෙ වද්දී. ඉඳින් පාසල් ළමුන් රොත්තක් මධ්‍යයේ හඬින්ම ඇයට බැන වැදී ඔහු කළ ක්‍රියාව නිසාවෙන් ඇය හුන් ඉරියව්වට වටේ පිටෙහි වූ ළමුන් සිනාසෙන්නට වූයේ හිත් පිත් නොමැතිව.
රළු වදන් නිසාවෙනුත්, ලැජ්ජාව නිසාවෙනුත් අසරණියගේ නෙත කඳුළින් බොඳව යද්දී ඇය තමාගේම වාරුවෙන් නැගිටගත්තේ ඇයට සහය වන්නට කිසිවෙකුම එම පාසල් ක්‍රීඩාංගනයේ ස්ටේඩියම් එක තුළ නොමැති වද්දී.
"ශික්... තමුසෙගෙ හොරි ආග්න අයියගෙ ටීශර්ට් එකෙත් ගෑවද?"
නමුදු ඇයට නැගිට ගන්නට හෝ අවකාශයක් නොතබා ආග්න නම් එම නපුරු නෙතක් සහිත පිරිමි ළමයා ආසන්නයේම හුන් ඔහුගේ සමීපයේ හුන් ගැහැණු ළමයෙකු ඇයට බැන වදිනට වූයේ ඔහුගේ ශර්ට් අත ඇඟිලුතුඩු වලින් අල්වා.
"පසියා... ඔය ටී එක ගනින්."
තමාට පසුපසින් හුන් යෙහෙළියගේ අත පසෙකට ගසා දමා ඔහු පාසල් ශර්ටය ගලවා දමනට වූයේ එතනදීම. සහෝදර පාසලෙහි ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා මෙන්ම, පාසලේ මෙන්ම අවට පාසල් අතර සුප්‍රසිද්ධ චරිතයක් වන මෙම නවයෞවනයා මත්තේ නෙත වූ ගැහැණු ළමුන්ගේ මුවින් සූ බූ ශබ්ද ඇසෙනට වූයේ ඔහු මනාව සකසාන ඇති සිරුර ඔවුන් ඉදිරියේ නිරාවරණය වද්දී.
YOU ARE READING
දුඹුරු සඳ - 01 සිට | Ongoing (New version 2025)
RomanceDEVIL MAN ආග්න and his BROWN GIRL විණාරා Dark Romance, Romance, Love, Sensitive Contents and Matured Contents are included! ආග්න යව්තීස රාජ්නව්... පළිගැනීමක්... වෛරයක් පසුපස හඹා එන අග්නියක් බඳු ඔහු! අතීතයේ අඳුරු ආගාධයක සිරව ඇති ඔහුගේ තුවාලවුණ ආත්මය...
