1 කොටස

1.7K 50 6
                                        

1 කොටස

" ඕයි බල්ලෝ... නැගිටපන්.... නැගිටපන් අඩේ... ඉස්කෝලෙ ඇරියා..."

මම මහන්සියටත් එක්කම හොදට නිදාගෙන ඉද්දි සවේද් ඔලුව තියන් උන්න මේසෙටත් පයින් ගහලා මාව නැගිට්ටෙව්වෙ මාත් උගෙ හත්මුතු පරම්පරාවටම බැන බැන නැගිටිද්දි.

" උබ නම් මහ කරුමයක් සවේ... පට්ට හීනයක් දැක දැක උන්නෙ..."

" ගෙදර ගිහින් හීන බැයිනම් ඕනෙ පුකක් බලපන්. දැන් නැගිටපන්. අද අප්පච්චි එනවා කිව්ව එක්ක යන්න... "

අයිශ් මූ නම් එසේ මෙසේ වදයක් නෙමේ දෙන්නෙ. ගමේ කනිෂ්ඨෙ ඉදලා අවුරුද්දකට කලින් ටවුන් එකේ බාලක පාසලට ආපු මට සවේද්ව හම්බෙන්නෙ දැනට සතියකට විතර උඩදි. අවුරුදු ගානක් තිස්සෙ පවුල් පිටින් එන්ගලන්තෙ ජීවත් වෙච්ච හිච්චි විලියම් ගිය සතියෙ අපේ ඉස්කෝලෙට ආවෙ. කොල්ලට ලංකාව වැඩිය හුරු නැති උනාට සිංහල නම් හොදට හුරුයි. සුද්ධ සිංහලත් අගේට පුළුවන්. දොළහ ආට් ක්ලාස් එකේ මගෙ එහා පැත්තෙන් එදා ඉදගත්ත කොල්ලා සතියක් යන්න කලින් මගෙ හොඳම යාළුවෙක් වෙලා ඉවරයි. ඌටත් මේ ඉස්කෝලෙ ලොකුවට යාළුවො නෑ. මටත් කියලා වැඩි වෙනසක් නෑ.

" උබෙ අප්පච්චි එනවා කියලා මට එන්න කියන්නෙ පාවඩ එලන්නද බං. උබ පලයන්. මං බස් එකේ එන්නෙ..."

" මෙන්න මෙහෙ වරෙන් යන්න... උබෙත් හෙන කැටයන් වෙලාවකට..."

" අර උබෙ බඩකඩිත්තුවෙ නම් යන්න එන්නෑ පුතේ මාව මැරුවත්..."

මං කිව්වෙ සවේද් වෙනදට පාසල් එන ශ්‍රී අකුරක් ගහපු ඉබි කාර් එක මතක් වෙලා. අප්පච්චි එන්නෙත් ඒකෙ වෙන්නැතිනෙ.

" උබ වරෙන්කො අප්පච්චිගෙ බඩකඩිත්තුව පෙන්නන්න. "
සවේද් මගෙ අතිනුත් ඇදගෙන බලෙන්ම වගේ පාසලෙන් එළියට ඇදගෙන ආවෙ රට ඉදන් ආව ඌගෙ අප්පච්චියි අප්පච්චිගෙ වන්ඩියයි පෙන්නන්න.

" අන්න බලපන් කිරි ටොයියා වගේ තියෙන වාහනේ දිහා. බලපන් අර බඩකඩිත්තුවට වඩා හොදද කියලා. "

සවේද් පාරෙන් එහා පැත්තෙ නවත්තලා තියෙන සුදට සුදේ බබලන අලුත්ම වර්ගයක කාර් එකක් පෙන්නලා කියද්දි මං ඒදිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන. හැබැයි ඊට එහායින් කාර් එකට හේත්තු වෙලා ඉන්න කෙනාව දැක්කම මගෙ ඇස් දෙක එළියටම පනින්න ඇති. කාර් එක වගේද ඒ ඉන්න මනුස්ස පරාණෙ හැඩ. තනි කළු ෆුල් සූට් එක උසට ගානට මේන්ටේන් කරපු ඇගට ලස්සනට ගැලපිලා තිබුණා. දාගෙන හිටපු සන්ග්ලාස් දෙකත් ගලවලා කාර් එකට මෙච්චර වෙලා හේත්තු වෙලා හිටපු එයා කෙලින් වෙද්දි මං උන්නෙ අභ්‍යවකාශගත වෙන්න ඔන්න මෙන්න.

This Love Hurts |Sinhala | bl | Completed Stories to obsess over. Discover now