[ ♡ නීල දෑසක්..... හයවන කොටස.....♡ ]
සිරාවටම කෙල්ලට තරහා ගිහින් . වාහ් මේ වහන්ගතේට තරහත් යනවනෙ මං හිතුවෙ අහිංසක ඇති කියලා බලහන්කො ඒකෙත් හැටි කෙම්ලොන්ගෙ පිටින් පේන දේ විශ්වාස කරන්න එපා කියලා අපෙ අම්මා කිවුවානෙ 😁✌
" මම කතා කරන්නෙ මං කැමති විදිහට ...... තමුසෙව මම සෙකට්ට්රි කරගත්තා වගේම ... මට ඕන්නම් තමුසෙව මගෙ වයිෆ් උනත් කරගන්න පුලුවන් "
නෝන්ඩියට වගේ කට කොනෙන් හිනාවේගෙන තමා මං එහෙම කිවුවෙ . ඒ පාර මේ වහන්ගතේ ඇස් දෙකත් ජිල් බෝල කරන් මං දිහා බලන් ඉන්නෙ නැතැයි මොකද්ද ඒ කිවුවෙ වගේ ලුක් එකකින් මං සිරික්කිය පාලනේ කරගත්තෙ බොහොම අමාරුවෙන් . හැබැයි කෙල්ල මොනවත්ම කිවුවෙ නෑ ශටර් එකෙන් එළිය බලාගෙනම ගියා . මාත් නෝ කතා ලයින් එකක් දීගෙන මගෙ පාඩුවෙ ගියා
කොහොමහරි පොට් එක ළගට ආවහම ගෙදර පේන මානෙ වන්ඩිය නතර කරා . මං බැලුවෙ කෙල්ල දිහා ඒ වහන්ගතෙත් මං දිහා බලන් ඉන්නවා . කෙල්ලව දාලා යන්න බෑ වගේ සීන් එකක් හිතට එන්ටර් වෙලා තිබ්බෙ . කෙල්ලට කරදරයක් වෙයි කියලමයි මගෙ හිත කිවුවෙ
" මාව ඇස් වලින් කාලා ඉවරද නෝනා ..."
" ආහ්....."
" ගෙදර යන්න අදහසක් නැද්ද තමුසෙට "
මම රවාගෙනම එහෙම ඇහුවෙ කෙල්ල ගැස්සිලා යද්දි . මට තේරෙන්නෑ ඇයි මං හැම වෙලේම කෙල්ලව බය කරන්නෙ කියලා. මට ඕනි නොවුනත් මගෙ හිතට ඕනනෙ මේ වහන්ගතේව බය කරලා අඩනවන්න
" මගේ...ෆෝන් එක ඔෆිස් එකේ "
එහෙම්ම මම පිටිපස්සෙ සීට් එකෙන් කෙල්ලගෙ බෑග් එක අරන් මුකුත්ම නොකියා කෙල්ලට දික් කලා .
" තෑන්ක්ස් .. අයියේ "
ඉස්කෝලෙ යන පොඩි එකෙක් කියනවා වගේ ඇහුනෙ මට . කෙල්ලගෙ හිතේ දුකක් වගේම බයකුත් තියෙනවා ඒක කෙල්ලගෙ ඇස් වලින් හොදටම පේනවා . ඒත් ඒවා කෙල්ල හන්ගන් ඉන්නෙ කියලා මට හොදටම තේරුනා .
" ම්ම්ම්....පරිස්සමින් ඉන්නවා ? "
" හ්ම්ම් ...."
එහෙම කිවුවට හිතේ දෙගිඩියාවක් තියෙනවා. අරූ ආයෙ එයිද ... අනික ආවත් අම්මටයි තාත්තටයි ආම්බාන් කරන්න පුලුවන් එකෙක්ද ... පාහරයා .. ඌ ගැන හිතද්දිත් මගේ ලේ ටික රත් වෙනවා .. පො##### පාහරයෙක් ..
YOU ARE READING
✨ නීල දෑසක් ❤️
Romanceනපුරෙකුයි , අහිංසක කෙල්ලෙකුයි සෙට් උනොත් 😁♥️ ' පුදුමයි බන් මට මං ගැනම , කෙල්ලොන්ව අප්පිරියා වෙලා හිටියෙ ඒත් උබ මගෙ ජීවිතේට ආව දා ඉදන් මගෙ හිතම සතුටින් පිරිලා යනවා බං . උබට ගොඩක් දේවල් නැති උනා මගෙ මැණික ඒත් මේ කේශ් උබ වෙනුවෙන් ඕනිම දේකට ඉන්නවා...
