ම්ම්, මෙහෙමයි, මේක තමයි මන් පලවෙනියටම ලියන මොකක්හරි දේ.... මට මේකට කතාවක් කියන්න බෑ මොකද මේකේ හයිලයිට් වෙන ප්ලොට් එකක් නැති නිසා. ඇත්තටම මෙතන ප්ලොට් එකක් නැතිම තරම්...
මේක මම ලියන්නේ කෙනෙක් මට දීපු දෙයක් වෙනුවෙන්.. ඒක ප්‍රසන්ට් එකක් උනා මට ඇත්තටම කිව්වොත්. තව දුරටත් කියනවනම්, ඒක මේ ප්ලැට්ෆෝර්ම් එකේම තියන කතාවක්. මන් මෙතන කතාවෙ නම කියන්නෙ නෑ... ඒ කතාව ගොඩාක් වෙලාවට මට කම්ෆර්ට් zone එකක් උනා... අඩන්නෙ නැතුව ඉන්නම බැරි තැන්වල මම ගිහින් ඒ කතාව කියවලා සතුටු උනා.... අඩන්නෙ නැතුව හිනා වුනා..
මන් සරලවම කිව්වොත් මේක ගැන, මේක short story එකක් පාර්ට්ස් තුනක් තියන.. මේකෙ තියෙන්නේ ගොඩාක් දේවල් ගැන මට හිතෙන සහ මන් හිතන විදිය... මේක ලියලා මන් බලාපොරොත්තු උනේ සතුට කියන දේ හැමතැනම තියනවා කියලා කියන්න.. සතුට තියෙන්නේ බොහොම චූටි, සරල දේවල්වල, සල්ලි යන්නෙත් නැති දේවල් වල කියලා කියන්න මන් මෙතනදි ට්‍රයි කලා...
මේකෙ කොටස් තුනේ මන් එහෙම සතුටු වෙන්න පුලුවන් දේවල් තුනක් mainly hi-light කරලා පෙන්නුවා මට පුලුවන් විදියට, මන් දන්නෙ නෑ ඉතින් සාර්ථක උනාද කියන්න නම්.. ඒ කොටස් තුන ඇතුලේ තවත් සතුට හොයාගන්න පුලුවන් විදිත් මන් ලිව්වා.. සතුට ඇත්තටම තියෙන්නෙ පොඩි දේවල් වල කියල හිතෙන්නේ නැද්ද..
මන් ටික්ටොක් වීඩියෝ එකක දැක්කා මෙහෙම දෙයක්..
සමහර විට ඔයා ජීවත් වෙන්න ඕන බොහොම පොඩි දේවල් වෙනුවෙන්..
කෙනෙක් ඔයාට ලස්සනයි කියනවා අහන්න..
තව කෙනෙක් ඔයා අතින් වැටුනු පෑනක් අහුලලා දෙනවා බලන්න..
ඔයාගෙ ඇස් වලින් කදුලු එනකන්, බඩ රිදෙනකන් හිනාවෙන්න..
May be that's all that really matters at the end of the day ... (Credit goes to the real author)
මේ ලිව්ව දෙයින් මන් මගේ ජීවත් වෙන විදිය හරිම හොද, මට ගැලපෙන විදියක් කියලා තව දුරටත් හිතාගත්තා..
"Live in the moment and just go with the flow"
So, මේක අර මන් කලින් කිව්ව කතාව ලියන ඕතර් වෙනුවෙන් සහ මේ මල විකාරෙ randomly suggest වෙලා හරි, මොකක්හරි වෙලා හරි කියවනවනම්, කියවන ඔයාලා ඔක්කොම වෙනුවෙන් ❤️
ඉස්සරහට තියන බහුභූත ගොඩෙන්, සතුට කියන දේ හොයාගන්න, සතුටු වෙන්න පුලුවන් විදි හොයාගන්න පුලුවන් වෙන්න කියලා මන් විශ් කරනවා ... 🪽❤️
11:11 ✨
