සූකිරි පුළුන් 1

7.2K 344 41
                                        

සූකිරි පුළුන් 1 😋

" නිම්න උඹට මැඩම් කැබින් එකට එන්න කිව්වා"

ඔෆිස් එකේ වැඩ කරන යාලුවෙක්ගෙ පණිවිඩේට නිම්න ඔලුව උස්සලා බැලුවෙ හයිලයිට් පෑනකින් පාට කර කරා හිටිය රිපෝට් ටිකේ කොල ටික අතින් එකතු කරන ගමන්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ඔෆිස් එකේ වැඩ කරන යාලුවෙක්ගෙ පණිවිඩේට නිම්න ඔලුව උස්සලා බැලුවෙ හයිලයිට් පෑනකින් පාට කර කරා හිටිය රිපෝට් ටිකේ කොල ටික අතින් එකතු කරන ගමන්. යන්තමට කොටට කපපු කීරි ගැහුන කොන්ඩෙයි, ලාවට උඩට මතුවෙච්ච දවස් දෙකකට කලින් වගේ කපපු රැවුලයි පේන විදිහට අහිංසක හිනාවක් දාගෙන නිම්න කැරකෙන පුටුවෙන් නැගිට්ටෙ මේසෙට බර දීලා. යාලුවන්ගෙ විහිලුවලට කල් තියා ඕනතරම් අහුවෙලා තියෙන හින්දමද මන්දා, මිනිහට ඒ පණිවිඩේට පෙරලගෙන දුවන්න තරම් හදිසියක් තිබ්බෙ නෑ.

" කවුද අපේ ප්‍රජා මැඩම්?"

" ඇයි දැන් මේකේ ච්‍යාමන් වෙන කවුරු හරිද? මැඩම් සීරියස් මූඩ් එකක හිටියෙ ඈ. කලින් කරපු සර්වේ එකේ අවුලක් එහෙම නෑනේ නේද?"

"පිස්සුද සුද්දා...සර් වේ එක දොඹෙන් යන්න දීලා තියෙන්නෙ. බාග විට අලුත් මොකක් හරි පන්ගනාතු කරන්න වෙන්න ඇති. හූම්...ගිහිම්ම බලනවා"

නිම්න කලිසම ලාවට උස්සගෙන කමිසෙ කලිසමේ දාරෙට හරියට හිටින විදිහට ඇඳුම හදාගෙන, කොන්ඩෙත් අතින් පැත්තට කරගෙන ප්‍රජාපතී මැඩම්ගෙ ඔෆිස් එකට ගියා. සෝල් ප්‍රයිවට් ලිමිටට් කිව්වම ලංකාවෙ ඕනම කෙනෙක් ට අහලා පුරුදු නමක් වෙන්නෙ, එයාලා හදපු බීම ගමේ නගරෙ හැම කඩේකම අඩුවක් නැතුව හොඳට විකිනෙන ගානට තිබ්බ නිසා. කැබින් එකට යන්න කලින් හොඳ හුස්මක් අරන් දොරට තට්ටු කරනකොට ම " නිම්න ඇතුලට එන්න. " කියලා කිව්වෙ හරියට මැඩම් ලොකු රාජකාරියකට නිම්න එනකම්ම බලන් හිටියා වගේ.

" වාඩිවෙන්න නිම්න...මේක ටිකක් සීරියස් කතාවක්"

නිම්න හරි වැදගත් විදිහට පුටුව පිටිපස්සට ඇදලා අරන් වාඩිවෙලා මේසෙ උඩින් අත් දෙක තියාගත්තෙ මේසෙ උඩට වැටුන ටයි එක අතින් අරගෙන යටට දාගන්න ගමන්.

සූකිරි පුළුන්Historias para obsesionarse. Descúbrelo ahora