~ මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය ~
මගෙ සිරිලක ගැන......
ලොවට කියමි මම.......
මගෙ සිරිලක ගැන......
ලොවට කියමි මම......
සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත.......
ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර ට උදෑසනක් උදාවුණේ හඳ පළුවක් තාමත් රිඩර්හෝම් පල්ලියේ කුරුසෙට එහාපත්තෙන් යන්තමට පේන්න තියෙද්දි ... යාන්තමට කිව්වට නොපෙනෙන ගානට මීදුම ... පල්ලියේ පැති බිත්තියේ තිබ්බ උෂ්ණත්වමාපකය රතු පාට දර්ශකය වමට බර වෙලා - 5C° ළඟ නතර වෙලා තිබ්බා.... නේවාසිකාගාරේ පැත්තෙන් ඇහෙන නොනවත්වා කෑ ගහන ග්‍රැමෆෝන් සද්දේ .... ඊටත් ඒ භාෂාව ස්වීඩන් භාෂාවවත් ඉංග්‍රීසිවත් නොවුණට පල්ලියෙ වැඩ කරන උයන්පල්ලන්ගෙ ඉඳන් සහයක පාස්ටර් දක්වාම ඒක මිමිණුවේ අවුරුදු ගාණක පළපුරුද්ද නිසා....
මේ රට මගෙ රට...... මා ඉපදුණු රට
හැදෙන වැඩෙන රට ..... මගේම මව් රට.....
" ගූ..ඩ් මෝරොන් මිස්ටර් ආර්වි..... නැගිටින්න දරුවෝ... "
" ම්හ්ම්...... "
" මිස්ටර් ආර්වි..... දරුවෝ.... වාක්නා.... පාස්ටර්ට තරහ ගිහින් වෙලාව හයටත් කිට්ටුයි... ඊයෙත් රෑවෙල ආව කියල දැනගත්තොත් අපි දෙන්නම ඉවරයි ... ඒ නිසා නැගිටින්න "
" ආ...... මම්තා මම එන්නම්.... ඔයා යන්නකෝ මං විණාඩි පහකින් එන්නම්.... "
" කෝ කෝ කියන දේ අහල නැගිටින්නකො දරුවෝ "
" ෆී...ෆා...න් මම්තා ලෙට් මී ස්ලීප්... ෆා....න් ඔක්සෝ...... "
" ඕ ෆයින් මිස්ටර් ආර්වි.... මම යන්නම්කො එහෙනම්.... හෑව් අ ගූඩ් ස්ලීප් ඕකේ "
මම්තා කාමරෙන් යන්න ගියත් අර්විද් ඇහැරුණා.... මොකද ග්‍රැමෆෝන් ස්විච් එකෙත් ඒසී රිමෝට් එකෙත් මම්තගෙ ඇඟිලි සලකුණු ගෑවුණු නිසා. අර්විද්ට ඔය ඒසි හීතලයි අර පෙට්ටිය අස්සෙන් කෑගහන ගෑණු කටහඬයි නැතුව නිදියනවා කියන්නෙ අතපය හතර නැති මිනිහෙක්ට පීනන්න කිව්ව වගේ වැඩක්....
