❤️

113 6 0
                                        

සමහර වෙලාවට මාව traumatize වෙලා ඇඟ හිරි වැටිලම යන්නෙ මගේ ඉස්සරහම වුණු ඒ සිද්ධිය නිසා. සමහර වෙලාවට මගේ Idol life එකේ stress එක වැඩි වුණාම, මාව සනසලා, මාව සතුටින් තියපු, මට දුකක් දැනෙන්න නොදුන්න, අවුරුදු පහක් තිස්සේ මං ගාවම හිටපු එකම කෙනා තමයි මං පණ වගේ ආදරේ කරන මගේ යුන්හී. සමහරවිට එයා නැත්නම්, මං ජීවිතෙන් සමු ගන්නත් ඉඩ තිබුණා.
යුන්හි... එයා හරියට ඉර එළියෙ දිලිසෙන දේදුන්නක් වගේ. ❤️

මීට අවුරුදු පහකට කලින් මම ජීවත් වුණේ තනියම වුණත්, අපේ රිලේෂන්ශිප් එක පටන් ගත්තු දවසේ ඉඳලා මගේ අපාට්මන්ට් එක වගේම මගේ හිතත් සතුටින් පිරිලා තිබුනා.. ඒත් අද වෙනදා වගේ ඔෆිස් ඇරිලා ගෙදර එද්දි වෝම් හග් එකක් දීලා මගේ මහන්සිය යවන යුන්හී පේන්න නැති වුණ අඩුව මට හොඳටම දැනුනා. වෙනදා ඇහුන අපි දෙන්නගෙ හිනා හඬවල් නැතුව අපාට්මන්ට් එක හිස් ගතියකින් විතරක් පිරිලා තිබුනා.

ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන හිටපු මම, ලොකු හුස්මක් පහත දැම්මා. අතේ තිබුණ බෑග් එක සෝෆා එක උඩට අත ඇරලා ටයි එක ගලවන ගමන් මගේ රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න හිතාගෙන.

❤ ඔයා ආවද?

යුන්හි බාත්රූම් එකේ දොරට හේත්තු වෙලා අත් දෙකත් බැදග‌ෙන හිනාවවවෙි බලන් හිටියා.

🐻 ඒ බාත්රුම්ස් වලට ඔහොම එබනෙවද ඈ? 

මම හිනාවවෙි පිටිපස්ස හැරුනත් මම දැක්ක‌ෙ බාගෙට ඇරිලා තිබුණ දොර විතරයි. මගේ පපුව කටුවකින් ඇනපු බැලුමක් වගේ බිඳිලා ගියේ යුන්හිව මන්තරයක් වගේ ආයි ආයිත් මතක් වෙන්න පටන් ගද්දී. මතක චිත්‍රපටයක් හිතේ මැවෙද්දි ලොකු සුසුමක් පිටවුණේ මටත් නොදැනිමයි.

🐻 යූ.....

වොෂ් එක දාලා ඉවර වුණාට පස්සෙ එහෙමම මම ඇඳට වැටුණෙ වැඩි බඩගින්නකුත් තිබුණෙ නැති නිසා. අන්තිමට මම හිත හදාගත්තෙ යුන්හී මාස කිහිපයකට ෆ්‍රාන්ස් ගියා කියලා. වෙයි කියලා හිතන්න බැරි වුණත්, එයා මං ළඟට ආපහු එයි කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා. මගේ අකීකරු හිතට තව එකපාරක් හරි එයාව දකින්න ඕන වුණා. මට තදින්ම ඕනෙ වුනා එයාව බදාගෙන "මට ඔයා නැතුව පාළුයි මැණික" කියල කියන්න.

Don't wake me up | KTH Oneshot | Sinhala FFStories to obsess over. Discover now