01 කොටස

210 31 58
                                    


"මෙතූ...ඉක්මනට එන්න..."
මට පිටිපස්සෙන් ඇහුණ ගැඹුරු කටහඬට මාව ගැස්සිලා ගියේ මීට තත්පර කීපෙකට කලින් එතන එහෙම කවුරුත් හිටියෙ නැති නිසා...

මං බලාගෙන ඉද්දි ම මේ දවස්වල ශමිරු මට සෙට් කරන්න හදන කෙල්ල මෙතුලි මාව දැක්කෙ නෑ වගේ පාස් කරගෙන ගිහින් ඒ කොල්ලගෙ අතේ එල්ලුණා... ශමිරු සෙට් කරන්න හදන කිව්වට මම දන්නවා ලොවෙත් සෙට් වෙන්නෙ නෑ කියලා...

ඒකි ලස්සනයි...පට්ට කට... මාර ආඩම්බරයි..ඇවිදින සල්ලි ගහක්...පරම්පරාවෙන් ම බිස්නස්...

ඕනම කොල්ලෙක්ට ට්‍රයි කරන්න හිතෙන විදියෙ කෙල්ලෙක් ඉතින්...මම ආතල් එකට කිව්වෙ...මම දන්නවා මට කෙල්ලො ෆීල් නොවෙන බව...අරූගෙ වදෙන් බේරෙන්න කිව්වෙ....දැන් ශමිරුවා ඇත්තටම ඒක ට්‍රයි කරනවා... මට ඉබේට ම කට ඇද වුණා ෆුල්ෆේස් හෙල්මට් එක දාගෙන හිටපු කොල්ලා ඒකිට පොඩි රතුපාට හෙල්මට් එකක් දාලා ඒකෙ ක්ලිප් එක දාද්දි.. ඒ බයික් එක දැකලත් පුරුදුයි....අනේ මන්දා.... මට වැඩක් නෑනෙ...

"අඩෝ තිවා!! උඹව ගන්-මොකද බං කටේ හැටි!?"
ශමිරු මගෙ උරහිස වටේ අත දාගෙන අහද්දි මං නිකටෙන් ඉස්සරහ පෙන්නුවෙ අරූගෙ මූණ ඇද වෙද්දි...

"ඒකිට කොල්ලෙක් ඉන්නවද බං?"

"වැඩක් නෑ බං...අපි යමන්...උඹවත් හලාගෙන යන්නම්... තාත්තා ඇවිත් ඉන්නෙ..."

" අංකල් නිවාඩුද?"

"හ්ම්..."

"අවුලක් නම් උඹට ඕන වෙලාවක අපෙ ගෙදර දොරවල් ඇරලා හරී?"

"උඹ දන්නවා මට අම්මව දාලා එහෙම එන්න බෑ කියලා..."
මම කියද්දි ඌ මගෙ පිටට තට්ටුවක් දාලා මගෙ අතින් ඇදගෙන අපෙ කා එක පැත්තට ගියා...

" තමුන් පරක්කුයි තිවර්ශ.."

"සොරි තාත්තා..."
මම එහෙම කියලා වාඩිවෙද්දි ශමිරුවත් වාහනේට නැග්ගා...තාත්තා මොනවත් නොකිය ඉස්සරහ බලා ගනිද්දි ඩ්‍රයිවර් හිටිය ආමි එකේ අයියා වාහනේ පාරට දැම්මා...

ශමිරුව බස්සගෙන වාහනේ අපෙ ගෙදර ගාඩ්න් එකේ පාක් කරනකල් ම කිසිම කතාවක් තිබුණෙ නෑ...මම සද්ද නැතිව බැහැලා ඇතුළට යන්න හැදුවත් තාත්තා කතා කරපු නිසා මම ආයෙ නතර වුණා...

උතුරු තරුව||The Nothern StarWhere stories live. Discover now