7 කොටස

17 6 6
                                    

සරස් පහුවදා උදේම අශිවයි සුපුල්වයි පුරුදු විදිහටම ස්කූල් ගේට් එක ලගින් ගිහින් ඇරලුවා.පුරුදු විදිහටම අශිගෙ නලල ඉඹපු සරස් දිහා සුපුල් බලා හිටියේ හරි ආසාවෙන්.
දෙන්නම බැහැලා යනකන් සරස් බලා ඉදලා තමා ආය ගියේ.

"ආ බන් උහා..."

"ආ..."

"යකෝ අපේ පර අයියගෙන් කිස් එකක් ඉල්ල ගන්න ඌට වැන්දත් හරියන් නැතිවෙයි බන්"

"ඒ කිව්වේ..."

"ඇයි බන් බලපන්කො උබට හම්බෙන කිස් ගොඩ"

"මේ...මගෙන් උබ අහ ගන්න එපා"

අශිගෙ රතු උන කම්මුල් අල්ල අල්ල අශී යන දිහා බලන් හිටපු සුපුල්ටත් හිනා...සුපුල් අශිගෙ කරටත් අතක් දාන් ගේට් එකෙන් උඩට යද්දිම එයාගෙ school එකේ ආදරණීයම චරිතේ ඒ කියන්නේ කාගෙත් සිත් ගත්ත hp අයියා...හෙඩා..ගේට් එක ලග.

"good morning උහාර මල්ලි"

"good morning"

අශිට ඉතින් හෙඩාට උනත් ඔයිට වඩා දෙයකින් සංග්‍රහ කරන්න හිත දෙන් නෑ...මෙතන ජනාදිපති ගෙනත් තිබ්බත් අශිගෙ කට ඇරෙන් නෑ කියලා සුපුල් දන්නවා.

"good morning සුපුල් මල්ලී"

"very good morning රදීශ් අයියා"

සුපුල් හරි ලස්සනට අශිව තව ටිකක් එයා ලගට ගන්න ගමන් කියද්දි රදීෂුත් හිනා උනා.

රදීෂ්......රදීෂ් ඉනුහස්ක...ඒ කියන්නේ අශිගෙ ස්කූල් එකේ headprefect.එයාගෙ හැඩ රුව ගත්තොත් ම්ම්...ආ...නුවන් කුලසේකර ඉන්නේ ආන් ඒ රූපේ ටිකක් තලෙලු වර්ශන් එකක්...හිනා වෙද්දි හීනි වෙන ඇස්...තියන ඩයල් එකක්...උසත් ඉතින් ඒ වගේ ඇති.හැබැයි රදීෂ්ගෙයි අශිගෙයි සම්බන්දයක් තියනවා.ඒ තමා රදීෂ්ව අශීට හම්බෙන්නේ මීට අවුරුදු 5කට කලින්.ඒ කියන්නේ ජිමිනාස්ටික් club එකේ අශිගෙ helper විදිහට.ඒ දෙන්නම club එකේ කැපී පෙනෙන තරු....ඒත් අශි දැන් ජිමිනාස්ටික් කරන් නැති නිසා අශිට රදීෂ් හම්බෙන්නේ කලාතුරකින්.

"උහාර මල්ලි අද හවස cricket practice ඉන්නවද"

"බලමු අයියා"

"ඉන්න ඉන්න මාත් ඉන්නවා"

ඒකට උත්තර දෙනවා වෙනුවට අශි කලේ රදීෂ්ගෙ අත අශිගෙ උරහිසින් අයින් කරලා පාඩුවේ ඉස්සරහට ගියපු එක.

ආයාචනා......(ongoing )Where stories live. Discover now