6 කොටස

38 8 10
                                    

අශීට දැන් හිතා ගන්න බැහැ..අශිගෙ ඔලුව විකාර වෙලා..ඔලුවෙ අමාරුවට වඩා හිතේ දුවන්නේ ඊයෙ වෙච්ච දේ.

"දැන් උබ කියපන් ඊයේ කා එක්කද pub එකට ගියේ"

"ම්ම්"

"කතා කරපන් උහා....කරන්න ඕන හොදම හරිය කරලා ...ඒක රටට ලෝකෙටත් පෙන්නලා දැන් ඉන්නවා බබා වගේ
කා එක්කද උබ ගියේ"

"වතීශ එක්ක"

"මම හිතුවා...එතකොට උබ ඌ එක්ක බිව්වා"

අශි කිසිම දෙයක් නොකියම ඔලුව වනනවා...
ඒ අස්සේ අශීට මතක් උනේ අශීගෙ අතේ ඊයේ බැදන් ගියපු watch එක.ඒක rolax original watch එකක්.ඒක හරියට බලනවනම් හතලිස් දාහකටත් වැඩියි...අශි ඒක ඇදේ කොට්ට මෙට්ට පෙල්ල පෙල්ල හෙව්වේ

"මොනාද උබ හොයන්නේ"

"අඩේ මගේ watch එක දැක්කද"

"නෑ බන්....උබ කොහෙද ඒක දැම්මේ"

"අඩේ බන් watch එක...මම ඊයේ ඒක ස්කූල් වෙලාවේ දාන් හිටියා උබ දැක්කනේ"

"ඔව් ඔව්....
අම්මටසිරි....ගොනා...උබ ඒකත් දාන්ද pub එකට ගියේ"

"ඔව් බන්"

"දැන් ඉතින් ඕක හිතින් අත ඇර ගනින්...එකට කවුරුහරි වැඩේ දෙන්න ඇති"

"අඩේ බන් මට ඒක ඕනි"

කොහෙන් හොයන්නද බන් දැන් ඒක  ...අනික ඊයේ උබගෙ ඇදුන් මාරු කලේ අයියා....මාත් හිටියා..මන්නම් එහෙම වොච් එකක් දැක්කේ නෑ උබේ අතේ"

අශි ඇදන් හිටපු ඩෙනිමටම ටීශර්ට් එකක් දාන් පහලට දුවද්දිත් නිලූ උයනවා..

"චූටි....කොහෙද දුවන්නේ"

"අම්මා මං එන්නම්"

අශී 4න් එකත් සාක්කුවේ දාන් දුවන දිහා නිලූ බලා හිටියේ දොර ලගටත් ඇවිත්.
ඒ එක්කම පස්සෙන් ආවේ සුපුල්...සුපුල්ට හිතා ගන්න බැහැ අශි ගියේ කොහෙටද කියලා...

"පුතේ කොහෙද අර අරයා දිව්වේ...අදත් මොනා කරගනීද දන් නෑ"

"නෑ..නෑ නැන්දේ..දුරකට ගියා වෙන්න බැහැ...මන් එක්කන් එන්නම්"

සුපුලුත් ඒ පස්සෙන්ම ගියෙ පණ කඩාගෙන.
මොනා උනත් අන්තිමට හොයන්න ගිය එක්කෙනත් නෑ අනික් එක්කෙනත් නෑ..නිලූට අන්තිමට උනේ දෙන්නම එනකන් බලා ඉන්න...

ආයාචනා......(ongoing )Where stories live. Discover now