🌹 පනස් දෙවන දිගහැරුම 🌹

524 116 62
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

..

මන් නම් කියන්නෙ අංකල් වන්ග්.. මෙය සිහිනයක්.. අපි ඒ සිහිනයෙ පාවෙන ගන්දබ්බයෝ...

ඈ.. ගන්දබ්බයෝ හීන වල පාවෙනවා කියලා මන් මේ ඇහුවාමයි වන්ග්...

මමා ඔයා දන්න දෙයක් නෑ මෙතන..

ඔව්.. සේරම උබනෙ දන්නෙ.. අනෙ නිකන් ඉදින් කෙල්ලෙ...

විකාර...

යීබෝ පොඩ්ඩක් ඔලුව කුස්සිය පැත්තට දැම්මා විතරයි.. ඇහෙන්නෙම ඔය වගේ විකාර කතා.. ඔව් ඉතින් ශූලී ඉන්න තැන විකාර කතා නෑසුනා නම් තමයි නෙහ් පුදුමෙ.. පවුලක් එකට එකතු වෙලා දමාගෙන උයනවා කියන්නකෝ රස කතා කෝටියක් එක්ක...

ඒ මදිවට ශූලී රට පටලන් කතා කරන්නෙ.. යැංසි නම් ඉන්නෙ හිතා ගන්න බැරි තරම්ම පුදුමෙන්...

එතකොට ඒක එහෙමයි නම්.. දවසින් දවස තමන්ට මේ ඇගට දැනෙන අපහසුතාවය මොකක්ද... නිතර හැදෙන ඔලුවෙ කැක්කුම.. කැරකිල්ල.. පපුවෙ දැවිල්ල.. කෑම අරුචිය..

දෙයි හාමුදුරුවනේ ඒක එහෙමයි නම්.. යැංසිත්....

යැංසි දඩිබිඩි ගාලා කඩාගෙන බිදගෙන කුස්සියේ වාඩි වෙලා උන්න මේස පුටුත් පෙරලන් නැගිටිද්දි ශූලී බය උන පාරට පිහියත් වට්ට ගත්තා බිමට...

මොකෝ ලොක්කක්කේ.. යකෙක් ගහලා වගේ...

ආ නෑ මේ.. පොඩි වැඩක් මතක් උනා.. පොඩ්ඩක් ගිහින් එන්නම් සාලෙට...

යැංසි ඉක්මනින් ආවේ සාලේ පැත්තට.. කුස්සියෙ ඉන්න අය සතුටින් උන්නා මිසක්කා ඉතින් එයාලට යැංසිගෙ වෙනස නම් තේරුනෙ නෑ....

ඒත් කෙල්ල කුස්සියෙ ඉදලා දුවගෙන සාලෙට එද්දි සාලේ මැද උන්න යීබෝගේ ඇගේ හැප්පුන පාර නම් තව පොඩ්ඩෙන් යැංසි බිම...

මොකද දුවන්නෙ යැංසි බේබී.. ප්‍රශ්නයක් ද ඔයාට ..

ආ.. නෑ නෑ මේ.. නිකන්...

මොකද ඔයාට දාඩියත් දාලා... අසනීපයක් වත්ද..

යීබෝ හොදට විමසිල්ලෙන් යැංසිගෙ මූණ දිහා බලලා අහද්දි යැංසි ඉක්මනින් දාඩිය ටිකත් පිහද ගෙන ෆෝන් එකත් බෑග් එකෙන් අරන් ගෙයින් එලියටම යන්න යද්දි යීබෝත් ඒ පස්සෙන් දිව්වා...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now